වින්ඩෝස් සෙවන් සිංහලෙන්

  • Jul 4, 2009
    7,259
    462
    83
    වින්ඩෝස් සෙවන් සිංහලෙන්

    sinhala-unicode-1.jpg


    Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත.
    පද්ධති අවශ්‍යතා
    * Microsoft Windows 7
    * Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
    * 4.63 Mb ඉඩක් බෑමට
    * 15 Mb ඉඩක් සිටුවීමට
    බාගැනීම සඳහා පහත සබැඳි බලන්න.


    බිටු 32 මෙහෙයුම් පඬතිය සඳහා:
    LIP_si-LK-x86.msi බාගන්න


    බිටු 64 මෙහෙයුම් පඬතිය සඳහා:
    LIP_si-LK-x64.msi බාගන්න


    උපදෙස්
    අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු ව BitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න.
    Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය.
    Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Properties තෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත.
    පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, බිටු-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත.
    1. බෑම ඇරඹීමට මෙම පිටුවෙහි Download බොත්තම ක්ලික් කරන්න, නැතහොත් පතන ලැයිස්තුවෙන් වෙනස් භාෂාවක් තෝරා Go ක්ලික් කරන්න.
    2. පහත සඳහන් දෑ අතරින් එකක් කරන්න:
    * ස්ථාපනය වහා ම ඇරඹීමට Open ක්ලික් කරන්න නැතහොත් Run this program from its current location.
    * පසු අවස්ථාවක ස්ථාපනය සඳහා බෑම් ඔබේ පරිගණකයට පිටපත් කිරීමට Save හෝ Save this program to disk ක්ලික් කරන්න.


    මේක මට ලැබුන ඊමේල් එකක්. ඒක මට එවපු මගේ යාලුවට ස්තූති කරන ගමන් මම මේක ඔයාලත් එක්ක බෙදා ගන්නවා. රීපෝස්ට් නම් ඉතින් සොරි

    blog : Thambaru Wijesekara's Blog