විදුලි සැපයුම නිමක් නොපෙනෙන අවදානමක:

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    විදුලි සැපයුම නිමක් නොපෙනෙන අවදානමක:

    ආචාර්ය තිලක් සියඹලාපිටිය

    ඇත්ත විදුලි අර්බුදය ආරම්භ වුණේ 2010 දි. 1995 සිට 2010 දක්වා එක දිගට පැවති විදුලි අර්බුදය නිමාවන ලකුණු පහල වුවා පමණි, මෙන්න තවත් අර්බුදයක්. 2010 වන විට නොරොච්චෝල බලාගාරය ලහි ලහියේ ඉදිවෙමින් තිබුණා. ඒ වගේම ඉහල කොත්මලේ බලාගාරය හා කුඩා ජල විදුලි බලාගාර සුළං බලාගාර ඉදිවෙමින් තිබුණා. ඉතින් කොහෙද අර්බුදයක්, කියා ඔබට සිතෙනු ඇති.
    විදුලි අර්බුදයක් කියන්නේ විදුලිය කපා දැමීමක් පමණක් නොවේ. වසර 8 ක් 10 ක් ඉදිරියේ දවසක විදුලිය නිෂ්පාදනය ඇරඹිය යුතු යැයි දිගු කාලීන සැලැස්මේ සඳහන් විශාල බලාගාරයක් නැවත සමාලෝචනය කළ යුතු බවට අති සුපිරි දැනුමක් ඇති දේශපාලනඥයා (තම මිතුරු සංගමයේ අයත් ඇතුළත්) කමිටුවක් පත් කළොත්, අන්න එදා තමයි විදුලි අර්බුදයක ආරම්භය. ඒ අර්බුදය දැනෙන්නේ ඉන් වසර 10 කට පමණ පසු.
    ඒ වනවිටත්, මෙම බලාගාරය අහෝසි කර ගත්තතොත් තමන්ට කුඩා ඩීසල් බලාගාර විකුණා ගන්න හැකි බව එක් කණ්ඩායමක් සිහින මවනවා. මෙම විශාල බලාගාරය අහෝසි කරවා ගත්තතොත් තම එන්ජී ඕ එකට හොඳ නමක් ගන්න පුලුවන් බවට තව කණ්ඩායමක් සිහින මවනවා. ටික දිනකින්, විදුලිය ගැන නිසි අවබෝධයක් නැති මිතුරු සංගමයේ කමිටුව බලාගාරය අහෝසි කරන්න අනුමත කරනවා.
    බලන්න, 2013 දිගුකාලීන විදුලි ජනන සැළසුම. ඒ අනුව අද විදුලිබලාගාර දෙකක් ත්‍රිකුණාමලයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්න ඕනෑ. තියෙනවාද කියා ගිහින් බලන්න. නෑ නේද?
    ඒ වෙනුවට එම හැකියාවම ඇති එම නිෂ්පාදන වියදමම ඇති වෙනත් බලාගාරයක් හෙම හැදුවාද? නැහැ නේද? ත්‍රිකුණාමලයේ බලාගාර දෙක ප්‍රමාද වී හෝ දැන්වත් හැදෙමින් පවතිනවාද? ඒත් නහැ නේද?

    වැස්ස නැතැයි බොරු කීම
    ඉතින් ජනතාව තම විදුලි ඉල්ලුම වැඩිකරගෙන යනවා. ඉල්ලූමට සරිලන බලාගාර ඉදිකිරීමට ඉඩ නොදී බලාගාරවලින් දේශපාලනඥයා සහ හිතවත් නිලධාරීහු පන්දු ගසමින් සිටිති. ඉල්ලුම හා සැපයුම අතර වෙනස මුලින්ම ඇති වෙන්නේ කාලගුණය වියලි වූ විටයි. වැඬේ සාර්ථකයි. සෑම වසරකම ජනවාරි-අප්‍රේල් අතර වැස්ස අඩු බව දේශපාලනඥයා අලුතින් සොයාගෙන ඇත.

