විපරීත.......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ළමයා අඬයි බඩගිනි ඇති වෙලාවට
    අම්මා කිරි දෙන්නෙ සටහනෙ කලාවට
    අත්තම්මට දුකයි ළමයගෙ හැඩීමට
    අම්මට වෙලා නැත ඒ ගැන සිතීමට

    පොතක් ගෙන ලියයි වාහිනියේ කෑම

    ළමයට වෙලාවට නැහැ කිසි දින කෑම
    මුදලට ගෙනත් දෙයි කඩයේ පැණි බීම
    සැමියා කන්නෙ වැඩියෙන් කඩයේ කෑම

    ලොකු දුව අරන් දුවනව පන්තිය ගානේ

    පන්තියෙ පළවෙනිය කෙරුමයි ඇගේ හීනේ
    කෑමට ගෙනෙයි ළමයට කොත්තුව ගානේ
    සැමියගෙ පඩිය මදි තව මුදලුත් ඕනේ

    අල්ලස රස වැටෙයි සැමියට මේ අතර

    නිල් කොළ ගැවසුණේ අල්මාරියෙ නිතර
    දුරකතනයට ඇමතුම් එයි මේ අතර
    බිරිඳත් නැති වුණා තනි විය දිවි කතර

    390703_254418741272343_100001126563708_650995_170400880_n.jpg