විදේශ සේවා නියුක්ති කාර්යාංශය

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
Sri Lanka Bureau of Foreign Employment


slbfe_header.jpg



ලිපිනය : සිංහල
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.

Address : English
234, Denzil kobbe kaduwa Mawatha, Koswatta, Battaramulla.


Telephone :

+94 112 864101 – 105
+94 112880500

"සහන පියස" ඒකකය ("Sahanapiyasa" Unit)
+94 112 259953

Web site :
http://www.slbfe.lk



විස්තර :

රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල අභිවෘද්ධිය සහ සුභසාධනය උදෙසා මූලික වී කටයුතු කරන ආයතනය වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය ස්ථාපනය කරන ලදි.

ආරම්භයේ පටන්ම, කම්කරු අමාත්‍යාංශයේ යටතේ පැවතුණු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය, 2007 දී විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යාංශය වෙතට පවරා දෙන ලද අතර, විදේශ රැකියා සම්බන්ධයෙන් ඇති ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සහ ප්‍රචාරණ වැඩසටහන් සිදුකිරීම වැනි කාර්ය්‍යන් පවරාදෙන ලදි. විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යාංශයේ බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසින් ය.



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සළසන අයුරු පහත දැක්වේ.


• රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්, විදේශීය සේවායෝජකයින් සහ ශ්‍රී ලාංකික රැකියා ඒජන්තවරුන්ගේ සවිස්තර දත්ත ගබඩා පවත්වාගෙන යාම

• සම්මත ගිවිසුම් නිර්මාණය කිරීම සහ පුහුණු මධ්‍යස්ථාන 29 ක් මඟින් විදේශගතවීමට පෙර හඳුන්වාදීමේ වැඩසටහන් පැවැත්වීම

• මෙරටින් කම්කරුවන් සපයනු ලබන රටවල් සමඟ ශ්‍රමිකයන්ට වාසිදායක වන අයුරින් අවබෝධතා ගිවිසුම් ඇති කරගැනීම සහ රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීම

• විදේශගතවීමට පෙර හඳුන්වාදීමේ වැඩසටහන් පවත්වන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම. මේවා තුළින් මැද පෙරදිග රටවල් සඳහා දින 15 ක සහ මැද පෙරදිග නොවන රටවල් සඳහා දින 25 ක පෙර හඳුන්වාදීමේ වැඩසටහන් පැවැත්වේ. මෙම පුහුණුව කොටස් 12 කින් යුක්ත වන අතර මැද පෙරදිග රටවල් වලට ගෘහ සේවිකාවන් ලෙස පිටත්වීමට බලාපොරොත්තු වන අය හට අරාබි භාෂාව පුහුණුව, ගේ දොර උපකරණ භාවිතය පුහුණුව, මැද පෙරදිග රටවල්වල සම්ප්‍රදායයන් ගැන දැනුවත් කිරීම සහ වෛද්‍ය උපදෙස් ලබාදීම ආදිය මෙමඟින් සිදුකරයි.

පසුගිය දශක 2 ක කාලයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විදේශ රැකියා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට මුල්තැන දී කටයුතු කර තිබේ. එමනිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය එක් එක් රටවල පවතින ඇබෑර්තු පිළිබඳව සවිස්තර දත්ත ගබඩා පවත්වාගෙන යයි. විදෙස් තානාපති කාර්ය්‍යාල වල සිටින කම්කරු නිළධාරීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සේවකයන් වේ. ඔවුන්ගේ නොයෙකුත් වියදම් දරන්නේද අප කාර්‍යාංශයයි. මෙම කම්කරු නිළධාරීන් ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යවන නීතිමය සහය නොමිලේම සළසන අතර ශ්‍රී ලාංකිකයන්ට නැවත සිය රටට පැමිණීමට අවශ්‍ය සහය ද ලබාදෙයි.





විදේශ රැකියාවකට යන ඔබට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුත්තේ ඇයි?



• 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත යටතේ විදේශ රැකියාවක් සඳහා පිටත්වන සියලුම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචී වීම නීත්‍යානුකූල අවශ්‍යතාවයකි.

• එය ඔබත් ඔබේ රැකියාවත් පවුලේ සාමාජික සාමාජිකාවනුත් ආරක්ෂා කරයි‚ රැක දෙයි

• ඔබ කාර්යාංශයෙන් ලබා ගන්නා නීත්‍යානුකූල රැකියා ලියාපදිංචිය ඔබට වරප්‍රසාද රැසක් හිමි කර දෙයි. එයින් ප්‍රධාන වන්නේ ඔබේ රැකියාවේ සුරක්ෂිතභාවයට අමතරව‚ ජීවිත රක්ෂණයයි.

• පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙමඟින් තහවුරැ වේ

- නිවාස ණය
- ස්වයං රැකියා ණය
- පාසල් දූදරැවන්ට ශිෂ්‍යත්ව හා අත්‍යවශ්‍යය පාසල් උපකරණ
- පාසල් දූදරැවන් වෙනුවෙන් විදේශ අධ්‍යාපන චාරිකා ඇතුලු උපකාර රැසක්

ප්‍රථම වරට විදේශ රැකියාවකට යන‚ මීට පෙර විදේශ රැකියාවක් කර ගිවිසුම් කාලය අවසන්ව පැමිණ නැවත විදේශ රැකියාවකට යන හා වෙනත් රැකියා ස්ථානයක් කරා යන සියලු දෙනා කාර්යාංශයේ අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතුය.



විදේශ රැකියාවක් සඳහා ඔබ ලබා ගන්නා ලියාපදිංචිය වසර 2ක් සඳහා පමණක් වලංගු වන අතර එම කාලයට වඩා රැකියාව සිදු කරන්නේ නම්‚ තමා සේවය කරන රටේ තානාපති කාර්යාලයෙන් හෝ මෙරට සිටින තම ඥාතීන් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්ය්‍යාලයෙන්‚ දිස්ත්‍රික් කාර්යාල්‍යයක් මඟින් ලියාපදිංචිය අලුත් කර ගැනීම සිදු කර ගත හැක. මේ පිළිබඳව ඔබගේ අනිවාර්ය්‍ය සැලකිල්ල යොමු කරන්න.



ඔබගේ ලියාපදිංචිය ලබා ගැනීම හෝ අලුත් කරගැනීම ඔබට ඉතා වාසිදායක වන අතර ලියාපදිංචිය නොමැති වීම හෝ එය කල් ඉකුත් වීම ඔබට අවාසිදායක ය.



විදේශ රැකියාවකට යෑමට පෙර සේවා කොන්දේසි ඇතුලත් සේවා ගිවිසුමක් අත්සන් කරන අතර‚ එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාල්‍යයේ හා එහි ගිවිසුම් අත්සන් කිරීමේ මධ්‍යස්ථාන වලදී රැකියා ලාභියා ඒජන්සි ආයතනය හා ශ්‍රී ලංකා විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශය යන පාර්ශව තුනම එක්ව කියවා තේරුම් ගෙන එකඟ වන්නේ නම් පමණක් රැකියා ලාභියා විසින් අත්සන් කරනු ලබයි. මෙම නව වැඩ පිළිවෙල අනුව ඒජන්සි ආයතනය හා විදේශ රැකියා ලාභින් යන පාර්ශව දෙකම අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය. මෙය විදේශ රැකියා ලාභියාගෙත් එම රැකියාවේත් ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ගයකි.


:cool: :cool:


Other Posts :
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
Department of Immigration and Emigration. - Sri Lanka



නොදන්න අයට දැනගන්න දැම්මෙ. වැදගත් වෙයි කාට හරි. :)