විනය තකා, වාටි ලිහීම

xhams

Banned
Jul 17, 2013
16
14
0
විනය තකා, වාටි ලිහීම

සිරි ලංකාවේ ප්‍රවීණ හා ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන්ගේ පත්තර හා රූපවාහිනි නාලිකා කියවූ විට හා නැරඹූ විට, සිංහල තේරෙන වෙන ජාතියක එකෙකුට සිතෙනු ඇත්තේ, මේක සිවිලයිස් සමාජයකට වඩා බාබේරියන් සමාජයක් බවය. පිට රට උන් ඕනා නැත. අපේ රටේ වුවද, මොළයක් තීබෙන එකෙකුට නම්, මේ රට පෙනෙන්නේ එලෙසය. එය හෙලා දැකීම කෙසේ වෙතත්, අගය කරනා පිරිස වැඩි බව, මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන කප්පරක් මැතිවරණ වලින් ඔප්පු කොට හමාරය.


උගත් යයි කියනා උන් බුද්ධිමත් නැත. බුද්ධිය තියෙන එකා උගත් නැත. ලංකාවේ අජ්ජාපන ක්‍රමයේ හා විභාග ක්‍රමයේ, සිලබස් හා සිස්ටම් හදා තියෙන්නේ ඒ විදියටය. මේ සියළු කරුම ජනතාව වෙත පතිත වන්නේ 56 න් පසුවය. සුද්දා එන්න පෙර අපේ රටේ තිබුනේ, සිවිල් සමාජයක් නොවේ. වැඩවසම් ක්‍රමයේ රජෙක් යටතේ ජීවත්වූ, කුළවලට බෙදා වෙන්කරන ලද වහළුන් පිරි දේශයකි. එම ක්‍රමය තුල අධ්‍යාපනයක් නැත. එම හිමිකම් තිබුනේ භික්ෂූන්ට හා රජ පවුල්වල උන්ට පමණය. ඒ කියා දුන්නේද, මිනිසා පෙලීම සඳහා කඩු පයිට් හා සාසනේ තම පන මෙන් රැකිය යුතුය යන්න පමණි.

එහෙත් සුද්දා ආ පසු ක්‍රමේ වෙනස් විය. උන් පටන් ගත්තේද, තම ආගම පැතිරවීමේ මිෂනාරි ගේමක් වූවද, ඊට අමතරව, වෙනත් විෂයන්ද ඉගෙනීමේ වාසනාව ආගම වෙනස් කර ගත්ත උන්ට ලැබුනේය. මේ සිස්ටම් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ දෙමළ ජනතාවයි. එය අහඹු දෙයක් නොව නියතයකි. ඕනෑම රටක ජීවත් වන සුළුතර ජනතාවගේ මානසිකත්වය එය බව, පිටරටක ජීවත් වන, සිංහල එකෙකුට වුවද තේරෙන සත්‍යයකි. පන්සල් වල උන්නාන්සේලාගේ ඉහ මොළ රත්වී ග්‍රහ තාරකාවන් පේන්න පටන් ගත්තේ මින් පසුය.

මිෂනාරී අධ්‍යාපනයෙන් ලද දැණුම පමණක් නොව. එංගලන්තයෙන් ලද දැණුමද උපයෝගි කොටගෙන, සුද්දන්ගේ පිහිටෙන්ම, රට පුරා බෞද්ධ පාසල් ආරම්භ වන්නේ ඉන් පසුවය. සුද්දාට කෙලින්න එසේ ආරම්භ කළද, ජනතාව දැණුවත් වීම, මළ කරුමයක් බව රදළයන්ට වැටහෙන්නේ මින් අනතුරුවය. බුද්ධිමත් ජනතාවක් පාළණය කරනවාට වඩා, ළිං මැඩි හරකුන් රැලක් පාළණය ඉතා ලෙහෙසි කරුණක් බවත්, මෝඩ මිනිසා තම ආගම හා ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනා බව වටහා ගන්නා. මුලින් හින්ගල කතා කරගන්නවත් බැරි, කලිසම් කෝට් ඇන්ද, බන්ඩාරනායක, දෙමලාගේ වේට්ටි ඇඳගෙන. (එය ඔවුන්ගේ ජාතික ඇඳුමයි, බන්ඩාරණායක පරම්පරාවේ මුදුන් මුල් ඇදි ඇත්තේ තමිල්නාඩුවේය.) එය හින්ගල කිරීමට, ඊට උඩින් අමුඩ ලේන්සුවක් කරේ දාගෙන 56 දි, සඟ වෙද ගුරු ගොවි කම්කරු යන නූගත් ජනතාවගේ කර මතින් පාලණයට පැමිණ කරනා විනාශයේ ප්‍රතිඵල, බුක්ති විඳිමට ලැබී තිබෙන්නේ අද දවසේය.

ඔය උඩින්ම තියෙන පින්තූරය හොඳට නිරීක්ෂණය කරන්න. දකුණු පැත්තේ සිටින්නේ රටේ බහුතරයක් මෙන්ම, කොළඹ වෙසෙන බහුතරයක්ද නොදන්නා, කොළබ උසස් බාලිකා විදුහලක, ශිෂ්‍යාවන් පිරිසකි, ඒ විදේශිකයන් නොවේ, අම්මට සිරි ලංකාවෙම ගෑල්ලමයින්ය. වම් අත පැත්තේත් ඉන්නේත්, ගෝත්‍රික සමාජයක ගෑල්ලමයින් පිරිසක් නොව, එම රටේම ගෑල්ලමයින් පිරිසකි. එසේනම් මේ වෙන්ස කුමක්ද..? මේ තමයි රදලයන් බලාපොරොත්තු වූ දෙය. මේ තමයි අන්සිවිලයිස් සමාජය.

මේ තමයි 56 විප්ලවයේ ප්‍රථිපල. 56 පාර්ලිමේන්තුවට එන්නේ, අර කියු පංච මහා බලවේගේ සෙට් එකය. මුන්ට, ඒ නම දාපු උන්ට නම් සම්මාන දෙන්න වටින්නේමය. මන්ද මුන් දන්නේ පංච දාන්න පමණමය. ගම් වල හා නගරයේ ජීවත්වූ, සුද්දාගේ සිවිල් සමාජයට හුරු විය නොහැකි වූ, මරි මොට්ට කාළකන්නි ජනතාවගේ පිහිටෙන්, නැවතත් වැඩවසම් ක්‍රමයක් ආරම්බ වන්නේ ඉන් පසුවය. ගමේ බයියන් හැරුණු විට එම පක්ෂයේ උන්නේ, වේට්ටි ඇඳ අමුඩ ලේන්සු කරේ දමාගත් රදළයින් හා සමාජවාද පඩත්තරයෝ බව, ඕනෑම කෙනෙකුට 56 පත්වූ සෙට් එක දෙස බැලූ විට, සක්සුදක් සේ පැහැදිල කර ගත හැකිය.

සමාන්‍ය ජනතාව, ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීම නවතා දමන ලදි. එතැන් පටන් ඉගෙන ගන්න ලැබුනේ, සිංහල පමණි. ළෝකය ගැන දැන ගැනීමට එකල තිබූ එකම මාර්ගය වූ ඉංග්‍රීසී පත පොත කියවීමේ අවස්ථාව, එමගින් අහිමි විය. දැන් සිවිල් පාලනයේ සිටින්නේ, ඒ 56 බූරූ පුතුන්ගේ පුතුන්ය, එනම් දෙවන පරම්පරාවයි. 56ට පෙර රට පාළණය කළ හා ළෝකය ගැන දැන ගෙන උන් උගත්, බුද්ධිමත්, එමෙන්ම සිවිලයිස් පන්තිය, අද රාජ්‍ය පාලනයෙන්ද, සිවිල් සේවයෙන්ද දැක ගැනීමට නැත. ඔවුන් පදිංචිය සඳහා වෙනත් රටවලට ගොස් බොහෝ කල්ය.

56 බූරූ පුතුන්ට අජ්ජාපනයෙන් උගත් කම ලැබුනද, මුදල් හදල් තිබුනේ නැත. ඒ නිසා විවාහයන් කර ගත්තේ ජේ ආර් පප්පාගෙන් ගොඩ ගිය, මුදලාලිගේ දරුවන් සමගය. උන්ගෙන් පිරිසක් ඉගෙනගෙන රට හැර ගිය අතර, අනෙක් පිරිස, නොම්බර එකේ දේශීය රේන්ද කාරයෝ, දේෂීය ඖෂධීය ශාක නිශ්පාදකයෝ, රති සැප ලබා දීමේ විශේෂඥයෝ, මිනිසුන් නිවන් දැක්වීමේ සේවා සපයන්නෝ, ආදී එකි මෙකි නොකී කප්පරක් වූ පාදඩ ක්‍රියාකාරකම් වල කප් ගහපු උන් වී, පාර්ලීමේන්තුවේද, පලා බබාවේද. නගර සභාවේද, පොලීසියේද, රජකරයි.

එහි පක්ෂ විපක්ෂ බේදයක් නැත. මේ මජර පාලන ක්‍රමය නිසා, මුළු රටම කොලොන්නාවෙ කුණු කන්ද මෙන් ගඳ ගැසුවද, මේ එකෙකුටවත් ඒවා නොදැන්නෙනේ, අසූචී රසම ප්‍රිය කරනා, නිළ මැස්සන් නිසාමය. පාලකයෝ පමණක් නොව අමාත්‍යංශ ලේඛම්, දිසාපති, යන සිවිල් සේවකයාගේ පටන් ගුරුවරයා දක්වාද, දොස්තරගේ සිට කොන්දොස්තර හා මගීයා දක්වාද, කිසිම විනයක් නැති, පුදුම උණක් ඇති රෝගීන් පිරිසක් වෙසෙන දිවයිනක් බවට පත්වී හමාරය.

තවත් බොහෝ ප්‍රශ්ණ තිබුනා වූවද, ලිපිය දිග වැඩි වන නිසා දැන් ප්‍රස්තුත කාරණයට එමු. පලාත් සභාවේ උන රෝගය උත්සන්න වූ බල්ලෙක්, පොල්ලක්ද ඇතැතිව ගොස්, ගුරුවරුයක් දන ගස්සා අද ඉන්නේ මහ උළු ගෙදරය. මූ තව ටිකෙන් පොල්ලෙන් කෙලින්නත් ගිය එක නවත්වා ගෙන තිබෙන්නේ අනෙක් ගුරුවරුන්ය. එයා දණ ගැසීමට අකමැති වූවත්, අනෙක් උන් කියා තිබෙන්නේ, දන ගසන්න කියාය. ඊට අමතරව පලාත් සභාවේ සබාවේ බල්ලා, සංස්කෘත පාඩමක්ද ගුරුවරුනට හා සිසු දරුවන්ට කියා දී ඇත.

දැන් මෙහි හේතුව කුමක්ද? ටීචර්ගේ ඉන්ටවීව් එකෙන් සියල්ලම එලියට එන්නේය. ඇය කියන්නේ, පලා බබා මෙන්ම, මේ දරුවා ගැන හොඳින් දන්නා බවත්, ඉගෙනීමට දක්ෂ, ඉතා විනීත, අහිංසක දරුවකු බවත්ය. නමුත්, පසුව කියන්නේ, මේ දරුවා පලා බබාගේ දරුවා බව, දැන ගෙන උන්නේ නැති බවය. පලා බබාගේ දරුවා වේවා, නගර සභාවේ කුණු අඳින එකාගේ දරුවා වේවා, ගවුම් වල වාටි ලෙහන්න කියා.. කියා තිබෙන්නේ මොන චක්‍රලේකයේදැයි කියා, මට ජෝෂප් ස්ටාලින් හෝ කියා දෙනවානම් ලොකු දෙයක්ය.

ඇයගේ ඇඳුම කොටනම්, මුල් දිනයේ අවවාද කළ යුතුය. එසේ නොමැතිනම්, පාසල් දිනේට පමණක් නොව, නිවාඩු දිනවලත් පාසලට කැඳවන දෙමාපියන්ට මෙය කිව යුතුය. ඒ කියා අසන්නේත් නැතිනම් පින්සිපොල්ට කියා, දරුවා පාසලෙන් ඉවත් කල යුතුය. ශාරිරක දඬුවම් පැනවීම නීතියෙන්ම නවතා ඇති කලේක. මෙවන් මානසික දඬුවම් වෙත යොමු වන්නේ, ගුරුවරුන් තුල ඇති උන නිසාය. අනෙක, පාසල්වලට මිනි ගවුම් ඇඳගෙන එන්නේ නැත. ගවුම දනහිසේ ප්‍රමාණයට තිබුනාම, හොඳටෝම ඇතිය. නැතුව පරඬැල් වගේ එල්ලේන විට, ජම්බු ගහෙන් වැටුන ගමන් කෙල්ලන්ගේ, පුහුල් ගෙඩි වන් සුන්දර තාවය නැතිවී යනවාය.

මේවා, නියම ළමා අපචාරයන්ය. මේ දරුවා වාටිය ලිහූ, නූල් එල්ලෙන, ගවුම ඇඳගෙන පාරේ යන්නේ කෙසේදැයි යන දේ ගැන, ගුරුවරියට වගේ වගක් නැත. ඒ උණ නිසාය. මේ දරුවා, ලැජ්ජාවට ටයි පටියෙන් එල්ලි ජීවීතය නැති කර ගත්තා නම්, ටීචර්ලා වග කියන්නෙ නැතිය. දරුවා නැති වන්නේ දෙමාපියන්ටය. මෙවන් දේ කරනා විට, ඒ දරුවා, මුළු සමාජය සමගම වෛර බැඳ ගන්නා බව, ගුරුවරුන්ට උපාධියටවත්, ගුරු පුහුණු විජ්ජාල වලවත්, වැඩ මුලු වලවත්, රැස්වීම වලවත්, කියා දෙන්නේ නැත.

එසේ සිතීමට ඕනා කමකුත් නැත. මොකෝ ඒ කුඩා දරුවන් පිරිසකගේ නායකාය යන, උණ රෝගය නිසාය. අනික පාසලේ විනය බාර උණ නිසාය. (සාමාන්‍යයෙන් මේ තනතුර දෙන්නේ, දරුවන් සමඟ සහ සම්බන්ධතාවය අඩු උන්ටය.) විනය තකා, තම දරුවන්ගේ ගවුම් වල වාටි ලිහන්න ගොස්, බලා බබා මෙන් පොල්ලක් රැගෙන නොව, අපේ මර්වින් සිල්වා වගේ, මල පැන්න තාත්තා කෙනෙක් ඇවිත් ටීචර්ගේ, තනය විකා ගියොත් නම් පත්තර කාරයන්ට මල් මසුරන් හෙඩිම් ටිකක් දාගන්න පුළුවන් වෙන්නේය. එම නිසා නිසා ටීචර්ලාට කියන්නට තියෙන්නේ විනය තකා උණ පාට් දාන්න ගිහින් තමුන්ගේ තනය විකා ගන්නා එක වලක්වා ගන්න ලෙසය.

ලිපියේ දිගු බවට සමාව අයදිමි..

කොහෙන් හරි උස්සන
 
  • Like
Reactions: PMUB