    සියල්ල දත් දේශපාලකයෝ හා බලාගාර කොමිටි

    විදුලි ඉංජිනේරුවන්ට වඩා විදුලිය ගැන දන්නේ දේශපාලනඥයින් හා ඔවුන් පිටුපස හිටගෙන සිටින ව්‍යාපාරිකයින්ය. පරිසරවේදීහුද විදුලිය ගැන බොහෝ දේ දනිති. විදුලි පද්ධතිය ස්ථායි ලෙස සහ ලාභදායි ලෙස පවත්වා ගෙන යන්න පුලුවන්ද බැරිද යන්න ඔවුනට වැඩක් නැත. තම දේශපාලන, ව්‍යාපාරික, උද්ඝෝෂක, පුනර්ජනනීය අභිලාෂයන් හා කොන්ත්‍රාත්තු ඉටු වුණොත් ඔවුනට ඒ හොඳට ම ඇති. සමහරු විදුලි බලාගාර හදනවා කියා මුදල් උපයති. තව සමහරු විදුලි බලාගාර අපගේ අහවල් එන්ජී ඕ එක උද්ඝෝෂණය කර නවත්වා ගත්තා කියා මුදල් උපයති. පුනර්ජනනීය බලශක්ති වන හිරු එළියෙන්, සුළං බලයෙන් හා කුණු දහනයෙන් පමණක් විදුලිය හැදිය යුතුය කියා තර්ක කරති. විද්‍යාගාරවල මහාචාර්යවරු තවමත් පර්යේෂණ පවත්නා මට්ටමේ ඇති තාක්ෂණයන් යොදා ලංකාවේ විදුලි සැපයුම දෙන්න පුළුවන් බව කියති. බැටරි යොදා ප්‍රධාන විදුලි සැපයුම පවත්වා ගෙන යා හැකි බව කියති. ගිහින් දේශපාලනඥයින්ටත් කියති. දේශපාලනඥයාත් ඒවා ඉස් මුදුනින් බාර ගනියි. හරියන්නේ නැති බව හොඳ හැටි දනියි. ඒත් ප්‍රශ්නයක් නැත. එවිට ඊටත් වඩා වැඩි මුදලට ඩීසල් කොන්ත්‍රාත්තු දීමට පුලුවන.
    ලෝකයේ තෙල්, ගල් අගුරු, ගෑස් මෙන්ම සුළං බලාගාර හා සුර්ය විදුලි කට්ටලවල මිල අඩු වෙද්දී, ලංකාවේ විදුලිය වියදම් නිතිපතාම ඉහළ යනවා. ලොව සියලු රටවල් ක්‍රමයෙන් අඩු වියදමකින් මේ දිනවල විදුලිය නිපදවද්දී, ලංකාවේ පමණක් විදුලි නිෂ්පාදන වියදම් 2015 සිට දිගටම වැඩි වෙනවා. ඒ රටවල ආර්ථිකය ඉදිරියට යද්දී, අපේ ආර්ථිකට ආපසු යන එක අහන්නත දෙයක් ද? වැඩි වන ඉන්ධන වියදම රජයෙන් ගෙවනවා කියන්නේ බොරු. නොහැකියාව, වැරදි තීරණ, බලාගාර ව්‍යාපෘති හිතුමතේට අහෝසි කිරීම, ආදිය නිසා, අධික ඩීසල් භාවිතයට රජය ඇබ්බැහි වෙලා. නමුත් කළ වැරදි නිසා විදුලි වියදම් වැඩි වුණා කියන්න ලැජ්ජයි, බයයි. ඩීසල්වලට ගෙවන්න මහජන බැංකුවෙන් බිලියන ගණනින් පොලියට ගන්නවා. රටේ කුඩා පරිමාණ ව්‍යවසායකයින් අලුත් ව්‍යාපාර ගොඩනගන්න ණය දෙන්න තියෙන සල්ලි, ඵලකට නැතිව ඩීසල් ගන්න වැය කරනවා. පොලියත් එක්ක විදුලි පාරිභෝගිකයින් ලවාම ඒක ගෙවනවා.

    සාම්පුර් බලාගාරයට වුණේ කුමක්ද?
    මේ හැමටම උඩින් ඉන්න ජනාධිපති හා අගමැති, හිටිගමන් ඉදිවෙමින් තිබෙන බලාගාර අහෝසි කරති. ඒ වෙනුවට රටේ අහලකවත් නැති ගෑස්වලින් විදුලිය නිපදවන්න පුලුවන් බව ජනාධිපති හා අගමැති කියති. ගෑස්වලින් විදුලිය නිපදවන්න දෙදෙනාම කොමිටි පත් කරති. කොමිටිවලට බලාගාර හෝ ගෑස් පර්යන්ත හදන්න බැරිය. ඒ සඳහා හරි ක්‍රමවේදයක් හරහා තරගකාරි මිල ගණන් කැඳවිය යුතුය. එසේ නොකර මිතුරකු ලවා ගෑස් පර්යන්තයත් ඉදිකර වීමට දඟලයි. පසුගිය වසර4 ක් පුරාම ලංකාවේ ගෑස් පර්යන්ත එකක් නොව හතරක් ම හදන බව ආයෝජන මණ්ඩලය උදම් අනමින් සිටියා. ඉන්දියාවේ තියෙන්නෙත් ගෑස් පර්යන්ත තුනයි. වියදම් වැඩි නිසා ඒවායේ භාවිතය උපරිම මට්ටමට නැහැ. ඒ වුණත් මිතුරන් හතර දෙනෙක්ම යෝජනා ගෙනා නිසා, ලංකාවේ පර්යන්ත හතරක්ම ඉදි කරන බවට උදම් ඇනුවේ ආයෝජන මණ්ඩල සභාපති. අද ඔහුත් ඔහුගේ ගෑස් මිතුරෝත් නැහැ. දැන් නැවතත් මුල සිට පටන් ගැනීමට අලුත් කොමිටියක් පත් කරලා. බලශක්ති අමාත්‍යශයෙන් නොවේ වෙනත් අමාත්‍යශයකින්. රාජ්‍ය ආයතනයකට හෝ අමාත්‍යශයකට ගෑස් පර්යන්තයේ රාජකාරිය පැවරුවොත්, රාජ්‍ය සේවයේ හා සංස්ථා-මණ්ඩලවල අදත් ඉතිරිව සිටින අවංක නිලධාරින්ට වගකීම දෙන්න බයයි. ගෑස් කොමිටි නම් කිහිපයක්. ගෑස් පර්යන්තක් ඉදි කරන්න වසර 4ක් යයි, රුපියල් බිලියන 100 ක් වියදම, ඉතින් සාම්පුර් බලාගාරය 2015 දීඅහෝසි කර ගෑස් පර්යන්තයකුත් නැතුව අපේ අගමැති-ජනාධිපති ගැස් බලාගාර හදන්නේ ඔන්න ඔය විදිහටයි. ඉතින් හැදෙන බලාගාරයක් නැත.හැදෙන ගෑස් පර්යන්තයකුත් නැත.ඒත් ප්‍රශ්නයක් නැත. එවිට ඊටත් වඩා වැඩි මුදලට හදිසියේම ඩීසල් බලාගාර කොන්ත්‍රාත්තු දීමට පුලුවන.

