විධායක බලතල අඩු කරණ ගැසට් නිවේදනය අද රෑ !

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    විධායක බලතල අඩු කරණ ගැසට් නිවේදනය අද රෑ !

    විධායක බලතල අඩු කරණ ගැසට් නිවේදනය අද රෑ !

    ජනපති තනතුරේ විධායක බලතල අඩු කරණ බවට දුන් පොරොන්දුව ඉටු කරමින් විධායක ජනපති ක්‍රමයේ බලතල ප්‍රමාණයක් කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය.

    මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනිණි.

    එම ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද නියමිතය.

    එය හදිසි පනතක් ලෙස ඉදිරිපත් නොකෙරෙනු ඇත.

    පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිට අහිමිවේ.
    නව සංශෝධන අනුව වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය.
    දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද ඉඩ නොලැබේ.
    පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවය සාධාරණ සහ අපක්ෂපාතීව පවතවාගෙන යාම සඳහා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමටද නියමිතය
    පසුගිය රජය ජනතා අප්‍රසාදයට ලක් වූ ප්‍රධානතම හේතුවක් වූයේ අධිකරණය , පොලිසිය , අල්ලස් හා දුෂණ කොමිසම , සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන් පත් කිරීමේදී සිදු වූ අසාධාරණ අයුතු බලපෑම්ය
    ස්වාධීන කොමිෂන් සභා වලට එම බලය ලැබීමෙන් රටේ පාලනය වඩා සාධාරණ වනු ඇත

    ජනපතිට සේනාධිනායකයා, අමැති මණ්ඩලයේ ප්‍රධානියා, ඇමැති මණ්ඩලය පත් කිරීමට දැනට පවතින බලය එලෙසම පවතී.

    ඡන්ද ක්‍රමය පිළිබඳ සංශෝධන ගැන අවසන් තීරණය අඟහරුවාදා ලබාදීමට තීරණය විය.

    පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරෙන අතර ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කෙරෙනු ඇත