විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අදත් පත්තු වෙන සිංහලයන්ගේ පැරණිම ‘කොඩිතුවක්කුව’


    image_a5913f07e9.jpg

    රුවන්වැල්ල, මැදගොඩ පුරාණ පත්තිනි දේවාලය

    image_1b4f0ba185.jpg


    image_a1e864857b.jpg

    ශ්‍රී ලංකාවේ පැරණිතම කොඩිතුවක්කුව

    මුල්ලේරියා මහ සටනේදී දේශප්‍රේමී හමුදාවේ ප්‍රධාන කඳවුර හේවාගමට නුදුරින් රක්ගහවත්ත, ගනේගල අතර ප්‍රදේශයේ පිහිටුවා, ඒ ආශ්‍රිතව තොටුපළ කිහිපයක කාලතුවක්කු සවිකර, කැලණි ගඟ ඔස්සේ සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණෙන පෘතුගීසි යාත්‍රාවලට වෙඩි තැබීමටත්, බළකොටුවලට පහර දීමටත් සීතාවක රාජසිංහ රජතුමා පියවර ගත්තේය. ඔවුන්ට එරෙහිව සටන් කිරීමට කාලතුවක්කු පමණක් නොව තවත් විවිධ ආකාරයේ තුවක්කු ද භාවිත කෙරිණ. ඒ අයුරින් භාවිත කළ, ශ්‍රී ලංකාව සතු පැරණිතම “කොඩිතුවක්කුව” රුවන්වැල්ලේ පුරාණ මැදගොඩ, පත්තිනි දේවාලයේ ආරක්ෂිතව පවතින බව ඔබ දන්නවාද?


    කඩු, දුනු, ඊතලවලින් සටන් කළ සිංහලයෝ තුවක්කු භාවිතයට පෙළඹුණේ පෘතුගීසින් ලංකාවට පැමිණියාට පසුවය. එය සිදුවුණේ ටිකිරි බණ්ඩාර හෙවත් සීතාවක රාජසිංහ නැතිනම් පළමුවන රාජසිංහ රජතුමාගේ (ක්‍රි.ව. 1580-1588) කාලයේ දී ය. මේ නිසා සිතාවක හමුදාව නවීන අවි ආයුධවලින් සන්නද්ධ කිරීමට රාජසිංහ රජතුමාගේ විශේෂ අවධානය යොමු වූ බවත්, ඒ අනුව සිංහලයෝ කෙටි තුවක්කු (Musket) භාවිතයෙහි මනා නිපුණත්වයක් දැක් වූ බවත්, පෘතුගීසි ජාතිකයෝ ද, ඒ බව පිළිගත් බවත් නීල් රණවක මහතා විසින් රචිත “සීතාවක රාජසිංහ ගේ නොනිමි මෙහෙවර” කෘතියේ සඳහන් කර තිබේ.


    තවදුරටත් එහි මෙසේද සඳහන් වේ. “එවන් ආයුධ වලින් එකක් ලෙස “කොඩිතුවක්කුව” හඳුන්වා දිය හැකිය. මෙම තුවක්කුවට වෙඩි බෙහෙත් දමා උණ්ඩය පිටකරන යකඩ බටයේ ඉදිරිපස සවි කර තිබෙන්නේ ලී කණු දෙකක් උඩය. එය අයත්ව තිබුණේ කාලතුවක්කු සේනාංකයටය. කොඩිතුවක්කු යන වාසගම භාවිත කරන්නේ එම සේනාංකයේ රාජකාරි කළ හේවායන්ටය. ඉන්දියානු ඉංජිනේරුවන් යොදවා සීතාවක රාජධානිය තුළ කාලතුවක්කු නිෂ්පාදනය කළ බවත්, ඒවා පෘතුගීසි කාලතුවක්කු වලට වඩා ප්‍රබල වූ බවත් සමහර ලේඛකයෝ කියති” යනුවෙනි.


    එම “කොඩිතුවක්කුව” ගැන චාමිකර පිලපිටිය මහතා විසින් සම්පාදනය කළ The History of Sri Lankan Fire Arms කෘතියේ සඳහන් කර තිබෙන්නේ මෙසේය. “මැදගොඩ පත්තිනි දේවාලයේ තැන්පත් කර ඇති ශ්‍රී ලංකාව සතු දැනට සොයා ගෙන ඇති පැරණිතම කොඩිතුවක්කුව වන මෙය සීතාවක රාජසිංහ රජ දවස දක්වා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. එසේම මෙම තුවක්කුව එහි මුල් ස්වරූපයෙන් කිසිදු වෙනස් කමකට ලක් නොකර තිබීමද විශේෂත්වයකි. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙම තුවක්කුව සෘජු වෙඩි තැබීමේ ක්‍රමවේදයන් (Direct Ignition) එනම් තුවක්කු බටෙහි කඳෙහි (Barrel) ඇතුළත ඇති වෙඩි බෙහෙත් සෘජුවම ගිනි පන්දමක් මගින් දැල්විය හැකි ලෙස නිර්මාණය කර ඇත.
    මැදගොඩ සන්නස අනුව වර්ෂ 1577 දී පළමුවන රාජසිංහ රජු විසින් මැදගොඩ පත්තිනි දේවාලය සඳහා ඉඩම් පරිත්‍යාග කර ඇති අතර, එම රාජ්‍ය කාලයේදී මැදගොඩ පත්තිනි දේවාලයට කොඩිතුවක්කුවක් ලබාදුන් බවට ද විශ්වාස කරනු ලබයි. එම තුවක්කුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ කටයුතු නක්කාවල මාන්නලාගේ පරපුරට භාර කර ඇති අතර, එම රාජකාරි කටයුතු වෙනුවෙන් ඔවුන්ට ඉඩම් ද ලබා දී ඇත.”


    මැදගොඩ, පත්තිනි දේවාලයේ භාරකාර ධුරය හොබවන බස්නායක නිලමේ කේ.ඩබ්ලිව්.එම්. අජිත් බණ්ඩාර මාපිටිය මහතා ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවන් අදහසකි.
    අද මෙන් එදා මේ ආකාරයේ මාර්ග පහසුකම් තිබුණේ නැහැ. කැලණි ගඟ දිගේ ඔරු පාරු මගින් ප්‍රවාහන පහසුකම් සාදා ගෙන තිබුණා. රාජසිංහ රජතුමා සිතාවක මාලිගාවේ සිට රුවන්වැල්ලේ පිහිටි පෙතංගොඩ උයනට ගමන් කරන්නේ කැලණි ගඟ දිගේ ඔරු පාරු පිරිවරා ගෙනයි. එක දවසක් ගඟ දිගේ පාරුවක නැගී ගමන් කරන විට අඟුල මැදගොඩ ඇල්ල ළඟින් ඉහළට පදින්න නොහැකිව නැවතුණා. ඊට පසු ඒ අසළ තිබූ තොටුපොළේ ඔරු පාරු නවතා, ඊට හේතුව සොයන ලෙස රජතුමා ප්‍රධාන තොටියා වූ මාල මීගොල්ලට අණ කර තිබෙනවා.


    ඔහු තම සගයන් කිහිප දෙනෙකු සමග තොටුපොළට උඩින්, වර්තමානයේ පත්තිනි දේවාලය පිහිටි ප්‍රදේශයට පැමිණෙන විට පහනක් දැල් වී තිබෙනවා දැක, පුදුමයට පත් වී රජතුමාට ඒ බව සැලකර සිටිනවා.


    “එහෙනම් මෙතැන කිසියම් බලයක් ඇති තැනක් විය යුතුයි.. ඒ නිසා දෙවොලක් හදන බවට භාර වෙමු යැයි පවසා තිබේ. භාර හාර වීමෙන් අනතුරුව ඔරු පාරු පැදගෙන ඉහළට යාමට හැකියාව ලැබී ඇත. පසුව පොරොන්දු වූ ආකාරයෙන් එදා ගොඩ නැඟූ මේ දේවාලය පත්තිනි දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද්දක්. ඊට පහළින් මීටර් දෙසීයක පමණ දුරින් එදා රජතුමා නැවතී සිටි තොටුපොළ දක්නට ලැබෙනවා. එය අද හඳුන්වන්නේ “දේවාල තොටුපොළ” නමින්.


    image_6673b9731a.jpg


    රජ දවස සිට දේවාලයේ වාර්ෂික පෙරහරක් පවත්වනු ලබනවා. එහිදී මුතුකුඩ ඇල්ලීම, පාවාඩ දැමීම, අත්පන්දන් ඇල්ලීම වැනි රාජකාරි පංගු දහ අටක් සඳහා කුළ පරම්පරාවල් පත් කර ඔවුන්ට ඉඩම් ද ලබා දුන්නා. රජතුමා සතුව තිබූ කොඩිතුවක්කු වලින් එකක් ක්‍රි.ව 1582 වසරේ පත්තිනි දේවාලයට සන්නසකින් පුජා කර, ඒ වෙනුවෙන් රාජකාරි ඉටු කිරීමට නක්කාවල මාන්නලාගේ පරපුරට භාර කළා. ලංකාවේ මේ වන විට ඇති පැරණිම තුවක්කුව මෙයයි. මෙම දේවාලයට අක්කර හයසිය තිස් එකයි, රූඩ් දෙකයි පර්චස් දහඅටක් අයත් වෙනවා. ඒ බව මේ දේවාලයට අයත් සන්නසේ සඳහන් වෙනවා.


    සීතාවක මාලිගාව පිහිටා තිබුණේ දෙමෝදරය. සීතාවක සහ කැලණි ගඟට ඉදිරියෙන්. පත්තිනි දේවාලයට කිලෝ මීටර් කිහිපයක දුරින්. පෙරහර පවත්වන කාලයේ දී රජතුමාට ඒ බව දැනුම් දෙන්නේ ඉහත ලබාදුන් කොඩිතුවක්කුවෙන් නිකුත් කරන වෙඩි හඬෙන්. අදටත් පෙරහර ආරම්භ වීමට පෙර, අවසානය, දිය කැපීමේ සංඥාව එම කොඩිතුවක්කුවේ වෙඩි හඬෙන් දැන ගත හැකියි.


    ගරිල්ලා යුද්ධයකදී සතුරන් සමූහ වශයෙන් මරා දැමීම සඳහා ද, සතුරු බළ කොටු, කඳවුරු, සැපයුම්, තවලම් විනාශ කිරීමටත් සිංහලයෝ කාලතුවක්කු සහ කොඩිතුවක්කු භාවිත කළහ. මෙයින් සැහැල්ලු ප්‍රහාරක කාලතුවක්කුව “කොඩිතුවක්කුව” ලෙස හඳුන්වන ලදී. ජීන්ගල්, ගිනිජල්, තණකොළ පෙත්තා යන විවිධ නම් ද, ඒ සඳහා භාවිතා කෙරිණි.
    මෙම කොඩිතුවක්කු විවිධ ප්‍රමාණයන්ගෙන් සාදා තිබුණ බවද සඳහන්ය. දැව කඳන් භාවිත කරමින් කඳ පලා, ගිරා හැඩැති දැවමය මිටකට සවිකොට ඇති අතර, ඉදිරි පාද දෙක ලී වලින් ද, බටය යකඩින් හෝ පිත්තලෙන් ද නිමවා තිබුණි. පාද තුනක් සහිතව නිර්මාණය කර තිබූ මෙවැනි කාලතුවක්කු නැවත එකලස් කළ හැකි වන පරිදි කොටස්වලට ගැළවීමට හැකි ලෙස නිර්මාණය කර තිබීම තවත් විශේෂත්වයකි. ඒ නිසා බෑවුම්, කඳු පල්ලම්, ඝන වනාන්තර, දුෂ්කර මාර්ග අතර එතරම් අපහසුවකින් තොරව කොඩිතුවක්කුව රැගෙන යාමට හැකියාව ලැබුණි. කඳුකර සටන්වලට මෙම අවිය හොඳින් ගැළපුණි. හදිසි වැටලීම්වල දී බෙහෙවින් ප්‍රයෝජනවත් වූ මෙය සතුරා බලාපොරොත්තු නොවූ මොහොතක ක්ෂණිකව ප්‍රහාර එල්ල කළේය. තවද තනි මිනිසෙකුගේ කර මත තබා ගෙන පහසුවෙන්ම ගෙන යා හැකි විය.


    බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය හෙන්රි මාෂල් ගේ සටහන්වලින් ද එය සනාථ වේ. “සතුරාට බාධක මැදින් තමන් වෙත පැමිණීමට පෙර ඔවුහු තම ලොකු තුවක්කුව නැතිනම් මෙම කොඩිතුවක්කුව කරේ තබා ගෙන පැන ගොස් කැලයට රිංගති. ඉහත සඳහන් කාර්යය සඳහා සිය කැමැත්තෙන් නැවත වරක් ඉදිරිපත් වන තෙක් කැලෑ වැදුණු ඔවුන් සොයා ගත නොහැකිය” යනුවෙනි.


    මේ ආකාරයෙන් සිංහලයෝ විසින් යකඩ, ලෝකඩ, පිත්තල යන ලෝහයන් ගෙන් නිපදවන ලද කාලතුවක්කු කපොලු, දුර්ග සහ මිටියාවත්වල සවිකර තිබුණි. ක්‍රි.ව. 1803 ඉංග්‍රීසින්ගේ මැක්ඩොවල් ක්‍රියාන්විතයේදී හඟුරන්කෙත බලා ගමන් කළ කර්නල් බේලිගේ හමුදාවට උඩරට කාලතුවක්කු හමුදාව විසින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර පරාජය කරනවා. තවද සංග්‍රාම භූමියට රැගෙන යා හැකි වන අයුරින් රෝද සහිත රථයක සවිකරන කළහ. සුවිශාල කාලතුවක්කු ද භාවිත කෙරිණ. ඊට හොඳම නිදසුන ක්‍රි.ව 1745 වසරේදී ලෙව්කේ දිසාව විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට තෑගි කරන ලද අති විශිෂ්ට කාලතුවක්කුවයි.


    සාමාන්‍යයෙන් සිංහල කාලතුවක්කු උණ්ඩවල විශාලත්වය අඟල් 5 3/4 - 6 1/2 ක් පමණ වේ. ගෝලාකාර ගල් සහ යකඩ උණ්ඩ ඒ අතර විය. තුවක්කු සහ අත් තුවක්කු උණ්ඩ සඳහා අඟලක් පමණ දිග යකඩ කූරු කැබලි යොදා ගැණින. මේ සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් පිටරටින් ගෙන් වූ අතර මෙරට වෙඩි ලුණු ද භාවිත කළහ.


    වෙඩි බෙහෙත් තැන්පත් කිරීම සහ රැගෙන යාම සඳහා වෙඩි බෙහෙත් අඟ නම් භාජන විශේෂයක් උඩරැටියෝ භාවිත කළහ. සාමාන්‍යයෙන් අඟල් 12 ක පමණ දිගකින් යුත් එවැනි උපකරණ දැව, අං, ඇත් දත් සහ පිත්තලෙන් නිපදවා ගෙන තිබුණි. මේවා තැන්පත් කිරීම සඳහා විශාල පීප්ප ද ප්‍රයෝජනයට ගත්හ.


    ගොඩගම්පොළ, කෑ/දෙහි/පන්නිල වීරසිංහ විද්‍යාලයාධිපති අයි. චන්න කුසල් මහතා.


    රාජසිංහ රජතුමා අංගම්පොර සටන්වලට අමතරව දක්ෂ වෙඩික්කාරයෙක්. එතුමාගේ පාබල සේනාවට සුදලිය, මරුවල්ලිය යන සටන්කරුවන්ට අමතරව වෙඩික්කාරයෝ ද ඇතුළත් වුණා.


    image_4714dfa52a.jpg


    එක අවස්ථාවක පෘතුගීසීන් කොළඹ කොටුවේ සිට සිතාවක රාජ්‍යයට පහර දීමට ලොකු පහුරු දෙකක වෙඩි බෙහෙත් පටවාගෙන කැලණි ගඟ දිගේ උඩහට එනවා. එදවස රාජසිංහ රජතුමාට හොරෙන් කුරුල්ලෙකුටවත් පියඹා යන්න බැරි බව සඳහන් වෙනවා. පෘතුගීසින්ගේ පැමිණීම ආරංචි වූ සැණින් ක්‍රියාත්මක වන රජතුමා, රක්ගහවත්ත කියන ප්‍රදේශයේ පිහිටා ඇති ගඟ දෑලේ කාලතුවක්කු දෙකක් (ගඟ දෙපැත්තේ) ස්ථාන ගත කර පහුරු දෙකට පහර දෙනවා. ඉන් එක කාලතුවක්කුවක් පත්තු කරන්නේ රාජසිංහ රජතුමායි. දියේ ගිලුණු එම පුහුරු දෙක මතු වී තිබෙන්නේ කඩුවෙල ප්‍රදේශයෙන්. දාච්චිගොඩැල්ල, යබරළුව, කම්මල්ගොඩැල්ල ප්‍රදේශවල අවි ආයුධ සමග කාලතුවක්කු නිපදවා ඇත. මුල්ලේරියා සටනේදී පෘතුගීසීන් පමණක් 1600 ක් සමූල ඝාතනය වුණා. ඒ සඳහා අපේ තුවක්කු, කාලතුවක්කු වලින් වැඩි මෙහෙයක් සිදු වෙලා තිබෙනවා. එදා උඩරැටියන් භාවිත කළ තුවක්කු සහ කාලතුවක්කු වර්ග කිහිපයකි. ගිනිතුවක්කුව, කොඩිතුවක්කුව, බොන්ඩික්කුලම, අත් තුවක්කුව සහ කාලතුවක්කුව ඉන් ප්‍රධානය. ක්‍රි.ව 1515 රිබෙයිරෝ වාර්තා කරන අන්දමට, පෘතුගීසි තුවක්කුවට වඩා වෙනස් තුවක්කු සිංහලයන් භාවිත කළ බව පවසයි. විශේෂයෙන්ම බොන්ඩිකුල නමින් සිංහලයන් හඳුන්වන දේශිය තුවක්කු විශේෂය බණ්ඩක් යන අරාබි වචනයෙන් බිඳී ආ එකක් බව පැවසේ. තුවක්කුව, පෘතුගීසි වචනයක් නොව තුපක් යන තුර්කි භාෂාවෙන් බිඳී, දමිළ භාෂාව හරහා සිංහලයට පැමිණි වචයක් බව ටිකිරි අබේසිංහ මහතා පෙන්වා දෙයි. කෙසේ වෙතත් සිංහලයෝ යුරෝපීය ජාතිකයින්ට වඩා දක්ෂ ලෙස හා කලාත්මක අයුරින් තුවක්කු නිපදවීමටත් ඒවා භාවිත කර සටන් කිරීමටත් පුරුදු පුහුණු වුණා. ඒ බව ක්‍රි.ව 1688 පෘතුගීසි ජාතික ක්වේරොස් පියතුමා ද සඳහන් කර තිබෙනවා.


    image_1cccf32c2d.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහ සමන් දේවාලයේ අදත් තිබෙන ලොව කුඩාම ‘කාලතුවක්කුව’​

    image_d578c6002d.jpg

    රත්නපුර සබරගමු මහ සමන් දේවාලය

    image_4ef8ea14a6.jpg

    බුදු මැඳුර හෙවත් දළදා ගෙය ​


    සබරගමුව මහ සමන් දේවාලය පිහිටා තිබෙන්නේ රත්නපුර-පානදුර ප්‍රධාන මාර්ගයේ, දේවාලය ගාව ගමේය. ඒ අනුව සමන් දේවාලය, රත්නපුර නගරයේ සිට කිලෝ මීටර් දෙකක පමණ දුරකින් පිහිටා ඇත. මෙම සමන් දේවාලය “පෘතුගීසීන්ගේ බළකොටුවක්” බවට පත් වී තිබූ බවත්, දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන් සමග යුද්ධ කර පරාජය කොට සබරගමුවෙන් එළවා දැමූ අතර, මුදාගත් බළකොටුව තුළ තිබී “වානේවලින් සාදන ලද කොඩිතුවක්කුවක්” සොයා ගත් බවත් එච්.එම්. ජයන්ත විජේරත්න මහතා විසින් රචිත “සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල” කෘතියේ සඳහන් කර තිබේ.


    සිංහලයාගේ පුරාණ ගිනිඅවි භාවිත කළ අන්දම ගැන සොයා යන ගමනේ, අප මෙවර නවතින්නේ සබරගමුව මහ සමන් දේවාලයේ ය. එහි විශාලත්වයෙන් වැඩි ලොව පැරණිතම සහ සම්පූර්ණයෙන්ම වානේවලින් නිෂ්පාදිත සිංහල කොඩිතුවක්කුව තිබෙන බව, මට පැවැසුවේ චාමිකර පිලපිටිය මහතාය.


    තවදුරටත් ජයරත්න මහතා මෙසේ ද පවසයි.


    “සිංහලයන්ගේ තුවක්කු භාවිතය ගැන කතා කරද්දී ඩී කූටෝ නමැති ලේඛකයා සඳහන් කරන්නේ, සීතාවක රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1554-1593) කොළඹ පරංගි කොටුවට පහර දීමට එක් වූ හමුදාවේ සිංහල කාලතුවක්කු 150ක් පමණ භාවිත තළ බවයි. අපේ සිංහල කාලතුවක්කු ගැන කියන මේ ලේඛකයා සඳහන් කරන්නේ පෘතුගීසින්ගේ කාලතුවක්කුවලට වඩා බරින් වැඩි උණ්ඩ පවා අපේ කාලතුවක්කුවලට යෙදීමේ තාක්ෂණ දියුණුවක් තිබූ බවයි. තව ද පරංගි බළකොටුව තුළ තිබී සොයාගත් බව සඳහන් කළ ඉහත කොඩිතුවක්කුව, එහි තිබී හමු වූ පමණින් ම මෙය පරංගීන් සතු කාලතුවක්කුවක් යයි නිගමනය කිරීම වැරදි සහගත බවය.”


    සබරගමු මහ සමන් දේවාලයේ ඇති කොඩිතුවක්කුව සම්බන්ධයෙන් පර් යේෂණ කළ චාමිකර පිලපිටිය මහතා, ඔහුගේ “මහනුවර යුගයේ අප්‍රකට විත්ති” කෘතියට ඇතුළත් කර තිබෙන්නේ මෙවන් අදහසකි.


    මෙම තුවක්කුව සම්බන්ධයෙන් තොරතුරක් විලියම් ස්කින්ගේ The Adam's Peak (Samanala & Sri-pada with a descriptive account of pilgrim's rout from Colombo to the Scared foot-print - 1870) ග්‍රන්ථයේ සඳහන් වේ. එම ග්‍රන්ථයේ දැක්වෙන චිත්‍ර සටහනකට අනුව පෙනී යන්නේ, ක්‍රි.ව. 1870 වසර වනවිට ද සමන් දේවාලයේ පැරණි ළිඳ ළඟ මෙවැනි තුවක්කු 3ක් සවි කර ඇති අයුරුය. එයින් තුවක්කු 2ක් තරමක විශාලත්වයෙන් යුතු අතර අනෙක කුඩා එකකි.


    සීතාවක රාජසිංහ රජ සමයේ මෙම තුවක්කු වර්ගය හඳුන්වා ඇත්තේ “කොඩිතුවක්කුව” යන නමින් ය. චීන ජාතිකයන් මෙම තුවක්කුව ජින්ගල් (Jingal) නමින් හඳුන්වා ඇති අතර, එකල සිංහලයන් මෙය හඳුන්වා ඇත්තේ ගින්ගල් (Gingal) යන නමින් ය.


    image_653fb45865.jpg

    විලියම් ස්කින්ගේ Adam's Peak ග්‍රන්ථයේ සිංහලයෝ සාදන ලද කොඩිතුවක්කු ළිඳ අසල ස්ථානගත කර තිබෙන අයුරු දැක්වෙන චිත්‍රයක්



    image_f1c2905ec7.jpg

    සිංහල සෙබළුන් දෙදෙනෙක් කොඩිතුවක්කුවකින් වෙඩි තබන අයුරු


    image_7af65de533.jpg



    පිලපිටිය මහතා වැඩිදුරටත් එහි මෙසේ ද සඳහන් කර තිබේ.


    “මා විසින් රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය හොබවන කමල් රත්වත්තේ මහතාගේ අවසරය යටතේ (වර්තමානයේ මෙහි බස්නායක නිලමේ තනතුර හොබවන්නේ ජයසුන්දර මුදියන්සේලාගේ මිගාර ජයසුන්දර මහතාය) එහි ඇති “කොඩිතුවක්කුව” අධ්‍යයනය කරන ලදී. එම අධ්‍යයනයට අනුව රත්නපුර මහ සමන් දේවාලයේ තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති කොඩිතුවක්කු අතුරින් විශාලත්වයෙන් වැඩිම සහ පෞරාණික බවින් දෙවැනි ස්ථානය හිමි සීතාවක රාජසිංහ රජදවසට අයත් කොඩිතුවක්කුවක් බව හඳුනාගත හැකි විය. මේ වනවිට ලංකාවේ ඉතිරිව ඇති එකම සහ පැරණිතම තවමත් හොඳ තත්ත්වයේ පවතින තුවක්කුව මෙය විය හැකි අතර, අද සමන් දේවාලයේ දැක ගන්නට ඇත්තේ රූප සටහනෙහි දැක්වෙන කුඩා තුවක්කුව බව පැහැදිලිය. මෙය දෙවැනි රාජසිංහ රජතුමා විසින් සමන් දේවාලයේ පෙරහර ශබ්ද පූජාව සඳහා ක්‍රි.ව. 1590 දී පූජා කළ තුවක්කුවක්” බවත් ඔහුගේ අදහසයි.


    මෙම කොඩිතුවක්කුව නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත්තේ වානේ ය. කටෙහි විශ්කම්භය අඟල් 1.5 කි. තුවක්කු බටයෙහි සහ කඳෙහි දිග අඟල් 25 කි. තුවක්කුවෙහි සම්පූර්ණ දිග අඟල් 62 කි. තුවක්කුව රඳවා ඇත්තේ ආධාරකයක් මඟින් ය. තුවක්කුව ක්‍රියාකාරී තත්ත්වයේ පවතී.


    “ඇත්තෙන්ම මෙය විජාතිකයන් සතු වූ තුවක්කුවක් නොව දේශීය තුවක්කුවක් බව බොහෝ දෙනෙක් නොදන්නා සේ ය. අපේ රටේ බහුතරයක් තවමත් සිතන්නේ තුවක්කු පිළිබඳ දැනුමක් ශ්‍රී ලාංකිකයා දැන උගත්තේ ක්‍රි.ව. 1505 දී පෘතුගීසින් ලංකාවට පැමිණීමෙන් පසුව බවයි. එහෙත් මෙම කරුණ සම්බන්ධයෙන් විද්වතුන් සඳහන් කරන්නේ සිංහලයාගේ තුවක්කු පිළිබඳ දැනුම භාවිතය සහ තාක්ෂණය හමුවේ ඇති හොඳම නිදර්ශකය රත්නපුර සමන් දේවාලයේ තිබෙන මෙම තුවක්කුව බවයි. තවමත් භාවිතයට ගනු ලබන ලොව පැරණිතම තුවක්කුව මෙය විය හැකි අතර, මෙය වසර 400ක් පමණ පැරණි යයි විශ්වාස කරති. මෙය දේවාල පෙරහරේ දී පත්තු කිරීම අද නිල රාජකාරිය බවට පත්ව ඇත. පෘතුගීසින් අප රට ආක්‍රමණය කිරීමට වසර 200කටත් පෙර සිටම දේශීය තුවක්කු තිබුණ බව ඉතිහාසයෙන් අනාවරණය වේ. සිංහලයාගේ තුවක්කුවල ක්‍රියාකාරීත්වය සහ භාවිතය සම්බන්ධයෙන් පෘතුගීසින් පවා පුදුමයට පත් වූ බව ක්වේරෝස් නමැති ඉතිහාසඥයා වාර්තා කරයි. කොළඹ පෘතුගීසි බළකොටුවට ක්‍රි.ව. 1518 දී සිංහල හමුදාව පහර දුන් අතර, එම හමුදාවේ කාලතුවක්කු බළඇණියක් තිබුණ බව සඳහන් කරන ක්වේරෝස් තවදුරටත් කියා සිටින්නේ මෙම කාලතුවක්කු බළඇණිය මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත වූ බවයි. මෙරට රජ්ජුරුවන්ගේ සිරකරුවකු වශයෙන් සිටි රොබට් නොක්ස් සඳහන් කරන්නේ, ලන්දේසින්ගේ කාලතුවක්කුවලට වඩා ඉහළ ම තත්ත්වයේ කාලතුවක්කු සිංහලයන් සතුව තිබුණ බවයි, ඒවා ඉතාමත් ඉහළ තාක්ෂණයකින් නිපදවන ලද ඒවා” බව, ජයන්ත විජේරත්න මහතා ඔහුගේ “සබරගමු මහ සමන් දේවාල” කෘතියේ සඳහන් කර තිබේ.
    පළමුවැනි රාජසිංහ රජුගේ අභාවයත් සමග සබරගමු මහ සමන් දේවාලයට අත්වූයේ කනගාටුදායක තත්ත්වයකි. පෘතුගීසිහු සබරගමුව ආක්‍රමණය කළහ. ඔවුහු කුරුවිට දෙගල්ගමුව රජමහා විහාරයත්, සබරගමු මහ සමන් දේවාලයත් කොල්ල කා විනාශ කළහ. සමන් වෙහෙර ද මහ සමන් දේවාලය ද සම්පූර්ණයෙන් ම විනාශ කළ පෘතුගීසිහු, ඒ මත ඔවුන්ගේ බළකොටුවක් සහ පල්ලියක් ඉදිකර ගත්හ. එහි සිට වසර 43ක පමණ කාලයක් සබරගමුවේ විවිධ පෙදෙස් පාලනය කළහ. මහ සමන් දේවාලයෙහි සුන්බුන්, අසලින් ගලා බසින කළු ගඟට විසි කර දමන ලදී. ඔවුන් ඉදිකළ පල්ලිය ශාන්ත සැල්වදෝර් නම් විය.


    රොබයිරෝගේ වාර්තාවේ සඳහන් වන පරිදි සමන් දේවාලය පිහිටි භූමියේ පෘතුගීසි බළකොටුවක් වූ බවත්, එහි හේවායන් 4000-5000ත් අතර ප්‍රමාණයක් විසූ බවත්, එක කණ්ඩායමකට 150ක් බැගින් වූ ලස්කිරිඤ්ඤ සේනාංක 5ක් වූ බවත් සඳහන් කර තිබේ. තව ද එහි මෙසේ ද සඳහන් කර තිබේ.


    “රුවන්වැල්ල බළකොටුව තැනූ ලන්දේසි කපිතාන් යාන් ෆෝන් ඇම්සල් සමග සැතපුම් 12ක් පමණ (ඉංග්‍රීසි සැතපුම් 30) ගමන් කොට සෆ්‍රගාම් (සබරගමුව) යන ස්ථානයට පැමිණියෙමු. පෘතුගීසින් විසින් ඉදිකරන ලද බළකොටුව තුළ තුවක්කු සතර බැගින් යුත් කාලතුවක්කු කණ්ඩායම් 2ක් නවත්වන ලදහ. මෙම බලකොටුව තනත ලද කන්ද පාමුලින් ගලා බසිනා දොළ වනාහි රජුට අයත් අගනා රත්න වර්ග ලැබෙන ඉතා හොඳ ගංගාවකින් පෝෂණය වූවකි. මේ ගංවැල්ලේ මැණික් සෙවීමේ යෙදුණු අපිට රතු කැට කිහිපයක් සොයා ගැනීමට හැකි විය” යනුවෙනි.


    එකල මල්වාන සහ සීතාවක සිට සබරගමුව දක්වා පාලන කටයුතු මෙහෙයවා ඇත්තේ දොන් ජෙරෝනිමෝ ද අසුවේදු නමැති පෘතුගීසි සෙන්පතියා ය. මොහු බිහිසුණු පුද්ගලයෙක් සහ ජන ඝාතකයකු බවත් ඉතිහාසයෙහි සඳහන් වේ. එසේ වුවත් සිංහල ජනතාව නිරතුරුවම පසු වූයේ පෘතුගීසින් ගැන වෛරයෙනි. ඉතා රහසිගතව යුද සංවිධාන කටයුතු සිදු කෙරිණි. ඊට පසුව දෙවැනි රාජසිංහ (ක්‍රි.ව. 1635-1687) යුගය ඇරඹුණි. ඒ සමඟ පෘතුගීසින්ට මහත් අභාග්‍ය සම්පන්න කාලයක් එළඹිණි. දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කොට තම රාජ්‍යය මුදා ගත්තේය.


    ඉතිහාස පුවත්වල සඳහන් වන පරිදි මහ සමන් දේවාලයේ ඉදිකළ පෘතුගීසි බළකොටුව විනාශ කර නැවත වරක් සිංහල බලය තහවුරු කරගෙන ඇත්තේ කුරුවිට රාල විසිනි. ඔහු දෙවැනි රාජසිංහ රජුගේ සෙන්පතියෙකි.


    සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජේ.එම්. මිගාර ජයසුන්දර මහතා මෙසේ කියයි.


    “වර්තමානයේ අපට දකින්නට ඇත්තේ පෘතුගීසි ආක්‍රමණයෙන් පසුව නැවත ගොඩනංවන ලද මහ සමන් දේවාලය යි. පරසතුරු උවදුරු රාශියකට ම මුහුණ දුන් තැනක්. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව, සබරගමුව මහ සමන් දේවාලය මීට අවුරුදු 786කට පෙර ඉදිකර තිබෙනවා. ඒ දඹදෙණි යුගයේ දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1228-1263) රජ දවස, එතුමාගේ මහ ඇමැති ආර්යකාමදේව ය. සබරගමුවේ පිහිටි ඉඩම්වල මැණික් ගරා, රාජ භාණ්ඩාගාරය තර කිරීමේ රාජකාරිය පැවැරුණේ ඔහුටයි. පසුව ඔහු සබරගමුවට පැමිණ ප්‍රථමයෙන් ම සිදු කළේ තම රාජකාරිය සාර්ථකව ඉටු කර ගැනීමට පිහිට සහ ආරක්ෂාව පතා රජතුමා වෙනුවෙන් සමන් දෙවියන්ට භාරයක් වීමයි. තමන්ට වටිනා මැණික් ලබා දුන්නොත් තෙමහල් ප්‍රාසාදයක් කරවන බවට පොරොන්දු වූ බව සමන් සිරිතේ සඳහන් වෙනවා. ඉන්පසු ඉතා වටිනා මැණික් රාශියක්ම ලැබෙනවා. ඒ අනුව සමන් දෙවියන්ට වූ භාරය ඉටු කරනවා.


    සමන් දේවාලය ඉදි කළේ විහාර මළුවේ නොවන බව පෙනෙනවා. තුන් මහල් දේව මන්දිරයක් පහළ මළුවේ ඉදිකර එහි මුදුනේ රන් කොත් පැලඳ වූ බව ද සඳහන් වෙනවා. රජතුමාගේ දේවාලයේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කපු මහත්වරු ද සේවක පිරිස් ද අවශේෂ පූජා භාණ්ඩ ආදිය සැපයීමට ජන කොටස් පත් කරගෙන තිබෙනවා.
    කෙසේ වෙතත් මෙහි ආර්යකාමදේව මහ ඇමැතිවරයා මෙම ස්ථානයේ සබරගමු මහ සමන් දේවාලය ඉදිකරනවිට ද සබරගමු වෙහෙර නමින් බෞද්ධ සිද්ධස්ථානයක් තිබෙන්නට ඇති. ඉන් පසුව සබරගමු වෙහෙරේ උපාංගයක් ලෙසින් මහ සමන් දේවාලය ගොඩනගන්නට ඇති කියා හිතෙනවා.


    මෙහි දැනට ඉතිරිව ඇති නටබුන් අතර, පෘතුගීසි සමයට අයත් ශෛලමය ලාංඡන දෙකක්, පැරණි කාලතුවක්කුවක්, සිංහල අකුරු සඳහන් සෙල් ලිපියක කැබලි තුනක්, ළිඳක්, ඇත් දළ යුගලක්, බෝධි වෘක්ෂයක් දැක බලා ගත හැකියි.

    සමන් දේවාල ගොඩනැගිල්ලේ පහත පිවිසුම අසල ශෛලමය පුවරුවක් දක්නට ලැබෙනවා. එහි උස අඟල් 48ක් වන අතර, පළල අඟල් 32ක්. පෘතුගීසි යුද්ධ හමුදා නිල ඇඳුමින් සැරසුන, දකුණතෙහි ඉහළට ඔසවා ගත් කඩුවක් ද වමතෙහි පළිහක් ද දරණ සොල්දාදුවකු සිය වම් කකුලෙන් පුද්ගලයකු පාගා ගෙන සිටින අයුරු නිරූපණය වෙනවා. මෙම කැටයම සම්බන්ධයෙන් මත කිහිපයක් ම තිබෙනවා. මෙය පෘතුගීසින්ගේ බලකොටුවක්ව තිබූ බවට එක් උදාහරණයක්.


    මෙහි බුදු මැඳුර හෙවත් දළදා ගෙයක් පිහිටා තිබෙනවා. සමන් දේවාලය භූමිය පෘතුගීසින් විනාශ කිරීමට පෙර දළදාවහන්සේ තැන්පත් කර තිබුණේ මෙම බුදු මැඳුරෙහි බවත්, එය දළදා ගෙය බවත් කියැවෙනවා.


    පෘතුගීසින් සිටිය බවට තවත් උදාහරණයක් නම් මෙහි පිහිටා ඇති ළිඳ යි. පුරාවිද්‍යාත්මක සාධක ලෙස දක්නට ලැබෙන්නේ ළිඳේ ආරුක්කු බැම්ම පමණි. සමන් දේවාලයේ ප්‍රතිසංස්කරණයට හෝ පෘතුගීසින්ගේ විනාශයට ලක් නොවුණු ස්ථානයක්. ඒ අනුව පෘතුගීසි නිර්මාණ වශයෙන් ඉතිරිව ඇත්තේ මෙම ළිඳේ උළුවස්සත්, පෘතුගීසි ලාංඡනයත්, පෘතුගීසි හේවායා සහිත පුවරුවත් පමණි. මෙම ළිඳ සම්බන්ධයෙන් ජනප්‍රවාදයක් පවතිනවා. එනම් පොත්ගුල් විහාර ළිඳෙන් දමනු ලබන මල් මේ සමන් දේවාල ළිඳෙන් මතුවන බවයි.”


    සබරගමුව මහ සමන් දේවාලයේ විජයනාරායන කපු මහතා


    “මා මේ දේවාලයේ විජයනාරායන 15 වෙනි කපු පරම්පරාව නියෝජනය කරන සාමාජිකයෙක්. අපේ මුතුන් මිත්තෝ ඉන්දියානු පුරවැසියන්. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දේවාලයේ කපු රාජකාරි සඳහා අපේ මුතුන් මිත්තෝ පැමිණ තිබෙනවා. මේ දේවාලය සාදා තිබෙන්නේ අපේ පරම්පරාවේ අයයි.


    මේ කොඩිතුවක්කුවෙන් එදා වෙඩි තැබීම සඳහා භාවිතා කර තිබෙන්නේ වෙඩි බෙහෙත් වෙනුවට, ගස්වල කොළ විශේෂයක් බව අපේ මුතුන් මිත්තෝ පවසා තිබෙනවා. ක්‍රි.ව. එක්දහස් අටසිය ගණන්වල සිංහලයෝ නිෂ්පාදනය කරන ලද මෙම තුවක්කුව පෘතුගීසින්ට එරෙහිව යුද්ධයට පාවිච්චි කළා. මෙය භාවිතා කර තිබෙන්නේ සතුරාට ආසන්නයේ සිට පහරදීම සඳහායි. ආරම්භයේදී වෙඩි බෙහෙත් වෙනුවට කොළ දමා භාවිතා කර, පසුව වෙඩි බෙහෙත් සහ යකඩ බෝල දමා සතුරාට පහර දුන්නා.


    මෙම තුවක්කුවේ තවත් විශේෂත්වයක් තිබුණා. එනම් එදා පෘතුගීසින් සතුව තිබූ තුවක්කුවලින් ළඟට නැතිනම් ආසන්නයට පමණයි වෙඩි තැබිය හැකි වූයේ. එහෙත් සිංහලයෝ හදපු මේ කොඩිතුවක්කුවෙන් ඊට වඩා දුරට වෙඩි තැබීමට හැකියාව පැවැතියා. එය සිංහලයන්ට යුද්ධය ජය ගැනීමට හේතුවක් වුණා.”


    කොඩිතුවක්කු ක්‍රියාකරු ආර්.එම්. සමන් හේමන්ත ජයවර්ධන


    “මෙම කොඩිතුවක්කුව අවසාන වරට පත්තු කළේ මගේ ආතා වන සැරහාමි යි. ඔහු මෙය පත්තු කරන විට ළඟට වී මා බලාගෙන සිටියා. එතකොට මා කුඩා වයසේ පසු වූ නිසා පත්තු කරන හැටි පුරුදු කරන්න කීවත්, එය ඉටු කළේ නැහැ. ආතා මිය ගියාට පසු වෙනත් කෙනෙක් මෙය පත්තු කළා. පසුව වත්මන් දළදා මාලිගාවේ බස්නායක නිලමේතුමා ප්‍රදීප් නිලංග දෑල මහතා, එවකට සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් කටයුතු කරන කාලයේ මට පණිඩුඩයක් එවා භාර දුන්නා. එදා සිට මේ දක්වා වසර දහඅටක කාලයක් මේ තුවක්කුව පත්තු කරන්නේ මමයි. මෙය රජ කාලේ සිංහලයෝ හදපු තුවක්කුවක් කියලයි කියන්නේ. මට එය ආඩම්බරයක්. මම මේ තුවක්කුව ආතාට වඩා හොඳින්, අලි බිම වැටෙන ශබ්දයෙන් පත්තු කරනවා. සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර අවසන් වනවිට වෙඩි 21ක් තියනවා. ඊට අමතරව මාස තුනෙන් තුනට දේවාලයේ කටයුතු සම්බන්ධයෙන් වෙඩි තැබීම සඳහා භාවිතා කරනවා.”


    image_4fc6659494.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙවැනි රාජසිංහ රජුගේ අත් තුවක්කුව මෙන්න


    image_741d1705ec.jpg

    කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති කාබේරි සෙබළාට වෙඩි තැබූ, දෙවන රාජසිංහ රජතුමාට අයත් රන් ආලේපිත අත් තුවක්කුව

    නවීන වර්ගයේ කාලතුවක්කු, මෝටාර්, ටී 56, ඒ.කේ 47, අත් තුවක්කු ඇතුළු විවිධ ආකාරයේ ගිනිඅවි අද ලෝකයේ දක්නට ලැබේ. ඒවායේ අතීතය පිළිබඳ සොයා ගෙන යාමේදී පෘතුගීසින් ලංකාවට පැමිණීමටත් පෙර සිටම සිංහලයෝ තුවක්කු ඇතුළු ගිනිඅවි භාවිතා කළ බවට සාක්ෂි ඕනෑවටත් වඩා ඉදිරිපත් කළ හැකි බව, රජ දවස ගිනිඅවි පිළිබඳව අධ්‍යයනයක යෙදෙන චාමිකර පිලපිටිය මහතා පවසයි. ඔහු ඒ බව කියන්නේ නිකම් ම, නිකම් නම් නොවේ. අතීත සිංහලයෝ නිපදවා ඇති තුවක්කු ඇමෙරිකාව, රුසියාව වැනි රටවල පවා තිබෙන බව සොයා ගෙන ඇති බැවිනි. මේ සම්බන්ධයෙන් පළමු වරට හෙළි කරන්නේ ද ඔහු වීම විශේෂත්වයකි.


    මෙය බොහෝ දෙනෙකු ගේ මවිතයට කරුණක් වුවද, පිලපිටිය මහතා ඒ පිළිබඳව විස්තර ඉදිරිපත් කරන්නේ සාක්ෂි ද සමග ය. ඒ අනුව අප මෙවර ගන්නෝරු සටනේ දී කාබේරි සෙබළාට, දෙවැනි රාජසිංහ රජතුමා වෙඩි තැබූ “අත්තුවක්කුව” සොයා ගෙන ගියෙමු. එම තුවක්කුව මේ වන විට තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේය.


    තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙම දික් කුවක්කුව, බොන්ඩිකුල හෙවත් ෆ්ලින්ට් ලොක් වෙඩි අගුලු ක්‍රමය යටතේ වෙඩි තැබීමට භාවිතා කර ඇත. ඒ අනුව දෙවන රාජසිංහ රජුට අයත් තුවක්කු අතර දැනට අත් තුවක්කු තුනක් පිළිබඳ තොරතුරු සොයා ගෙන ඇත. ඉන් දෙකක් ඇමෙරිකාවේ සහ රුසියාවේ තිබෙන අතර අනෙක් තුවක්කුව තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ බව, පිලපිටිය මහතාගේ “මහනුවර යුගයේ අප්‍රකට විත්ති” කෘතියේ සඳහන් කර තිබේ. තවද ඇමෙරිකාවේ තිබෙන තුවක්කුවේ තවත් විශේෂත්වයක් තිබේ. ඒ “ස්නයිපර්” වර්ගයේ එකක් වීමය.


    දෙවැනි රාජසිංහ රජුගේ පාලන කාලය ආරම්භ වීමත් සමග ම, කන්ද උඩරට රාජධානිය සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම යහපත් කාලයක් උදාවීමට පටන් ගත්තේය. ඒ එතෙක් මහා උවදුරක්ව පැවති පරංගීන්ට ලක්දිව හැර යාමට සිදු වූ බැවිනි. ඒ සඳහා පෘතුගීසින් හා යුද්ධ කළේ කඩු, දුනුවලට අමතරව තුවක්කු ද ප්‍රයෝජනයට ගනිමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු කන්ද උඩරට ස්වාධීන කර ගැනීමෙන් පසුව පෘතුගීසින්ට විරුද්ධව සටන් භූමියට පිවිසියේ නැත. එහෙත් උඩරට ආක්‍රමණය කළ විට පමණක් කන්ද උඩරට ආරක්ෂා කර ගනු පිණිස සටනට පිවිසියේය. සෙනරත් රජුගේ ප්‍රතිපත්තිය ද එයින් වෙනස් නොවූ බව නෙළුම් ජයතිලක මහතා විසින් රචිත “කන්ද උඩරට සටන් හා ආරක්ෂක විධිවිධාන” කෘතියේ සඳහන් කර ඇත.


    කෙසේ වෙතත් දෙවැනි රාජසිංහ රජතුමා කන්ද උඩරට ජනතාවගේ සහායෙන් පමණක් පෘතුගීසින් හට ප්‍රහාර එල්ල කර පළවා හැරීමට කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන බව අවබෝධ කර ගෙන සිටියේය. එයට ප්‍රධාන හේතුව වූයේ පෘතුගීසින් නාවික වශයෙන් සන්නද්ධ පිරිසක් වීමයි. වෙරළබඩ තීරයේ ව්‍යාප්ත වී තිබූ පෘතුගීසි බලකොටු බිඳ දැමීමට නම් ගොඩින් පමණක් පහර දීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන බව හොඳින් වටහා ගෙන සිටිය බව පැහැදිලිය. සීතාවක රාජසිංහ රජු මාස ගණනාවක් තිස්සේ කොළඹ වට කර පහර දීමට කාලතුවක්කු, අත් තුවක්කු භාවිතා කර තිබේ. ඒ සෑම අවස්ථාවක දී ම මුහුදෙන් ආධාර ලැබීමෙන් පෘතුගීසිහු ශක්තිමත් වූහ. එහෙත් ඔවුන්ට ගොඩින් පහර දෙන විට සයුරෙන් ලැබෙන යුද්ධ ආධාර වළක්වමින් එක විට දෙපසින්ම ප්‍රහාර එල්ල කළහොත් ඔවුහු පහසුවෙන් ම පරාජය කළ හැකි තත්ත්වයට පත් වේ. මේ නිසා මුහුදෙන් හා ගොඩබිමෙන් යන දෙපසින්ම හතුරා වටකර පහර දී ඔවුන් පරාජය කිරීමට රාජසිංහ රජු ලන්දේසින් ගේ සහාය ද ලබා ගත් බව පෙනේ.


    රාජසිංහ රජතුමා කන්ද උඩරට ජනතාව මෙහෙයවමින් පෘතුගීසින් සමග කළ සටන්වල දී විවිධ ආකාර වූ ක්‍රමෝපායන් අනුගමනය කර තිබෙන අතර එම උපක්‍රම උඩරට ජයග්‍රණයට බෙහෙවින් ඉවහල් විය. කාල තුවක්කු, අත් තුවක්කු නිපදවීම, සතුරා මග හැර යාම, සතුරා කොටු කිරීම, සතුරන් එකිනෙකා භේද භින්න කරවීම, ස්වභාවික බාධකවලින් ප්‍රයෝජන ගැනීම සහ රහස් ඔත්තු සේවය ඉන් ප්‍රධාන වේ.


    දෙවැනි රාජසිංහ රජතුමා ගේ කාලයට පෙර සිටම සිංහලයෝ ගිනිඅවි භාවිතා කර ඇති බවට ජෙෆ්රි පවෙල්ගේ “කන්ද උඩරට සටන් ” නම් ග්‍රන්ථයෙන් ද සනාථ වේ. එනම් “ක්‍රි.ව 1594 දී මැනුවෙල් ද සෞසා මහනුවර සිට බලන දුර්ගය දෙසට පසු බසින විට කැලෑවල තිබූ ගස් කපා දමා මාර්ගය අවහිර කර තිබුණි. පෘතුගීසි සෙබළුන් ජීවිතාරක්ෂාව සඳහා කැලෑ මං පෙත් ඔස්සේ දිව යන්නට තැත් කළ නමුත් කපා හෙළන ලද ගස්වලින් ඒ මං සහමුලින් ම ඇහිරී තිබෙනු ඔවුන්ට දැක ගත හැකි විය. මුලින් කපන ලද නමුත් ඇද වැටෙන්නට නොදී යෝධ වැල්වල ආධාරයෙන් එතෙක් ඍජුව රැඳවුණු ගස් ඔවුනට පසු පසින් ඇද වැටී ඔවුන්ගේ ආපසු ගමන ද අවහිර කැරුණේ‍ය. ඒ වෙන විට හොඳට ම හෙම්බත්ව සිටි පරංගින් වෙත ඝන වන වදුළු අස්සෙන් හී පහරවල් හා වෙඩි පහරවල් ගලා ආයේය. ඒ සමග ම කඳු මුදුන්වලින් පෙරළී ආ දැවැන්ත ගල් කුට්ටිවලින් ඔවුහු පොඩි පට්ටම් වී ගියහ” යනුවෙනි.


    image_3fafd6beff.jpg




    ක්‍රි.ව. 1821 දී ජෝන් ඩේවි විසින් සිදු කරන ලද වාර්තාගත කිරීමකට අනුව දෙවැනි රාජසිංහ රජතුමා විසින් සිය තුවක්කුව යොදා ගනිමින් සිදු කළ වෙඩි තැබීමක් පිළිබඳව වාර්තා වේ. මෙම සිදුවීමට මුහුණ දෙන්නේ ගන්නෝරුවේ දී පැවති සටනේදී ය.


    දෙවැනි රාජසිංහ රජතුමා ලන්දේසින්ගේ සහාය ලබා ගෙන පෘතුගීසින් පළවා හැරීමට ක්‍රියාකරමින් සිටියේ, ඔවුන්ට මුහුදෙන් ලැබෙන ආධාර ලන්දේසින් හරහා නවතා දැමීමේ අරමුණෙනි. ඒ එවකට සිංහලයෝ සතුව මුහුදු යාත්‍රා නොතිබූ බැවිනි. මේ බව දැන ගත් පෘතුගීසි කැප්ටන් දියෝගෝ ද මේලෝ, ලන්දේසින්ගේ පිළිතුරු දෙවැනි රාජසිංහ රජතුමාට ලැබීමට පෙර, ගෝවේ බලධාරින්ගේ අවසර ලබාගෙන ක්‍රි.ව. 1638 දී උඩරට ආක්‍රමණය කළේය. පෘතුගීසි සේනාවෝ මහනුවර නගරයට පැමිණෙන විට එය ජනයාගෙන් හිස්ව තිබුණි. නගරය කොල්ලකා ආපසු යන විට ගන්නෝරුවේ දී වට කර ගත්හ.


    එදවස කඳුකරයට තදින් වර්ෂාව පැවති කාලයකි. ජනයාගෙන් හිස්ව පැවති මහනුවර නගරයේ ආහාරය සඳහා කිසිවක් ඉතිරිව තිබුණේ නැත. වර්ෂාවෙන් තෙමෙන පෘතුගීසි සෙබළුන් ගෙන් බොහෝ දෙනෙක් උණ රෝගයට ගොදුරු විය. තවදුරටත් එහි රැඳී සිටීම තේරුමක් නොවන බව වටහා ගත් මේලෝ ආපසු කොළඹට යාම සඳහා ගන්නෝරුවට පැමිණ මහවැලි ගඟෙන් එතෙර වී, වර්තමාන උද්‍යාන බෝග පර්යේෂණ ආයතනය පිහිටි ප්‍රදේශයේ කඳවුරු බැඳ ගත්තේය. මේ අවස්ථාව උදාවන තෙක් ගන්නෝරුව කඳු මුදුනේ සිට සැඟ වී බලා සිටි දෙවැනි රාජසිංහ රජතුමා ඇතුළු සිංහල සේනාවෝ, ඔවුන් බලාපොරොත්තු නොවූ මොහොතක පහර දුන්හ. පෘතුගීසි සෙබළුන් අතර කාබේරින් ද විය. කඩු, දුනු, ඊතලවලට අමතරව තුවක්කු ද සිංහලයෝ භාවිතා කළහ.


    රාජසිංහ රජතුමා යුද්ධය මෙහෙය වූයේ ඇතා පිට නැග සිටිමිනි. කඩුව, දුනු හී තලවලට අමතරව තුවක්කුවකින් ද සන්නධව සිටියේ ය. රජතුමා පෘතුගීසි සේනාව මැදට පැමිණෙනවාත් සමග ම කාබේරි සෙබළෙකු තමා ඉලක්ක කරගෙන සිටින බව දක්නට ලැබුණි. ඒ සමග ම ඔහු වෙඩි තැබුවේය. වහාම හිස පහත් කර ගත්ත ද, තැබූ වෙඩි පහර රජතුමාගේ හිස පැළඳි ඔටුන්න පසාරු කර ගෙන ගියේ ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ රජතුමා තම අත් තුවක්කුව ගෙන කාබේරියාට ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේ වම් අතිනි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු හුරු අත ලෙස භාවිතා කරන්නේ දකුණත වුවත්, දෙවැනි රාජසිංහ රජතුමා භාවිතා කර තිබුණේ වමතය. අවසානයේ දී රජතුමා තම අත් තුවක්කුවෙන් ගැටඹේ දී එම කාබේරියාට වෙඩි තබා මරණයට පත් කර තිබෙන බව ද ජෝන් ඩේවි ගේ සටහනේ දක්වා ඇති අතර, එම අත් තුවක්කුව මේ වෙන විට තිබෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ බවත් පිලපිටිය මහතා කීය.


    ඉහත සඳහන් කතා පුවතේ සත්‍යතාවයක් ඇතැයි සිතෙන්නේ එයට සමාන සිදු වීමක් පිළිබඳ තොරතුරක් මන්දාරම් පුවතේ 342 පද්‍යයෙන් කියැවෙන බැවිනි. එය පහත දැක්වේ.


    තවද නිරිඳු වෙත වෙඩි සැර එවමින්
    නොඑන නිසරු බස් තෙපලමිනා
    උසුළු විසුළු පෑ කාපිරියෙකු දැක
    රජසිහ නරනිඳු සඳරොසිනා
    හෙළමින ඔහු හිස ගෙනදුන් කෙනෙකුට
    තිළිණ දෙවන ලෙස කී බැවිනා
    එකෙනෙහි සමතෙක් පැන ඔහු හිස
    සිඳගෙන දුන් විකුමන් දක්වමිනා


    දෙවැනි රාජසිංහ රජතුමා කාබේරියාට වෙඩි තැබූ මෙම තුවක්කුව, ලංකාවේදී සොයා ගත් ආකාරය ගැන දැන ගත යුතුව තිබේ. ඒ අනුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ තැන්පත් කර ඇති ප්‍රධාන ආදායම් කොමසාරිස් ජෝර්ජ් ටර්නර් විසින් තබා ඇති සටහන් අනුව පෙනී යන්නේ, සතුරු ආක්‍රමණ හමුවේ නගරය අතහැර පසු බැසීමටත්, සිය වස්තුව සැඟවීමටත් රජු කටයුතු කර ඇති බවකි.


    රජතුමා සඟවා ඇති භාණ්ඩ පිළිබඳ ලියවිල්ලක් තෙල්දෙණියේ තිබෙන බවට ටර්නර්ට දැන ගැනීමට ලැබී ඇත. ඒ අනුව ලේකම්මිටිය ගෙන් විමසා ඇති අතර, ඔහු ද ඒ ගැන සොයා බැලුවත් කිසිවෙක් සහාය දක්වා නැති නිසා ඔවුහු ආපසු පිටත්ව ගොස් ඇත. ඉන් වසරකට පසුව ටර්නර් කැඳවූ ගේ සහ සොයර් යන මහත්වරුන්, රජතුමාගේ සඟවා ඇති භාණ්ඩ නැවතත් සොයා බලන ලෙස ඉල්ලා ඇතත්, ලේකම්මිටියගේ සහාය නොමැතිව සිදු කළ හැක්කක් නොමැති බව පවසා තිබේ.


    එය හමුවෙන දෙයක් නොවන නිසා සොයා ගත යුතු දෙයක් වන බැවින්, ටර්නර් පොද්දල්ගොඩ ග්‍රාමයේ නිවෙස් සහ කඳුකර ආශ්‍රිතව පිහිටි ගුහාවල දින දහයක පමණ කාලයක් පරික්ෂා කර ඇත. එහිදී එක ගල්ගුහාවක පෙට්ටියක බහා තිබූ රත්‍රන් ආලේපිත තුවක්කුවක්, නළාවක් සහ උපකරණ කිහිපයක් හමු වී ඇත. ඔහුට සහාය වීම සඳහා අධිකරණ කොමිෂනර්, ආරච්චි සහ පියන් යන අය ද පැමිණ තිබේ.


    කලින් පැවති රාජ්‍ය පාලන කාලයක දී සඟවා තිබූ මෙම භාණ්ඩ අතර රිදියෙන් සාදන ලද අත් තුවක්කුවක් ද හමු වී තිබේ. රජතුමාගේ ආභරණ ද ඒ සමග ම තිබුණු බවට සළකුණු ඇතත්, ඒවා ගම්වාසීන් විසින් රැගෙන ගොස් තිබේ. ඊට අමතරව පෙට්ටි සහ උපකරණ කිහිපයක් ද හමු වී ඇත.


    image_732ad59975.jpg




    ජාතික කෞතුකාගාරයේ ඇති එම තුවක්කුව නියෝජ්‍ය අද්මිරාල් ඩොනල්ඩ් හියු මැකේ විසින් රජය සතුව පැවති භාණ්ඩ වෙන්දේසියකින් ක්‍රි.ව 1815 සැප්තැම්බර් මස 01 දින, මිලදී ගෙන එංගලන්තයට රැගෙන ගොස් ඇත. පසුව ඔහු එය රාජකීය එක්සත් සේවා ආයතනයේ කවුන්සලය විසින් නැවත ලංකාවට භාර දී තිබේ.


    ක්‍රි.ව 1821 දී ජෝන් ඩේව් විසින් සිදුකරන ලද වාර්තා කිරීමකට අනුව දෙවැනි රාජසිංහ රජතුමා සතුව පැවති මෙම තුවක්කුවේ අගුල පිහිටා ඇත්තේ එහි වම්පසට වෙන අතර, එම තුවක්කුවට අදාළ ඓතිහාසික විස්තරය, තුවක්කුවෙහිම අභිලේඛන ගතව තිබී ඇත. තවද ජෝර්ජ් ටර්නර් විසින් ක්‍රි.ව. 1829 ජනවාරි 31 සහ 1829 පෙබරවාරි මස 04 දින දරන ලිපි මගින් දෙවැනි රාජසිංහ රජතුමා සතුව පැවතියේ රන් ආලේපිත තුවක්කුවක් බවට අනාවරණය කර ගත හැකිය.


    වර්තමාන වෙන විට දෙවැනි රාජසිංහ රජතුමා ගේ බවට විශ්වාස කරනු ලබන තුවක්කු තුනක් (ඇමෙරිකාව, රුසියාව සහ ශ්‍රී ලංකාව) තිබෙන බවට හඳුනා ගෙන ඇත. ඒවා දෙවැනි රාජසිංහ රජුගේ කාල පරිච්ඡේදයට අයත් බවට විශ්වාස කරනු ලබන්නේ, ඒවායෙහි ඇති වෙඩි අගුලෙහි තාක්ෂණය සහ සියුම් කැටයම් දෙවැනි රාජසිංහ රජුගේ කාලයට අයත් වෙන බැවිනි. එම තුවක්කු තුන අතුරින් රන් ආලේප කර ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති දික් තුවක්කුවේ පමණි. එබැවින් මෙම තුවක්කුවෙන් දෙවන රාජසිංහ රජු, පෘතුගීසි කාබේරි සෙබළාට වෙඩි තබන්නට ඇතැයි අනුමාන කළ හැකි බව, පිලපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


    පොද්දල්ගොඩ ග්‍රාමය පිහිටා තිබෙන්නේ උඩදුම්බර ප්‍රදේශයේ උඩසිය පත්තුව උතුරේය. කඳු ආශ්‍රිත ප්‍රදේශයකි. මේ අනුව එහි කඳුරට ගල් ගුහාවක තැන්පත් කර තිබිය දී, හමු වී ඇත්තේ දෙවන රාජසිංහ රජතුමාගේ අත් තුවක්කුව ඇතුළත් පෙට්ටිය වේ. මෙම ගල්ගුහාව සඳහා ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ද ආරක්ෂාව සපයා ඇති බව, ඒ.සී. ලෝරි විසින් (ක්‍රි.ව 1898) සකස් කරන ලද, මධ්‍යම පළාතට අයත් ගැසට් පත්‍රයෙහි 734 වෙනි පිටුවේ අන්තර්ගත සඳහනකට අනුව පෙනී යයි. එහි මෙසේ ද සඳහන් කර තිබේ. “අවසාන රජතුමා විසින් ඉඩම් නොමැති පිරිසක් වෙත පොද්දල්ගොඩ ග්‍රාමයේ වූ ඉඩම් ලබා දී ඇත්තේ, රජතුමා සතු වූ වස්තු සම්භාරය තැන්පත් කර තිබූ පොද්දල්ගොඩ ලෙනට ආරක්ෂාව සැපයීම ඔවුන් වෙත පවරමිනි.” යනුවෙනි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රාජසිංහ රජතුමාගේ තුවක්කුව ඇ​ෙමරිකාවේ කෞතුකාගාරයක​

    image_86a8a09359.jpg


    image_bf2755e8a7.jpg


    විදෙස් ජාතීන්ගේ ඇඟිලි ගැසීම් සහ සමහර සිංහල නායකයන් අසමගියෙන් ක්‍රියා කළ නිසාම, රජ දවස පැවති දියුණු තාක්ෂණයෙන් පසුකාලීන පරපුරට ප්‍රයෝජන ගැනීමට නොහැකි විය. වාරි තාක්ෂණය සහ ආයුධ තාක්ෂණය ඊට උදාහරණ දෙකක් පමණි. සීගිරි ගල මුදුනට ජලය රැගෙන යාම අදටත් ලෝකවාසීන් පුදුම කරවන්නකි. ඒ ගැන සිතීමේදී රජ දවස සිංහලයන් නිපදවා ඇති තුවක්කු ගැන පුදුම විය යුතුද?


    ඔවුන් තුවක්කු තාක්ෂණය ගැන දැන නොසිටි බව කිසිවෙකු පවසන්නේ නම්, එවන් අය සැබෑ ශ්‍රී ලාංකිකයන් ද යන්න ගැන නැවත වරක් සිතා බැලිය යුතුව තිබේ. ඒ බව සනාථ වන්නේ දෙවැනි රාජසිංහ රජතුමාට අයත් “දික් තුවක්කුව” හෙවත් “ස්නයිෆර් තුවක්කුව” ගැන ඇමෙරිකාව තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය. ඒ අන් කිසිවක් නිසා නොව එම තුවක්කුව නිව් යෝර්ක් මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයේ ආරක්ෂිතව පවතින බැවිනි.


    රජ දවස තුවක්කු ගැන ගවේෂණයක යෙදෙන චාමිකර පිලපිටිය මහතා වේගිරිය හේවාහැට පිලපිටිය විජේසුන්දර නිලමේතුමාගේ පරම්පරාවෙන්a පැවත එන සාමාජිකයෙකි. ක්‍රි.ව. 1630 පැවති රන්දෙණිවෙල සටන ගැන ‘‘මහ හටන’’ කාව්‍යයේ සඳහන් වන ආකාරයට ඊට දායකත්වය සැපයූ රදලයන් අතුරින් ප්‍රථමයෙන්ම සඳහන් වන්නේ වේගිරියේ හේවාහැට පිලපිටියේ විජේසුන්දර නිලමේතුමන්ගේ වීරත්වය ගැනය. එවකට මහා රණකාමියෙකු වශයෙන් ඔහු පිළිබඳව තිබූ සමාජ පිළිගැනීම, ඉන් මනාව ප්‍රකට වෙයි යනුවෙන් එම කාව්‍යයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


    තම පියා පවසා ඇති තොරතුරු අනුව රජ දවස භාවිත කළ තුවක්කු සම්බන්ධයෙන් විස්තර සොයා ගිය පිලපිටිය මහතා අවසානයේ නවතින්නේ “මහනුවර යුගයේ අප්‍රකට විත්ති ” සහ The History of Sri Lankan Fire Arms යන කෘති දෙක රචනා කරමිනි. පවුලේ රහසක් වශයෙන් පැවති එම තොරතුරු අතර ‘දික් තුවක්කුව’ ප්‍රධානය. එයින් වෙඩි තබන හැටි, වෙඩි තියන්නෙ කාටද, කොහොමද ආදී තොරතුරු අදටත් වෙනත් කිසිවෙකු දන්නේ නැත. පසුව ලන්දේසි සහ ඉංග්‍රීසි ලිපිලේඛන පරීක්ෂා කිරීමෙන් තවදුරටත් ඔහු එය තහවුරු කරගෙන තිබේ.


    දෙවැනි රාජසිංහ රජතුමාට අයිති තුවක්කු තුන ගැන සඳහන් කිරීමේදී පොදුවේ ඒ සියල්ල අත් තුවක්කු නැතිනම් දික් තුවක්කු වශයෙන් සඳහන් කළ ද, ඒවායේ අභ්‍යන්තර තාක්ෂණය සහ දිග ප්‍රමාණය අනුව වෙනස්කම් කිහිපයකි. පසුගිය සතියේ සඳහන් කළ අත් තුවක්කුව ළඟ නැතිනම් මීටර් කිහිපයක ඉලක්කයක් ගත හැකි වුවත්, මෙවර හඳුන්වාදෙන අත් තුවක්කුවෙන්, ඒ වගේ දෙගුණයක දුරක් වෙඩි තැබිය හැකි අතර, තාක්ෂණය ද වෙනස් වේ. මෙම දික් තුවක්කුව නිපදවා ඇත්තේ “ස්නයිෆර්” තාක්ෂණය උපයෝගී කරගනිමින් වීම විශේෂත්වයකි. එනම් ස්නයිෆර් වර්ගයේ අවියකි.


    ලෝකයේ තුවක්කු ගැන පර් යේෂණ කරන විද්වතුන් මෙය හඳුන්වන්නේ The Kings of all Gun ලෙසයි. ඒ කාලයේ හැටියට මෙම තුවක්කුවේ කැටයම් සහිත නිමාව, හැඩය, දිග, තාක්ෂණය වෙනත් කිසිදු රටකින් දැකගත හැකි වී නැත. ඒ නිසා ඒ නමින් මේ තුවක්කුව හඳුන්වනවා විය හැකියි.


    රජ දවස තුවක්කු ගැන සොයා යන ගමන පිලපිටිය මහතා ආරම්භ කළේ මීට වසර කිහිපයකට පෙරය. ඒ පිළිබඳව දෙස් විදෙස් මිතුරන් කිහිප දෙනෙකු ද දැනුම්වත් කර තිබුණි. දවසක් ඔහුට අපූර්ව ආරංචියක් ඇමෙරිකාවේ සිටින මිතුරෙකුගෙන් ලැබුණි.


    “හලෝ... චාමිකර... ඔබ සොයන ආකාරයේ තුවක්කුවක් ඇමෙරිකාවේ තිබෙන බව, ‘නිව්යොර්ක් මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයේ’ සේවය කරන මිතුරෙකු මාර්ගයෙන් දැන ගැනීමට ලැබුණා.”


    චාමිකර මහතාට මෙම ආරංචිය ලැබී ගත වූයේ විනාඩි කිහිපයකි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට දුරකථන ඇමතුමක් ගෙන ඒ සම්බන්ධයෙන් විමසා බැලීය. ඒ අනුව නිව් යෝර්ක් කලා කෞතුකාගාරයට සම්බන්ධ වීමට අවස්ථාවක් උදා කර ගත්තේය.


    image_1b08a6646d.jpg


    image_7375c4c4e0.jpg




    “මම සිංහල තුවක්කු ගැන ගවේෂණය කරනවා. ලෝකයේ සිංහල තුවක්කු තිබෙන රටවල් ගැන සොයා බැලීමේදී ඔබ කලා කෞතුකාගාරයේ සිංහල තුවක්කුවක් තිබෙන බව දැන ගැනීමට ලැබුණා. අන්තර්ජාලයේ ද ඒ පිළිබඳ කෙටි විස්තරයක් තිබෙනවා. ඔබේ රටට ආවොත් එය බලන්න අවසර ලබාදිය හැකිද?” යනුවෙන් විමසා ඇත.


    “ඒ සඳහා අවසර ලබා දිය හැක්කේ ඔබ තුවක්කු ගැන දන්නා කරුණු තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඔබගේ අවශ්‍යතාව ගැන අපට සෑහීමකට පත්විය හැකි කරුණු සනාථ කළ යුතුයි. එසේ තහවුරු කළත් අපට එය නොපෙන්නා වුවත් සිටිය හැකියි. එම නිසා ඔබ ඇමෙරිකාවට පැමිණියත් බලාපොරොත්තු ඉටු නොවීමට ඉඩ තිබෙනවා.” යනුවෙන් පවසා ඇත.


    එහෙත් චාමිකර මහතා දෙසැරයක් නොසිතාම ඇමෙරිකාවට යාමට තීරණය කළේය.


    “ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් අවසර ලබා ගෙන, නිව්යෝර්ක් වෙත කෙළින්ම යාමට හැකියාවක් පැවතියත්, අවසාන මොහොතේ දී ඊට අවසර ලබා නොදේවි යැයි සිතුණා. ඒ නිසා කැනඩාවට ගොස් ඇමෙරිකාවට ඇතුළු වුණා.” යනුවෙන් පිලපිටිය මහතා කීය.



    ඇමෙරිකා සංචාරය ගැන තවදුරටත් ඔහු මෙසේද පැවසුවේය.


    “මා එන බව කලින් දන්වා තිබුණ අතර, ඔවුන් ඒ සඳහා වේලාවක් ද වෙන්කර දුන්නා. ඒ අනුව නිව් යෝර්ක් කලා කෞතුකාගාරයට නියමිත වේලාවට ගියා. පැය දෙකක පමණ කාලයක් මගේ තොරතුරු සහ තුවක්කු ගැන දැනුම පරීක්ෂා කර බැලුවා. ඔවුන් සෑහීමකට පත් වුණාට පසුව එම තුවක්කුව පෙන්වන බව ප්‍රකාශ කළා. මම හිතුවේ එය ප්‍රදර්ශනය සඳහා කිසියම් වීදුරු කුටියක වගේ තැනක ඇතැයි කියායි. එහෙත් මාව එම විශාල කෞතුකාගාරයේ පොළොව යට පිහිටි ගබඩා කාමරයකටයි රැගෙන ගියේ.


    මෙම දික්තුවක්කුව 1680 ලංකාවෙන් රැගෙන ආවාට පසු බලන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඔබයි. පිලපිටිය. අපි මේ තුවක්කුව රැකගෙන සිටින්නේ ඊට අවශ්‍ය පාලිත තත්ත්වයන් ලබා දීමෙනුයි. ඒ නිසා ඔබත් අත්වැසුම් පැලඳිය යුතු වෙනවා. අවසානයේ එහි පෙට්ටියක ආරක්ෂා සහිතව අසුරා තිබූ තුවක්කුව ඉන් එළියට ගෙන මේසය මත තබමින් කෞතුකාගාරයේ අවිආයුධ සහ යුධෝපකරණ අංශයේ අභිරක්ෂක ඩොනල්ඩ් ජේ. ලා රොක්කා මහතා කීවා.


    එපමණක් ද නොව මේ තුවක්කුවේ තාක්ෂණය ඔවුන් තවමත් සොයා ගෙන නොමැති නිසා ප්‍රදර්ශනය කරන්න හැකියාවක් නැති බවත්, පර් යේෂණ භාණ්ඩයක් හැටියට තබා ගෙන සිටින බවත් පැවසුවා.


    දික් තුවක්කුව නිරීක්ෂණය කිරීමට අවසර ලබා දුන්නේ ඉන් පසුවයි. මා තුවක්කුව පරීක්ෂා කර බැලීමේදී එය ඇත්දළ, යකඩ, දැව, රිදීවලින් නිෂ්පාදනය කර තිබෙන බව දුටුවා. බැරල් එකට වානේ යොදා ගෙන තිබෙන අතර, අතට අහුවෙන කොටස සඳහා භාවිත කර තිබෙන්නේ දැවයි. එහි කැටයම් කිහිපයක්ම තිබුණා. ඒවා ඇත්දළ සහ වානේ තහඩුවල කොටා තිබෙනවා. සාමාන්‍ය තුවක්කුවක මෙන් නොව මෙය රජතුමා තෑගි කළ එකක් නිසා එවන් කැටයම් කරන්න ඇති යැයි මට සිතෙනවා. එම කැටයම් දෙවන රාජසිංහ රජතුමාගේ කාලයට අයත් වෙනවා. මෙම ස්නයිෆර් තුවක්කුව අඩි 7.26 දිගයි. කිලෝ 5ක් පමණ බරයි.


    වර්තමානයේ බොහෝ රටවල් භාවිත කරන, චීනයේ නිෂ්පාදිත ටී-56 තුවක්කුව ගැන හැමෝම වගේ දන්නවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය සමග යුද්ධ කිරීමේදී පවා භාවිත කළා. එම තුවක්කුව හා සසදා බැලීමේ දී, මෙම තුවක්කුවේ තාක්ෂණය කොතරම් ඉදිරියෙන් තිබෙනවා ද කියා මට සිතා ගන්නත් බැරි වුණා. පතරොම් සහිත ටී-56 තුවක්කුවේ බර කි.ග්‍රෑ 4.5 ක් වන අතර, අඩි 3ක් දිගයි. මෙම තුවක්කුව අඩි 7.27 දිගයි. බර කි.ග්‍රෑම් 5.046 ක්. ඉතාමත් සැහැල්ලුයි. මෙම තුවක්කු දෙක සැසදීමේදී සිංහල ස්නයිෆර් ගන් එක එතරම් දිගකින් යුක්ත වුවත්, බරෙන් අඩුයි. ඉතාමත් සැහැල්ලු බැලන්ස් අවියක් ලෙස සඳහන් කළ හැකියි. වෙඩි තැබීම සඳහා අතට ගත්විට තම සිරුරෙන් කොටසක් වශයෙන් දැනෙනවා. ඒ තරම් සැහැල්ලු අවියක්. එය මා අතට ගෙන වෙඩි තැබීමේ ඉරියව්වට ගෙන පරීක්ෂා කර බැලීමේ දී පැහැදිලි වුණා.


    ඇමෙරිකාවේ තිබෙන දික් තුවක්කුවේ සිංහල තුවක්කුවල ඇති සියලුම ලක්ෂණ දක්නට ලැබෙනවා. එහි වෙඩි තැබීමේ යන්ත්‍රණය දෙවන රාජසිංහ රාජ්‍ය කාලය දක්වා ඈත අතීතයට දිව යන අතර, එම යාන්ත්‍රණය නැතහොත් වෙඩි අගුල “ඇන්සෙල්මෝ වෙඩි අගුල (Anselmo Lock)” ලෙස හඳුන්වනු ලබනවා. මෙය 16 වන සියවසේදී (1600-1700) පෘතුගීසින් විසින් හඳුන්වා දෙනු ලැබූවකි. ඡායාරූපයේ ඇති තුවක්කුවේ ඇන්සෙල්මො වෙඩි අගුල අනුව පැහැදිලි වන්නේ පෘතුගීසි තුවක්කු නිර්මාණකරුවෙකු විසින් සිංහලයන්ගේ සැලසුමකට අනුව එය සකස් කර ඇති බවකි.


    ඒ අනුව මෙම තුවක්කුව දෙවන රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයට අයත් බව මෙහි දක්නට ලැබෙන අලංකරණාත්මක සැරසිලි සහ වෙඩිතැබීමේ යාන්ත්‍රණය අනුව අනාවරණය කර ගත හැකියි.


    සාමාන්‍යයෙන් වර්තමානයේ දක්නට ලැබෙන ටී-56 වගේ තුවක්කු උරහිසට හේත්තු කර ගෙන වෙඩි තැබුවත්, සිංහල තුවක්කුව එහෙම නොවෙයි. පපුවට හේත්තු කරගෙනයි වෙඩි තියන්නේ. මෙය විශේෂ ලක්ෂණයක්. මෙම තුවක්කු බටය අඩි 7ක් වැනි දිගකින් සාදා තිබෙන්නේ ඉලක්කය පහසු කරගැනීම සඳහායි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, වර්තමානයේ ඈත ඉලක්ක වෙත වෙඩි තැබීම සඳහා යොදා ගන්නා, “ස්නයිෆර් ගන්” එකක් හා සමානව සාදා ඇති බවක් දක්නට ලැබෙනවා. මෙහි හොඳ බැලන්ස් එකක් තිබෙන නිසා ඈත ඉලක්කයට වෙඩි තැබීම පහසු කරන අතර, වෙඩි තැබීමේදී තුවක්කු බටය දිග නිසා ගැස්සෙනවා. එය වළක්වා ගැනීමට, ආධාරකයක් ලෙස මොනෝ පොඩ් එකක් (තනි ආධාරකයක්) භාවිත කර තිබෙනවා.


    මෙම සිංහල අවියට උණ්ඩ වශයෙන් භාවිතා කර තිබෙන්නේ ඉංග්‍රීසි අඟලක් දිග යකඩින් සාදා ඇති “බුලට්” එකක්. එදවස ලෝකයේ අනෙකුත් රටවල් භාවිත කර ඇති අවි සඳහා යොදා ගෙන තිබෙන්නේ රවුම් හැඩති වෙඩි බෝලයි. එහෙත් අපි බුලට් භාවිත කර තිබෙනවා. අනෙක මෙම බුලට් එක යන්නේ කෙළින් (Flat Shot). අනෙක් තුවක්කුවල අර්ධ රවුමක් ලෙස උණ්ඩය යනවා. එය විශේෂයෙන්ම සඳහන් කළ යුත්තක්.


    මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. එනම් වෙඩි තැබීමේ ක්‍රමය නැතිනම් ෆයරින් සිස්ටම් එක “බොන්ඩිකුල” යනුවෙන් ද, ඉංග්‍රීසියෙන් ෆ්‍රිලින්ට් ලොක් (Flint Lock) වශයෙන් ද හඳුන්වනවා. තුවක්කුවේ කොකා (Hammer) ගැස්සීමේදී නැතිනම් වෙඩි තැබීමේදී ෆ්‍රී, හාෆ් ලොක්, ෆුල් ලොක් වශයෙන් පියවර (Position) තුනක් දක්නට ලැබෙනවා.


    එම පියවර තුන අනුගමනය කිරීමෙන් බුලට් එක ස්ථාන තුනකට ලෝඩ් කරන්න පුඵවන්. පළමුව තුවක්කුවේ බටයේ ඉදිරිපසින් වෙඩි බෙහෙත් දමා, ඊළඟට මූනිස්සම නැතිනම් බුලට් එක ඇතුළත් කර, කොටනවා. ඒ ආකාරයෙන් හාෆ් ලොක් ස්ථානයට වෙඩි බෙහෙත් ලෝඩ් කරනවා. අනතුරුව කොකා ළඟටත් වෙඩි බෙහෙත් ටිකක් දමනවා. ඒ වනවිට හැමර් නැතහොත් කොකා මඳක් පිටුපසට ඇදී තිබෙන අතර, සේෆ්ටි කැච් එකක් නොහොත් උණ්ඩය පිට නොවීම සඳහා ආරක්ෂාකාරී පියවරක් ලෙස එය සැකසී තියෙනවා. අදාළ ස්ථානයට ගොස් වෙඩි තබන විට, හාෆ් ලොක්ව තිබූ හැමර් එක, ෆුල් ලොක් ස්ථානයට දමා කොකා අදිනවා. ඒ සමගම උණ්ඩය පිටවෙනවා. මේ ආකාරයෙන් තුවක්කුව සාදා තිබෙන්නේ හේතු කිහිපයක් ඇතුවයි.


    එදා. වනයේ ගස්වලට සැඟ වී සතුරාට පහර දුන්නේ. වනයට ඇතුළු වූ පසු බුලට් ලෝඩ් කර කර ඉන්න වේලාවක් නැහැ. ඒ නිසා පළමු බුලට් එක ලෝඩ් කරගෙන, දෙවෙනි පියවරට තබා කැලෑව ඇතුළට යනවා. හදිසියේ හරි සතුරා එනවා දුටුවොත් ඊළඟ පියවරට ගොස් වෙඩි තියන්න ලෙහෙසියි. කිසියම් හේතුවක් නිසා, දෙවෙනි පියවරේ බුලට් එක තබාගෙන යන නිසා තුවක්කුව බිම වැටුණත් පත්තු වෙන්නේ නැහැ. එය ආරක්ෂාකාරී පියවරක්. මේ තාක්ෂණයම, ටී-56 තුවක්කුවෙත් දක්නට ලැබෙනවා.”


    මේ වගේ තුවක්කුවක් රුසියාවෙත් තිබෙන බවත්, එහි විස්තර ලබා දෙන ලෙස පවසමින් රොක්කා මහතා රුසියාවේ හර්මිටේජ් කෞතුකාගාරයටත් ලිපියක් යැවුවා. එහි මෙසේ සඳහන් කර තිබුණා.


    “ශ්‍රී ලංකාවෙන් මේ වගේ පුද්ගලයෙකු පැමිණ රජ කාලයට අයත් තුවක්කු පිළිබඳ විමසනවා. ඒ ගැන ඔහුට හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා අප ළඟ තිබෙන තුවක්කුව ඔහුට පෙන්නුවා. ඔබ කෞතුකාගාරයේ ඇති ශ්‍රී ලංකාවට අයත් තුවක්කුව ද ඔහුට පෙන්වන ලෙස අප ඉල්ලා සිටිනවා.” යනුවෙනි.


    දින කිහිපයක් ඇතුළත රුසියාවේ ඇති තුවක්කුව පිළිබඳ පිළිතුරු ලැබුණා. එපමණක් නොවේ. ලෝකයේ කාලතුවක්කු ගැන හොඳින්ම දන්නා එංගලන්තයේ පුද්ගලික සමාගමකටත් ඔවුන් ලිපියක් යවමින් කියා සිටියේ පිලපිටිය මහතාට අවි සම්බන්ධයෙන් දැනුමක් තිබෙන බැවින්, ඔහුට අවශ්‍ය විස්තර ලබා දෙන ලෙසය.


    මෙම තුවක්කු විදෙස් රටවලට ගියේ කෙසේද? ඒ ගැන සොයා බැලීමට පුස්කොළ පොත්, ලන්දේසී, ඉංග්‍රීසි ලිපිලේඛන පරීක්ෂා කිරීමටත් සිදු වුණා. එහිදී පෙනී ගියේ උපසම්පදාව මෙරටට ගෙන ඒම සඳහා දූත පිරිසක් සියමයට (තායිලන්තයට) පිටත් කර තිබෙනවා. බුරුම රජතුමාට තෑගි වශයෙන් මෙම තුවක්කු දෙක යවා ඇති බවකි.



     
    • Like
    Reactions: Ashman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුසියාවට ගිය දෙවැනි රාජසිංහ රජුගේ අත් තුවක්කුව


    image_8cf5ceaca1.jpg

    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති දෙවැනි රාජසිංහ රජතුමාට අයත් අත් තුවක්කුව

    තුවක්කුවකින් සිදුවෙන්නේ කිසියම් ප්‍රාණියෙකුගේ ජීවිතයක් නැති කිරීමය. එහෙත් ඒ ආකාරයේ තවත් කෙනෙකු නැසීමේ අදහසකින් සිංහලයෝ අවි සෑදුවේ නැත. එවන් තත්ත්වයකට ඔවුන් පත් කළේ පෘතුගීසින් ඇතුළු විදෙස් ආක්‍රමණිකයෝය. ඔවුන්ට අවියෙන්ම පිළිතුරු ලබාදීම හැර වෙනත් විකල්පයක් එදා තිබුණේ නැත. එසේ වුවත්, අවියක් නිෂ්පාදනය කිරීම ඔබ අප හිතන තරම් ලෙහෙසි සහ පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම එදා ජන සමාජයේ පැවති තත්ත්වය අනුව එය තවත් සංකීර්ණ ක්‍රියාවලියකි.


    පළමුවැනි, දෙවැනි රාජසිංහ රජවරුන් වැනි රාජ්‍ය පාලකයෝ, හේවායෝ මූලික කර ගෙන, ඔවුන්ගේ යහපත වෙනුවෙන් සෑම තීරණයක්ම ගත් බව තුවක්කු සාදා ඔවුන්ට ලබාදීමෙන් පැහැදිලි වේ. සිංහල හේවායන්ගේ ජීවිත පමණක් නොව, සිංහල දේශය බේරා ගැනීම සඳහා රජවරුන් ගත් අභීත තීරණයකි. එදවස දින පහළොවක් වනගත වී, නැතිනම් මුහුණට මුහුණලා විදෙස් හමුදාවන් සමග සටන් කළ සිංහල ජාතීන්, ඉතිරි දින පහළොව තම ගම්බිම් බලා පිටත්ව ගොස් හේන්, කුඹුරු වගා කරමින් තම අඹු දරුවන් පෝෂණය කළහ. ඒ ආකාරයේ ජීවන චර්යාවක් ගත කරමින් ජාතිය වෙනුවෙන් සටන් වැදුණේ රජුගෙන් හෝ භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් අය නොකරමිනි.


    කෙසේ වෙතත්, දෙවැනි රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1635-1687) බලයට පත්වන විට මෙරට බුදු දහම පිරිහී ගොස් අවසන්ය. ඒ පෘතුගීසි ආක්‍රමණය නිසාය. ලන්දේසීන්ගේ සහාය ලබා ගෙන පෘතුගීසින් පලවා හැරීමට කටයුතු කළ රාජසිංහ රජතුමා ක්‍රි.ව. 1680 වසරේදී ලන්දේසි නෞකාවක සියම් දේශයේ රජතුමාට තෑගි වශයෙන් වටිනා බඩු බාහිරාදිය යවා ඇත. ඒ සියම් රජතුමා සමග මිතුරු සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අරමුණෙනි. එම තෑගි අතර මෙරට නිෂ්පාදිත කැටයම් කරන ලද තුවක්කු කිහිපයක් ද වූ බවත්, නැගෙනහිර ඉන්දියා ලන්දේසි සමාගමෙන් යවන ලද භාණ්ඩ ලේඛනයේ ඒ බව සඳහන්ව තිබූ බවත් චාමිකර පිලපිටිය මහතා පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රිදියෙන් අලංකාර කරන ලද දිග බැරල් තුවක්කුවක්, රන් ආලේපිත තුවක්කු 2ක් සහ සාමාන්‍ය තුවක්කු දෙකක්. රිදියෙන් අලංකාර කරන ලද අගනා පිස්තෝල දෙකක් ද විය.


    (දෙවැනි රාජසිංහ රජතුමා ගොඩ නැගූ එම සම්බන්ධතාව නිසා, ඊළඟට බලයට පැමිණි දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ක්‍රි.ව. 1693 දී සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණි. එදා රජවරුන් තීරණ ගත්තේ, ඔවුන්ගේ යහපත ගැන සිතා නොව, අනාගත පරපුර ගැන සිතා බලා බව, මේ අනුව පැහැදිලි වේ.)
    කෙසේ වෙතත්, ඒ ආකාරයෙන් යවන ලද තුවක්කුවලින් එකක්, එඩ්වඩ් සී. මූර් එකතුවේ තිබී ඇති අතර, ඔහු මියගිය පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ක්‍රි.ව. 1891 දී ඇමෙරිකාවේ මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයට පරිත්‍යාගයක් වශයෙන් ලබා දී ඇත. පසුගිය සතියේ සඳහන් කළේ එම අත්තුවක්කුව නැතිනම් දෙවැනි රාජසිංහ රජුගේ ස්නයිපර් තුවක්කුව ගැනය.


    image_5a240c7d6f.jpg



    image_5a240c7d6f.jpg



    ඇමෙරිකාවේ කෞතුකාගාරයට ගිය පිලපිටිය මහතාට එහිදී ශ්‍රී ලංකාවට අයත් තවත් දුර්ලභ භාණ්ඩ රැසක්ම දැක ගැනීමට ලැබුණු බව පැවසීය. තවද ඔහු මෙසේද පැවසීය.


    “රත්‍රන්වලින් සාදන ලද කඩුවක්, ධාතු කරඬුවක්, ඉතාමත් ලස්සන බුද්ධ ප්‍රතිමා කිහිපයක් සහ එවකට සිංහල හමුදා නිලධාරියෙක් පැළඳි ලෝහයෙන් සාදා කැටයම් කරන ලද යුද්ධ හැට්ටයක වම් සහ දකුණු පස අත් දෙකේ කොටස් දෙකක් ද තිබුණා. එය කොතරම් ඝනකමද කියනවා නම් කඩුවකින් පහර දුන්නත් හානි සිදු වෙන්නේ නැහැ. එපමණක් නොවේ, එදා තුවක්කුවකින් වෙඩි තැබුවත් ඊට හානියක් සිදු වෙන්නේ නැති බව පෙනුණා. එසේ වුවත් සිංහල සේනාවේ නිලධාරීන් අැතුළු හේවායෝ ඒ ආකාරයේ ඇඳුමක් ඇන්දේ නැති බව විදෙස් ජාතීන් සඳහන් කළත්, මේ නිසා එය විශ්වාස කළ නොහැකියි.”


    ඔබ එම භාණ්ඩ ගැන වැඩිදුරටත් විස්තර සොයා බැලුවේ නැතිද? මම ඔහුගෙන් විමසුවෙමි.


    “නැහැ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඊට හේතුව වූයේ මම ගියේ දෙවැනි රාජසිංහ රජතුමාගේ අත් තුවක්කුව බලන්නයි. ගිය කරුණ වෙනුවට වෙනත් දෙයක් ගැන අවධානය යොමු කළොත්, ඔවුන් මාව වරදවා තේරුම් ගනීවි යන සැකය මතුවූ නිසයි, මා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකළේ.”


    දෙවැනි රාජසිංහ රජතුමාට අයත් අනෙක් තුවක්කුව තිබෙන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයේය. එය ඇමෙරිකාවේ තිබෙන තුවක්කුව තරම් දිග නොමැති අතර ඊට වඩා කුඩා සාමාන්‍ය අත් තුවක්කුවකි. වානේ, රිදී, දැව සහ කැස්බෑ පොතු උපයෝගී කරගෙන සාදා ඇත. තුවක්කුවේ සම්පූර්ණ දිග අඩි 5.0757 කි. තුවක්කුවේ බටය නැතිනම් කඳ සාදා ඇත්තේ වානේ වලිනි. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙය, ගල් තුවක්කුව හෙවත් ෆ්ලින්ට් ලොක් වෙඩි අගුළු ක්‍රමය භාවිත කරමින් වෙඩි තබනු ලබනවා. යුද්ධයේදී සාමාන්‍ය හේවායන් සඳහා නිෂ්පාදිත අවියකි.


    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති මෙම අත් තුවක්කුව ශාන්ත පීටර්ස්බර්ග්හි Pyotr Saltykov කුමරුගේ (Prince Pyotr Saltykov in St Petersburg) එකතුවෙහි ක්‍රි.ව. 1861 දක්වා පැවති අතර, ඔහු මිය යාමෙන් පසු, ඔහුගේ ඥ‌ාතීන් විසින් මෙම කෞතුකාගාරයට භාර දී තිබේ. ක්‍රි.ව. 1697 දෙසැම්බර් මස 11 වන දින උපත ලද මෙම කුමාරයා රුසියානු රාජ්‍ය නිලධාරියකු සහ හමුදා නිලධාරියකු වශයෙන් ද කටයුතු කර ඇත. ක්‍රි.ව. 1759 අගෝස්තු මස 18 වන දින ෆීල්ඩ් මාෂල් නිලයට උසස්වීමක් ලබා ඇති ඔහු ක්‍රි.ව. 1772 දෙසැම්බර් 26 වැනි දින ජීවිතක්ෂයට පත්ව තිබේ.


    “විශේෂයෙන්ම ස්නයිපර් ගන් එකෙන් වෙඩි තැබීම සඳහා හතර දෙනෙකු​ෙගන් යුත් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.” පිලපිටිය මහතා නැවතත් කතාව පටන් ගත්තේය.
    “ඔවුන් රජතුමාගේ වෙඩික්කාර හමුදාවට අයත් වුණා. එහි වැදගත්ම පුද්ගලයා වෙඩික්කරුවායි. අනෙක් තැනැත්තා ඉලක්කය ලබාදෙන මොහොට්ටාලයි. වෙඩි බෙහෙත් සහ මොනෝ පොඩ් එක රැගෙන යන සහායකයාට අමතරව තවත් එක් පුද්ගලයෙක් සිටියා. ඔහු තුවක්කුව වැස්සෙන් සහ හිරු එළියට දිලිසීමෙන් ආරක්ෂා කරගැනීමට තල් අත්තක් වැනි දෙයක් රැගෙන යන හේවායෙක්.


    මෙම කණ්ඩායම සතුරු හමුදාවේ සෑම සෙබළෙකුම ඉලක්ක කරගන්නේ නැහැ. ඊට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙක් පමණක් තෝරා ගන්නවා. ඒ අනුව මොවුන්ගේ ඉලක්කය වන්නේ සතුරු හමුදාවේ අණදෙන නිලධාරීන්, රණ බෙර වයන්නන් සහ වෙඩි බෙහෙත් රැගෙන යන පුද්ගලයන් පමණි. අණදෙන නිලධාරියෙකු නොමැතිව කණ්ඩායම මෙහෙයවීම අපහසුයි. බෙර හඬෙහි රිද්මය නැවැත්වීමෙන් සෙබළුන්ගේ ගමන නවතිනවා. වෙඩි බෙහෙත් නොමැතිව සටන් කළ නොහැකි බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එදා පැවතියේ එවන් තත්ත්වයක්


    රජදවස මහනුවර ඇතුඵ කන්ද උඩරට පිහිටා තිබෙන ආකාරය ගැන විස්තර කරන මුතුන් මිත්තෝ පවසා තිබෙන්නේ තුරුලතා, කළුගල්, ඇළ දොළ, ගංගාවලින් පිරී පැවති කන්ද උඩරටට පිවිසීම සියතින් ගෙළ වැලලා ගැනීමක් ලෙසයි. තුරුලතාවලින් පිරී ඇති පරිසරයේ ඉහළින් ඇති වියන පොළොවේ සිටින කෙනෙකුට අහස පෙන්වන්නේ නැහැ. පොළොවෙහි ද අඩි කිහිපයක් උසට වැඩී ඇති පඳුරුය. මේ නිසා දහවල ද අඳුරුය. අඩි පාරක් සොයා ගත නොහැකි භූමියකි. වනයේ සැරිසරන්නෙකුට හැර පිටතින් පැමිණෙන ආගන්තුකයකු එහි අතරමං වනු නිසැකය. මේ නිසා අඩි කිහිපයක් ඉදිරියෙන් සිටින කෙනෙකු පවා එක වර හඳුනාගත නොහැකියි.


    මෙවන් පසුබිමක් පවතින භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්නා සිංහල හේවායන්ට, එකා පිටුපස එකා ලෙස පෝලිමක් ආකාරයෙන් ගමන් කරන පෘතුගීසීන් ඉලක්ක කරගැනීම පහසු වෙනවා.


    එදා රජතුමාගේ සිංහල හමුදාවෝ මේ සෑම තුවක්කුවක්ම යුද්ධය සඳහා භාවිත කළේ නැහැ. ඇමෙරිකාවේ ඇති ස්නයිපර් තුවක්කුව වැනි අවි භාවිතා කළේ මුහුණට මුහුණලා කෙරෙන යුද්ධයක දී නොව, සතුරාට සැඟවී පහරදීම සඳහායි. එදවස විදෙස් හමුදාව කන්ද උඩරටට පැමිණියේ නිම්න හරහා කඳු තරණය කරමින්. එලෙස පැමිණෙන සතුරාගේ ගමන නවතා දැමීම සඳහා ස්නයිපර් තුවක්කු සහිත රජතුමාගේ වෙඩික්කාර කණ්ඩායම් තුන, හතරක් කැළේ රූස්ස ගස්වලට මුවා වී ඔවුන් ගමන් කරන මාර්ගයේ දෙපස ස්ථානගත වෙනවා.


    මේ ආකාරයෙන් සතුරාට පහර දීමට පෙර ස්නයිපර් කණ්ඩායම්, තම තමන්ට අයත් ඉලක්කයට ගත් පුද්ගලයා කවුරුන් ද යන්න තෝරා ගන්නවා. එසේ වුවත්, කණ්ඩායම් දෙකක් එක ඉලක්කයක් තෝරා ගන්නේ නැහැ.




    image_80845b7999.jpg



    image_20ed9a05d7.jpg



    ඉන්පසු ඊට පෙර සාකච්ඡා කරගත් ආකාරයට සතුරු කණ්ඩායමේ ඉදිරියෙන් ගමන් කරන රණ බෙර වයන්නා ඉලක්ක කරගන්නා එක් කණ්ඩායමක්, අණ දෙන නිලධාරියා ඉලක්ක කර ගන්නේ තවත් කණ්ඩායමකි. තවත් සිංහල වෙඩිකරුවන් කණ්ඩායමක් වෙඩි බෙහෙත් රැගෙන යන්නන් ඉලක්ක කර ගන්නවා. මේ ආකාරයට තම තමන්ගේ ඉලක්ක වෙත වෙඩි තබන වෙඩික්කරුවා, වෙඩි තැබූ සැණින්, තුවක්කුව ගෙන, තම කණ්ඩායම සමග කැලේ පඳුරු අතරින් රිංගා ගොස් ආරක්ෂිත ස්ථානයකට පිවිසෙනවා. කැලේ ගැන හොඳ අවබෝධයක් තිබෙන ඔවුන්ට කල් ඇතිව සැඟවෙන තැන් ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පසුකාලීනව ඉංග්‍රීසි ලේඛනවල තබා ඇති සටහන්වලින් ද මේ බව සනාථ වෙනවා. ඉලක්කයට වෙඩි තැබූ සැණින් කැලේ ඇතුළට රිංගා යන නිසා, පෘතුගීසි සෙබළුන්ට ඔවුන් සිටි තැන සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. සමහර විට සිංහල හේවායෝ වෙඩි තබන්නේ කොහේ සිට ද කියාවත් හිතා ගන්නවත් බැරි බව පෘතුගීසීන්ගේ සටහන්වලින් පෙනී යනවා. ඇමෙරිකාවේ තිබෙන ස්නයිපර් තුවක්කුවලින් ඒ ආකාරයෙන් සැඟවී සිට තෝරා ගත් විශේෂිත පුද්ගලයින් මරා දමන විට, රුසියාවේ තිබෙන සාමාන්‍ය අත් තුවක්කුවලින් ප්‍රයෝජනයට ගත්තේ සතුරු හමුදාවේ සෙබළුන්ට වෙඩි තැබීම සඳහායි. එහිදී සැඟවී සිට මෙන්ම, සතුරා සමග මුහුණට මුහුණලා සටන් කිරීමට ද යොදා ගත්තා. කෙසේ වෙතත් රුසියාවේ කෞතුකාගාරයේ ඇති අත් තුවක්කුවේ හඳුනාගත හැකි ලක්ෂණ දෙකක් තිබෙනවා. ඉන් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඇමෙරිකාවේ ස්නයිපර් තුවක්කුව නැතිනම් දික් තුවක්කුවට සමාන වීමත්, එහිම කුඩා ප්‍රමාණයේ අත් තුවක්කුවක් වීමත්ය. දෙවැනි ලක්ෂණය වන්නේ එහි ඇති සුවිශේෂී කැටයම්ය. එනම් ඇමෙරිකාවේ ඇති දික් තුවක්කුවේ කැටයම් හා සමාන නොවීමය. එසේ වුවත්, මෙම තුවක්කු දෙකම දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයට අයත් වෙනවා.”
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    රුසියාවට ගිය දෙවැනි රාජසිංහ රජුගේ අත් තුවක්කුව


    image_8cf5ceaca1.jpg

    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති දෙවැනි රාජසිංහ රජතුමාට අයත් අත් තුවක්කුව

    තුවක්කුවකින් සිදුවෙන්නේ කිසියම් ප්‍රාණියෙකුගේ ජීවිතයක් නැති කිරීමය. එහෙත් ඒ ආකාරයේ තවත් කෙනෙකු නැසීමේ අදහසකින් සිංහලයෝ අවි සෑදුවේ නැත. එවන් තත්ත්වයකට ඔවුන් පත් කළේ පෘතුගීසින් ඇතුළු විදෙස් ආක්‍රමණිකයෝය. ඔවුන්ට අවියෙන්ම පිළිතුරු ලබාදීම හැර වෙනත් විකල්පයක් එදා තිබුණේ නැත. එසේ වුවත්, අවියක් නිෂ්පාදනය කිරීම ඔබ අප හිතන තරම් ලෙහෙසි සහ පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම එදා ජන සමාජයේ පැවති තත්ත්වය අනුව එය තවත් සංකීර්ණ ක්‍රියාවලියකි.


    පළමුවැනි, දෙවැනි රාජසිංහ රජවරුන් වැනි රාජ්‍ය පාලකයෝ, හේවායෝ මූලික කර ගෙන, ඔවුන්ගේ යහපත වෙනුවෙන් සෑම තීරණයක්ම ගත් බව තුවක්කු සාදා ඔවුන්ට ලබාදීමෙන් පැහැදිලි වේ. සිංහල හේවායන්ගේ ජීවිත පමණක් නොව, සිංහල දේශය බේරා ගැනීම සඳහා රජවරුන් ගත් අභීත තීරණයකි. එදවස දින පහළොවක් වනගත වී, නැතිනම් මුහුණට මුහුණලා විදෙස් හමුදාවන් සමග සටන් කළ සිංහල ජාතීන්, ඉතිරි දින පහළොව තම ගම්බිම් බලා පිටත්ව ගොස් හේන්, කුඹුරු වගා කරමින් තම අඹු දරුවන් පෝෂණය කළහ. ඒ ආකාරයේ ජීවන චර්යාවක් ගත කරමින් ජාතිය වෙනුවෙන් සටන් වැදුණේ රජුගෙන් හෝ භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් අය නොකරමිනි.


    කෙසේ වෙතත්, දෙවැනි රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1635-1687) බලයට පත්වන විට මෙරට බුදු දහම පිරිහී ගොස් අවසන්ය. ඒ පෘතුගීසි ආක්‍රමණය නිසාය. ලන්දේසීන්ගේ සහාය ලබා ගෙන පෘතුගීසින් පලවා හැරීමට කටයුතු කළ රාජසිංහ රජතුමා ක්‍රි.ව. 1680 වසරේදී ලන්දේසි නෞකාවක සියම් දේශයේ රජතුමාට තෑගි වශයෙන් වටිනා බඩු බාහිරාදිය යවා ඇත. ඒ සියම් රජතුමා සමග මිතුරු සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අරමුණෙනි. එම තෑගි අතර මෙරට නිෂ්පාදිත කැටයම් කරන ලද තුවක්කු කිහිපයක් ද වූ බවත්, නැගෙනහිර ඉන්දියා ලන්දේසි සමාගමෙන් යවන ලද භාණ්ඩ ලේඛනයේ ඒ බව සඳහන්ව තිබූ බවත් චාමිකර පිලපිටිය මහතා පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රිදියෙන් අලංකාර කරන ලද දිග බැරල් තුවක්කුවක්, රන් ආලේපිත තුවක්කු 2ක් සහ සාමාන්‍ය තුවක්කු දෙකක්. රිදියෙන් අලංකාර කරන ලද අගනා පිස්තෝල දෙකක් ද විය.


    (දෙවැනි රාජසිංහ රජතුමා ගොඩ නැගූ එම සම්බන්ධතාව නිසා, ඊළඟට බලයට පැමිණි දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ක්‍රි.ව. 1693 දී සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණි. එදා රජවරුන් තීරණ ගත්තේ, ඔවුන්ගේ යහපත ගැන සිතා නොව, අනාගත පරපුර ගැන සිතා බලා බව, මේ අනුව පැහැදිලි වේ.)
    කෙසේ වෙතත්, ඒ ආකාරයෙන් යවන ලද තුවක්කුවලින් එකක්, එඩ්වඩ් සී. මූර් එකතුවේ තිබී ඇති අතර, ඔහු මියගිය පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ක්‍රි.ව. 1891 දී ඇමෙරිකාවේ මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයට පරිත්‍යාගයක් වශයෙන් ලබා දී ඇත. පසුගිය සතියේ සඳහන් කළේ එම අත්තුවක්කුව නැතිනම් දෙවැනි රාජසිංහ රජුගේ ස්නයිපර් තුවක්කුව ගැනය.


    image_5a240c7d6f.jpg



    image_5a240c7d6f.jpg



    ඇමෙරිකාවේ කෞතුකාගාරයට ගිය පිලපිටිය මහතාට එහිදී ශ්‍රී ලංකාවට අයත් තවත් දුර්ලභ භාණ්ඩ රැසක්ම දැක ගැනීමට ලැබුණු බව පැවසීය. තවද ඔහු මෙසේද පැවසීය.


    “රත්‍රන්වලින් සාදන ලද කඩුවක්, ධාතු කරඬුවක්, ඉතාමත් ලස්සන බුද්ධ ප්‍රතිමා කිහිපයක් සහ එවකට සිංහල හමුදා නිලධාරියෙක් පැළඳි ලෝහයෙන් සාදා කැටයම් කරන ලද යුද්ධ හැට්ටයක වම් සහ දකුණු පස අත් දෙකේ කොටස් දෙකක් ද තිබුණා. එය කොතරම් ඝනකමද කියනවා නම් කඩුවකින් පහර දුන්නත් හානි සිදු වෙන්නේ නැහැ. එපමණක් නොවේ, එදා තුවක්කුවකින් වෙඩි තැබුවත් ඊට හානියක් සිදු වෙන්නේ නැති බව පෙනුණා. එසේ වුවත් සිංහල සේනාවේ නිලධාරීන් අැතුළු හේවායෝ ඒ ආකාරයේ ඇඳුමක් ඇන්දේ නැති බව විදෙස් ජාතීන් සඳහන් කළත්, මේ නිසා එය විශ්වාස කළ නොහැකියි.”


    ඔබ එම භාණ්ඩ ගැන වැඩිදුරටත් විස්තර සොයා බැලුවේ නැතිද? මම ඔහුගෙන් විමසුවෙමි.


    “නැහැ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඊට හේතුව වූයේ මම ගියේ දෙවැනි රාජසිංහ රජතුමාගේ අත් තුවක්කුව බලන්නයි. ගිය කරුණ වෙනුවට වෙනත් දෙයක් ගැන අවධානය යොමු කළොත්, ඔවුන් මාව වරදවා තේරුම් ගනීවි යන සැකය මතුවූ නිසයි, මා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකළේ.”


    දෙවැනි රාජසිංහ රජතුමාට අයත් අනෙක් තුවක්කුව තිබෙන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයේය. එය ඇමෙරිකාවේ තිබෙන තුවක්කුව තරම් දිග නොමැති අතර ඊට වඩා කුඩා සාමාන්‍ය අත් තුවක්කුවකි. වානේ, රිදී, දැව සහ කැස්බෑ පොතු උපයෝගී කරගෙන සාදා ඇත. තුවක්කුවේ සම්පූර්ණ දිග අඩි 5.0757 කි. තුවක්කුවේ බටය නැතිනම් කඳ සාදා ඇත්තේ වානේ වලිනි. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙය, ගල් තුවක්කුව හෙවත් ෆ්ලින්ට් ලොක් වෙඩි අගුළු ක්‍රමය භාවිත කරමින් වෙඩි තබනු ලබනවා. යුද්ධයේදී සාමාන්‍ය හේවායන් සඳහා නිෂ්පාදිත අවියකි.


    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති මෙම අත් තුවක්කුව ශාන්ත පීටර්ස්බර්ග්හි Pyotr Saltykov කුමරුගේ (Prince Pyotr Saltykov in St Petersburg) එකතුවෙහි ක්‍රි.ව. 1861 දක්වා පැවති අතර, ඔහු මිය යාමෙන් පසු, ඔහුගේ ඥ‌ාතීන් විසින් මෙම කෞතුකාගාරයට භාර දී තිබේ. ක්‍රි.ව. 1697 දෙසැම්බර් මස 11 වන දින උපත ලද මෙම කුමාරයා රුසියානු රාජ්‍ය නිලධාරියකු සහ හමුදා නිලධාරියකු වශයෙන් ද කටයුතු කර ඇත. ක්‍රි.ව. 1759 අගෝස්තු මස 18 වන දින ෆීල්ඩ් මාෂල් නිලයට උසස්වීමක් ලබා ඇති ඔහු ක්‍රි.ව. 1772 දෙසැම්බර් 26 වැනි දින ජීවිතක්ෂයට පත්ව තිබේ.


    “විශේෂයෙන්ම ස්නයිපර් ගන් එකෙන් වෙඩි තැබීම සඳහා හතර දෙනෙකු​ෙගන් යුත් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.” පිලපිටිය මහතා නැවතත් කතාව පටන් ගත්තේය.
    “ඔවුන් රජතුමාගේ වෙඩික්කාර හමුදාවට අයත් වුණා. එහි වැදගත්ම පුද්ගලයා වෙඩික්කරුවායි. අනෙක් තැනැත්තා ඉලක්කය ලබාදෙන මොහොට්ටාලයි. වෙඩි බෙහෙත් සහ මොනෝ පොඩ් එක රැගෙන යන සහායකයාට අමතරව තවත් එක් පුද්ගලයෙක් සිටියා. ඔහු තුවක්කුව වැස්සෙන් සහ හිරු එළියට දිලිසීමෙන් ආරක්ෂා කරගැනීමට තල් අත්තක් වැනි දෙයක් රැගෙන යන හේවායෙක්.


    මෙම කණ්ඩායම සතුරු හමුදාවේ සෑම සෙබළෙකුම ඉලක්ක කරගන්නේ නැහැ. ඊට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙක් පමණක් තෝරා ගන්නවා. ඒ අනුව මොවුන්ගේ ඉලක්කය වන්නේ සතුරු හමුදාවේ අණදෙන නිලධාරීන්, රණ බෙර වයන්නන් සහ වෙඩි බෙහෙත් රැගෙන යන පුද්ගලයන් පමණි. අණදෙන නිලධාරියෙකු නොමැතිව කණ්ඩායම මෙහෙයවීම අපහසුයි. බෙර හඬෙහි රිද්මය නැවැත්වීමෙන් සෙබළුන්ගේ ගමන නවතිනවා. වෙඩි බෙහෙත් නොමැතිව සටන් කළ නොහැකි බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එදා පැවතියේ එවන් තත්ත්වයක්


    රජදවස මහනුවර ඇතුඵ කන්ද උඩරට පිහිටා තිබෙන ආකාරය ගැන විස්තර කරන මුතුන් මිත්තෝ පවසා තිබෙන්නේ තුරුලතා, කළුගල්, ඇළ දොළ, ගංගාවලින් පිරී පැවති කන්ද උඩරටට පිවිසීම සියතින් ගෙළ වැලලා ගැනීමක් ලෙසයි. තුරුලතාවලින් පිරී ඇති පරිසරයේ ඉහළින් ඇති වියන පොළොවේ සිටින කෙනෙකුට අහස පෙන්වන්නේ නැහැ. පොළොවෙහි ද අඩි කිහිපයක් උසට වැඩී ඇති පඳුරුය. මේ නිසා දහවල ද අඳුරුය. අඩි පාරක් සොයා ගත නොහැකි භූමියකි. වනයේ සැරිසරන්නෙකුට හැර පිටතින් පැමිණෙන ආගන්තුකයකු එහි අතරමං වනු නිසැකය. මේ නිසා අඩි කිහිපයක් ඉදිරියෙන් සිටින කෙනෙකු පවා එක වර හඳුනාගත නොහැකියි.


    මෙවන් පසුබිමක් පවතින භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්නා සිංහල හේවායන්ට, එකා පිටුපස එකා ලෙස පෝලිමක් ආකාරයෙන් ගමන් කරන පෘතුගීසීන් ඉලක්ක කරගැනීම පහසු වෙනවා.


    එදා රජතුමාගේ සිංහල හමුදාවෝ මේ සෑම තුවක්කුවක්ම යුද්ධය සඳහා භාවිත කළේ නැහැ. ඇමෙරිකාවේ ඇති ස්නයිපර් තුවක්කුව වැනි අවි භාවිතා කළේ මුහුණට මුහුණලා කෙරෙන යුද්ධයක දී නොව, සතුරාට සැඟවී පහරදීම සඳහායි. එදවස විදෙස් හමුදාව කන්ද උඩරටට පැමිණියේ නිම්න හරහා කඳු තරණය කරමින්. එලෙස පැමිණෙන සතුරාගේ ගමන නවතා දැමීම සඳහා ස්නයිපර් තුවක්කු සහිත රජතුමාගේ වෙඩික්කාර කණ්ඩායම් තුන, හතරක් කැළේ රූස්ස ගස්වලට මුවා වී ඔවුන් ගමන් කරන මාර්ගයේ දෙපස ස්ථානගත වෙනවා.


    මේ ආකාරයෙන් සතුරාට පහර දීමට පෙර ස්නයිපර් කණ්ඩායම්, තම තමන්ට අයත් ඉලක්කයට ගත් පුද්ගලයා කවුරුන් ද යන්න තෝරා ගන්නවා. එසේ වුවත්, කණ්ඩායම් දෙකක් එක ඉලක්කයක් තෝරා ගන්නේ නැහැ.




    image_80845b7999.jpg



    image_20ed9a05d7.jpg



    ඉන්පසු ඊට පෙර සාකච්ඡා කරගත් ආකාරයට සතුරු කණ්ඩායමේ ඉදිරියෙන් ගමන් කරන රණ බෙර වයන්නා ඉලක්ක කරගන්නා එක් කණ්ඩායමක්, අණ දෙන නිලධාරියා ඉලක්ක කර ගන්නේ තවත් කණ්ඩායමකි. තවත් සිංහල වෙඩිකරුවන් කණ්ඩායමක් වෙඩි බෙහෙත් රැගෙන යන්නන් ඉලක්ක කර ගන්නවා. මේ ආකාරයට තම තමන්ගේ ඉලක්ක වෙත වෙඩි තබන වෙඩික්කරුවා, වෙඩි තැබූ සැණින්, තුවක්කුව ගෙන, තම කණ්ඩායම සමග කැලේ පඳුරු අතරින් රිංගා ගොස් ආරක්ෂිත ස්ථානයකට පිවිසෙනවා. කැලේ ගැන හොඳ අවබෝධයක් තිබෙන ඔවුන්ට කල් ඇතිව සැඟවෙන තැන් ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පසුකාලීනව ඉංග්‍රීසි ලේඛනවල තබා ඇති සටහන්වලින් ද මේ බව සනාථ වෙනවා. ඉලක්කයට වෙඩි තැබූ සැණින් කැලේ ඇතුළට රිංගා යන නිසා, පෘතුගීසි සෙබළුන්ට ඔවුන් සිටි තැන සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. සමහර විට සිංහල හේවායෝ වෙඩි තබන්නේ කොහේ සිට ද කියාවත් හිතා ගන්නවත් බැරි බව පෘතුගීසීන්ගේ සටහන්වලින් පෙනී යනවා. ඇමෙරිකාවේ තිබෙන ස්නයිපර් තුවක්කුවලින් ඒ ආකාරයෙන් සැඟවී සිට තෝරා ගත් විශේෂිත පුද්ගලයින් මරා දමන විට, රුසියාවේ තිබෙන සාමාන්‍ය අත් තුවක්කුවලින් ප්‍රයෝජනයට ගත්තේ සතුරු හමුදාවේ සෙබළුන්ට වෙඩි තැබීම සඳහායි. එහිදී සැඟවී සිට මෙන්ම, සතුරා සමග මුහුණට මුහුණලා සටන් කිරීමට ද යොදා ගත්තා. කෙසේ වෙතත් රුසියාවේ කෞතුකාගාරයේ ඇති අත් තුවක්කුවේ හඳුනාගත හැකි ලක්ෂණ දෙකක් තිබෙනවා. ඉන් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඇමෙරිකාවේ ස්නයිපර් තුවක්කුව නැතිනම් දික් තුවක්කුවට සමාන වීමත්, එහිම කුඩා ප්‍රමාණයේ අත් තුවක්කුවක් වීමත්ය. දෙවැනි ලක්ෂණය වන්නේ එහි ඇති සුවිශේෂී කැටයම්ය. එනම් ඇමෙරිකාවේ ඇති දික් තුවක්කුවේ කැටයම් හා සමාන නොවීමය. එසේ වුවත්, මෙම තුවක්කු දෙකම දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයට අයත් වෙනවා.”

    සුපිරි පොස්ට් එක මචන්,font එක ටිකක් ලොකු උනානම් කියවන්න ලේසියි මචන්
    +rep added
     
    • Like
    Reactions: Dr.Amdan

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    778
    113
    ArtifactsInForeignMuseums-05.jpg

    ඔය කඩුව ගැන documentary එකක් ගියා බන් එක බලද්දී හිතා ගන්න බැ ඒකාලේ වැඩි තාක්ෂණයක් නැතුවත් ඒවගේ වැඩ්ඩෝ හිටියද කියලා උනුත් පුදුම වෙනවා මේක හදලා තියන විදිහට බලලා​
     
    Nov 12, 2016
    54
    5
    0
    [/SIZE]
    1. තාරා දෙවඟන ප්‍රතිමාව
    [/CENTER]

    ArtifactsInForeignMuseums-01.jpg


    ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට ඇති තාරා දෙවගනගේ ප්‍රතිමාව උසින් අඩි පහක්. ලෝකඩ වලින් නිර්මාණය කොට රන් ආලේප කොට ඇති මේ පිළිමය 10වන ශතවර්ෂයට පමණ අයත් එකක් යැයි පැවසෙනවා. 1830 වර්ෂයේදී අපේ රටේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත් අතර ප්‍රදේශයකින් තමයි මේ වටිනා පිලිමය සොයාගෙන ලැබ තිබෙන්නේ. එවක මෙරට ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් විසින් මෙය බ්‍රිතාන්‍ය මහරැජින වෙත තිලිණ කොට තිබෙන අතර පසු කලෙකදී ඇය විසින් මෙය කෞතුකාගාරයට පරිත්‍යාග කොට තිබෙනවා.


    තාර දෙවගනගෙ හිස් කොටසේ සෑහෙන්න ගල් ඔබලා තිබුණ බව පෙනව.. සුද්දා කොතුකාගාරෙට පූජා කරන්න කලින්.. ඒ ටික ලස්සනට ගලවලා තියෙන්නෙ...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ වස්තු අතරින් වටිනාම වස්තුව තමයි ලන්ඩන් කෞතුකාගාර පුස්තකාලෙ තියෙන හෙළ මාගධී ත්‍රිපිටකය

    කවුද උඔට මචං ඔය කතාව කිව්වෙ ? මීවනපලානේ හාමුදුරුවෝද ? ඔය කියන ත්‍රිපිටකය නැ බං බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඔක පචයක්.ඔය ගැන මමත් හෙව්වා.....