විදුලි බිල යලිත් ඉහල දැමේ !

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 2.5% කින් ඉහලට.

    සමාජ ආරක්ෂණ බද්දට විදුලි සැපයුමත් ඇතුළත් වෙයි

    2022 ඔක්තෝබර් මස 01 වනදා සිට විදුලි පාරිභෝගිකයින්ගෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ.

    මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් විදුලි පරිභෝජනය මෙම බද්දෙන් නිදහස් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මුදල් අමාත්‍යංශයට යෝජනා කළ බවත් කෙසේ නමුත් අදාළ පනත අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි සැපයුම මෙම බද්දට යටත් වන බවට මුදල් අමාත්‍යංශය දැනුම්දී ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් වැඩ්ඩ ලු නේ...🤣🤣🤣 කෝ අර මේකේ රනිල් ජනපති කරන්න අරගල කරපු උන් ටික..මීක් නෑ දැන්..🤣🤣🤣