    නව තාක්ෂණය
    විදුලිය නිපදවීමි නව ක්‍රමවේදයන් හා තාක්ෂණය ගැන නිතරම පුවත් පළ වෙනවා. පර්යේෂණ සඟරාවල ඊටත් වඩා පර්යේෂණ පත්‍රිකා පළ වෙනවා. අපට හුරුපුරුදු තාක්ෂණයේ වැඩි දියුණු කිරීම හා වියදමි අඩුවීමත් නිතර වාර්තා වෙනවා. මුලින්ම වෙන්නේ මහාචාර්යවරු හා පළපුරුදු පර්යේෂකයින් එම සංකල්ප භෞතික විද්‍යවේ නියමන්ට අනුකූලව පර්යේක්ෂණ කිරීමයි. බොහෝ අවස්ථාවල එම මහාචාර්යවරු ඉංජිනේරුවන් නොවේ. භෞතික විද්‍යාව,රසායන විද්‍යාව,ශාක,පිළිබඳ විශේෂඥයන්. එම සංකල්ප ස්ථාවර වු පසු, ඒවා ඉංජිනේරුවන් හා තාක්ෂණ විශේෂඥයින් වීසින් ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මෙවලම් ලෙස පර්යේෂණ මට්ටමින් අත්හදා බලනවා, වැඩි දියුණුකරමින් නැවත නැවතත් ප්‍රයෝගික බව සනාථ කරනවා. ඊටත් පස්සේ තමයි යම් තාක්ෂණයක් සඳහා වෙළඳ පොල අත්හදා බැලීම් කරන්නේ. කොයි තරම් හොඳ තාක්ෂණයක් වුවත් එය විවෘත වෙළඳ පොලේ බහුලව නැති නම් රජයට හෝ ඊට අයිති ආයතනවලට මිලදී ගන්න බැහැ. ඔය සියලුම කාරණා සම්පූර්ණ වුණා කියමුකො. එහෙත් එම තාක්ෂණය යොදා සජීව විදුලිබල පද්ධතියක් සමබරව තබා ගන්න පුලුවන්ද යන්න ගැන ඊටත් වඩා අත්හදා බැලීම් අවශ්‍යයි. ඒත් අපේ රටේ එන්ජී ඕ, හා උපදේශකයින්ට අවශ්‍ය අර මහාචාර්යවරු තවමත් පර්යේෂණ කරන තාක්ෂණ ලංකාවේ සජීව විදුලි බල පද්ධතියේ යොදා, රටේ විදුලි පද්ධතියම පර්යේෂණාගාරයක් කරන්න. ඉතින් ගිහින් අර ඇමතිට, මේ ඇමතිට කියනවා වසර 2020 වෙද්දි බැටරි ලාබ වෙනවා කියලා සඟරාවක තියෙනවා දැක්කා. එතකොට සුළං බලාගාරත් සුර්ය බලාගාරත් වලින් බැටරි ආරෝපනය කරලා රටටම විදුලිය දෙන්න පුලුවන්. ඒ නිසා අලුත් විදුලි බලාගාර අවශ්‍ය නැත. විදුලි ඉංජිනේරුවෝ කියන්නේ බොරු, අපි තමයි මේවා ගැන දන්නේ.
    ඉතින් මැති, ඇමති, අගමැති, ජනාධිපති මේ සියල්ල විශ්වාස කරනවා. විදුලි ඉංජිනේරුවන්ගෙන් අධ්‍යයන ඒ අයට වැඩක් නැහැ. ඒ අය සියල්ල දන්නවා. රටේ අනාගත විදුලිය නිපදවෙන ක්‍රමය ගැන දේශපාලනඥයාගේ මතය තීරණය වෙන්නේ පහත කරුණු මත:
    (අ) ගිය සතියේ රටට ඇවිත් වටේට ගොස් තම ව්‍යාපාරය ගැන කරුණු කී සමාගම හදන විදුලි තාක්ෂණය මොකක්ද? (ආ) ළගදී දේශපාලනඥයා සහභාගි වු රාත්‍රී ප්‍රිය සම්භාෂණයේ වීදුරුවක් තොලගාමින් සිටින විට ඔහුට ළංවු ව්‍යාපාරිකයාගේ කොමිපැනිය හෝ ඔහුට ළං වු තානාපති නිලධාරියාගේ රට ලංකාවට දෙන්න දඟලන විදුලි තාක්ෂණය හෝ බලාගාරය කුමක්ද? එහෙනම් එවන්න යෝජනාවක්. කාර්යාලයට යන දේශපාලනඥයා ලේකම්ට කියන්නේ මෙහෙමයි: කියන්න විදුලිබල මණ්ඩලයට අහවල් බලාගාරය අවශ්‍ය නැහැ කියා. අහවල් කොම්පැණියෙන් අහවල් රටෙන් හොඳ යෝජනාවක් ඇවිත් තියෙනවා, නැහැ නැහැ තාම ආවේ නැහැ, එවනවා කිව්වා. බලාගාරය අහෝසියි කියා පුවත්පත් නිවේදනයකුත් දමන්න. පරිසර විරෝධයකුත් තියෙන නිසා කියන්න අපි බලාගාරය හදන්නේ නැහැ. දෙවැනි බලාගාරයකට තාක්ෂණය දෙන්නැයි කලින් අපි ලිඛිතව ඉල්ලා සිටි ජපන් තානාපතිටත් කියන්න, එයාගේ බලාගාර අපිට එපා කියලා.
    විදුලි ඒකකය රුපියල් 10 ක ඉන්ධන මිලකට 2019 දි සාම්පුර්හි නිපදවීමට සියලු කටයුතු සූදනම්ව තිබියදී, එය ගෑස් බලාගාරයක් කළ හැකි බව කියා බොරු කිවේ කවුදැයි සොයා බලන්න. එම තීරණයේ වගකීම ගන්න කෙනෙකු අද නැත. තීරණය හදිසියේ නිවේදනය කළේ ජනාධිපති. තීරණයට කරදුන් ජනාධිපති උපදේශකයා දැන් පෙනෙන්නට නැත. රජ ගෙදරත් ඔහු නැති හැඩයි. ඩීසල් කොන්ත්‍රාත්තු දෙන්නේ ජනතාව නොවෙයි. ඔය කොමිටිම තමයි.
    ඉතින් සියල්ල අවසානයි. ජනතාවට ඉතිරිව ඇත්තේ මේ දේශපාලන තීරණවලට බිල ගෙවීම පමණයි. එය විදුලි බිල පමණක් වෙන්නේ නැහැ. අලුත් බදු, අධ්‍යාපන සෞඛ්‍ය වියදම් කපා හැරීම ආදිය මගින් වසරකට රුපියල් බිලියන 25කට අධික අමතර තෙල් වියදම මහජනතාවගෙන්ම උපයාගනු ඇත. දැනටමත් එය ඇරඹී ඇත. එහෙත් ජනතාව කතා කරන්නේ බිලියන 10 කටත් අඩු බැදුම්කර වංචාවක් ගැන. දැන දැනම 2015දී වැරදි තීරණගත් රටේ ඉහළම දෙපළ ගැන කුමක් කියමුද? උපයෝගිතා කොමිසමේ තීරණ අධීක්ෂණය කරන්න තව කොමිසමක් ඉල්ලමුද? නැතිනම් තවත් කොමිටියක් ඉල්ලමු. එවිට දෙවෙනි කොමිසමත් අලුත් කොමිටියත් වැඩ නිමවෙන තුරු තව තවත් ඩීසල් කොන්ත්‍රාත්තු දීමට පුලුවන. විදුලිය එන්නේ හිරු එළියෙන් කියා තව අවුරුදු කිහිපයක් ජනතාව රැවටීමට පුලුවන.
    මෙය අලුත් ක්‍රිඩාවක් නොවේ. දැන්වත් අප කවුරු කවුරුත් මේ ප්‍රසිද්ධියේම රඟ දැක්වෙන විදුලි බලාගාර ක්‍රීඩාව තේරුම් ගනිමු.
    :angry::angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    SAD THRUTH


    This is what I want to say.
    Never learn lessons from history
    The dark Chadrika era is repeating


    (please bump this tread)
     
    Last edited:
    • Like
    Reactions: AEG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,054
    113


    Meka baluwada? Hama ekama bole pass karanawa witharai. CEB eke ungen sanwathsare wiyadamai, padi ganaiahanakota kisi kathawak naha. Anika ekek kiyanawa abyanthara prashna methana addinna epalu. Yako minissunge badu walin yapena unta athule prashnalu. Ane huke ape salli walata arala raja sapa vindinna hoyana paaakku.:angry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    නැව ගිලීගෙන එන්නේ පුළුවන් උන් පැනපියව්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැපිල්ල පටන් ගනිද එහෙනම් ආයෙත්
     

    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    peya 12 k light dunna nam atine ban. :rofl:

    tika kalayak bana bana indala minissu purudu wei ekata. aye chande dennat yai uda daagena. ona deyak mataka masayai dekai.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    නැව ගිලීගෙන එන්නේ පුළුවන් උන් පැනපියව්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Meka baluwada? Hama ekama bole pass karanawa witharai. CEB eke ungen sanwathsare wiyadamai, padi ganaiahanakota kisi kathawak naha. Anika ekek kiyanawa abyanthara prashna methana addinna epalu. Yako minissunge badu walin yapena unta athule prashnalu. Ane huke ape salli walata arala raja sapa vindinna hoyana paaakku.:angry:

    මෙතන කතාකලේ ලංකාවේ විදිලිබල අර්බුදයට හේතුවූ මුලික කරුණ ගැන.

    අතුරු කතා කතා කරන එක තේරුමක් නැහැ. ඒවා වෙන සාකච්චාවකින් කරන්න ඕනේ දෙයක්. :lol::lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada

    CEB engineers very clearly explain the root cause of the problem. I watched 2 hours.
    we are in dam trouble for next 5-10 years

    this can be (all or at least one )

    (1) power cut
    (2) increase in electricity bill
    (4) increase tax, cut benefits to people

    we experienced this in Chandrika time. History repeats gain. Foolish government decisions.

     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    CEB engineers very clearly explain the root cause of the problem. I watched 2 hours.
    we are in dam trouble for next 5-10 years

    this can be (all or at least one )

    (1) power cut
    (2) increase in electricity bill
    (4) increase tax, cut benefits to people

    we experienced this in Chandrika time. History repeats gain. Foolish government decisions.


    Foolish decisions from the government without listening to energy experts opinion ....:no::no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,054
    113
    මෙතන කතාකලේ ලංකාවේ විදිලිබල අර්බුදයට හේතුවූ මුලික කරුණ ගැන.

    අතුරු කතා කතා කරන එක තේරුමක් නැහැ. ඒවා වෙන සාකච්චාවකින් කරන්න ඕනේ දෙයක්. :lol::lol::lol::lol:

    ඒව කොහෙද අතුරු කතා. ඒවට ගෙවන්නෙත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි.:angry:
     
    • Like
    Reactions: AEG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඒව කොහෙද අතුරු කතා. ඒවට ගෙවන්නෙත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි.:angry:


    rate minissunge salli kiyana eka wenama kathwak

    understand the main root cause issue and other issues
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113


    rate minissunge salli kiyana eka wenama kathwak

    understand the main root cause issue and other issues

    CEB උන්ගෙ පඩි සහ අනික් වරප්‍රසාද සාපේක්ශව වැඩි කියල කවුරුත් දන්න දෙයක් ...Drivers & Meter Readers lata පවා ලක්ශෙ පන්නල පඩි තියෙනව ... උන් හැම වෙලෙම ජනතාව බිල්ලට තියල තමයි ඕව වැඩි කරගත්තෙ ...:sorry::sorry:

    ආන්ඩු වලින් ඔය Generation ප්ලන් එකට අගිලි ගහන එක අද ඊයෙ පටන් ගත්ත දෙයක් නෙවි ....Strong Union එකක් විදියට Engineers la මීට වඩා මැදිහත් වීමක් උනා නම් මේ කතාව මීට වඩ වෙනස් වෙන්න තිබුන ... ඉස්සර උන්ගෙ Union වලිනුත් වැඩිපුර කතා කලෙත් පඩි ගැන මිසක් විදුලි අරබුද ගැන නෙවේ ...:yes: සමහරවිට උන්ගෙ පඩි වැඩි කරපු නිසා කට වහගෙන හිටියද දන්නෙ නෑ ... කොහොමහරි දැන් වැඩේ කෙලවෙලා තියෙන්නෙ .... සමස්ත ජනතාවටම තමයි මේකෙ බර දරා ගන්න වෙන්නෙ.....:no::no:
     
    Last edited:

    Similar threads