විභාග දෙපාර්තමේන්තුව විස්වාස කල හැකිද?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    විභාග දෙපාර්තමේන්තුව විස්වාස කල හැකිද?

    උඹලටත් මේ අසාදාරණේ උනාද දන්නේ නෑ .උඹලගේ ජීවිත අදුරු කලාද දන්නෑ.මහලොකුවට කියන්නේනම් විභාග කොමසාරිස්ගේ තීන්දුව අවසන් තීන්දුව වේ කියලා..හරියට අධිකරණයටත් වඩා ඌ උඩින් ඉන්නවා වගේ:angry::angry::angry:

    විශාකා සිසුවියගේ ඉංග්‍රීසි ‘ඒ‘ එක ‘බී‘ එකක් කළ විභාග දෙපාර්තමේන්තුව නඩුවෙන් පරදී:rofl::rofl::rofl:



    සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට ඒ සාමාර්ථයක් ලැබිය යුතුවූ සිසුවියකට බී සාමාර්ථයක් ලබාදී සිදුවූ වරද හරිගස්සන්ට විභාග දෙපාර්තමේන්තුව නොකැමතිවීම නිසා වසර 4 ක් තිස්සේ නඩු කියා එය නිවැරදි කරවාගත් සිසුවියක හා මවක පිළිබඳ විරල පුවතක් පසුගියදා වාර්තා විය.
    කොළඹ විශාකා විදුහලේ ඉගෙනුම ලැබූ එම්ඩීකේ සඳමිණි වීරසිංහ 2013 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ 8 ක් හා බී සාමාර්ථ එකක් ලබා ති​බු අතර
    ඇයට බී සාමාර්ථය හිමිව තිබුනේ ඉංග්‍රීසි විෂයටයි. මෙම ප්‍රතිඵලය ඇයට අදහාගන්නට බැරිවූයේ එම විෂය ඇය ඉතා විශ්වාසදායි ලෙස ඒ සාමාර්ථයක් ලබන්නට හැකි මට්ටමින් විභාගයේදී පෙනී සිටි නිසයි. විභාගයට ආසන්නව ඇය පෙනී සිටි පාසලේ වාර විභාග වලදී ලකුණු 80, 99 හා 86 ලෙස ඉංග්‍රීසි විෂයට ඇය ලකුණු ලබා තිබූ අතර සාපෙළදී ඒ 9 ක් ලබාගැනීමේ අරමුණකින් වැඩ කළ ඇයට ලැබුණ ප්‍රතිඵලය ගැන ඇයත් ඇගේ ගුරුවරුන් මෙන්ම දෙමාපියනුත් කනස්සල්ලට පත් විය. මෙම ප්‍රතිපලය වැරදි එකක් විය හැකි බවට ඇගේ මව අධයාපන අමාතයංශයට අභියාචනයක් ඉදිරිපත්

    කර තිබුනේ මෙයින් පසුවයි.

    නමුත් ඇයගේ පාර්ශ්වය අපේක්ෂා නොකළ පරිදි ප්‍රතිඵලය නිවැරදි බවත් අත්වැරැද්දක් සිදුව නැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දන්වා තිබූ අතර එම වසරේ ඒ සාමාර්ථය නිර්ණය කළේ ලකුණු 72 හෝ ඉහළ අයට බවත් සඳමිණිට ලැබී ඇත්තේ ලකුණු 71 ක් බවත් දන්වා තිබුණි.

    කෙසේ වෙතත් එම තොරතුරෙන් සෑහීමකට පත්වන්නට දෙමාපියන්ට සිදුවන තත්වයක් ලංකාවේ තිබෙන අතර එවැනි දෙයක් ගැන නැවත ප්‍රශ්න කරමින් නඩු මගට පිවිසීම දුෂ්කර මෙන්ම කාලය කාදමන කටයුත්තක් බවටද පත්ව තිබුණි. අනෙක් අතට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි බී එක්ක ලබාගැනීමේ මේ කියන සාමාර්ථය ඇගේ අනාගතයට කිසිලෙසකින් හෝ බලපාන ගැටලුවක්ද නොවීම මත එය අත්හැරිය යුතු කාරණාවක් බවට පත්කර තිබුණි.

    නමුත් සඳමිණි වීරසිංහත් ඇගේ මවත් මෙය හුදෙක් තමන්ගේ සිද්ධියක් කර නොගෙන වෙනත් කාහට හෝ සිදුවිය හැකි අසාධාරණයක් නිසා ඒ වෙනුවෙන් සටන් වැදුණාය. ඔවුන් සැකකළේ ඇගේ පිළිතුරු වලට ලකුණු එකතු කිරීමේ කිසියම් ගැටලු කාරී තත්වයක් මෙහි තිබෙන්නට ඇති බවයි.
    අධයාපන අමාත්‍යංශයෙන් සාමාන්‍ය පෙළ විභාගයක් අවසන් වූ පසු පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණයෙන්ද සඳමිණිට ලැබී ඇත්තේ බී සාමාර්ථය බව දන්වා තිබූ නමුත් එම පිළිතුරු පත්‍රය නරඹා ලකුණු දුන් අයුර විමසීමේ අවස්ථාව දෙමාපියන්ට ලබාදෙන්නෙ නැත.

    නමුත් ඇය මවත් සමග නීතිඥ උපදෙස් මත මානව හිමිකම් නඩුවක් ගොනු කළ අතර එම අවස්ථාවේ උසාවි නියෝග මත පිළිතුරු පත්‍ර ලකුණු ලබාදී ඇති පිලිවෙල විමසීමට හැකි විය. එහිදී අනාවරණය වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ඇය බොහෝ උත්තර නිවැරදි ලෙස සපයා තිබෙන බවයි. නමුත් ගැටලු සහගත කාරණාව ලෙස පෙනී ගියේ එසේ පිළිතුරු සැපයූ ඇයට රචනාවට ලබාදී ඇත්තේ 15 න් 0 ක් වීමයි. ඒ නිසා ඇයගේ

    මුළු ලකුණු ගණන 71 ක් වී ඇත.

    රචනාව නැතිව සැලකීමේදී ඇය 85 න් 71 ක් ලබා තිබියදී රචනාවේ ලකුණු සියල්ලම අහිමිවීම සැකයට කාරණාවක් බව ඇයගේ පාර්ශ්වයේ නීතීඥයින් පෙන්වා දෙන ලදි.

    ඇතැම් විට 15 න් 10 ක් ලබාදී තිබෙන උත්තර පත්‍රයෙහි සටහන් දෝෂයක් නිසා 15 න් 0 එකතුවූවාදැයි සැකයක්ද පැන නැගී තිබුණි. කෙසේ වෙතත් ඇයගේ රචනාවට ලැබෙන්නේ 15 න් 0 ම බවත් ඒ ගැන කතාකිරීමෙන් පලක් නැති බවත් එවක විභාග කොමසාරිස්වරයා දන්වා ඇත. මේ නිසා මානව හිමිකම් නඩුවටද අධ්‍යාපන අමාතයංශය බුරුලක් ලබා නොදුන් අතර එය අසාර්ථක විය.

    ඒ අනුව සඳමිණි හා මව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට කටයුතු කළේ සිදුව ඇති අසාධාරණය කෙසේ හෝ නිවැරදි කළ යුතු බැවිනි. 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ගැන නඩුව ගොනු කළ ඇයට වසර 4 කට පසු 2019 දී පසුගිය සතියේ සාධාරණය ඉෂ්ට විය.
    එහිදී ත්‍රිපුද්ගල විනිසුරන් කියා සිටියේ රචනාවට ලකුණු ලැබිය යුතු බවයි. එයට එක ලකුණක් ලැබූ සැණින් ඇයගේ බී සාමාර්ථය ඒ එකක් වීමට නියමිත අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව ඉදිරියේදී එය විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ඇත.
    ඇගේ එම එක ලකුණ වෙනුවෙන් 2014 සිට 2019 තෙක වසර 5 ක් පුරා අරගලයක නිරතවන්නට ඇයටත් මවටත් සිදුවිය.

    මේ කාලයේදී ජීව විදයා අංශයෙන් උසස්පෙළ හදාරා උසස් පෙළ විභාගයද ඉහලින් සමත්වූ සඳමිණි රුහුණු විශ්වවිදයාලයේ පාඨමාලාවකට සුදුසුකම් ලබා තිබෙන අතර පුද්ගලික විශ්ව විද්‍යාලයක රසායන විද්‍යා අංශයේ පාඨමාලාවක්ද හදාරමින් සිටී.
    නඩු විභාගය ජයගත් පසු සඳමිණිගේ මව අදහස් දක්වමින් කියා සිටියේ තමන් සටන් වැදුනේ මෙරට සමස්ත දෙමාපියන් වෙනුවෙන් බවයි.


    මාධ්ය ආයතන මේ සදහා ප්‍රචාරයක් ලබා දුන්නේ නෑ හරියකට .මේ අම්මා සල්ලි තියන කෙනෙක් .ඒකයි මෙහෙම නඩු කිව්වේ..අනිත් අසරන ලමයින්ට මෙහෙම නඩු කියන්න බෑ .ඒ අතින් මේ අම්මා කරලා තියෙන්නේ ජාතික මෙහෙවරක්.වෙනම සම්මානයක් දෙන්න වටිනවා.

    ඒ නිසා මේවගේ දේවල් උඹලටත් වෙල නැහැයි කියලා කියන්න පුලුවන් කාටද ? ඒ නිසා හැමෝටම දැනගන්න මේක bump කරන්න...

    විභාග දෙපාර්තමේන්තුව මේවගේ වැරදි කරලා ලමයි කී දෙනෙක්ගේනම් අනාගතේ අදුරු කරලා ඇත්ද ?

     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ado monawa wunath nopasubata uthsahaya nisa ekita anthime "A" Ekak labuna
    Paper eka balala thiyenne jasa kariyenda da koheda Rachanawata "0/15" denda
    Mona wunath me wage dewal wala rajaye adyapana wage wena uththareetharama sthana baluwenawa
    Minissunta Adyapana amathyanshaya gana thiyena wishwasaya nathi wenawa :no:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Ado monawa wunath nopasubata uthsahaya nisa ekita anthime "A" Ekak labuna
    Paper eka balala thiyenne jasa kariyenda da koheda Rachanawata "0/15" denda
    Mona wunath me wage dewal wala rajaye adyapana wage wena uththareetharama sthana baluwenawa
    Minissunta Adyapana amathyanshaya gana thiyena wishwasaya nathi wenawa :no:

    සමහර විභාගවලදි re correction දාන්නෙවත් දෙන් නැද්ද කොහෙද ? අනේ අපොයි..මාර රටකනේ ඉපදුනේ?:confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    tawa naduwak demmanan hari wandi illala dunna mental pressure ekata lamayata
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ වෙන සිද්දි දිහා බැලුවම විහාග දෙපාර්තමෙනතුවේ උත්තර බලන උනුයි පෞද්ගලික අධ්යාපන ආයතනයි එක්ක යටින් ඩීල් තියනවද කියලත් සැකයක් එනවා..:confused: