Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදෙස් මාලා නාටක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදෙස් මාලා නාටක

කොම්පියුටර, ස්මාර්ට් ෆෝන් වගේම අන්තර්ජාලය බහුලව භාවිත වන යුගයක සිටින අපට, ටී.වී. සීරීස් එකක් (මාලා නාටකයක්) හෝ විදෙස් චිත්රපටයක් අපි කැමති වෙලාවක නරඹනවා කියන එක ඉතාම පහසු වැඩක්. හැම නගරයකම වරදින්නේ නැති ඩී.වී.ඩී. කඩය, ටී.වී. සීරීස් හා විදෙස් චිත්රපට නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි විවිධ විදෙස් වෙබ් අඩවි, නෙට්ෆ්ලික්ස්, අයිෆ්ලික්ස් වැනි මාසික ගාස්තුවකට ටී.වී. සීරීස් හා විදෙස් චිත්රපට නැරඹීමට ඉඩ සලසන සේවා සපයන්නන් යනාදිය නිසා ඉතා පහසුවෙන් ජාත්යන්තර තලයේ වැඩසටහන් එසැනින් නැරඹීමේ අවස්ථාව අද උදාවෙලා තියෙනවා. ඒත් මේ සියල්ලටම පෙර, විනෝදාස්වාදය සඳහා ගෙදර ලොකු කුඩා කාටත් සිටි එකම හිතවතා වුණේ රූපවාහිනී යන්ත්රයයි.

රූප පෙට්ටිය එහෙමත් නැත්තම් ටෙලිවිෂන් එක කියන්නේ ඉස්සර හැම ගෙදරකටම නැතිවම බැරි අංගයක් වගේම ගෙදර උදවිය සියලු දෙනා රාත්රියට එහෙමත් නැත්තම් සති අන්තයට එක තැනකට එකතු කරවන උපාංගයක්. දරුවන් පාසල් අවසන් වී ගෙදර දිව එන්නේ පාසල් වැඩ ඉක්මනින් අවසන් කර හවස ටෙලිවිෂන් නරඹන්නයි. “බත් ඔක්කොම කෑවේ නැත්තම් අද හවසට ටෙලිවිෂන් බලන්න දෙන්නේ නෑ, ඉස්කෝලේ වැඩ ඉක්මනට කරේ නැත්තම් රෑට කතාව බලන්න දෙන්නේ නෑ” වැනි දේ කියමින් මව්පියන් පවා රූපවාහිනිය තුරුම්පුවක් කර ගත්තා.

එවැනි අතීතයක ජීවත් වුණු අපට සදා අමරණීය, නැවත නැවතත් නරඹන්නට සිතෙන, විවිධ වර්ගයේ රූපවාහිනී වැඩසටහන් ගණනාවක්ම තිබුණා. මේ ලිපියෙන් ඔබේ මතකය අවදි කරන්න සූදානම් වන්නේ අනූව දශකයේ සහ ඊට මදක් මෑත කාලයේදී රූප පෙට්ටියෙන් අපේ නිවසට පැමිණි රහස් පරීක්ෂණ, වික්රම සහ අභිරහස් ගණයට අයත් එවන් අමතක නොවන විදෙස් මාලා නාටක කිහිපයක් ගැනයි.

Famous Five (පන් පසිඳුවන්)

පන් පසිඳුවන් (dailymail.co.uk)

ඉංග්රීසි ගත්කතුවරියක වූ ඊනිඩ් බ්ලයිට්න් ගේ වික්රමාන්විත ළමා නවකතා පෙළක් ඇසුරෙන් නිර්මාණය වුණු Famous Five ඉංග්රීසි මාලා නාටකය 1995 වසරේදී එංගලන්තයේදී තිරගතවීම ආරම්භ වී තිබෙනවා. නව යොවුන් ළමා කණ්ඩායමක් සහ බලු සුරතලෙකු හා බැඳුනු වික්රමාන්විත කතා පෙළක් වූ Famous Five අප ආලින්දයට ප්රථමයෙන්ම පැමිණියේ 2003 වසරේ ජාතික රූපවාහිනී නාලිකාව තුළින්. සිංහල හඬ කවන ලද මෙය “පන් පසිඳුවන්” විදිහට නම් කර තිබුණා.

