විදුලි බිල අඩු කරන්න බෑ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විදුලි බිල අඩු කරන්න බෑ

    ලමයි දැන් ඡන්දේ ඉවරායි ආතල් ඔක්කෝම ඉවරයි . ඔන්න ඡන්දෙට අඩු කරපු විදුලි බිල 25% මේ මාසයේදී දෙන්න වෙන්නේ නැතිලු .විදුලි බිල ගාස්තු අඩු කිරිමේ ක්‍රමවේදයක් තවමත් නොමැති බැවින් මෙම 25 % වීම ලබා දීම පිලිබද තිරණයක් ගැනිමට තවත් කාලයක් යනව කියලා තමයි කියන්නේ..:rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඌව පළාත් සභා මැතිවරණයට දින හතරකට පෙර විදුලි බිල 25% කින් වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද මේ වනවිට එය දැඩි අර්බුදයක් බවට පත්වී තිබේ. එම මැතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය නිසා මේ වනවිට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අසීරු තත්වයකට මුහුණ දී සිටී. [FONT=&quot]විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. පී. ගනේගල මහතා මහාභාණ්ඩාගාර ලේකම්වරයාගෙන් මෙම අඩුකිරිමේ ක්‍රමවේදය පිළිබඳව උපදෙස් ඉල්ලා ඇත. මුලින් ප්‍රකාශ කර තිබුණේ විදුලි බිල රුපියල් [/FONT][FONT=&quot]100ක් වන්නේ නම් එය සෘජුවම රුපියල් 75 දක්වා අඩු කරන බවය. එහෙත් එය කිසිසේත් කළ නොහැකි බව මේ වනවිට තහවුරු වීමෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අසීරු තත්වයකට මුහුණ පා සිටී.

    [/FONT]විදුලි බිල 25% කින් අඩු කරන බව ඌව මැතිවරණයට දින තුනකට පෙර ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය පල් බොරුවක් බව හෙළිවෙමින් තිබේ. විදුලිබල මණ්ඩලයේ සහ මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් අතරට මිල අඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක් ඉතිරි කරමින් ජනාධිපතිවරයා මඟහැර ගොස් තිබේ.
    එම මැතිවරණයේදී ආණ්ඩුව මුහුණ දුන් ඉතා අවධානම්කාරී තත්වයෙන් මිදීමට ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වී විදුලි බිල සහ ඛණිජ තෙල් මිල අඩු කරන බව ප්‍රකාශ කළේය. එය ජනාධිපතිවරයා හිතුමතේ කළ ප්‍රකාශයක් මිස කිසිදු පූර්ව සැළස්මකට අනුව කළ ප්‍රකාශයක් නොවන බව මේ වන විට හෙළි වී තිබේ.
    විදුලි බිල මේ මාසයේදී අඩු කළ නොහැකි බව විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එහෙත් ජනාධිපතිවරයා පසුගිය 16 වනදා ප්‍රකාශ කළේ එදින මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 25%කින් අඩු කළ යුතු බවය. :rofl:


    lankatruth
     
    Last edited:

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    දැන් අාසයි නේද
    ඡන්ද දුන්න අයියලාට


    කිව්වේ නම් මේවා ඡන්දට දුන්නු ඒ්වා නෙමේ
    ජනාධිපති තුමාගේ දුරදක්නා සැලසුමේ ප්‍රථිපල කියලා.


    දැන් වත් මොළේ අැරල බලපල්ලා මේවා කලේ ඡන්දෙ හින්ද නෙමෙද කියලා:angry::angry::angry:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කියද්දි එහෙමයි කොරද්දි මෙහෙමයි :rofl::rofl:


    1Bu8SJA.gif



    :rofl:
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ok aththa wenna ona ban.. ape bill akath awa.. ugen ahuwama kiwwe next month indan kiyala.. habayi rangoja kiwwenam eda indanma kiyala..:angry:
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    ලමයි දැන් ඡන්දේ ඉවරායි ආතල් ඔක්කෝම ඉවරයි . ඔන්න ඡන්දෙට අඩු කරපු විදුලි බිල 25% මේ මාසයේදී දෙන්න වෙන්නේ නැතිලු .විදුලි බිල ගාස්තු අඩු කිරිමේ ක්‍රමවේදයක් තවමත් නොමැති බැවින් මෙම 25 % වීම ලබා දීම පිලිබද තිරණයක් ගැනිමට තවත් කාලයක් යනව කියලා තමයි කියන්නේ..:rofl:

    Ow ban bill hadana eka awa ada mama ahuwa... u kiyanwa tama panath approve karala nalu... pissu nee mara porak tama mahinda:rolleyes: