විභාගය_අසමත්වීම_ජීවිතය_අසමත්වීම_නොවේ!

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    විභාගය_අසමත්වීම_ජීවිතය_අසමත්වීම_නොවේ!

    අද ඇතැම් විට ඔබ " කොච්චර පාඩම් කලත් කර ගන්න බැරිවුනානේ " කියා ඔබ ඔබ ගැන දුක් වනවා විය හැක. එහෙමත් නැත්නම් ඔබේ දෙමාපියන් ඔබ ගැන දුක්වනවා විය හැක. " එහා ගෙදර කොල්ලට කෙල්ලට පුලුවන්නම් උබට බැරි ඇයි? " කියා අද දෙමාපියන්ගෙන් ඔබට දොස් අසන්නට වූවා විය හැක. ඔබ සමත් වුනානම් වචනයක්වත් නොකියන මිනිසුන් ඔබ අසමත් බව කියනු ඇත.

    නමුත් මතක තබා ගන්න ඔබ සිටින්නේ සාමාන්‍ය මිනිසුන් පිරුනු සමාජයක බව, ඔවුන් සාර්ථකත්වය මනින්නේ ඔබේ මතකය පරික්ෂාකිරීමෙනි. ඔවුන් පරාජයන්ට, බිදවැටීම වලට බිය වෙයි. එම නිසා ඔවුන් සියළු දැනුම ඔබ තුල ගොඩ ගසාගෙන වැරදි නොකර සිටින්නට පොලබවයි. ඒ ඔවුන් හුදෙක් සාමන්‍ය මිනිසුන් බැවිනි. ඔබ ඔබෙන් අද ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඔබට සාර්ථක විය හැක්කේ මතක තබා ගැනීමෙන් පමණද යන්නයි. යමක් කියවා කටපාඩම් කරගෙන ගිය පලියට ඔබ සාර්ථකද යන්නයි.

    වරෙක ඇල්බට් අයින්ස්ටයින් මෙලෙස සදහනක් කර ඇත. "මා කිසිදිනෙක ලෙහෙසියෙන් පොතක් බලා සොයා ගත හැකි කිසිවක් මතක තබා ගන්නට උත්සාහ කලේ නැත." නමුත් අවාසනාවට අද අද්‍යාපන රටාව ඔබට කියන්නේ සියල්ල මතක තබාගෙන ගොස් පැය කීපයක් ඇතුලත අහන ඕනෑම ප්‍රශ්ණයකට පිලිතුරු දී ඔබ දක්ෂ බව පෙන්වන ලෙසය. එසේ නොවුන හොත් ඔබ ඔවුන්ට මෝඩයෙකි, අදක්ෂයෙකි, පරජිතයෙකි. ඔවුන්ට ඔබ සාර්ථක නොවන පුද්ගලයෙකි. ඒ සැබවින්ම ඔබ එසේ වන නිසා නොව. ඔවුන් අසමත් වූවානම් ඔවුන්ට එසේ වන බැවිනි.

    ඔවුන් ඔබට බනින්නේ විභාගයෙන් අසමත් වුවහොත් කිසිවක් කර ගැනීමට නොහැකි තරම් ඔවුන් දුර්වල බැවිනි. ඒ හැරෙන්නට ඔබ දුර්වලයකු නිසා නොවේ. මිනිසුන් ඔබව මනින්නේ ඔවුන්ගේ මට්ටමිනි, අඩියක කොදුවකින් ඔබට ජලාශයක ගැබුර මැනිය නොහැක. එහෙයින් ඔබ අද කල යුත්තේ ඔවුන්ගේ දුර්වලතාව තේරුම් ගෙන නැගී සිටීමයි.

    ලොව සුවිෂේශී සාර්ථකත්වයක් ලගා කරගත් බොහෝ මිනිසුන් ඇතැම්විට ඔබටත් වඩා අසමත් වූවන්ය. විභාගයක් අසමත් වීම ඔබව අසාර්ථක කරයිනම් ඔවුන් අද සිටිය යුත්තේ සාර්ථක මිනිසුන්ගේ ලයිස්තුවේ නොව, අසාර්ථක මිනිසුන්ගේ ලයිස්තුවේය.

    947bf7_154c14fdcdec47a6b1b4315dfd204f19.jpg

    Richard Branson : අවුරුදු 16දී පාසලෙන් ඉවත් විය. ඉන්පසු ඔහු ඔහුගේම සගරාවක් ආරම්භ කලේය, ඔහු virgin සමාගම නිර්මාණය කලේය. එමෙන්ම අද ඔහු බ්‍රිතාන්‍යයේ 4වැනි පොහොසත්ම පුද්ගලයාය. ඔහුගේ වත්කම් මේවනවිට ඇමරිකානු ඩොලර් බිලියන 4.9 ඉක්මවයි.



    947bf7_282cf8acfd7c41d792a5c7ea24af78f4.jpg

    Elton John: අවුරුදු 16දී පාසලෙන් ඉවත් විය. ඉන්පසු ඔහු සමාජශාලාවක පියානෝ වාහකයෙක් ලෙස ජීවිකාව කලේය. අද ඔහු ලොව සාර්ථකම කාලාකරුවන්ගෙන් අයෙකි. ඔහුගේ සංගීත ඇල්බම මිලියන 250කට වඩා අලෙවි විය.



    947bf7_2eaa8feeadd14a08bf1ef9e6a34cffb8.jpg

    Alan Sugar : කිසිදු අද්‍යාපන සුදුසුකමක් නැතිව පාසලෙන් ඉවත් විය. අද වනවිට ඔහු ව්‍යාපාර ගනනාවක අයිතිකරුවෙකි. පවුම් මිලියන 770කට වඩා වැඩි වත්කම් වල හිමිකරුවෙකි.




    947bf7_e5eb7b2a39704ba7aa57d3c2acf34b21.jpg

    Steve Jobs : තම අද්‍යාපනය සුදුසුකම් වලින් තොරව අතරමග නවතා දැමීය. නමුත් ඔහුතම ගමන අවසන් කලේ Apple Inc , Pixar Animation Studios, The Walt Disney Company, NeXT Inc. ඇතුලු සමාගම් රාශියක් සාර්ථකත්වය වෙත ගෙන එමිනි.



    ඔබ සෙව්වහොත් ඔබට මෙවැනි උදාහරන දහස් ගනනක් හමුවනු ඇත. අද ලද පරාජය සවියක් කරගෙන , අභියෝගයක් ලෙස සිතා ජීවිතය ජය ගැනීමට අදිටන් කර ගන්න. ලොව මිනිසුන් නොසිතන තරම් වූ සාර්ථකත්වයක් ලබා ගන්න නිසකවම ඔබටත් පුලුවන්!!!




    i-failed-in-some-subjects-460x310.jpg


    source http://www.noteofsuccess.com/#!%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A/c1zip/5688ff2e0cf236d403969850

    Do what you love..follow your dreams!

    Steve-Jobs-Team-Building-Quotes.jpg

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    BUMP..... A/L kiyanne mona magulakda ban...... 1st shy fail nan waradi hadagena 2nd shy karapalla.... eth fail nan itin wena subject ekakata set wenna course ekak patan ganna....

    kohoma unat dan issara wage A/L naa kiyala bayawenna deyak naa
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    aniwa bn...මට ඒලෙවල් කෙල වුනා

    ඒ වුනාට නාඩියෙන් ගේම ගැහුවා

    අද මට ව්‍යාපාරයක් තියනවා

    පෞද්ගලික ආයතනයක පරිගණක උපදේශක කෙනෙක්

    අවුලක් නෑනි බන්
    ඒලෙවල් පස්සේ දිව්වනම් අද මං අනාථයෙක්
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Drop out උන් දියුණු වෙන එක ගැන කියවන එක නම් ගොන් කමක් බන්. හැම එකාම කියන්නේ steve jobs, richard branson, mark zuckerburg etc. etc. එත් බන් උන් මිලියන ගානක අතරින් බොහොම සුළු පිරිසක්. අති බහුතරයක් එහෙම නෙමෙයි.
    විභාගය අසමත්වීම ජීවිතය අසමත් වීම නෙමෙයි. එත් තමන් දැන ගන්න ඕනේ තියෙන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
     

    Similar threads