ජූලියන්, ඩික්, ජෝර්ජ්, ඈන් සහ ටිමී Famous Five හි ප්රධාන චරිත වුණා. ඩික් සහ ඈන්ගේ වැඩිමහල් සහෝදරයා ජූලියන් වන අතර ඔවුන් තිදෙනා ජෝර්ජ්ගේ ඥාති සොයුරු සොයුරියන්. කණ්ඩායමේ වැඩිමලා වන ජූලියන් දැනුම් තේරුම් ඇති වඩාත් බුද්ධිමත් චරිතය වන අතර ස්වභාවයෙන්ම කරුණාවන්ත ඩික් නොහික්මුණු විහිළු තහළු කිරීමටද හපනෙක්. කණ්ඩායමේ ලාබාලම චරිතය වන ඈන්ට ජූලියන්ගේ සහ ඩික්ගේ රැකවරණය නිරතුරුවම ලැබෙනවා. ඇත්ත නම ජෝර්ජිනා වුවත් එය ජෝර්ජ් ලෙස වෙනස් කර, කොණ්ඩයද කොටට කපාගෙන කොලු ගැටයෙකු ලෙස ඇඳ පැළඳගෙන එලෙසම හැසිරෙන ජෝර්ජ්, වහා කිපෙන සුළු වගේම එඩිතර චරිතයක්. ටිමී යනු ජෝර්ජ්ගේ බලු සුරතලායි. බුද්ධිමත් මෙන්ම ජෝර්ජ්ට ඉතා ලැදි ටිමී අවස්ථා කිහිපයකදීම කණ්ඩායමේ සාමාජිකයන්ගේ ආරක්ෂාකරුද බවටත් පත් වුණා.

2003 වසරේ ප්රථමයෙන් විකාශය වුවත් 2008 සිට 2016 දක්වා කාලය තුළ ජාතික රූපවාහිනී නාලිකාවේ නැවත නැවතත් තිරගත වුණු Famous Five, අප පාසල් අවධිය රසවත් කළ වික්රමාන්විත මාලා නාට්යයන් අතර මුල් තැනක් ගන්නවා.

The X-Files

ෆොක්ස් මෝල්ඩර් සහ ඩේනා ස්කලී (pinterest.com)

එදා මෙදාතුර විකාශය වූ විද්යා ප්රබන්ධ මාලා නාටක අතර ඉමහත් ජනප්රියත්වයට පාත්ර වූ නිර්මාණයක් වන The X-Files, ඇමෙරිකානු ටෙලි නිර්මාණයක් වන අතර 1993 සිට 2002 වසර කාලය තුළ මාලා වාර නැතිනම් සීසන් (Seasons) 9 ක් සහ කථාංග (Episodes) 202 පුරාවට තිරගත වුණු දීර්ඝ නිර්මාණයක්. ෆොක්ස් මෝල්ඩර් සහ ඩේනා ස්කලී යන FBI විශේෂ නියෝජිතයන් දෙදෙනා වටා ගෙතුණු මෙම මාලා නාටකය ලංකාවේ තිරගත වුණේත් ජාතික රූපවාහිනියෙන්.

මෝල්ඩර් සහ ස්කලී FBI වෙත වාර්තා වෙන පැහැදිලි කළ නොහැකි සිද්ධීන් හෙවත් X-Files ගැන පරීක්ෂණ පවත්වනවා. මෝල්ඩර් සාමාන්යයෙන් මෙම අත්භූත සිද්ධීන් විශ්වාස කරන්නෙකු වන අතර FBI අායතනය එයට ප්රතිවිරුද්ධ අදහස් දරන ස්කලීව යොදවා තිබෙන්නේ X-Files පිළිබඳ විද්යාත්මක විශ්ලේෂණයන් කිරීමටත්, අවසානයේදී ඒවා මෝල්ඩර්ගේ අතාර්කික විශ්වාස නිෂ්ප්රභ කිරීම සඳහා යොදා ගැනීමටයි. පිටසක්වළ ජීවීන්, හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO), අභිරහස් මිනීමැරුම්, කුමන්ත්රණ, පැහැරගැනීම් හා අතුරුදහන් වීම් වැනි ත්රාසජනක සහ අත්භූත දේවල් රැසක් අප වෙත ගෙන ආ The X-Files එකල ලොකු කුඩා කාගේත් සිත් දිනාගත් මාලා නාටකයක් බවට පත් වුණා. අදටත් The X-Files නම ඇසෙද්දී පවා එහි තේමා සංගීතය සිහිපත් වෙන්නේ නිරායාසයෙන්මයි.

