විදුරු_වෙරළ

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරය විනාශවෙන අවස්ථා අපි ඕන තරම් දැකල තියනව.
    මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැන තමයි හැබැයි මෙතැනිදී කතාව ටිකක් වෙනස්.

    L-sea-glass-beach-mendecino-coast-20130111_0213.jpg


    මේ ඇමෙරිකා එක්සත් ජනපදයේ California ආශ්‍රිතව තියන Fort Bragg වෙරල තීරය මේකට Glass Beach කියලත්
    කියනවා එහෙම කියන්න හේතුව තමයි මේ වෙරළේ මතුපිට ස්ථර මුහුදු රලින් කාදනය වෙච්ච සුමුදු විදුරු කැබලි වලින් නිර්මාණය වී තිබීම.

    20 වන සියවසේ මුල කාලයේදී Fort Bragg ආශ්‍රිත ප්‍රදේශ වාසීන්ගේ කැලිකසල විශාල වශයෙන් බැහැර කරලා තියෙන්නේ මේ
    වෙරල තීරයට.මේ කැලිකසල අතර තිබිල තියනව විදුරු , යකඩ වගේ දෙවලුත්. කොහොමහරි කැලිෆෝනියා ජනපදයේ බලදාරින් විසින්
    මේ මහා පරිසර විනාශය හදුනාගෙන 1967 දී මේ වෙරල තීරයට ඇතුළුවීම සම්පුර්ණයෙන්ම තහනම් කරලා තියනව වගේම මේ ප්‍රදේශයේ අවුරුදු
    ගානක් තිස්සේ පිසිසිදු කිරීමේ කටයුතුත් කරලා තියනව.

    පසුගිය දශක කීපය තිස්සෙම මේ වෙරල තිරයේ ඉතුරු වෙලා තියන විදුරු කැබලි මුහුදු රල සමග ගැටීමේ ප්‍රතිපලයක් විදියට මේ ලස්සන
    වෙරල නිරිමාණය වෙලා තියනව. දැන් නම් මේ ප්‍රදේශය ප්‍රසිද්ද සංචාරක කලාපයක්.....


    glass-beach-7.jpg
     
    Last edited: