විදුලිය කැපුනොත් අඛණ්ඩ ජල සැපයුමටත් බාධා

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    තවදුරටත් විදුලි කප්පාදුවක් සිදු වුවහොත් අඛණ්ඩ ජල සැපයුමටද බාධාවක් විය හැකි බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු පැවසුවේ විදුලිය නොමැති වුවහොත් ජලය පොම්ප කිරීමට නොහැකිවන බවයි.




    විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබා දිය හැක්කේ ඩොලර් ලබා දුනහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල යළි ප්‍රකාශ කළා.




    මේ අතර අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. විදුලි බල මණ්ඩලය ඊයේ පැවසුවේ අවශ්‍යතාවක් මතුවුවහොත් පමණක් රාත්‍රී කාලයට විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි.

    ඊට අදාළ කාල සටහනක්ද ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ ප්‍රකාශයට පත් කළා. ඛාණ්ඩ 04කට බෙදා වෙලාවන් 04 ක් යටතේ පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවිය හැකි බවටයි එහි දැක්වුණේ. සඳුදා සිට සෙනසුරාදා දක්වා බලපැවැත්වෙන පරිදි එම කාල සටහන නිකුත් කර තිබෙනවා.


    Neth