පසු කාලීනව කතා මාලාවට අමතරව චිත්රපට දෙකක්ද නිෂ්පාදනය වූ අතර The X-Files රසික රසිකාවියන්ට ඔවුන්ගේ හද බැඳි චරිත රිදී තිරයේ දැකගැනීමේ අවස්ථාවත් උදාවුණා. 2016 වසරේදී කථාංග 6 කින් යුත් 10 වන සීසන් එක Fox නාලිකාවේ විකාශය වූ අතර වසර 14 කට පසු මෝල්ඩර් සහ ස්කලී සුපුරුදු The X-Files කතා මාලාවෙන් නැවතත් ප්රේක්ෂකයන් අතරට පැමිණියා.

Knight Rider

මයිකල් නයිට් සහ KITT (cinemaparadiso.co.uk)

අසූව දශකයේ මුල් භාගයේ විකාශනය ආරම්භ වුණු Knight Rider ඇමෙරිකානු රූපවාහිනී මාලා නාටකයක්. පොලිස් පරීක්ෂක ලුතිනන් මයිකල් ආතර්ගේ හිසට වැදුණු මාරක වෙඩි පහරකින් ඔහු බේරා ගන්නා කෝටිපති විල්ටන් නයිට්, ප්ලාස්ටික් සැත්කමක් මඟින් මයිකල්ට නව අනන්යතාවයක් ලබාදෙන අතර මයිකල් නයිට් ලෙස ඔහුව බෞතීස්ම කරනවා. විල්ටන් ඔහුගේ යුක්තිය පසිඳලන නියමු වැඩසටහනේ ප්රධාන නියෝජිතයා ලෙස මයිකල් නයිට් තෝරා ගන්නා අතර වැඩසටහනේ අනෙක් කොටස වන්නේ KITT හෙවත් Knight Industries Two Thousand. කෘතිම බුද්ධියක් සහිත පරිගණකයකින් පාලනය කරන්නාවූ KITT යනු පරමාණුක මට්ටමින් බන්ධන අැති කළ බාහිර අාවරණයකින් (Molecular bonded outer shell) සමන්විත, විනාශ කළ නොහැකි කාර් රථයක්. මෙහෙයුම් සඳහා අවශ්ය වන සුවිශේෂී අතිරේක හැකියාවන් ගණනාවක්ද කිට් සතු වුණා.

මයිකල් නයිට්ගේ චරිතයට ජනප්රිය නළු ඩේවිඩ් හැසල්හොෆ් පණ පෙවූ අතර විලියම් ඩැනියෙල්ස් KITT වෙනුවෙන් හඬ කවනු ලැබුවා. මයිකල් නයිට් සහ ඔහුගේ සගයා කිට් (KITT) සතුරන් සමඟ සටන් වදිමින්, අපරාධ විසඳමින් ශ්රී ලාංකික ප්රේක්ෂකයන් අතරට පැමිණියේ අනූව දශකයේ අග භාගයේ ITN නාලිකාව හරහායි. තවමත් Knight Rider කිව් සැනින් එහි තේමා සංගීතය හිතේ රැවුපිළි දෙන තරමටම මෙය ලංකාවේ ලොකු කුඩා කා අතරත් ජනප්රිය වුණු ටෙලි නාට්ය මාලාවක් වුණා.

Viper

විශේෂ කාර්ය බලකා කණ්ඩායමේ ප්රධාන අවිය – Viper (reddit.com)

ITN නාලිකාවේම සති අන්තයේ දිනක විකාශනය වූ Viper, ක්රියාදාම ගණයට අයත් ඇමෙරිකානු මාලා නාටකයක් වන අතර 1994 වසරේ ප්රථම කතා මාලාව ප්රදර්ශනය වී ඇති බව වාර්තා වෙනවා. අපරාධ මැඩලීමට ඇමෙරිකානු රජයෙන් පිහිටවනු ලැබූ විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් වටා නිර්මාණය වී ඇති මේ වෘත්තාන්තය දිග හැරෙන්නේ මෙට්රෝ සිටි නම් මනංකල්පිත නගරයක් තුළයි. නිරන්තරයෙන්ම අපරාධ සිදුවන මේ නගරයේ සාමය ආරක්ෂා කරන මේ විශේෂ කාර්ය බලකා කණ්ඩායමේ ප්රධාන අවිය වන්නේ Dodge Viper RT/10 රථයක් ලෙස වෙස්ගෙන සිටින ප්රහාරක මෝටර් රථයකි. Knight Rider කතා මාලාවට පසුව ලංකාවේ තිරගත වූ, ඒ හා සමාන ලෙස රසිකයන් අතර ජනප්රිය වූ කතා මාලාවක් ලෙස Viper හැඳින්විය හැකියි.

24

ජැක් බවර්ට පණ පෙවූ කීෆර් සදර්ලන්ඩ් (24spoilers.com)

24 කිවූ සැනින් අප මතකයට එන්නේ ජැක් බවර්ට පණ පෙවූ කීෆර් සදර්ලන්ඩ් ගේ අමතක නොවන රංගනයයි. 2001 සිට 2010 දක්වා කාලය අතරතුර සීසන් 8ක් තුළ කථාංග 192 ක් විකාශය වූ 24 නිර්මාණය වුණේ එක් කොටසකට කථාංග 24 ක්, එනම් ත්රස්තවාදීන්ට එරෙහිව ක්රියා කරන නියෝජිත ජැක් බවර්ගේ ජීවිතයේ පැය 24ක් තථ්ය කාලයෙන් (Real Time) නිරූපණය කිරීමෙන්. ඇමෙරිකානු ජනපති ඝාතනය කිරීමට දරන ලද උත්සාහයන්, මහා විනාශකාරී පිපිරීම්, සමූල ඝාතන සහ මහා පරිමාණයේ සයිබර් ප්රහාර වැනි විනාශකාරී සිදුවීම් වැළැක්වීමට ජැක් බවර් පැය විසි හතරක් තුළදී දරන උත්සාහය 24 මඟින් ත්රාසජනක ලෙස අප වෙත ගෙන එනු ලැබුවා. සිංහල උපසිරැසි සහිතව MTV හි විකාශය වූ 24 පසුව සිංහලෙන් හඬකවා සිරස TV ඔස්සේද අප අතරට පැමිණියා.

CSI: Crime Scene Investigation

CSI කණ්ඩායම (Digital Trends, digitaltrends.com)

ලාස් වේගාස් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත අපරාධ ස්ථාන පරීක්ෂකයන් (Crime Scene Investigators) කණ්ඩායමක් වටා ගෙතුණු CSI හි විශේෂත්වය වන්නේ ඔවුන් අපරාධ පරීක්ෂණ විසඳීම සඳහා භෞතික සාක්ෂි යොදා ගැනීමයි. අධිකරණ වෛද්යවරයෙකු, කීට විද්යාඥයෙකු හා වෘත්තීය අපරාධ ගවේෂකයෙකු වන ගිල් ග්රිසම් CSI කථා මාලාව ආරම්භයේ ප්රධාන චරිතය වූ අතර කැතරින් විලෝව්ස් ඔහුගේ සගයා වුණා.

නව වන කතා මාලාවේ ග්රිසම්ගේ සමුගැනීමෙන් පසු ඩී. බී. රසල් කණ්ඩායමට එකතුවන අතර ලාස් වේගාස්හි වර්ධනය වන අපරාධ අනුපාතය මැඩලීම සඳහා ඔහුත් CSI කණ්ඩායමත් අපරාධ ස්ථාන පරීක්ෂා කරමින්, සාක්ෂි එකතු කරමින්, ප්රහේලිකා වලට මුහුණ දෙමින්, අභිරහස් අපරාධ පරීක්ෂණ විසඳීමට උත්සාහ ගන්නවා. වසර 2000 දී තිරගත වීම ආරම්භ කර සීසන් 15 ක් විකාශය කිරීමෙන් අනතුරුව 2015 දී නිමාවූ CSI ලාංකික ප්රේක්ෂකයන් අතරට පැමිණියේ ETV සහ ART TV තුළින්.

