විල්පත්තු අභයභූමිය රැකගමු

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
විල්පත්තු අභයභූමිය රැකගමු

මචංලා විල්පත්තුව කියන්නෙ පරිසරයට ආදරය කරන ඕනම මිනිහෙක්ට සෑහෙන්න වටින තැනක්. මම දැකලා තියනවා එලකිරියෙත් ඉන්නවා ට්‍රිප් පිස්සෝ , වන්න්තරේට සතා සීපාවට ආදරේ කරන උන් ඕන තරම්. විලප්ත්තුවට වෙලා තිබ්බ දේ අද විසදෙයි හෙට විසදෙයි කියලා බලං හිටියා . දැං ගහලා තිබ්බ කූඩාරං වෙනුවට තියෙන්නෙ කොන්ක්‍රිට් ගෙවල්. ඒ කියන්නෙ ඔය කැලේ විනාසකරගෙන පදිංචි වෙලා ඉන්නෙ සරනාගතයෝ නෙවෙ නේ.


ලංකාවෙ මහ උන්ට කොන්ද පන නැත්තං අපිවත් අපිට පුලුවන් තරමින් මේකට දෙයක් කරමු. ඒකට පරිසරේට සතා සිව්පාවට ආදරේ කරන උන් ඉස්සරවෙලා සෙට් වෙමු.


විල්පත්තු අභයභූමිය රැකගමු

https://www.facebook.com/SaveWilpaththu
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මචන් ත්‍රෙඩ් එකෙ දාපන් විස්තර ටික:)

ජයවේවා
11.gif
 

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති
- ඇමැතිවරයා කෑම බීම දෙන බව වනජීවී නිලධාරීහු කියති

wilpat1.jpg


විල්පත්තුව වනෝද්‍යානයේ අනවසරයෙන් පිරිස්‌ පදිංචි වී සිටින අයුරු හා ඔවුන්ට ජලය සපයන අයුරු ඡායාරූපවලින් දැක්‌වේ.
සාලියවැව - සුබසිංහ බණ්‌ඩාර

මුස්‌ලිම් ජාතික ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසක්‌ නීති විරෝධි අයුරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් උතුරු විල්පත්තුව මොල්ලිකුලම ප්‍රදේශයට ඇතුල් වී එහි බලහත්කාරයෙන් පදිංචි වී ඇතැයි වනජීවී අංශ පවසයි.

මෙසේ පදිංචි වී සිටින්නේ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ එක්‌තරා ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසකි. මේ වන විට පවුල් 150 කට අයත් 250 ත් 300 ත් අතර පිරිසක්‌ වනෝද්‍යාන රක්‍ෂිතය ඩෝසර් කොට තාවකාලික කූඩාරම් ගසා පදිංචි වී සිටිති.

මෙසේ පදිංචි වී සිටින පිරිසට අවශ්‍ය ආහාර හා ජලය මෙම ඇමැති වරයා රජයේ වාහන යොදාගෙන සපයන බව වනජීවී අංශ පවසයි. මෙසේ රැඳී සිටින පිරිස්‌ පවසන්නේ පසුගිය යුද සමයටත් පෙර සිට තමන් මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචි වී සිටි බවත් යුද්ධය හේතුවෙන් තමන් මෙම ප්‍රදෙAශය හැර ගියත් යුද්ධය නිමා වී ඇති වාතාවරණයක්‌ තුළ තමන්ට මෙම ප්‍රදේශය යළි ලබා දිය යුතු බවත් ය.

එහෙත් මේ පිළිබඳ අප වෙත කරුණු අනාවරණය කළ වනජීවි අංශ පෙන්වා දුන්නේ අපේ රටේ

ඉපැරැණි ශිෂ්ටාචාරයට අයත් (වසර 30000 ටත් එහා) නෂ්ඨාවශේෂ විල්පත්තුව තුළ තැන්පත්ව ඇති අතර එවන් තත්ත්වයක්‌ තුළ ජන කණ්‌ඩායම් පැමිණ අයිතිවාසිකම් කීවොත් එම ශිෂ්ටාචාරය විනාශ වන බවත් ය.

මේ වටිනාකම තේරුම්ගත් නිසා සුදු පාලකයන්ගේ කාලයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය, ජාතික වනෝද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ බව පෙන්වා දෙන වනජීවී අංශ වැඩිදුරටත් පවසා සිටියේ මේ නිසා මෙම ජාතික උරුමය ජන කණ්‌ඩායමකට හෝ ජන කණ්‌ඩායම් කිහිපයකට පමණක්‌ අයිති එකක්‌ නොව සමස්‌ත රටේ අනාගත පුරවැසියා සතු මිල කළ නොහැකි සම්පතක්‌ බවයි.

රජය මේ සම්බන්ධ වහා අවධානය යොමු කළ යුතුව ඇතැයි වනජීවි අංශ වැඩිදුරටත් අවධාරණය කළේය.

http://www.divaina.com/2014/03/26/news21.html
 

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
කවුද බං ඔය ඇමතියා...? හකීම් නේද..?

බොදුබල සේනා මහලේකම් හිමි සමාව
නොගතහොත් මිලියන 500 ක්‌ ඉල්ලා නඩු දමනවා

- රිෂාඩ් බදියුදීන්

චමින්ද සිල්වා

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් තමන්ට එරෙහිව නගා ඇති චෝදනාවලට දින 14 ක්‌ ඇතුළත සමාව නොගතහොත් මිලියන 500 ක්‌ ඉල්ලා අධිකරණයේ නඩු පවරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (25 වැනිදා) පැවැසීය.

සමාව ගනු නොලැබුවහොත් අධිකරණය හමුවේ වන්දි ඉල්ලා නඩුවක්‌ ගොනුකරන බවට සඳහන් එන්තරාවාසිය මෙම මස 20 වැනිදා සිට දින 14 කට බලපැවැත්වෙන පරිදි උන්වහන්සේ වෙත යවා ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඇමැතිවරයාගේ නිල නිවෙසේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඥනසාර හිමියන් විසින් තමා විල්පත්තුව ජාතික වන උදානය විනාශ කර අරාබි කොලනියක්‌ බිහිකිරීමට කටයුතු කරමින් සිටින බව සහ උතුර නැගෙනහිර පළාත්වලින් පිට ජනතාව උතුර නැගෙනහිර පදිංචි කිරීමට කටයුතු කර තමා ජාති බේදයකින් තොරව ජනතාව පදිංචි කිරීම නීතිමය රාමුව තුළ සිට සිදුකර ඇති බවත් කී හෙතෙම උතුර නැගෙනහිර පළාතට වෙනත් ප්‍රදේශයක සිට (අවතැන් නොවූ) එක්‌ පවුලක්‌ හෝ පදිංචි කර ඇති බවට පෙන්වා දුනහොත් තමා ඇමැතිධුරය අත්හරින බවද කීය.

තමාගේ අමාත්‍යාංශයේ උපදේශකවරුන් ලෙස ස්‌වාමීන් වහන්සේලා දෙනමක්‌ සමග මුස්‌ලිම්. ද්‍රවිඩ උපදේශකවරුන් සිටින බවත් වවුනියාව දිස්‌ත්‍රික්‌කයෙන් තම පක්‌ෂය යටතේ තරග කර සිංහල මන්ත්‍රීවරයකු පත්තර ගත්තේ තමා ජාතිවාදියකු නොවන නිසා බවද ඇමැතිවරයා පැවැසීය.

1990 වසරේ එල්ටීටීඊ සංවිධානය යාපනයෙන් පැය දෙකකින් පිටවන ලෙස සහ මුලතිව්, මන්නාරම, කිළිනොච්චිය යන දිස්‌ත්‍රික්‌කවලින් පැය හතළිස්‌ අටක්‌ ඇතුළත ජනතාව පළවා හැරීමට කටයුතු කළ ආකාරය සිහිපත්වන බවද කියා සිටි ඇමැතිවරයා නැවත එවැනි තත්ත්වයක්‌ උතුර නැගෙනහිර ඇති නොවනු ඇතැයිද කීය. නගා ඇති චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඇමැතිවරයා කීය.

කොටි ත්‍රස්‌තවාදීන්ට රට දෙකඩ කිරීමට සහය නොදීම නිසා මුස්‌ලිම් වැසියන් ලක්‌ෂයක පමණ පිරිසක්‌ උතුර නැගෙනහිරින් පළවා හැර දිවයිනේ විවිධ ප්‍රදේශවල සහ කඳවුරුවල සිටි බවද කී ඇමැතිවරයා එම පිරිස මුල් ගම්වල පදිංචි කිරීම පමණක්‌ සිදුවන බව කීය. මෙහිදී මුස්‌ලිම් වැසියන් පමණක්‌ නොව සිංහල, දෙමළ උතුර නැගෙනහිර අතහැර ගිය වැසියන් නැවත පදිංචි කිරීම සිදුකරන බවද කීය.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු ඇමැති අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී මුනේෂ් µdරුක්‌, උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් කිහිපදෙනකුද සහභාගි වූහ.