විපස්සනාව පුහුණු කිරීම
විපස්සනාව පුහුණු කිරීම
විපස්සනාව පුහුණු කිරීමේදී ඔයාලා විසින් දුක්ඛ සත්‍යය හා දුක ඇති වීමට හේතුව යන ආර්ය සත්‍යය නැවත නැවතත් දකින්න ඕන වගේම දැන ගන්න ඕනා. එකළොස් ආකාරයේ නාම - රූප ඇති වීම හා නැති වීමත් දැන ගන්න වගේම දැක ගන්න ඕනා. මතක තියා ගන්න දැකීමයි දැනීමයි කියන්නේ දෙකක් බව. මේ නාම රූප ඇති වීම නැති වීම මේ වෙලාවේදී ඔයාලා දකින්නයි දැනගන්නයි ඕනා අනිත්‍යය, දුක්ඛ හා අනාත්ම විදියටයි. ඔයාලා ඒ වග දන්නවානේ. ඒ වගේම සංස්කාරයන් ඒ විදියට දකින්නයි දැනගන්නයි ත් ඔයාලා දන්නවා ඇතිනේ ? බුදු හාමුදුරුවෝ අපිට මේ ක්‍රමවේදය උගන්වනවා උන්වහන්සේගේ දෙවන සූත්‍ර දේශනාවේදී. ඒ කියන්නේ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවේදී. දන්නවාද දැන් මේ සූත්‍රය දේශනා කරලා අවුරුදු ගණනක් ගත වෙනවා. ඒත් අදටත් ඒ ඉගැන්වීම අපිට ප්‍රයෝජනවත්. බුද්ධ ධර්මයේ සත්‍යතාවය එතනින්ම ඔප්පු වෙනවා.
ඉතින් කොහොමද විපස්සනාවේදී ඔයාලා දකින්න ඕනා..
"මහණෙනි ඔබ කුමක් සිතන්නේද, රූපය නිත්‍යද අනිත්‍යද ? ස්වාමිණී අනිත්‍යයි.
යමක් වූ කලී අනිත්‍ය නම් එය දුකක් වේද සැපක් වේද ? ස්වාමිණී දුක වන්නේය.
යමක් වූ කලී අනිත්‍ය ද, දුක්ද, වෙනස් වීමට ලක් වන්නේ නම් එය මගේය. ඒ මම වෙමි. එය මගේ ආත්මය ලෙස දකින්න සුදුසුද? ස්වාමිණී සුදුසු නොවේ.
මහණෙනි එනිසා මෙහි ලා අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ, අභ්‍යන්තර වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි රූපයක් ඇත්ද, දුර හෝ ළඟ හෝ යම් රූයකුත් ඇත්ද, ඒ සියලු රූපය එය මගේ නෙවෙයි, මම නොවෙමි, එය මගේ ආත්මය නොවේ යයි ඇත්ත ඇති සැටියෙන් විදර්ශනා ඥාණයෙන් දැක්ක යුතුයි." (අනත්තලක්ඛණ සූත්‍රය. සං.නි.3)
තව විදියකින් කියනවා නම් සංඛාරයන් ඒ කියන්නේ නාම-රූප හා ඔවුන්ගේ හේතූන් ඇති වීමත් එක්කම ඒවා නැති වෙන නිසා අනිත්‍යයි, නිතරම ඇති වීම නැතිවීම නිසා දුකයි, එනිසාම ඔවුන් අනාත්මයි ලෙස දකින්නයි දැනගැනීමයි තමයි මෙහිදී ඔයාලා පුහුණ කල යුත්තේ.