[QUOTE="Idias, post: 23472547, member: 556682"] [b]විදෙස් මාලා නාටක[/b] [SIZE=4]කොම්පියුටර, ස්මාර්ට් ෆෝන් වගේම අන්තර්ජාලය බහුලව භාවිත වන යුගයක සිටින අපට, ටී.වී. සීරීස් එකක් (මාලා නාටකයක්) හෝ විදෙස් චිත්රපටයක් අපි කැමති වෙලාවක නරඹනවා කියන එක ඉතාම පහසු වැඩක්. හැම නගරයකම වරදින්නේ නැති ඩී.වී.ඩී. කඩය, ටී.වී. සීරීස් හා විදෙස් චිත්රපට නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි විවිධ විදෙස් වෙබ් අඩවි, නෙට්ෆ්ලික්ස්, අයිෆ්ලික්ස් වැනි මාසික ගාස්තුවකට ටී.වී. සීරීස් හා විදෙස් චිත්රපට නැරඹීමට ඉඩ සලසන සේවා සපයන්නන් යනාදිය නිසා ඉතා පහසුවෙන් ජාත්යන්තර තලයේ වැඩසටහන් එසැනින් නැරඹීමේ අවස්ථාව අද උදාවෙලා තියෙනවා. ඒත් මේ සියල්ලටම පෙර, විනෝදාස්වාදය සඳහා ගෙදර ලොකු කුඩා කාටත් සිටි එකම හිතවතා වුණේ රූපවාහිනී යන්ත්රයයි.[/SIZE] [SIZE=4]රූප පෙට්ටිය එහෙමත් නැත්තම් ටෙලිවිෂන් එක කියන්නේ ඉස්සර හැම ගෙදරකටම නැතිවම බැරි අංගයක් වගේම ගෙදර උදවිය සියලු දෙනා රාත්රියට එහෙමත් නැත්තම් සති අන්තයට එක තැනකට එකතු කරවන උපාංගයක්. දරුවන් පාසල් අවසන් වී ගෙදර දිව එන්නේ පාසල් වැඩ ඉක්මනින් අවසන් කර හවස ටෙලිවිෂන් නරඹන්නයි. “බත් ඔක්කොම කෑවේ නැත්තම් අද හවසට ටෙලිවිෂන් බලන්න දෙන්නේ නෑ, ඉස්කෝලේ වැඩ ඉක්මනට කරේ නැත්තම් රෑට කතාව බලන්න දෙන්නේ නෑ” වැනි දේ කියමින් මව්පියන් පවා රූපවාහිනිය තුරුම්පුවක් කර ගත්තා.[/SIZE] [SIZE=4]එවැනි අතීතයක ජීවත් වුණු අපට සදා අමරණීය, නැවත නැවතත් නරඹන්නට සිතෙන, විවිධ වර්ගයේ රූපවාහිනී වැඩසටහන් ගණනාවක්ම තිබුණා. මේ ලිපියෙන් ඔබේ මතකය අවදි කරන්න සූදානම් වන්නේ අනූව දශකයේ සහ ඊට මදක් මෑත කාලයේදී රූප පෙට්ටියෙන් අපේ නිවසට පැමිණි රහස් පරීක්ෂණ, වික්රම සහ අභිරහස් ගණයට අයත් එවන් අමතක නොවන විදෙස් මාලා නාටක කිහිපයක් ගැනයි.[/SIZE] [B][SIZE=4]Famous Five (පන් පසිඳුවන්)[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4]පන් පසිඳුවන් (dailymail.co.uk)[/SIZE] [SIZE=4]ඉංග්රීසි ගත්කතුවරියක වූ ඊනිඩ් බ්ලයිට්න් ගේ වික්රමාන්විත ළමා නවකතා පෙළක් ඇසුරෙන් නිර්මාණය වුණු Famous Five ඉංග්රීසි මාලා නාටකය 1995 වසරේදී එංගලන්තයේදී තිරගතවීම ආරම්භ වී තිබෙනවා. නව යොවුන් ළමා කණ්ඩායමක් සහ බලු සුරතලෙකු හා බැඳුනු වික්රමාන්විත කතා පෙළක් වූ Famous Five අප ආලින්දයට ප්රථමයෙන්ම පැමිණියේ 2003 වසරේ ජාතික රූපවාහිනී නාලිකාව තුළින්. සිංහල හඬ කවන ලද මෙය “පන් පසිඳුවන්” විදිහට නම් කර තිබුණා.