අධිකරණයේ කටයුතු කිරීමට ලැබීමේ එක් වාසියක් වන්නේ විවිධාකාර පුද්ගලයන් සමග සම්මුඛ වීමට අවස්ථාව ලැබීමයි. සතියේ වැඩ කරන දින 5 තුළම මිනිසුන්ගේ විවිධාකාරයේ ප්‍රශ්න සඳහා ඇහුම්කන් දීමට මෙනිසා හැකියාව ලැබී ඇත.මිනිසුන් විවිධාකාරය යන්න එහිදී ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි. එසේම එකම සිදුවීමක් සම්බන්ධයෙන් වුවද මිනිසුන්ට විවිධාකාර අදහස් ඇති බව ද එහිදී හඳුනා ගැනීමට හැකි වේ. නිදසුනකට මායිමක පිහිටා ඇති ගසක් පිළිබඳව මිනිසුන් කීප දෙනකුට විවිධ අදහස් ඇත. මෙනිසා මිනිසුන්ගේ ස්වභාවය, හැසිරීම් ගැන තීන්දු තීරණ ප්‍රකාශ කිරීමට තවත් මිනිසුන් කටයුතු කිරීම එතරම් ම ප්‍රඥාගෝචර නොවන බව මෙහිදී කිව යුතු ය. අපි ඉතා ඉක්මනින් මිනිසුන් විනිශ්චය කරන්නෙමු. එයා මෙහෙමයි, අරයා මෙහෙමයි ආදී වශයෙන් මිනිසුන්ගේ ගුණදොස් විචාරමින් මිනිසුන් විනිශ්චය කරන්නෙමු. මෙය කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවේ. නමුත් බහුතරයකට එය තේරුම් යන්නේ නැත. අද මෙසේ වුවත් දැනට වසර සිය ගණනකට පෙර මිනිසුන් ඒ පිළිබඳව අවබෝධයෙන් සිටි බවට බයිබලය සාක්ෂි දරයි. බයිබලයේ මතෙව් 7 හි මෙසේ සඳහන් වේ.
නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය. නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද? නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද? වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට නුඹට හොඳ හැටි පෙනෙන්නේය.
බුදු දහමේ ඉගැන්වීම් අනුව ද අනුන් ගැන තීරණය ගැනීමට වඩා මුල් තැන දෙන්නේ තමුන් ගැන කරුණු කාරණා සොයා ගැනීමට ය. භද්දවග්ගිය කුමරුන්ට බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ අනුන් ගැන සොයනවාට වඩා තමුන් ගැන සෙවීම වැදගත් බවයි. ධම්මපදයේ ධම්මට්ඨ වර්ගයේ මෙසේ සඳහන් වේ.
යම් කාරණයකින් කටයුතුවූ අර්ථය (ඡන්දාගති ආදියෙහි පිහිටා මුසාවාදයෙන්) වහා විනිශ්චයකෙරේද ඒ කාරණයෙන් (විනිශ්චය) ධර්මයෙහි පිහිටියා නම් නොවෙයි. නුවණැත්තාවූ යමෙක් වනාහි සත්‍යවූ කාරණයද අසත්‍යවූ කාරණයද යන දෙක නිශ්චය කෙරේද, සත්‍යවූ තෙපුලෙන් පිළිවෙළින් (විනිශ්චය) ධර්මයෙන් සමසේ (අපරාධවූ පරිද්දෙන්) අනුන් හික්මවාද (විනිශ්චය) ධර්මය රක්නා ලද්දාවූ නුවණැති පුරුෂ තෙම (විනිශ්චය) ධර්මයෙහි පිහිටියේයයි කියනු ලැබේ.
මා සිතන ලෙසට අනෙක් අයද සිතීමේ අවශ්‍යතාවක් නැත. මෙය ප්‍රජාතාන්ත්‍රවාදී රටකි. සිතීමේ නිදහස සියල්ලන්ට ම ඇත. වැඩේ කියනුයේ ඒ නිදහස ඔස්සේ මත දරන්නා වූ සමහරු විසින් සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය භාවිතා කරමින් මිනිසුන් විනිශ්චය කරනු ලැබීමයි. එසේ කරනු ලබන විනිශ්චයන්ට පසුව එහෙයි කියන්නෝ පොරකමින් රැස්වෙති. ඔවුහු හරි කුමක් ද වැරදි කුමක් ද නොදැන රැල්ලට විනිශ්චය කිරීමේ යෙදෙති. ඒ විනිශ්චයන් දෙස බලා ඉන්නා වූ තවත් අය ‘අනේ අරය මේ වගේ කියලා මම කවදාවත් හිතුවෙ නැහැ. එයත් මේක ෂෙයාර් කරලනෙ‘ වැනි ලෙසින් ඒ විනිශ්චය කරන්නවුන් විනිශ්චය කරන්නට යෙදෙති. සමාජ මාධ්‍යයේ හුවමාරු වන ලිපියක්, ඡායාරූපයක් දැක ඒ ලිපියේ හෝ ඡායාරූපයේ අන්තර්ගතය අනුව තම සැමියා හෝ බිරිඳ විනිශ්චය කරන්නා වූ කලත්‍රයන් කෙතරම් නම් ලංකාවේ සිටිත් ද. අධිකරණයේ කටයුතු කරද්දී මෙය හොඳින් දැක ගැනීමට ලැබේ. බොහෝවිට මෙසේ විනිශ්චය කරන්නේ දෙපාර්ශ්වයේ කරුණු අසා හෝ නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ අවසානයේ තමුන්ගේ සන්තානයේ තමුන් විසින් ම දුක ඇති කරවා ගැනීම යි. ඉදින් මේවා දකිද්දී මිනිසුන් තුළ ශික්ෂනයක්, හික්මීමක් නොමැතිවීම ගැන පුදුම හිතෙන්නේ නැත. කටට එන දේ නැත්නම් හිතට එන දේ කියා දැමීම තුළ හික්මීමක්, ශික්ෂනයක් කෙසේ බලාපොරොත්තුවන්න ද?

Last edited: