විදුලියෙන්~දුවන~බස්රථ

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    විදුලියෙන්~දුවන~බස්රථ

    bus.jpg





    foto_sys_Afbeeldingen_Afbeelding_874.jpg




    Seoul Metropolitan Government (SMG) යනු වාණිජමය ලෙස ධාවන මාර්ග වල ප්‍රථමයෙන්ම විදුලියෙන් දුවන බස්රථ වල අයිතිකරුවායි. මීට පෙර තිබූ සියළුම විදුලියෙන් දුවන බස්රථ සියල්ලම පාහේ අත්හදා බලන මට්ටමේ තිබූ ඒවායි. එසේත නැතිනම් ඒවා දක්නට ලැබුනේ ෂැංහයි නුවර පැවැත් වූ Expo 2010 ප්‍රදර්ශනයේ මහජන සේවාවක් ලෙසින් පමණයි. නමුත් මෙවර මෙම බස්රථ සේවාව නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එය හරියටම ආරම්භ කරන ලදදේ මේ දෙසැම්බර් 21 දා සිටයි. ඇත්තටම මෙය මාස 18ක් පුරා සංවර්ධනය වූ ව්‍යාපෘතියක් වන අතර එහි පිටුපස සිටින්නේ ලෝක ප්‍රසිදධ සමාගමක් වන Hyundai Heavy Industries සහ Hankuk Fiber යන සමාගම් ද්විත්යයි.

    විදුලි පුහුණුකරුවන් ගේ සේවාවන් ද සමගින් Mt. Namsan circular routes ලෙස හැඳින්වෙන මෙම එක් බස් රථයක් මීටර 11.05ක දිගින් යුක්ත වන අතර එක් ගමන් වාරයක් සඳහා කිලෝමීටර් 83ක් ධාවනය වෙනවා. ලිතියම් සහ අයන් බැටරි පැක් එක අඩුම වශයෙන් විනාඩි 30කදී ආරෝපණය කල හැකි අතර බස් රථයේ උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර් 100කි. එහි ඇති තවත් විශේෂිත අංගයක් වනනේ පතිජනක පද්ධතියකින් සමන්විත වීමයි. එනම් පල්ලමක් බැසීමේදී නැවත ශක්තිය ජනනය කල හැකි වීමයි.

    බසයේ බඳ කොටස නිර්මාණය කර ඇත්තේ කාබන් සංයෝගයන්ගෙන් සමන්විත ද්‍රව්‍ය වලින් අතර එමගින් සැලකිය යුතු ප්‍රමාණයකින් බසයේ බර අඩු කොට තිබෙනවා. තවද මෙම විදුලි බස්රථ නිමවා ඇත්තේ රෝද පුටු භාවිතා කරන්නන්ට නැගීමට පහසු වන ස්වයංක්‍රීය ලෙස ඇල කල හැකි බෝඩ් එකක්ද සහිතවයි. බස් රථයේ හැඩය හරියටම රටකජුවකට සමානයි.

    SMG ය විසින් දැනට සාමාන්‍ය බස් රථ වෙනුවට විදුලි බස් රථ 5ක් ධාවනයට එක් කොට තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ටිකෙන් ටික සියළුම බස් රථ සඳහා විදුලි බස් රථ ආදේශ කිරීමටයි. එහිදී මගීන්ගෙන් ලැබෙන පැමිණිලි අඩු කිරීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා. තවද 2011 මාර්තු පමණ වන විට මෙම බස් රථ සඳහා තවත් බැටරි ආරෝපක 2ක් වත් එක් කිරීමට එහි නිර්මාපකයන් බලාපොරොත්තු වෙනවා.

    දැනට මෙම බස්රථ ධාවනය වනනේ Seoul නගරයේ පමණයි. SMGය අදහස් කරනුයේ තවත් පියවරක් ඉදිරියට තබා මෙම සේවාව Green-Car, Smart City දක්වා ව්‍යාප්ත කිරීමටයි. ‍SMGයේ දැනට ඉලක්කය වනනේ වර්ෂ 2020 වන විට නගරයේ විදුලියෙන් දුවන වාහන සංඛ්‍යාව 120,000ක් දක්වා ඉහල නැංවීමටයි. ඇත්තටම එය මුළු මහජන ප්‍රවාහන වාහන සංඛ්‍යාවෙන් 50%ක ප්‍රතිශතයක් වන අතර ඔටෝමොබයිල් වාහන වලින් 10%ක ප්‍රතිශතයක් සහ ට්‍රක් සහ අනෙකුත් වෑන් රථ වලින් 1%ක ප්‍රතිශතයකි.






    _________________________________________________________________

    Sorry For Re Post


    © 2011 Load King @ Elakiri.Com

    _________________________________________________________________
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    ubala ta penava athine Koreaya hati
    unage Internet speed eka 80mbps(28US$/month) <
    lankave un thama kbps vala inne,
    americaveth na thama echcahra speed ekath samanya minissunta aduvata dena
    americave 1gbps speed eka 365US$/month.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අෆ්ෆා..මේක දැන් වැඩද :eek::eek:
    නියම පෝස්ට් එක මචන්.:):)
    මේක ලඟදිම එනව කියල දැනන් හිටියට ඇවිත් කියල දන්නෙ දැන්:yes::yes:
    ඉක්මනටම යන්න ඕනෙ මෙයින් එකක :P:P;)