[/SIZE] [SIZE=4]ජූලියන්, ඩික්, ජෝර්ජ්, ඈන් සහ ටිමී Famous Five හි ප්රධාන චරිත වුණා. ඩික් සහ ඈන්ගේ වැඩිමහල් සහෝදරයා ජූලියන් වන අතර ඔවුන් තිදෙනා ජෝර්ජ්ගේ ඥාති සොයුරු සොයුරියන්. කණ්ඩායමේ වැඩිමලා වන ජූලියන් දැනුම් තේරුම් ඇති වඩාත් බුද්ධිමත් චරිතය වන අතර ස්වභාවයෙන්ම කරුණාවන්ත ඩික් නොහික්මුණු විහිළු තහළු කිරීමටද හපනෙක්. කණ්ඩායමේ ලාබාලම චරිතය වන ඈන්ට ජූලියන්ගේ සහ ඩික්ගේ රැකවරණය නිරතුරුවම ලැබෙනවා. ඇත්ත නම ජෝර්ජිනා වුවත් එය ජෝර්ජ් ලෙස වෙනස් කර, කොණ්ඩයද කොටට කපාගෙන කොලු ගැටයෙකු ලෙස ඇඳ පැළඳගෙන එලෙසම හැසිරෙන ජෝර්ජ්, වහා කිපෙන සුළු වගේම එඩිතර චරිතයක්. ටිමී යනු ජෝර්ජ්ගේ බලු සුරතලායි. බුද්ධිමත් මෙන්ම ජෝර්ජ්ට ඉතා ලැදි ටිමී අවස්ථා කිහිපයකදීම කණ්ඩායමේ සාමාජිකයන්ගේ ආරක්ෂාකරුද බවටත් පත් වුණා.[/SIZE] [SIZE=4]2003 වසරේ ප්රථමයෙන් විකාශය වුවත් 2008 සිට 2016 දක්වා කාලය තුළ ජාතික රූපවාහිනී නාලිකාවේ නැවත නැවතත් තිරගත වුණු Famous Five, අප පාසල් අවධිය රසවත් කළ වික්රමාන්විත මාලා නාට්යයන් අතර මුල් තැනක් ගන්නවා.[/SIZE] [B][SIZE=4]The X-Files[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4]ෆොක්ස් මෝල්ඩර් සහ ඩේනා ස්කලී (pinterest.com)[/SIZE] [SIZE=4]එදා මෙදාතුර විකාශය වූ විද්යා ප්රබන්ධ මාලා නාටක අතර ඉමහත් ජනප්රියත්වයට පාත්ර වූ නිර්මාණයක් වන The X-Files, ඇමෙරිකානු ටෙලි නිර්මාණයක් වන අතර 1993 සිට 2002 වසර කාලය තුළ මාලා වාර නැතිනම් සීසන් (Seasons) 9 ක් සහ කථාංග (Episodes) 202 පුරාවට තිරගත වුණු දීර්ඝ නිර්මාණයක්. ෆොක්ස් මෝල්ඩර් සහ ඩේනා ස්කලී යන FBI විශේෂ නියෝජිතයන් දෙදෙනා වටා ගෙතුණු මෙම මාලා නාටකය ලංකාවේ තිරගත වුණේත් ජාතික රූපවාහිනියෙන්.[/SIZE] [SIZE=4]මෝල්ඩර් සහ ස්කලී FBI වෙත වාර්තා වෙන පැහැදිලි කළ නොහැකි සිද්ධීන් හෙවත් X-Files ගැන පරීක්ෂණ පවත්වනවා. මෝල්ඩර් සාමාන්යයෙන් මෙම අත්භූත සිද්ධීන් විශ්වාස කරන්නෙකු වන අතර FBI අායතනය එයට ප්රතිවිරුද්ධ අදහස් දරන ස්කලීව යොදවා තිබෙන්නේ X-Files පිළිබඳ විද්යාත්මක විශ්ලේෂණයන් කිරීමටත්, අවසානයේදී ඒවා මෝල්ඩර්ගේ අතාර්කික විශ්වාස නිෂ්ප්රභ කිරීම සඳහා යොදා ගැනීමටයි. පිටසක්වළ ජීවීන්, හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO), අභිරහස් මිනීමැරුම්, කුමන්ත්රණ, පැහැරගැනීම් හා අතුරුදහන් වීම් වැනි ත්රාසජනක සහ අත්භූත දේවල් රැසක් අප වෙත ගෙන ආ The X-Files එකල ලොකු කුඩා කාගේත් සිත් දිනාගත් මාලා නාටකයක් බවට පත් වුණා. අදටත් The X-Files නම ඇසෙද්දී පවා එහි තේමා සංගීතය සිහිපත් වෙන්නේ නිරායාසයෙන්මයි.[/SIZE] [SIZE=4]පසු කාලීනව කතා මාලාවට අමතරව චිත්රපට දෙකක්ද නිෂ්පාදනය වූ අතර The X-Files රසික රසිකාවියන්ට ඔවුන්ගේ හද බැඳි චරිත රිදී තිරයේ දැකගැනීමේ අවස්ථාවත් උදාවුණා. 2016 වසරේදී කථාංග 6 කින් යුත් 10 වන සීසන් එක Fox නාලිකාවේ විකාශය වූ අතර වසර 14 කට පසු මෝල්ඩර් සහ ස්කලී සුපුරුදු The X-Files කතා මාලාවෙන් නැවතත් ප්රේක්ෂකයන් අතරට පැමිණියා.[/SIZE] [B][SIZE=4]Knight Rider[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2017/04/32-5-e1492265548164.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මයිකල් නයිට් සහ KITT (cinemaparadiso.co.uk)[/SIZE] [SIZE=4]අසූව දශකයේ මුල් භාගයේ විකාශනය ආරම්භ වුණු Knight Rider ඇමෙරිකානු රූපවාහිනී මාලා නාටකයක්. පොලිස් පරීක්ෂක ලුතිනන් මයිකල් ආතර්ගේ හිසට වැදුණු මාරක වෙඩි පහරකින් ඔහු බේරා ගන්නා කෝටිපති විල්ටන් නයිට්, ප්ලාස්ටික් සැත්කමක් මඟින් මයිකල්ට නව අනන්යතාවයක් ලබාදෙන අතර මයිකල් නයිට් ලෙස ඔහුව බෞතීස්ම කරනවා. විල්ටන් ඔහුගේ යුක්තිය පසිඳලන නියමු වැඩසටහනේ ප්රධාන නියෝජිතයා ලෙස මයිකල් නයිට් තෝරා ගන්නා අතර වැඩසටහනේ අනෙක් කොටස වන්නේ KITT හෙවත් Knight Industries Two Thousand. කෘතිම බුද්ධියක් සහිත පරිගණකයකින් පාලනය කරන්නාවූ KITT යනු පරමාණුක මට්ටමින් බන්ධන අැති කළ බාහිර අාවරණයකින් (Molecular bonded outer shell) සමන්විත, විනාශ කළ නොහැකි කාර් රථයක්. මෙහෙයුම් සඳහා අවශ්ය වන සුවිශේෂී අතිරේක හැකියාවන් ගණනාවක්ද කිට් සතු වුණා.[/SIZE] [SIZE=4]මයිකල් නයිට්ගේ චරිතයට ජනප්රිය නළු ඩේවිඩ් හැසල්හොෆ් පණ පෙවූ අතර විලියම් ඩැනියෙල්ස් KITT වෙනුවෙන් හඬ කවනු ලැබුවා. මයිකල් නයිට් සහ ඔහුගේ සගයා කිට් (KITT) සතුරන් සමඟ සටන් වදිමින්, අපරාධ විසඳමින් ශ්රී ලාංකික ප්රේක්ෂකයන් අතරට පැමිණියේ අනූව දශකයේ අග භාගයේ ITN නාලිකාව හරහායි. තවමත් Knight Rider කිව් සැනින් එහි තේමා සංගීතය හිතේ රැවුපිළි දෙන තරමටම මෙය ලංකාවේ ලොකු කුඩා කා අතරත් ජනප්රිය වුණු ටෙලි නාට්ය මාලාවක් වුණා.[/SIZE] [B][SIZE=4]Viper[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2017/04/42-6.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]විශේෂ කාර්ය බලකා කණ්ඩායමේ ප්රධාන අවිය – Viper (reddit.com)[/SIZE] [SIZE=4]ITN නාලිකාවේම සති අන්තයේ දිනක විකාශනය වූ Viper, ක්රියාදාම ගණයට අයත් ඇමෙරිකානු මාලා නාටකයක් වන අතර 1994 වසරේ ප්රථම කතා මාලාව ප්රදර්ශනය වී ඇති බව වාර්තා වෙනවා. අපරාධ මැඩලීමට ඇමෙරිකානු රජයෙන් පිහිටවනු ලැබූ විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් වටා නිර්මාණය වී ඇති මේ වෘත්තාන්තය දිග හැරෙන්නේ මෙට්රෝ සිටි නම් මනංකල්පිත නගරයක් තුළයි. නිරන්තරයෙන්ම අපරාධ සිදුවන මේ නගරයේ සාමය ආරක්ෂා කරන මේ විශේෂ කාර්ය බලකා කණ්ඩායමේ ප්රධාන අවිය වන්නේ Dodge Viper RT/10 රථයක් ලෙස වෙස්ගෙන සිටින ප්රහාරක මෝටර් රථයකි. Knight Rider කතා මාලාවට පසුව ලංකාවේ තිරගත වූ, ඒ හා සමාන ලෙස රසිකයන් අතර ජනප්රිය වූ කතා මාලාවක් ලෙස Viper හැඳින්විය හැකියි.[/SIZE] [B][SIZE=4]24[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4]ජැක් බවර්ට පණ පෙවූ කීෆර් සදර්ලන්ඩ් (24spoilers.com)[/SIZE] [SIZE=4]24 කිවූ සැනින් අප මතකයට එන්නේ ජැක් බවර්ට පණ පෙවූ කීෆර් සදර්ලන්ඩ් ගේ අමතක නොවන රංගනයයි. 2001 සිට 2010 දක්වා කාලය අතරතුර සීසන් 8ක් තුළ කථාංග 192 ක් විකාශය වූ 24 නිර්මාණය වුණේ එක් කොටසකට කථාංග 24 ක්, එනම් ත්රස්තවාදීන්ට එරෙහිව ක්රියා කරන නියෝජිත ජැක් බවර්ගේ ජීවිතයේ පැය 24ක් තථ්ය කාලයෙන් (Real Time) නිරූපණය කිරීමෙන්. ඇමෙරිකානු ජනපති ඝාතනය කිරීමට දරන ලද උත්සාහයන්, මහා විනාශකාරී පිපිරීම්, සමූල ඝාතන සහ මහා පරිමාණයේ සයිබර් ප්රහාර වැනි විනාශකාරී සිදුවීම් වැළැක්වීමට ජැක් බවර් පැය විසි හතරක් තුළදී දරන උත්සාහය 24 මඟින් ත්රාසජනක ලෙස අප වෙත ගෙන එනු ලැබුවා. සිංහල උපසිරැසි සහිතව MTV හි විකාශය වූ 24 පසුව සිංහලෙන් හඬකවා සිරස TV ඔස්සේද අප අතරට පැමිණියා.[/SIZE] [B][SIZE=4]CSI: Crime Scene Investigation[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4]CSI කණ්ඩායම (Digital Trends, digitaltrends.com)[/SIZE] [SIZE=4]ලාස් වේගාස් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත අපරාධ ස්ථාන පරීක්ෂකයන් (Crime Scene Investigators) කණ්ඩායමක් වටා ගෙතුණු CSI හි විශේෂත්වය වන්නේ ඔවුන් අපරාධ පරීක්ෂණ විසඳීම සඳහා භෞතික සාක්ෂි යොදා ගැනීමයි. අධිකරණ වෛද්යවරයෙකු, කීට විද්යාඥයෙකු හා වෘත්තීය අපරාධ ගවේෂකයෙකු වන ගිල් ග්රිසම් CSI කථා මාලාව ආරම්භයේ ප්රධාන චරිතය වූ අතර කැතරින් විලෝව්ස් ඔහුගේ සගයා වුණා.[/SIZE] [SIZE=4]නව වන කතා මාලාවේ ග්රිසම්ගේ සමුගැනීමෙන් පසු ඩී. බී. රසල් කණ්ඩායමට එකතුවන අතර ලාස් වේගාස්හි වර්ධනය වන අපරාධ අනුපාතය මැඩලීම සඳහා ඔහුත් CSI කණ්ඩායමත් අපරාධ ස්ථාන පරීක්ෂා කරමින්, සාක්ෂි එකතු කරමින්, ප්රහේලිකා වලට මුහුණ දෙමින්, අභිරහස් අපරාධ පරීක්ෂණ විසඳීමට උත්සාහ ගන්නවා. වසර 2000 දී තිරගත වීම ආරම්භ කර සීසන් 15 ක් විකාශය කිරීමෙන් අනතුරුව 2015 දී නිමාවූ CSI ලාංකික ප්රේක්ෂකයන් අතරට පැමිණියේ ETV සහ ART TV තුළින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom