මේවා කියන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මම නෙවෙයි. නිධන් හොරු ද සිංහල බෞද්ධ මිනිස්සු රකින්න යන්නේ . අනේ උකේ


View attachment 89157
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමියන්ට නඩු ගණනාවක් ඇතැයි එම පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමට මධ්‍යම කාරක සභාව විසින් නම් කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරති.
පුරාවස්තු සංහාරයක් සම්බන්ධයෙන්ද ලේකම් හිමියන්ට චෝදනා එල්ල වී ඇති බවත්, වරෙන්තුවක් ද නිකුත් වී ඇති බවත්, සංඝ සභාවෙන්ද ප්‍රශ්න ඇතැයි ද තමන් සිතන බවත් උන්වහන්සේ පැවසීය.
ඒවායෙන් බේරීම සඳහා ලේකම් හිමියක් මන්ත්‍රීධුරය පාවිච්චි කරන්න උත්සාහයක යෙදෙන බව ද ඥානසාර හිමියෝ සඳහන් කළහ.
මේ අතර අපේ ජනබල පක්ෂය ලේකම් ලෙස කටයුතු කරන වේදිනිගම විමලතිස්ස හිමියන් කෑගල්ල ප්‍රදේශයේ සැඟවී සිටි බව හෙළි වී තිබේ.
උන්වහන්සේ මාධ්‍ය සඳහන් කරන ලද්දේ තමන් මෙම මන්ත්‍රී ධූරය ලබා ගත්තේ පසුව ඥානසාර හිමියන්ට හෝ රතන හිමියන්ට ලබාදීමට බවයි.
ර්මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ලිඛිතව දැනුම් දී ඇත්තේ ලේකම්වරයා සම්බන්දයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය නිරාකරණය කර ගන්නා තුරු අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා කිසිවකු ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර ඇති බවයි.