වියෝගයේ_මතක_ආවර්ජනාව!!
ත්‍රෙඩ් එක පටන් ගන්න හිතුවෙ මට අද වෙච්ච දෙයක් නිසා .සුන්දර මතකයන් අයිති ගොඩ දෙනෙක්ට විරහව අමුතු දෙයක් නෙමෙයි. නමුත් අහපව් හැරිලා බලනකොට ඒ මතකයන් සුන්දරව මෙනෙහි කරන්න පුලුවන් කාටත් ,එවා බෙදා හදාගන්න පුලුවන්. 



සතියක නිමාව , යා යුතු දුර කි.මි 14 වූවත් වෙනදා යන පාරට පිටුපාලා හයිවේ එකට වාහනේ දැම්මේ නිවී හැනහිල්ලේ යන්න. මොකක්දෝ එෆ්.එම් චැනල් එකක් මාව කරකෝලා අත ඇරියා වගේ මගේ වැලලුනු මතකයන්ට පන දෙන්න පටන්ගත්තා.වම් පැත්තේ මං තීරුවට වහනේ දාගත්ත මම වර්ථමානයේ රථයේ වේගය පැ.කි 40 යේ තියාගෙන තත්පරේට /පැය1000 විතර වේගෙන් අතීතයට ගියා .සින්දුව උපරිම රස වින්දා. මේ සින්දුව මට අනන්ත එහෙන් මෙහෙන් ඇහිලා ඇති.එත් ඇහුවේ අද
.
සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි
ඔබ පපුතුරේ මා හිඳී මගේ පපුතුරේ නුඹ හිඳී
ළං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ
. සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි
ඔබ පපුතුරේ මා හිඳී මගේ පපුතුරේ නුඹ හිඳී
ළං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ
අවුරුදු 5ක් ගොඩක් කිට්ටුවෙන්හිටියට දෙන්නගෙන් එක්කෙනෙක්වත් හිතේ තියන දේ කියන්න ඉස්සර උනේ නැහැ.කාටද පාඩුව .අපි දැන් වෙන අයගේ .අදටත් ඇය මගේ කිට්ටුම මිතුරියක්
මේ තාක් ජීවිතේ එකතුකරගත්තු මුහුකුරා ගිය දේවල් පැත්තකින් දාලා තව පාරක් ඒ බොළදකම් එක්ක හම්බෙන්න තියෙනවානම් .මොනා කියන්නද මූනට හිනාවක් මිසක් වෙන දෙයක් හිතෙන්නේ නැහැ ....
මේ තාක් ජීවිතේ එකතුකරගත්තු මුහුකුරා ගිය දේවල් පැත්තකින් දාලා තව පාරක් ඒ බොළදකම් එක්ක හම්බෙන්න තියෙනවානම් .මොනා කියන්නද මූනට හිනාවක් මිසක් වෙන දෙයක් හිතෙන්නේ නැහැ ....

අපරාදේ ඩේටා
:3
හත්තිලව්වයි බොට මොකෝ උනේ 