විමල් වීරවංශගේ කවි සරණිය

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    විමල් වීරවංශගේ කවි සරණිය

    මඩේ ලගින මීහරකුන් එලවාවි ද මං

    මං දැකලා ගාල කඩං උන් දිව්වද බං

    මඩේවැටිලා මඩ නාලා කැත වේවි ද බං

    එහෙම කළොත් උඹ කියාවි මෝඩ ඇමති මං



    වීදි නාට්‍ය ‘වෙලට’ ගෙනත් පෙන්නාවිද මං

    සරම ලිහී පටලැවිලා බිම වැටෙයි ද බං

    කකුල එරී පුරුදු නැතිව වැතිරේවි ද මං

    එහෙම කළොත් උඹ කියාවි මෝඩ ඇමති මං


    කොලු කාලෙ පිස්සු කෙළපු වීරවංශ මං

    තාමත් ඒ දගය තියෙන ඇමතිතුමා මං

    පුංචි කොලුගේ වත කොමලය බලාපංකො දැං

    සෙල්ලම් කළ ළමා කාලෙ මතක් වෙනව බං