විදේශීය ජීවීන්
කලක් තිස්සේ කොළඹ නිදහස් චතුරඝ‍්‍රය අවට මාර්ග දෙපස වවා තිබූ Weeping Willows ගස් 2011 අගෝස්තු මාසයේ හදිසියේ ම කපා ඉවත් කරනු ලැබුවා. නගරය පියකරු කිරීමේ වැඩපිළිවෙළක එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දුන් අතර, එය සාධාරණිකරණය කරන්නට සමහර පරිසරවේදීන් මතු කළ තර්කය වූයේ ‘ඒවා අපේ දේශීය ශාක නොවන’ බවයි.
ඒ වෙනුවට ඒ තැන්වල ශ‍්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා ගසේ පැළ සිටුවන ලද බවත් මාධ්‍ය වාර්තා කළා. නා ගස (Mesua ferrea var. nagassarium) ශ‍්‍රී ලංකාවෙ ජාතික වෘක්ෂය ලෙස නම් කරනු ලැබුවේ 1986 පෙබරවාරියේදී, මෙරට නිජබිම කර ගත්. පහතරට තෙත් කලාපයේ ස්වභාවිකව වැවෙන නා ගස, දිගු කලක් තිස්සේ අපේ ජන ජීවිතයට හා සංස්කෘතියට සමීප ශාකයක්. එහි සවිමත් දැව පුරාණයේදී පාලම් තැනීමට යොදා ගත් බව කියනවා. මේ ශාකය ඉන්දියානු මෙන් ම මලයානු අර්ධද්වීපයේත් හමු වනවා.
අපේ ඇතැම් පරිසරවේදීන්ගේ ස්ථාවරයන් ගැන කලෙක සිට මා විමසිල්ලෙන් සිටිනවා. එයින් එකක් නම් දේශීය (native) හා විදේශීය (exotic) වශයෙන් ජෛව සම්පත් බෙදා වෙන් කොට, ලේබල් ඇලවීමයි. මෙහි කෙතරම් පදනමක් තිබේද? එයින් ඇති වන වාසි අවාසි කවරේද?
පරිසරවේදීන් පුන පුනා කියන කථාවක් නම් අප ජීවත් වන මේ ග‍්‍රහලෝකය අපේ පොදු දායාදයක් බවයි. එහි විවාදයක් නැහැ. එමෙන්ම වසර කෝටි ගණනක් තිස්සේ සිදුවෙමින් ආ. තවමත් නොනිමි පොදු ජෛව පරිණාමීය ක‍්‍රියාවලියක් අප කාටත් උරුමයි. අන් සියලූ ශාක හා සත්ව විශේෂ සමඟ අපත් එහි කොටසක්.
අපේ ලෝකයේ පරිණාමීය ඉතිහාසයේ ඉතා දිගු කලක් සිදුවූ ක‍්‍රියාදාමයන් ගැන අප දන්නේ භූ විද්‍යාව, සත්ත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව ආදී ක්‍ෂෙත‍්‍රවල දැනුම ගවේෂණය නිසයි. පරිණාමයේ දී හා ජීවීන් පැතිර යෑමේදී සිදු වූ දේ ගැන ජාන විශ්ලේෂණය හරහා සොයා ගෙන යෑමේ හැකියාව දැන් අපට තිබෙනවා.
පරිණාමීය හා ජෛවය විකාශන ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි කරුණක් නම් ලොව විවිධ තැන්වල බිහි වු සත්ත්ව හා ශාක විශේෂ, ජන්ම භූමිවල සිට ඉතා දුර බැහැර ගොස් ඇති බවයි. ගොඩබිම් හා සාගර හරහා වසර දහස් ගණනක් පුරා ගිය මේ චාරිකාවලදී ජාන සංකලනයක් අනිවාර්යයෙන් ම සිදුව තිබෙනවා. සියයට සියයක් ‘දේශීය’ හෝ මිශ‍්‍ර නොවූ ජීව විශේෂ ඉතා දුර්ලභයි.
