මිනිසුන් සමග ජීවත්වීමට ලැබීම තුළ ජීවිතය ගැන අළුතින් දැකීමට අවස්ථාව ලැබේ. මිනිසුන් සමග කටයුතු කිරීමට යාවත්කාලීනවීමට සිදුවන අතර මිනිස් ස්වභාවය පිළිබඳව හැදෑරීමට ද සිදු වෙයි. එහිදී බුදු දහම, ඉතිහාසය ආදී විෂයන් පිළිබඳව ලබා ගන්නා අවබෝධය මහඟ උපකාරයකි. ඒ ආකාරයට මා ලබා ගන්නා දැනුම බොහෝ අවස්ථාවලදී ඔබ සමග සමාජ මාධ්‍යය හරහා බෙදා ගැනීමට මා කටයුතු කරමි. ඒ කාට හෝ ඉන් ඵලක් ලැබේයැයි සිතන නිසාවෙනි.
ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ මුණ්ඩරාජ නම් සූත්‍රයක් වේ. මෙය මිනිසුන්ට ඉතා වැදගත්වන්නා වූ කරුණු ඇතුළත් සූත්‍රයකි. මුණ්ඩරාජ සූත්‍රය බුදුරජාණන්වහන්සේ දේශනා කළ සූත්‍රයක් නොවේ. නමුත් එහි ඇති කරුණු බුදු රජාණන්වහන්සේ විසින් අවස්ථා කීපයකදී දේශනා කර තිබේ. මේ මුණ්ඩරාජ සූත්‍රය දේශනා කරන්නේ පාඨලීපුත්‍රයේ රජ කළ මුණ්ඩ රජුට ය. බෞද්ධ සාහිත්‍යයට අනුව මුණ්ඩ රජු අජාතශ්‍රැතෘගේ මුණුපුරා ය. ඔහුගේ පියා වූ උදායි පාඨලීපුත්‍රය මගධයේ අගනගරය කරන ලදි. මහා පරිනිර්වාණ සූත්‍රයේදී පාඨලීපුත්‍රය ගැන සඳහන්ව තිබේ.
මේ මුණ්ඩ රජු පන මෙන් ආදරය කළ භද්‍රා බිසව තරුණ වයසේදී ම මිය ගියා ය. ඇගේ මරණය රජුට දරා ගැනීමට නොහැකි විනි. රජුගේ සියළු දෛනික වැඩ කටයුතු ඒ සමග අවුල් විනි. ඔහු නෑමෙන්, කෑමෙන්, රාජ්‍ය පාලනයෙන් ආදී සියලු කාර්යයන් වලින් බැහැර වී ශෝක වෙමින් කල් ඇරියේ ය. මෙසේ කල් අරින රජතුමා ඔහුගේ හිතවත් සේවකයකු වූ පියක ඇමතියාට කථා කර බිසවගේ සිරුර යකඩ බෙහෙත් ඔරුවක ගල්වා කාමරයෙන් තබන ලෙසින් නියම කරන ලදි. ඒ අවශ්‍ය අවශ්‍ය වෙලාවට රජුට එය ඇර බිසවගේ රුව බැලීමට ය. පියක ඇමතියා ඒ කී ලෙසින් කරවා දුන්නේ ය. කෙසේවෙතත් පියකට රජු ගැන මෙසේ සිතිනි. “මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්‍මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි..
රජතුමා පියකගේ හැඳින්වීමෙන් නාරද මහතෙරුන් දැක්මට ගියේ ය. රජතුමාට ද ඒ වන විට තමුන් ශෝකයෙන් ජීවත්වන බව දැනී තිබිණි. එසේ නොවන්නට ශෝකය දුරු කර ගැනීම සඳහා නාරද මහතෙර හමුවට නොයන්නේ ය.
රජු, නාරද මහතෙර හමු විය. හමු වූ රජුට නාරද මහතෙරුන් මෙසේ දේශනා කළ සේක.
මෙකී ධර්මතා ඔබටද මටද ඔබේ අසල්වැසියාට ද තරහකාරයාට ද මිතුරාට ද එක ලෙසින් මුහුණ දීමට සිදුවන්නා වූ සහ එපා කියා බැහැර කළ හැකි දේ නොවෙයි.
