විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි

    විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි; ප්‍රමාදයට හේතු සහ කළ කෙළි එලියට පනින ලකුණු !

    by Admin 01 · February 23, 2015
    wimal-and-shashi-720x340.jpg


    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටින ශෂී වීරවංශ මහත්මිය අතර කාලයක් තිස්සේ පැවති අභ්‍යන්තර ගැටුම් අතිශය උග්‍රතත්වයකට පත්ව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගය වලින් අප වෙත වාර්තාවේ. ශෂී වීරවංශ අත් අඩංගුවට නොගැනීමට සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පසුගියදා නුගේගොඩ පැවති රැලියේදී ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රජයේ නීතිය ක්‍රියාත්මක කරන අංශ පහතට ඇඳදමමින් හෑල්ලුවට ලක්කල අතර ඊට පසුවදා රහස් පොලිස් නිලධාරීන් ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති අතර ඒ වන විටත් ඇය නිවසින් පැනගොස් සැඟව ඇත.


    කාලාන්තරයක සිට විමල් සහ ශෂී අතර අතිවිශාල පුද්ගලික ගැටුම් ප්‍රමාණයක් පවතින අතර කෙනෙකුගේ පුද්ගලික ජීවිතයේ දෑ හෙළිකිරීම පිලිගත් සදාචාර මාධ්‍ය මුලධර්මයන්ට පටහැනි බැවින් අප එම පුද්ගලික කාරනා අනාවරණය නොකර අතර එහෙත් ඊට සම්බන්ධ දේශපාලනික කරුණු අනාවරණයට තීරණය කරනු ලබන්නේ විමල් වීරවංශ තවමත් සිල් රෙදි පොරවාගත්තෙකු ලෙස මෙරට ජනතාව ඇන්දවීමට දරණ උත්සහය නිසාවෙනි.



    ශෂී වීරවංශ පොලිස් අත් අඩංගුවට පත්කිරීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට දැඩි අවශ්‍යතාවයක් ඇතිබව ශෂී පවා හොඳින් දන්නා අතර මෙපමණ දැඩි චෝදනා තිබියදී ඇය අත් අඩංගුවට නොගැනීම ඇගෙන් ගැලවීමට මාන බලන විමල්ට දරාගත නොහැකි තැන මෙලෙස නුගේගොඩ වේදිකාවේදී ඊට අදාළ බලකිරීම වෙනත් අතකට හරවා පවසා ඇත. ශෂී අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම පිටුපස ඇය හා සම්බන්ධකම් තිබෙන කලකට ඉහත විමල් සහ ශෂී සමඟ එක ගෙයි එකට විසූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටින අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු මහින්දගෙන් වෙන්ව වෙනසක් වෙනුවෙන් එක්විය. ඔහු සමඟ ශෂී ද විමල් හැරදා එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා එක්වීමට පැන ඒමට දැඩි උත්සහයක නිරත වුවද එම අවස්ථාවේ විමල් තම දේශපාලන මැර බලය යොදා එය නැවැත්වීමට සමත් විය.



    මේවන විට ශෂීගේ නිල නොලත් නියම ආරක්ෂකයා ලෙස කටයුතු කරන්නේ ජවිපෙ දේශපාලන ඉතිහාසය තුල විමල්ගේ ගජයෙකු ලෙස කටයුතු කළ එහෙත් අද හතුරෙකු ලෙස කටයුතු කරන එම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වන බවට වාර්තාවේ.



    පසුගියදා පැවති නුගේගොඩ රැලියේදී විමල්, ශෂි අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසියට වචන හුවමාරුකළ අවස්ථාවේදී, ශෂී විමල් අමතා අප්‍රමාණ ඇසිය නොහැකි වචන වැලකින් සංග්‍රහකොට ඇත. මෙය ජනතාවට පෙනෙන තිරයේ කථාවට වඩා හාත්පසින්ම වෙනස් සත්‍ය කථාව වේ.



    කෙසේ වෙතත් විමල්ගේ මඟපෙන්වීම මත ශෂීව අත්අඩංගුවට ගත්පසු විමල්ගේ කැරැට්ටුව පිලිබඳව සාක්ෂි රාශියක් එලියට දැමීමට ශෂීට සම්බන්ධ සම්බන්ධතාකරුවන් සුදානමින් සිටින බවට වාර්තාවේ. සිංහල-බෞද්ධ සිල් රෙදි පොරවාගෙන ජනතාව ඉදිරියේ රඟදෙන විමල් වීරවංශගේ හැදියාව සම්බන්ධ සියලු සාක්ෂී සහ දර්ශන අදාල පුද්ගලයින් සතුව වන බවට විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තාවේ.


    (Read Sri Lanka)






     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...