යම් ශාක විශේෂයක් දේශීය හෝ විදේශීයයැ’යි වර්ග කැරෙන්නේ කෙසේද? සමස්ත දකුණු ආසියාවේ පළමුවන ක‍්‍රමික පරිසර විද්‍යාඥයා (systems ecologist) ලෙස 1978 දී ආචාර්ය උපාධිය ලැබූ, මෙරට සිටින ප‍්‍රවීණතම ජෛව විද්‍යාඥයකු වන ආචාර්ය රනිල් සේනානායකගෙන් මා මෑතකදී මේ ගැන විමසුවා.
තිරසාර හෝ දිගුකල් දැක්මක් නැති, අයාලේ යන ආර්ථික සංවර්ධනය කළක් තිස්සේ නිර්දය ලෙස විවේචනය කරන ඔහු 1978-80 වකවානුවේ මහැලි සංවර්ධන ව්‍යාපෘතිය ගැන ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කළ විද්වතුන් ටික දෙනාගෙන් කෙනෙක්. එමෙන් ම මෙරට වන වගා කිරීමටයැ’යි කලාපීය ශාක විශේෂ ප‍්‍රවර්ධනය කිරීමට එරෙහිව අරගල කළ අයෙක්.
‘‘යම් ශාක හෝ සත්ත්ව විශේෂයක් දේශීය ද විදේශීය ද යන්න අප විග‍්‍රහ කරන්නේ කාලයට හා ස්ථානයට සාපේක්ෂවයි. එහිදී අප විමසිය යුත්තේ යම් ජීවි විශේෂයක් සැලකිය යුතු කාලයක් (වසර දහස් ගණනක් පුරා) එක් තැනෙක රැඳෙමින් එහි පාරිසරික සාධකවලට හැඩ ගැසී ඇත් ද යන්නයි,’’ රනිල් කියනවා.
එහිදී ‘දේශීයයැ’යි පිළිගැනීමට අප ආපස්සට යා යුතු කාලයෙ සීමාවක් තිබේද?
මේගැන පොදු එකඟතාවක් නැහැ. මෙරට ග‍්‍රාමීය ගෙවතුවල සාම්ප‍්‍රදායිකව වවන ගස්, වැල් හා පඳුරු ආකාරයේ ශාක ගැන පර්යේෂණ කරන විට ඔහුට පෙනී ගියේ එම ශාක විශේෂවලින් සියයට 80ක් පමණ ම මෙරටට බැහැරින් පැමිණ ඇති බවයි.
‘‘අපේ ජන ජීවිතයට ඉතා සමීප ඇතැම් ශාක පසුගිය සහශ‍්‍ර කිහිපය තුළ මිනිසුන් විසින් ගෙනැවිත් හඳුන්වා දී තිබෙනවා. හොඳ උදාහරණය නම් ඉන්දියාවෙන් ආ අඹ ගසත්, මැලේසියාවෙන් පැමිණි කොස්, මේවා විදේශීය ශාක ලෙස අද අප දකිනවාද?’’ රනිල් ප‍්‍රශ්න කරනවා.
ශ‍්‍රී ලංකාව නිජබිම කරගත් ‘අපේ’ ශාක පමණක් ඉතිරි වන්නට ඉඩ දී වෙනත් රටකින් මෙහි ආ සියලූ ම ශාක ඉවත් දැමුවහොත් කුමක්ද සිදුවේද? මේ කල්පිතය මා රනිල්ට ඉදිරිපත් කළා.
‘‘අප ඇලූම් කරන ලොකු කුඩා ශාකා රැසක් ම විදේශිකයක් කියා පසෙක තබන්නට සිදු වේවි! කොස් හා අඹවලට අමතරව අපට හුරුපුරුදු බොහෝ එළවළු, පලතුරු හා කුලූබඩු අපේ රටේ උපන් විශේෂ නොවෙයි. අතීතයේ යම් දිනෙක මේ දූපතට පාවී ගෙන පැමිණි හෝ මිනිසුන් විසින් හඳුන්වා දුන් ඒවායි. ඒවා ඉවත් කළොත් අපට පොල්, මී ගස්, කිතුල් ආදී ශාකත්. බෙහෙත් පැළෑටි ගණනාවකුත් පමණක් ඉතිරි වේවි!’’ ඔහු කියනවා.
