විල්පත්තු විනාශයට එරෙහිව...

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මුලින්ම උබ මචන් උබේ මුස්ලිම් මානසිකත්වයෙන් මිදිලා මේ ප්‍රශ්නෙ ගැන හිතපන්..මෙතන මුස්ලිම් නෙවෙයි සින්හල මිනිස්සු පදින්චි කලත් මම විරුද්ද වෙනවා...
    ඔයා ඔයාගෙ මුස්ලිම්කම පැත්තක තියලා පරිසරයට ආදරය කරන කෙනෙක් විදිහට එන්න අපි ඔය ගැන කතා කරමු...:)

    මේක විල්පත්තුව විල්පතුව කිය කිය කෑ ගැහුවට මූ කපලා තියෙන්නේ විල්පත්තුවෙන්ම නෙවෙයි. පොෂක ප්‍රදේශයි වෙනත් වෙනත් කෑලවල්. ටොපික් එක විල්පත්තුව කරගන්න එපා. එතකොට ඌ කියන්නේ විල්පත්තුව කපලා නෑ කියලා.

    Ahaganda saho..........
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,955
    40,800
    113
    Ha................ha........
    Parisaraya, wilpaththu kiyala moda chuun dennathuwa kelima kiyapallako muslimlawa elawala danta one kiyala.......ewaraine.

    mona magulatada wilpaththu wilpaththu kiyanne?

    parisara karayo tikata anith kelewal elikaraneka pennema ne.

    කාගෙන් හරි කොහෙද ඉන්නේ ඇහුවම, ඉන්න ගම කියනවට වඩා ආසන්න නගරය කියන්නේ හඳුනා ගැනීමේ පහසුවට. විල්පත්තුව එක්ක තව වනාන්තර ගොඩක් තිබ්බට ඔතන තියෙන ප්‍රධාන එක විල්පත්තුව.

    මුස්ලිම් අයව වත් දෙමල අයව වත් අපිට එලවලා දන්න ඕනේ කමක් නැහැ. ඒත් මුස්ලිම් අයට නම් අනිත් ආගම් ජාතීන් එලවලා දන්න තහනම් කරන්න ඕන කමක් තියෙන බව උබට ආයි කියන්න දෙයක් නෑනේ. සිංහලයෙක් හැටියට මම මුස්ලිම් අයගෙන බලපොරොත්තුවෙන්නේ අන්තවාදයට එරෙහිව නැගිසීටිමයි. ඒත් ලංකාවේ ඉන්න එකම මුස්ලිම් කෙනෙක්වත් isis වගේ සංවිධාන ගැන කියනකොට මුනිවත රකින්නේ ඇයි?
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේ අරගලය විල්පත්තුව විනාශ කරන බදුර්දීන්ට එරෙහිව පමණක් නොව සිංහරාජය, නකල්ස් රක්ෂිතය, සමනල අඩවිය ඇතුළු ලංකාවේ සියලු රක්ෂිත සහ වනාන්තර පද්ධති රැකගැනීමට සහ ඒවා විනාශ කිරීමට කටයුතු කරන සියලු දෙනාට එරෙහිව විය යුතුය. කෙසේ වුවද මෙයට ජාතිවාදයක් පටලවා මේ සිද්ධිය දියාරු කිරීමත් ඉන් අනුකම්පාව ලබාගැනීමත් බදුර්දීන් වාසියට යොදාගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත. ඔහුට අවශ්‍ය වන්නේද එයම ය. සිද්ධිය විශේෂ වන්නේ කෙටි කාලයක් තුල අක්කර සිය ගණනක් විනාශ කරමින් සියවසේ දැවැන්තම වන විනාශය සිදු කිරීමට ඔහු සමත් වීමයි නැතුව වෙනකක් නොව.
    පහුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේද පරිසර ඇමතිවරු ජනාධිපතිවරු ජාමෙ බේරගන්න මේවට කිසිවක් නොකරද්දී බදුර්දීන් ගානට වෙලාවට ආණ්ඩු මාරු කරමින් ජාතිවාදයට මුවා වෙමින් සිය අරමුණ ඉටු කරගනිමින් සිටී.

    පහුගිය ආණ්ඩු සමයේ විල්පත්තුව මැදින් පාරක් කපා මේ විනාසයට අඩිතාලම දමද්දී පරිසරහිතකාමින් කෙතරම් ඉල්ලීම් කරත් චම්පික හෝ මහින්ද හෝ එය ගණනකට ගත්තේ නැත. එදා එය ලත් තැනම ලොප් කරානං අද මෙබඳු විනාසයක් වෙන්නේ නැත. වත්මන් ජනාධිපති තමන් මෙයට විරුද්ධව පියවර ගන්නේ යයි මාස ගාණක් තැන තැන කියමින් ගියද කෙරුණු ලබ්බක් නැත.

    ලංකාවේ නීතියක් ඇත. සීමා මායිම් සහ රෙගුලාසි ඇත. සුළු ජාතියට සුළු ජාතිය වූ පමණින් වත් මහ ජාතියට මහ ජාතිය වූ පමණින්වත් මේ නීති රීති වෙනස් විය යුතු නැත. ජාතිය මොකා හෝ වේවා වැදගත් වන්නේ පුද්ගල වශයෙන් වරකරුවන්ට එරෙහිව හරියට නීතිය ක්‍රියාත්මක වීමයි.
    පාරිසරික ප්‍රශ්න, ජල හිඟය, ගෝලීය උණුසුම වැනි දේ තවදුරටත් විහිලුවකට ගන්නා අමනයන් ලොකු පුටු වලට ගිය කල මෙය වැළක්විය නොහැක. කර්මාන්ත අතින් දැවැන්තම වූ ද මෙන්ම ලොව ඉහලම කාබන් විමෝචනය සහිත චීනයේ ප්‍රධාන නගර 74න් 71කම වාතය ආඝ්‍රාණයට නුසුදුසු තත්වයට අද පත්ව ඇත. ඔක්සිජන් කෑන් සහ බෝතල් මගින් හුස්ම ගැනීමට අද ