විදුලි වාහන ආරෝපණ මධ්‍යස්‌ථාන

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    විදුලි වාහන ආරෝපණ මධ්‍යස්‌ථාන

    විදුලි වාහන හිමියන්ට තම මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්‌ථාන මෙම සිංහල අලුත් අවුරුද්දට පෙර ඇති කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (31 වැනිදා) පැවසීය.

    රටේ ප්‍රවාහන ක්‌ෂේත්‍රය ඉන්ධන මත පමණක්‌ යෑපීම අඩු කිරීමට එමගින් කටයුතු කරන බවත් පොසිල ඉන්ධන සියයට සියයක්‌ විදේශයෙන් ගෙන්වීම නිසා රටේ බලශක්‌තිය අනාරක්‌ෂිත වී ඇති බවත් ඇමැතිවරයා කීය.

    "බලශක්‌තියෙන් සපිරි රටක්‌" දස අවුරුදු සැලැස්‌ම ඉදිරිපත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින් බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හිදී ඇමැතිවරයා එම අදහස්‌ පළ කළේය.