සාම්ප‍්‍රදායික ලාංකික හොද්ද සඳහා ප‍්‍රශස්ත වශයෙන් කුළුබඩු විශේෂ 13ක් යෙදිය යුතු බව කියැවෙනවා. මේවායින් දේශීය සම්භවයක් ඇත්තේ කුරුඳු හා කරදමුංගුවලටයි. බහුතරයක් පිටස්තරයෝ. මේ පිටස්තරයන්ගේ දායකත්වය නැති වුවහොත් අපේ හොද්ද කෙතරම් නිරස වේවිද?
එපමණක් ම නොවෙයි. අපේ ප‍්‍රධාන ආහාරය බත් ලබා දෙන වී ශාකයත් සමශීතෝෂ්ණ දේශගුණය ඇති චීනයෙන් ඇරඹී ඉන්දියාව හරහා අපට ලැබුණු දායාදයක්. ‘‘වී වගාව මෙරටට හඳුන්වා දී කලක් ගත වී ඇතත්. ජාන විද්‍යාත්මකව බලන විට එය එතරම් දිගු කාලයක් නොවෙයි.’’ රනිල් කියනවා.
මෙහිදී මට සිහිපත් වන්නේ අපේ ගොවිතැන් උරුමය සොයා ගෙන ගිය ආචාර්ය රේ විජේවර්ධන නිතර කී කථාවක්. වී සමශීතෝෂ්ණ ශාකයක් වූවත්, කාලයාගේ ඇවෑමෙන් ඝර්ම කලාපීය රටවල ජනයා වී ගොවිතැනට හොඳහැටි හුරු වී ඇති බව රේ පෙන්වා දුන්නා. අපේ මුතුන් මිත්තන්ගේ ප‍්‍රධාන ආහාරය බත් පමණක් නොව කොස්, දෙල් හා විවිධ අලවර්ග වූ බවත්, ඒ සමහරක් බහුවාර්ෂික බෝග වසර පුරා ම හිරු එළිය උකහා ගනිමින් ආහාර නිපදවිය හැකි ඝර්ම කලාපීය දේශගුණයට මනා සේ ගැළපෙන බවත් ඔහු කියා සිටියා. (2011 අගෝස්තු 28 දා කොලම කියවන්න.)
මේ සියල්ල සැලකිල්ලට ගත් විට ජෛව ලෝකය දේශීය හා විදේශීය විශේෂ ලෙස ගොඩවල් දෙකකට බෙදීම තේරුමක් නැති ක‍්‍රියාවක් බව රනිල් සේනානායක පෙන්වා දෙනවා. ලෝකයේ කිසිම තැනක මුළුනින්ම දේශීය වු ජීව විශේෂ පමණක් හමු නොවන බවත්, මහා සාගර මැද ඇති කුඩා දූපත්වල පවා අතීතයේ යම් දිනෙක සාගර දියවැල් ඔස්සේ පාවී ආ ශාක විශේෂ වැවෙන බවත් ඔහු කියනවා.
‘‘මේ සොබා දහම් යථාර්ථය තේරුම් නොගෙන ආවේගශීලීව ලේබල් අලවන්නේ මතුපිටින් ප‍්‍රශ්න විග‍්‍රහ කරන, නොගැඹුරු දැනුමක් ඇති උදවිය‘‘ බව ඔහුගේ මතයයි. ලේබල් ඇලවීම වෙනුවට අද අවශ්‍යව ඇත්තේ තැනට හා කාලයට උචිත ජීව විශේෂ මොනවාද යන්න මනාව තේරුම් ගෙන ඒවා ප‍්‍රවර්ධනය කිරීමයි.
