☸︎ රහත් උනත් නිරුද්ධ නොවන දුක ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,688
    113
    grok_image_w9py99.jpg
    දුකෙහි ප්‍රභේද තුනක් පිළිබඳව ධර්මයේ දැක්වේ

    1. දුක්ඛ දුක්ඛ - සාමාන්‍ය දුක
    2. විපරිණාම දුක්ඛ - වෙනස්වීම පිළිබඳ දුක
    3. සංඛාර දුක්ඛ – සංස්කාර පිළිබඳ දුක

    මෙහිදී දුක්ඛ දුක්ඛ ලෙස විවරණය වන්නේ සාමාන්‍ය ජීවිතයේ විඳීමට සිදුවන දුක්ගැහැට සමූහයයි එනම් ඉපදීම, ලෙඩවීම, මරණයට පත්වීම, අපි‍්‍රයයන් හා එක්වීම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ප්‍රාර්ථනා කරන දෙය ඒ අයුරින් ඉටු නොවීම වශයෙනි. මෙලෙස ඇතිවන කායික මානසික වේදනාව හෙවත් පෙළීම දුකය.

    සැප හෝ දුක සදාකාලික නොවේ. සියල්ල මොහොතක් පාසා වෙනස්වේ. ක්‍ෂණභංගුරවාදයේදි බුදුරදුන් දේශනා කළේ සියල්ල මොහොතක් පාසා වෙනස්වන බවය. එය පියවි ඇසට නොපෙනේ. යමක් අස්ථීරනම් එය වෙනස් වන විට දැනෙන දුක විපරිණාම දුකය.

    දුක සම්බන්ධයෙන් වඩා දාර්ශනික අර්ථය ගැබ්ව ඇත්තේ සංඛාර දුක්ඛ ලෙස පවසන තැනදීය. සෑම සූත්‍ර දේශනාවකම පාහේ දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කළේ නම් බව බුදුරදුන් නිරන්තරව වදාළේය. දුක නම් අනෙකක් නොව පංචස්කන්ධයම බවයි. සංඛාර දුක්ඛයයි.

    සම්බුද්ධ ශාසනයක පෘථග්ජනයෙකුට නිවන් දැකිය හැකි එකම සහ උත්තරීතරම මාර්ගඵලය " අරිහත් " බවයි. නමුත් ඔබ විශ්වාස කරනවාද, රහතන් වහන්සේත් නිරන්තරයේම දැඩි " දුක " කින් පෙළෙන බව.

    දිනක් බුදුරජාණන් වහන්සේට, සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මෙසේ පවසනවා ...

    ස්වාමීනි මම මාස ගානක් රස්සාව කරලා පඩි ගන්න ඉන්න මෙහෙකාර කොල්ලෙක් වැනි ය,

    මෙහි " මාස ගානක් රස්සාව කරලා " යනුවෙන් අදහස් කරනුයේ, සාරා සංඛ්‍ය කල්ප ගානක් පෙරුම් පුරා, උත්තරීතර අරහත් මාර්ග ඵලය අධිගමනය කොට, ගෞතම බුද්ධ ශාසනයේ අග්‍රශාවක තනතුර ලබා, නිර්වාණය අවබෝධ කර ගැනීමයි.

    " පඩි ගන්නවා " යනුවෙන් අදහස් කරනුයේ පරිනිර්වාණයයි - සංඛාර නිරෝධය යි.

    එනම්, රහතන් වහන්සේ දුක්ඛ දුක්ඛ සහ දුක්ඛ විපරිනාම වශයෙන් දුක නිරෝධ කර ද, සංඛාර දුක හෙවත් පංචස්කන්ධයට සංඥා ලැබීම නතර නොවූ නිසා යින් පෙළෙන බව ධර්මයේ දැක්වේ.

    හුස්ම රැල්ල ද උන්වහන්සේලාට දුක් පීඩා ගෙන දෙන බව ධම්ම පදට්ඨ කතාවේ දැක්වෙයි, එසේ නම් ඇවිදීම වාඩිවීම ආහාර අනුභවය එදිනෙදා ජීවිතයේදී උන්වහන්සේලා කොපමණ පීඩා විඳිනු ඇත්ද

    දෙයක් නෑ කියල දැන දැනත්, පංචස්කන්ධයට සංඛාර සංඥා වශයෙන් ගෝචර වීම උන්වහන්සේලාට පීඩා ගෙන දෙන බව දැක්වෙනවා, ඒක තමයි ස්වභාවධර්මය ... මිනිසා සැකසී ඇති ආකාරය. දුක්ඛ සහ විපරිණාම දුක්ඛයෙන් මිදුනද උන්වහන්සේලා සංකාර පීඩාවෙන් පෙළෙයි.

    එම නිසා පෙළේ දැක්වෙනවා උන්වහන්සේලා නිරන්තරයෙන්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් ඉන්නා බව,

    නමුත් උන්වහන්සේ පංචස්කන්ධය මගින් ලැබෙන සංඛාර සංඥා, පෘථග්ජනයන් මෙන් උපාදානය කරන්නේ නැත. කිමද උපාදානය කරන්න නම් උන්වහන්සේලාට "දෙයක් යමක් යනුවෙන්" අනුසය සන්තානයේ තිබිය යුතුය.

    සඛිත්තෙන පච්චුපාදානක්ඛන්ධා දුක්ඛා - පංච උපාදානස්කන්ධයම දුක යි ලෙස පියාණන් වහන්සේ දේශනා කළේ එනිසානේ.

    බුදුරජාණන් වහන්සේත් උත්තරීතර තිලොවටම අග්‍ර වූ සම්මා සම්බුද්ධ භාවය සාක්ෂාත් කරගැනීමෙන් පසුවද, හිසරුදා, උදරයේ රුදා අත්වින්ද බව සූත්‍රවල දැක්වෙනවානේ.

    එම නිසා උතුම් අරිහත් මාර්ග ඵලය සාක්ෂාත් කළ ද, සංඛාර නිරෝධය, නිරෝධ සමාපත්තිය, පිරිනිවන සාක්ෂාත් වන තෙක් උන්වහන්සේලා සංඛාර දුක්ඛයෙන් පීඩා විඳිනවා !

    ( පූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරින් )
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදු හාමුදුරුවන්ට ලේ අතීසාරය, කොන්දෙ කැක්කුමක් පවා තිබිල තියෙනවා.

    බුදු උනත්, අන්තිම ජීවිතේ උනත් පෙර කර්ම නිසා කයෙන් එන දුක දැනෙනව ඇති "මගේ" නොකරගත්තත්.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,688
    113
    "මගේ" නොකරගත්තත්.
    ඔව් ... බාහිරින් සංඥා එනවා, එහෙත් පංචස්කන්ධයෙන් උපාදානයක් අල්ලා ගැනීමක් කරන්නේ නෑ මේ මගේ මට දැනෙනවා කියලා.

    ඒත් ඉතින් වේදනාව දැනෙනවා එයට ්‍රතිචාර දක්වනවා ශරීරය, ඒක තමයි ස්වභාව ධර්මය.
     
    • Like
    Reactions: kinkon