විරුසර වරප්‍රසාද කාඩ්පත පිරිනැමේ
රණවිරු පවුල් සුභ සාධනය, ආර්ථික සාමාජීය ප්‍රවර්ධනය හා රට වෙනුවෙන් රණවිරුවන්ගේ දායකත්වය හා කැපවීම අගය කිරීම අරමුණුකොටගෙන විරුසර වරප්‍රසාද කාඩ්පත රණවිරු පවුල් වෙත ඊයේ (25) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ප්‍රදානය කෙරිණි.
President Maithripala Sirisena is seen presenting the Virusara card to the mother of Gamini Kularatne of Hasalaka who carried out a suicide mission to stop a terrorist tanker ramming army camp in 1990. The mother of this officer was one of the first to get the Virusara privilege card at its launch today.
මෙම වරප්‍රසාද මඟින් රාජ්‍ය හා පෞද්ගලික රෝහල් පහසුකම්, දුරකතන හා අන්තර්ජාල පහසුකම්, ගුවන් හා දුම්රිය ප්‍රවාහන සේවා, මූල්‍ය හා රක්ෂණ පහසුකම් භා හණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව සලසා සී තිබේ.
විරුසර කාඩ්පත හිමි පවුල්වල දරුවන් රජයේ හා පෞද්ගලික අධ්‍යාපන ආයතන හා වෘත්තීය පුහුණු ආයතන පාඨමාලා වෙනුවෙන් ඉල්ලුම් කිරීමේ දී 10% සිට 50% දක්වා වට්ටම් ලබාගත හැක. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ස්ථාවර තැන්පතු හා ඉතිරිකිරීම් සඳහා සාමාන්‍ය අනුපාතයට වඩා 1% පොලියක් හා පෞද්ගලික ණය සඳහා සාමාන්‍ය පොලී අනුපාතයෙන් 1% ක් අඩුවෙන් පොලිය අයකිරීම ද සිදු වේ.
මෙම වැඩසටහන උදෙසා දිවයිනේ ප්‍රමුඛ ආයතන 45ක් දායකත්වය ලබා දෙනු ලැබේ. ඒ අතර රාජ්‍ය ආයතන 12ක් ද පවතී.
අධියර කීපයක් ඔස්‍සේ ලබාදෙන මෙම සුබසාධන කාඩ්පත, ප්‍රථම අදියරේ දී රණවිරු පවුල් සාමාජිකයන් හා ආබාධිත රණවිරුවන් ලක්ෂ තුනකට ප්‍රතිලාභ හිමිවේ.
විරුසර වරප්‍රසාද යටතේ රුපියල් 50,000 බැගින් වූ ශිෂ්‍යත්ව 100කින් රණවිරු පවුල්වල දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 50ක් හා පසු ගිය අභ්‍යන්තර යුද්ධයේ දී ආබාධිත වූ හෝ මව්පියන් අහිමි වූ උතුරු හා නැගෙනහිර පළාත් හි දිස්ත්‍රීක් 8ක දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 50ක් පිරීනැමුණි.
ශිෂ්‍යත්ව මුදල් රුපියල් එම දරුවන් වෙනුවෙන් බැංකු ගිණුමක තැන්පත් කෙරෙන අතර විදුහල්පති නිර්දේශය මත දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාගත හැකිය.
- http://sinhala.news.lk/fetures/item/16032-2016-01-26-04-58-02
- http://www.lankadeepa.lk/index.php/articles/379773
- http://www.dailymirror.lk/104145/virusara-presented-to-hasalaka-gamini-s-mother