ගොවිබිමේ, ගෙවත්තේ හා මිනිස් මැදිහත්වීම ඇති ස්වභාවික නොවන වෙනත් පරිසර පද්ධතිවල දෙස් විදේස් ශාක භාවිතයේ වරදක් නැති බව ඔහු කියනවා.
ජීවි විශේෂ දේශීය හා විදේශීය ලෙසින් වර්ග කිරීම පරිසර විද්‍යාත්මක පදනමකට වඩා ජාතිකවාදී දැක්මක් ඔස්සේ කැරෙන බව පෙනෙනවා. එහිදී මතුව එන්නෙත් බොහෝ මානව සමාජවල බෙදීම් හා ගැටුම්වලට තුඩු දෙන ‘අප’ සහ ‘ඔවුන’ නැතහොත් ‘අපේ එකා’ සහ ‘පිටස්තරයා (Us and Them) නම් වර්ගීකරණයයි.
මෙය ජෛව හො ජාන විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැංවූවක් නොවෙයි.
ඉතිහාසයේ ආපස්සට ගිය හොත් අද ශ‍්‍රී ලංකාව මවුබිම සේ සලකන අති බහුතරයක් දෙනාගේ මුතුන් මිත්තන් වෙනත් රටක සිට මෙහි ආ බව පිළිගත යුතු වනවා. එසේ නම් මෙරට මුල් පදිංචිකරුවන් ලෙස නිජබිම් උරුමය ඇත්තේ වැදි ජනතාවට පමණක්ද? අන් හැම ජාතියක් ම සංක‍්‍රමණිකයන්ද?
‘පිටතින් පැමිණි හැම දෙයක් දෙස ම සැකයෙන් බලවා නම් ඉතින් සිංහලයන් මේ දූපතට ආවේත් ඉන්දියාවේ සිට නිසා, අපත් විජාතික හෝ විදේශික වනවා නේද?’’ රනිල් සේනානායක අසනවා.
‘‘අප නොදන්න සහ දන්නා (ලිඛිත) ඉතිහාසය පුරාම ඉන්දියානු සාගරයේ මානවයන් සංවරණය කොට තිබෙනවා. එදා මොදා තුර මේ දූපතට ආ සමහරුන් මෙහි පදිංචි වුණා. තවත් සමහරුන් අපේ ජාන සංචිතයට ඔවුන්ගේ ජාන සම්මාදම් කොට ආපසු ගියා. මෙය ශාක හා සතුන්ට මෙන්ම මානව අපටත් අදාළයි. මේ ඓතිහාසික හා ප‍්‍රාග් ඓතිහාසික සිදුවීම් අමතක කොට ජාතික හා විජාතිකයැ’යි සරල වර්ගීකරණයක් කිරීම හාස්‍යජනකයි.’’ රනිල් පෙන්වා දෙනවා.
අපේ පරිසරවේදීන්ට හා ජාතිකවාදීන්ට මේ සිත් ඇත්ත මතක් කර දිය හැකි විද්වතුන් ටික දෙනෙකු හෝ ඉතිරිව සිටීම සතුටට කරුණක්.
නාලක ගුණවර්ධනඒ වෙනුවට ඒ තැන්වල ශ‍්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා ගසේ පැළ සිටුවන ලද බවත් මාධ්‍ය වාර්තා කළා. නා ගස (Mesua ferrea var. nagassarium) ශ‍්‍රී ලංකාවෙ ජාතික වෘක්ෂය ලෙස නම් කරනු ලැබුවේ 1986 පෙබරවාරියේදී, මෙරට නිජබිම කර ගත්. පහතරට තෙත් කලාපයේ ස්වභාවිකව වැවෙන නා ගස, දිගු කලක් තිස්සේ අපේ ජන ජීවිතයට හා සංස්කෘතියට සමීප ශාකයක්. එහි සවිමත් දැව පුරාණයේදී පාලම් තැනීමට යොදා ගත් බව කියනවා. මේ ශාකය ඉන්දියානු මෙන් ම මලයානු අර්ධද්වීපයේත් හමු වනවා.