විනූගේ තොප්පි දැමිල්ල…

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    විනූගේ තොප්පි දැමිල්ල…

    43.jpg


    විනූ උදානි කියන්නේ පුංචි තිරය හැඩකරන්න අලුතෙන් ආපු මූණක්නේ. දෙරණ මිස් වීට් ශ්‍රී ලංකා තරඟයෙන් සම කිරුළු ලබා ගත්තු විනූට හොඳට තොප්පි දාන්න පුළුවන් කියලා අපිට ආරංචි වුණා. ඉතින් අපි අද වටින් පිටින් එයා ගැන චුට්ටක් විතර හොයලා බලන්න හිතුණේ ඒ නිසයි. අපි ඒ ගැන විනූගෙන් ඇහුවා.

    “මොකක්ද විනූ මේ හොඳට තොප්පි දාන්න පුළුවන් කියන්නේ? නෑ අනේ…. අවුරුදු උත්සවයක තොප්පි දාන තරඟයෙන් මම දිනුවා. ඒකයි ඔය. ඒකෙන් විතරක් නෙමෙයි ගෝනි පැනලා දින්නෙත් මම තමයි” විනූ ඔහේ කියවගෙන ගියා.

    මේ දවස්වල “පිපෙන මල්” ටෙලියේ වගේම “තරුමලී” ටෙලියෙත් අන්තිම කොටස්වල රූගත කිරීම් කෙරීගෙන යනවා කියලයි විනූ අපිට කිව්වේ. ඒ අතරේම හැමසැරේම වගේ මෙදාසැරෙත් විනූ එයාලාගේ දෙහිවල ‍තියෙන ගෙදර ජයටම අවුරුදු සැමරුව කියලා කියන්නත් අමතක කරේනම් නෑ.

    තොප්පි දාන තරඟයෙන් දින්න විනූට අපිත් සුභ පතනවා. ඒත් ඉතිං හැමදාමත් අනුන්ට තොප්පිදාන වැඩේනම් එච්චරම හොඳ නෑ කියලයි ආදරෙන් කියන්න තියෙන්නේ.


    ඉස්සුවේ