ඉන්පසු නාරද මහතෙරුන් අශ්‍රැතවත් පෘථග්ජනයා සහ ශ්‍රැතවත් පෘථග්ජනයා පිළිබඳව රජුට විස්තර කර දුන් සේක. සරලවම ගත් විට අශ්‍රැතවත් පෘථග්ජනයා වන්නේ ධර්මය නොදන්නා නැවත නැවත සසරේ ඉපදීම පතන්නා වූ තැනැත්තා ය. ශ්‍රැතවත් පෘථග්ජනයා වනාහි ධර්මය දන්නා නැවත නැවත සසරේ ඉපදීම නොපතන්නා වූ තැනැත්තා ය. මේ සඳහා තවත් අර්ථ නිරූපන තිබේ.
සූත්‍රයේදී නාරද මහතෙරුන් විසින් අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් පෙර දැක් වූ ධර්මතා පහේ දී හැසිරෙන ආකාරය විස්තර කරයි. ඒ මෙසේ ය.
ඔබට මේ කරුණු කියවා ඔබ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ද යන්න පිළිබඳව ස්වයං තීරණයකට පැමිණිය හැක. යම් හෙයකින් ඔබ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් නම් මේ දැක්වෙන ආකාරයට ඔබට සතුටක් නම් නැත.
මීළඟට නාරද මහතෙරුන් රජතුමාට මේ ධර්මතා පහ සම්බන්ධයෙන් ශ්‍රැතවත් පෘථග්ජනයාගේ ස්වභාවය දේශනා කරයි.

“මුණ්ඩ නම් රජ තෙම යමෙකුගේ ධර්මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේද, එබඳුවූ කවර නම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පර්‍ය්‍යුපාසනය කරන්නේද?” කියායි. මෙසේ කල්පනා කරන පියකට එවකට පාඨලීපුත්‍රයේ කුක්කුටාරාමයේ වැඩ වාසය කරන්නා වූ නාරද මහතෙර සිහිපත් විනි. ඔහු ඒ පිළිබඳව රජු දැනුවත් කළේ ය. “දේවයන් වහන්ස, මේ ආයුෂ්මත් නාරද ස්ථවිර තෙම වනාහි පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරයි. ඒ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වනාහි පණ්ඩිතය, ව්‍යක්තය, නුවණ ඇත්තේය, බහුශ්‍රුතය, විසිතුරු කථා ඇත්තේය. යහපත් වැටහීම් ඇත්තේය. වැඩිමහළු වූයේද, රහත් වූයේද වේය” යි මෙසේ යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නැංගේය. ඉදින් වනාහි දේවයන් වහන්සේ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ ඇසුරු කරන්නේ නම්, දේවයන් වහන්සේ ආයුෂ්මත් නාරද ස්ථවිරයන්ගේ ධර්‍මයක් අසා ශොක නමැති හුල දුරු කරන්නේ නම් ඉතා යෙහෙක” කියායි.
රජතුමා පියකගේ හැඳින්වීමෙන් නාරද මහතෙරුන් දැක්මට ගියේ ය. රජතුමාට ද ඒ වන විට තමුන් ශෝකයෙන් ජීවත්වන බව දැනී තිබිණි. එසේ නොවන්නට ශෝකය දුරු කර ගැනීම සඳහා නාරද මහතෙර හමුවට නොයන්නේ ය.
රජු, නාරද මහතෙර හමු විය. හමු වූ රජුට නාරද මහතෙරුන් මෙසේ දේශනා කළ සේක.
“මහරජ, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැක්කාවූ මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්?
“ජරා ධර්‍මය නොදිරාවායි, “ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
“ව්‍යාධි ධර්‍මය නොපෙලාවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
මරණ ධර්‍මය නොමියේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
ක්‍ෂය ධර්මය ක්‍ෂය නොවේවායි ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
නැසෙන ධර්‍මය නොනසීවායි, ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොලැබිය හැකි කරුණක් වේ.
මෙකී ධර්මතා ඔබටද මටද ඔබේ අසල්වැසියාට ද තරහකාරයාට ද මිතුරාට ද එක ලෙසින් මුහුණ දීමට සිදුවන්නා වූ සහ එපා කියා බැහැර කළ හැකි දේ නොවෙයි.
ඉන්පසු නාරද මහතෙරුන් අශ්‍රැතවත් පෘථග්ජනයා සහ ශ්‍රැතවත් පෘථග්ජනයා පිළිබඳව රජුට විස්තර කර දුන් සේක. සරලවම ගත් විට අශ්‍රැතවත් පෘථග්ජනයා වන්නේ ධර්මය නොදන්නා නැවත නැවත සසරේ ඉපදීම පතන්නා වූ තැනැත්තා ය. ශ්‍රැතවත් පෘථග්ජනයා වනාහි ධර්මය දන්නා නැවත නැවත සසරේ ඉපදීම නොපතන්නා වූ තැනැත්තා ය. මේ සඳහා තවත් අර්ථ නිරූපන තිබේ.
සූත්‍රයේදී නාරද මහතෙරුන් විසින් අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් පෙර දැක් වූ ධර්මතා පහේ දී හැසිරෙන ආකාරය විස්තර කරයි. ඒ මෙසේ ය.
“මහරජ, අශ්‍රුතවත්වූ පෘථග්ජනයාගේ ජරා ධර්‍මය දිරයි. හෙතෙම ජරා ධර්මය දිරූ කල්හි මෙසේ නොසළකයි.
එකලාවූ මාගේම ජරා ධර්‍මය නොදිරයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම යම්තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ජරා ධර්‍මය දිරයි. මමද වනාහි ජරා ධර්මය දිරූ කල්හි ශොක කරන්නෙමි.
“වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි,
“ජරා ධර්මය දිරූ කල්හි, “ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි.
“මහරජ, මේ අශ්‍රුතවත් පෘතග්ජන තෙම විෂ සහිතවූ ශොක නමැති හුලෙන් විදිනා ලද්දේ, තමන්ම තවායයි තියනු ලැබේ.
“නැවත අනිකක්ද කියමි. මහරජ, අශ්‍රුතවත්වූ ප්‍රතග්ජනයාගේ ව්‍යාධි ධර්‍මය පෙලයි. හෙතෙම ව්‍යාධි ධර්මය පෙළූ කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේම ව්‍යාධි ධර්‍මය නොපෙළයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම් තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ව්‍යාධි ධර්මය පෙළයි. මමද වනාහි ව්‍යාධි ධර්මය පෙළූ කල්හි ශොක කරන්නෙම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ව්‍යාධි ධර්මය පෙලූ කල්හි ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. මරණ ධර්මය මරයි. හෙතෙම මරණ ධර්මය මියගිය කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේම මරණ ධර්මය මියයයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම් තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ මරණ ධර්මය මියයයි. මමද වනාහි මියගිය කල්හි ශොක කරන්නෙම්, වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම මරණ ධර්මය මරණ කල්හි ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි. හෙතෙම ක්‍ෂය ධර්මය ක්‍ෂයවූ කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේ ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි. වැලිදු සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, යම් තාක් වේද, සියලු සත්ත්‍වයන්ගේ ක්‍ෂය ධර්මය ක්‍ෂය වෙයි. මමද වනාහි ක්‍ෂය ධර්මය ක්‍ෂයවූ කල්හි ශොක කරන්නෙම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම ක්‍ෂය ධර්මය ක්‍ෂය කරණ කල්හි ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. නැසෙන ධර්මය නසියි. හෙතෙම නැසෙන ධර්මය නට කල්හි මෙසේ නොසලකයි. එකළාවූ මාගේම නැසෙන ධර්මය නොනසියි. වැලිදු යම්තාක් සත්ත්‍වයන්ගේ ඊම, යාම, චුතවීම, ඉපදීම, වේද, සියලු සත්ත්‍වයන්ගේ නැසෙන ධර්මය නසියි. මමද වනාහි නැසෙන ධර්මය නට කල්හි ශොක කරන්නෙම් නම් වෙහෙසෙන්නම් නම්, වැළපෙන්නෙම් නම්, ළෙහි අත් ගසමින් හඬන්නෙම් නම්, මුළාවට පැමිණෙම් නම් ආහාරයද මට රුචි නොවන්නේය. ශරීරයෙහිද දුර්‍වර්‍ණභාවයට බැස ගන්නේය. කර්‍මාන්තයෝද නොපවත්නාහුය. පසමිතුරෝද සතුටු වන්නාහුය, මිතුරෝද නොසතුටු වන්නාහුයයි, හෙතෙම නැසෙන ධර්මය නට කල්හි, ශොක කරයි, වෙහෙසෙයි, වැළපෙයි, ළෙහි අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි.