විභාග ගැන පුංචි කතා…..

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
විභාග ගැන පුංචි කතා…..

270503_113355972156147_1624047589_n.jpg

විභාග ගැන පුංචි කතා…..

මේ දවස් වල ඉතින් විභාග තියෙන කාලේ….. උසස් පෙල ලියන නංගිලා මල්ලිලා නම් දැන් උපරිම ලෙස කටපාඩම් කරපුවා පැය 3න් ලියාගෙන යනවා. ඉතින් සමනලීට මතක් උනා විභාග ගැන පුංචි පහේ කතා දෙකක්…..

ඔය විභාග වල කොපි කිරීමේ කලාවක් තියෙනව නෙව…. ඕක කලාවක්ය කීවේ සමනලී නෙවී, ඒ කලාව ප්‍රගුණ කොට මහත් පල ප්‍රයෝජන ගත් ඇත්තන් තමයි එහෙම කියන්නේ. සමනලීගේ ගුරුතුමියක් දවසක් මෙන්න මෙහෙම කතාවක් කීවා….

“අපොයි පිරිමි ඉස්කෝලෙක විභාග ශාලාවෙ රාජකාරි කරන එක හරිම අමාරුයි අනේ…. ඔන්න ගෑණු ළමයින්ගේ නම් එහෙම නෑ“

ඔන්න පිරිමි ළමයින්ගේ මූණ නරක් උනා ඉතින්…… “ඇයි මිස් ඒ?“

“නෑ මේකනේ කාරණේ…. පිරිමි ළමයි හරිම හිත හොද ළමයි, මම ගොඩවෙනවා කියලා නෙවී අපි සේරම ගොඩ වෙමු කියලා සහයෝගෙන් කොපි කරනවා….. අපිට ඉතින් ඇස් අයින් කරගන්න විදියක් නෑ කොයි වෙලේ කොපි කරයිද කියල…..ඒත් ගෑණු ළමයි එහෙම නෑ…. අනිත් හැමෝම පහු කරන් මම විතරක් ඉස්සරහටම යන්න ඕනා කියලා හිතන් ලියන්නේ, එක උත්තරයක් පේන්න තියාගන්නේ නෑ වෙන කාටවත්…… ඉතින් අපිට ලේසියි…..“

අනේ ඉතින් ගෑණු ළමයින්ගේ මූණ නරක් උනා ඒ පාර……………..

-=-=-=-=-=-=-=-

විහාග ගැන කතා කරද්දි තවත් පුංචි විභාග කතාවක් මතක් උනා… මේ සිද්ධිය උනේ මෑතකදී තිබුනු විදේශ සේවා විභාගයේදී. මේ විහාගේ එක්තරා ශාලාවක ප්‍රධානියා විදියට කටයුතු කලේ මැදිවියේ මහත්මයෙක්. ඒත් ඒ ශාලාවේ එක් එක් කොටස් භාරව උන්නේ තරුණ පිරිසක්. දැන් අර ප්‍රධානියාගේ වැඩේම දිගට හරහට උපදෙස් දෙන එක…

“කෝ කෝ අර පේපර්ස් ටික ගේන්න…. අයියෝ ඔය මොනාද කරන්නේ? කෝ ගැන්නද? ගැන්නද? කීයද? අපෝ ඕක ඔතන තියන්න එපා මෙහෙට ගේන්න…. කෝ මිස් ඔයාගේ පේපර්ස් හරිද? මේ මේ මෙහාට ගේන්න මෙහාට…. කෝ කෝ හරිද හරිද?“

ඔන්න ඔය වගේ එකම එක කාලගෝට්ටියයි එතැන!! බොහොම කඩිසරව පිලිවෙලට වැඩ කරන පිරිසක් මේ ප්‍රධානියා මෙහෙයවන්නේ හරක් රැලක් දක්කනවා වගේ. දැන් විභාග අපේක්ෂකයන්ගෙත් මූණු නරක් වෙලා විභාග ශාලා නිලධාරීන්ගෙත් මූණු නරක්වෙලා මේ කියවිල්ලට… නෑ නෑ කෑගැහිල්ලට.

ඔන්න යාන්තම් සාරාංශ ලිවීමේ ප්‍රශ්න පත්තරෙත් බෙදුවා මේ ජරමර අස්සේ.. දැන් විභාග අපේක්ෂකයෝ පණ දමාගෙන ඒකේ තියෙන බරසාර හෑලි සාරාංශ කරගන්ට ට්‍රයි කරනවා…. වාක්‍ය එහෙන් කපනවා මෙහෙන් කපනවා… දීලා තියෙන ජේද මුල ඉදන් අගට කියෝනවා…. ආයේ ඔලුව කහ කහ අග ඉදන් මුලට කියෝනවා…..

මේ අස්සේ අර නිලධාරියා හෝ ගාලා බෙරිහන් දෙනවා…

“කෝ කලින් එකතු කරපු පේපර්ස්? අයියෝ මෙහෙමද තිබ්බේ? ඔයාලා මිස් ඉන්න තිබුනේ අපේ කාලේ, මෙහෙම වැඩ බෑ ඒ කාලේ…. දැන් ඔය ඔලිම්පික් තියෙනවා නේද ලන්ඩන් වල? ඔයාලා දන්නවද ඒ කාලේ………..“

ඒ පාර මිනිහා උපදෙස් පැත්තක තියල ඔලිම්පික් ගැන කියෝනවා… ඊලගට ඇමරිකාවක් ගැන කියවන්ට ගත්තා.. ඒ අතරින් පතර මහින්ද රාජපක්ෂලා, රනිල්ලා, විමල්ලා ආදී එකී මෙකී නොකී හෑලී ගොඩාක් කියවනවා…. නිකම්ම නෙවී ෆුල් වොලියුම් එකෙන් මුලු ශාලාවටම ඇහෙන්න.

මේ අස්සේ එක්තරා විභාග අපේක්ෂිකාවක් ටක් ටක් ටක් ගාලා මේසෙට තට්ටු කලා. දැන් එහෙම තට්ටු කරන්නේ තව කොල ඉල්ලාගන්ටනේ. ඒත් ඒ තට්ටුව විභාග ශාලා නිලධාරීන්ට ඇහෙන්නේ නෑ අර ප්‍රධානියාගේ ලවුඩ්ස්පීකර් කට නිසා…. ඒ පාර මේ දැරිවි තව ටිකක් හයියෙන් තට්ටු කලා… ම්හු…. ඒත් ඇහෙන්නේ නෑ.. තවත් හයියෙන් තට්ටු කලා…. ඒත් ඇහුනේ නෑ… බැරිම තැන මේ විභාග අපේක්ෂිකාව පුටුවෙන් නැගිටලා අර නිලධාරීන් ඉන්න මේසේ ලගටම ගියා…

“ඇයි ඇයි මොකද මේ ළමයා?” අර ප්‍රධානියා බොහොම බැරෑරුම් විදියට ඇහුවා. අර දැරිවි බොහොම නෝන්ඩි හිනාවක් දාලා මුලු ශාලාවටම ඇහෙන්න දුන්නා උත්තරේ

“අනේ නෑ මම මේ ඔයාලා දන්නේ නැතුව ඇති කියලා හිතලයි කියන්න ආවේ… මේ හෝල් එකේ ළමයි විභාගයක් ලියනවා, ඒ නිසා ඒක ඉවර වෙනකල් ටිකක් කට පියන් ඉන්න පුලුවනිනම් තමයි හොද….”

විභාග ශාලා නිලධාරීන්ට කට කොනකින් හිනා යද්දි ප්‍රධානියාගේ කට ඇද වෙලා වැහිලා ගියා….

Source from FB
(Bump) ekak hari daala yann......! ;);)
 

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි