විධායක_බලතල_අහෝසි_වන_19_වන_සංශෝධනයේ_සාකච්ඡා_&#

eeriyaka

Member
Nov 23, 2009
220
23
0
විධායක_බලතල_අහෝසි_වන_19_වන_සංශෝධනයේ_සාකච්ඡා_&#

ශ්‍රී ලාංකිකයාගේ නිදහස් සටන පරිපූර්ණ කෙරෙන, විධායක බලතල අහෝසි වන 19 වන සංශෝධනයේ සාකච්ඡා පත්‍රිකාව එළි දකී: සංක්ෂිප්ත සිංහල පිටපත මෙන්න

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.08, ප.ව11.55) ශ්‍රී ලංකාවේ 62 ලක්ෂයකට අධික මහජනතාව පසුගිය ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ අද එක් එක් ළදරු වලිප්පු දේශපාලකයන් සිතාගෙන සිටිනවා සේ හොරා පොලිස් සෙල්ලම කිරීමටවත්, සුළුතර ආණ්ඩු ගැත්තන් සිතා සිටිනවා සේ තමන්ට තානාන්තර ලබා ගැනීමටවත්, තමන්ට සතුරු අයගෙන් පලිගැනීමටවත් නොව මූළික වශයෙන් ජනාධිපතිවරයා සතු විධායක බලතල දින සියයක් තුලදී පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවන්ට සහ අධිකරණයට පවරා ඉන්පසු නව ආණ්ඩුවක් හදා ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන තුරු වසර 36 ක් බලා සිටි එම ජනතාවගේ බලාපොරොත්තු සඵල කරමින් ජනාධිපතිවරයා සතුව තිබෙන විධායක බලතල අහෝසි කෙරෙන යෝජිත 19 ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන නව යෝජනා ගැන සාකච්ඡා පත්‍රිකාවක් ඊයේ විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙත ලබා දුන්නේය.

එහි නව කොමිෂන් සභා දෙකක් යෝජනා කෙරේ. ‘රාජ්‍ය සභාව‘ නමැති ජාතික තීන්දු තීරණ ගැනෙන නවතම ආයතනයක් ඇත. වත්මන් ලෝකයේ තිබෙන ඉතාම දියුණු ප්‍රජාත්නත්‍රවාදී ව්‍යවස්ථාවක තිබිය යුතු සියළු යෝජනා මෙහි අඩංගු බව බැලූ බැල්මට පෙනේ. සත්‍ය වශයෙන්ම මෙම යෝජනා සම්මත වුවහොත් ශ්‍රී ලාංකිකයාගේ නිදහස් සටන පරිපූර්ණ වූවා යැයි කිව හැකිය. එම යෝජනා අඩංගු සාකච්ඡා පත්‍රිකාව සාරාංශයක් වශයෙන් සිංහලෙන් පහත දැක්වේ. සම්පූර්ණ ඉංග්‍රීසි පිටපත අපගේ ඉංග්‍රීසි සංස්කරණයේ පළකර තිබේ.

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන සාකච්ඡා පත්‍රිකාව

ජනාධිපතිවරයා

* ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය.

* දැනට පවතින ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ කාර්යයන් හැරුණු කොට ජනාධිපතිවරයා විසින් ජාතික සමගිය සහ ඒකාග්‍රතාව ප්‍රවර්ධනය කිරීම, ජනවාර්ගික සහ ආගමික සමගිය තහවුරු කිරීම, ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා වල නිසි ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම යන කාර්යයන් ජනාධිතිපතිවරයා ගේ වගකීමට යටත්ය.

* ජනාධිපතිවරයාගේ රාජකාරිමය අඩු පාඩු හෝ ඔහුගේ ක්‍රියාවන් කිසිවක් සඳහා ජනාධිපතිවරයාට මුක්තිය හිමි නොවේ. එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ කතානායක වරයාට හෝ රාජ්‍ය සභාවේ සභාපතිවරයාට ජනාධිපති වෙනුවට රාජකාරි කළ හැකිය. (රාජ්‍ය සභාවේ සභාපතිවරයා පිලිබඳ විග්‍රහය පසුව දැක්වේ)

* ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5 කි. ඊළඟ පාර්ලිමේන්තුව දක්වා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදු නොවේ. ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් පමණි. වර්තමාන දෝෂාභියෝග ක්‍රියාවලිය අහෝසි කෙරේ.

අග්‍රමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය

* අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් වැඩි දෙනෙකුගේ කැමැත්ත ඇති බව පෙනෙන මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස නම් කරනු ලැබිය යුතුය. අගමැතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය අගමැතිවරයෙක් පත් කරනු ලැබේ.

* කැබිනට් මණ්ඩලය ඇමැති වරු 30 ක් ඉක්මවිය නොහැකිය. නියෝජ්‍ය ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 40 ඉක්මවිය නොහැකිය. පාර්ලිමේන්තුවේ ආසන වැඩිම ගණනක් නියෝජනය කරනු ලබන පක්ෂය සහ ඊලඟට ආසන වැඩිම ගණනක් නියෝජනය කරනු ලබන පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් ගොඩ නැගෙන අවස්ථාවකදී එම සංඛ්‍යාවන් 45 සහ 55 ලෙස නොඉක්මවනු ලැබේ. මෙය විධි විධානය පවත්වන්නේ මීලඟ පාර්ලිමේන්තුව සඳහා පමණි.

වර්තමාන ජනාධිපතිවරයා විෂයෙහි පමණක් බලපවත්වන විශේෂ විධි විධාන

* වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය තුල ඔහු ජාතික ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසර විෂයන් හි වගකීම උසුලනු ඇත.

පාර්ලිමේන්තුව

* පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 කි. මුල් වසර 4 යි මාස 6 ක කාලය තුල පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක යෝජනා සම්මතයක් අවශ්‍ය ය.

ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා

* ව්‍යවස්ථාදායක සභාව පස් දෙනෙකි. ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවේ බහුත්වවාදී ස්වරූපය නිරූපනය විය යුතුය. ජනාධිපති විසින් පත් කළද ඔවුන් නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නායකයන්ගේ උපදෙස් මත අගමැතිවරයාගේ සහ විපක්ෂනායක වරයාගේ සාමූහික අනුමැතියෙනි.

*යෝජනා කළ යුතු පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණතාවය සහ සමාජ විවිධත්වය යන කරුණු සැලකිල්ලට ගත යුතුය.

* ස්වාධීන කොමිෂන් සභාවන්ට අලුතින් දෙකක් එකතු වේ. ඒවා නම් විගණන සේවා කොමිසම සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම ලෙසය.

* ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනි. එහිදී එම සභාව අගවිනිසුරු, අධිකරණ අැමැති, නීතිපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ අදහස් විමසා බැලිය යුත්තේ ය.

* ජාතික පොලිස් කොමිසම - පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවන්හිදී හැර අන් සියලු අවස්ථා වලදී පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට සහභාගී වීය යුත්තේය.

රාජ්‍ය සභාව

* ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු යහපාලනයේ මූලධර්ම මත පිහිටුවා ආණ්ඩුවේ ආයතන පද්ධතිය ඔස්සේ ක්‍රියාත්මක කිරීම පිලිබඳව ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීම මෙම සභාවේ කාර්ය භාරයයි.

* ව්‍යවස්ථාදායක සභාවේ සහ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ අනුමැතියෙන් 35 දෙනෙකුගෙන් සමන්විත මෙම මණ්ඩලය අගමැතිවරයා විසින් සහ විපක්ෂ නායකවරයා විසින් පත් කරනු ලැබේ. ඉන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවේ නියෝජනය වන අනුපාතයට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් නියෝජනය විය යුතු අතර පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති පක්ෂ වලට ඉතිරි ආසන 15 බෙදී යනු ඇත.

* මේ සඳහා පත් කරනු ලබන සියළුම පුද්ගලයන් ගෞරවනීය පුද්ගලයන් විය යුතු සේම තම වෘත්තීයන්හි උසස් ජයග්‍රහණ ලබා ගත්තවුන් විය යුතුය. එහි සභාපති වරයා සහ නියෝජ්‍ය සභාපති වරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේය.

පාර්ලිමේන්තු කමිටු

* සෑම අමාත්‍යාංශයක් සඳහාම පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් තිබිය යුතුය.

* තේරීම් කාරක සභා, උපදේශක කාරක සභා, පොදු ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව සහ මහජන පෙත්සම් කාරක සභාව ආදී මේ සියල්ල පොදු ජනතාවට විවෘත විය යුතුය.

* පොදු ගිණුම් කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිත්වය දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම විපක්ෂ නායකවරයා විසින් නම් කළ යුත්තේය.

පණත්

* හදිසි පණත් හැරුණු කොට අන් සියළු පණත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනට දින 14 කට පෙර ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ යුත්තේය. සෑම පණතක්ම ජනාධිපතිවරයා විසින් සහතික කරනු ලැබිය යුතුය.

විගණකාධිපතිවරයා සහ විගණන සේවා කොමිසම

* විගණන සේවා කොමිසම සමන්විත වන්නේ විගණකාධිපතිවරයා, නියෝජ්‍ය විගණකාධිපතිවරයා හෝ ඊට ඉහල තනතුරු දැරූ විශ්‍රාමික විගණන නිලධාරීන් දෙදෙනෙක් සහ විගණනය ගණකාධිකරණය නීතිය ආර්ථික විද්‍යාව හෝ රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රයන්හි අනභිබවනීය සේවයක් ඉටු කරන ලද සහ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂඨ විධායක තනතුරක වසර 15 කට වඩා වැඩි සේවා ඉතිහාසයක් හිමි විශ්‍රාමික නිලධාරීන් දෙදෙනෙක් ඇතුලු 5 කගෙන් සමන්විත වේ. ඒ අය ව්‍යවස්ථාදායක සභාවේ රෙකමාදාරුව සහිතව ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.

ජාතික ප්‍රසම්පාදන කොමිසම

* ප්‍රසම්පාදනය, ගණකාධිකරණය නීතිය හෝ රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රයන්හි අත්දැකීම් බහුල අවම වශයෙන් සාමාජිකයන් 03 කගෙන් සමන්විත වන පරිදි සාමාජිකයන් 05 දෙනෙකුගෙන් මෙම කොමිසම සමන්විත විය යුතු වන අතර ඒ සඳහා ව්‍යාවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.

* රජයේ කටයුතු සඳහා මිලදී ගනු ලබන භාණ්ඩ හෝ සේවාවන් අපක්ෂපාතී සාධාරණ විනිවිද භාවයෙන් යුත් තරඟකාරී සහ ලාබදායී ලෙස මිලදී ගැනීමට ක්‍රියා පිලිවෙත් සැකසීම සහ මග පෙන්වීම මෙම කොමිසමේ කාර්ය භාරයයි.

* රජයේ ඕනෑම මිලදී ගැනීමකදී මෙකී කොමිසම විසින් සොයා බලනු ලබන පිරිවිතරයන් 5 ක් තිබේ.

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය

* තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස සලකණු ලැබේ.

* නීතිය විසින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම සඳහා බලපාන්නා වු ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, මහජන ආරක්ෂාව, අපරාධ මර්දනය, සෞඛ්‍ය හෝ ගුණධර්ම ආරක්ෂාව, අන් අයගේ පිලිගැනීම හෝ අයිතිය ආරක්ෂා කිරීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, රහසිගතව ලබා ගන්නා තොරතුරු හෙලිදරව් කිරීමෙන් වලක්වා ගැනීම, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, ආදිය හැරුණු කොට අනෙක් සියළු තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතිය ඇත්තේය.

මෙකී 19 වෙනි සංශෝධනය අප්‍රේල් 22 දා වන විට නීතිගත වී තිබිය යුතුය. 17 වන සශෝධනයේ සඳහන් අනෙකුත් කොමිෂන් සභාවන්ද ස්වාධීන කොමිෂන් සභා ලෙස ඒ වන විට බලාත්මක කර නීතිගත විය යුතුය. 22 දායින් පසුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස් වරයාට බලය දිය යුතුය.
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ජනාධිපතිවරයා

    * ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය.

    me katawe sundarama kella menna meka

    ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය

    itin ahawal ekatada janadhipathi kenek. ekath wiyadamak ne. oya post eka nethi kalanam agamethita tawa eka wedak wedi wenawa echcharai......

    dan oya agamethi bale pawarana kena rajitha wenna ethi neda. hambo ran gonja ehema oya post ekata awoth hanuma netta ginitiyagatta wage tiyewi
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මොකෝ වචන හැලලා? මේකෙන් වත් මැරිච්ච අප්පච්චිට පණ දෙන්න පුලුවන්ද කියලා බලනවද? :rofl:
    සම්පූර්ණ වාක්‍යම අර්ථකථනය කරමු නේද?

    අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය.

    මටත් මෙතන කොස්සක් පේනවා :yes:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ජනාධිපතිවරයා

    * ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය.

    me katawe sundarama kella menna meka

    ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය

    itin ahawal ekatada janadhipathi kenek. ekath wiyadamak ne. oya post eka nethi kalanam agamethita tawa eka wedak wedi wenawa echcharai......

    dan oya agamethi bale pawarana kena rajitha wenna ethi neda. hambo ran gonja ehema oya post ekata awoth hanuma netta ginitiyagatta wage tiyewi

    Oke ochchara honda dewal thiyenawa. Umbata penune oka witharai neda....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන ජනදිපතිට යම් බලයක් තියනවා. නාමිකව ජනාදිපති කෙනෙක්ම නෙමයි. බල තුලනයක් වෙන එක හොදයි. අනුරාදට ඕක ප්‍රශ්නයක් මහින්දට අයිත එන්න බැරි නිසා වෙන්න ඇති. බැරි වෙලා වත් මහින්ද අවා නම් හොදයි හොදයි කියයි. එකට එතින් අපිට කණගාටුයි. ඔයා වගේ අය දැකීමත් කණගාටුයි.

    හොද යෝජනා ටිකක් තියනවා. උපදේශය කියන්නේ උපදේශය මිසක් අගමැතිට හෝ වෙන් කෙනෙක්ට යටත්ව කියන එක නෙමයි. තනි තීරණ ගන්න බැහැ. අගමැතිගේ මතයට ඇහුම්කන් දෙන්න ඕනි ඒ වගේ දෙයක් නේද කියලා තියෙනේ. එක ගොඩක් හොද දෙයක්.
     
    පහුගිය අවුරුද්දේ මහින්ද 18 වෙනි සංශෝධනය ගේනකොට ඔක්කොම උස්සලා අත්පුඩි ගැහුව ඒකෙන් රටට හෙන ගහනවා කියලා දැන දැනත්. කිරිබත් කෑවා. එහෙව් (මන්ද) බුද්ධිමත් අනුගාමිකයෝ පිරිසක් තමයි ඉන්නේ. මේ වගේ දෙයක් දැක්කම අර පාට කන්නාඩි වලින්ම තමයි බලන්නේ.හොඳක් දකින්නේම නෑ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කැබිනට් මණ්ඩලය ඇමැති වරු 30 ක් ඉක්මවිය නොහැකිය. නියෝජ්‍ය ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 40 ඉක්මවිය නොහැකිය. පාර්ලිමේන්තුවේ ආසන වැඩිම ගණනක් නියෝජනය කරනු ලබන පක්ෂය සහ ඊලඟට ආසන වැඩිම ගණනක් නියෝජනය කරනු ලබන පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් ගොඩ නැගෙන අවස්ථාවකදී එම සංඛ්‍යාවන් 45 සහ 55 ලෙස නොඉක්මවනු ලැබේ.

    :baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පහුගිය අවුරුද්දේ මහින්ද 18 වෙනි සංශෝධනය ගේනකොට ඔක්කොම උස්සලා අත්පුඩි ගැහුව ඒකෙන් රටට හෙන ගහනවා කියලා දැන දැනත්. කිරිබත් කෑවා. එහෙව් (මන්ද) බුද්ධිමත් අනුගාමිකයෝ පිරිසක් තමයි ඉන්නේ. මේ වගේ දෙයක් දැක්කම අර පාට කන්නාඩි වලින්ම තමයි බලන්නේ.හොඳක් දකින්නේම නෑ.

    oka ohoma thamayi.. janme varadda