විදුලි-සැපයීම-සීමා-වෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විදුලි-සැපයීම-සීමා-වෙයි

    විදුලි බල මණ්ඩලයේ බිඳ වැටීමක්-විදුලි සැපයීම සීමා වෙයි

    1562599344-1554863458-Power-cut_L.jpg


    අද (08) දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයකට විදුලි සැපයීම සීමා කිරීමක් සිදු වී ඇත.

    ඇතැම් ප්‍රදේශවලට මේ වන විටත් විදුලිය සැපයීමේ සීමා කිරීම පවතින බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    විදුලි බල මණ්ඩලයට අවශ්‍ය විදුලියෙන් සියයට අසූ පහක් පමණම ලබා ගැනීමට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාරයෙන් වීම මීට හේතු වී ඇති බව ඔහු පවසයි.

    අද දිනයේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ලබා දීමට තිබු රුපියල් බිලියන 80ක පමණ මුදල පමණ මුදල ගෙවීමට ප්‍රමාද වීම මත තෙල් සැපයීමේ සීමා කිරීමක් සිදුව ඇති බවත් ඒ හේතුව මත මෙගා වොට් 150ක පමණ ධාරිතාවයක් පද්ධතියෙන් ඉවත් වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමණාකරණය කර ගැනීමට විදුලි සැපයුම සීමා කිරීමට වු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට එකඟතාවයකට එළඹී ඉතා ඉක්මනින් විදුලිය සීමා කිරීම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.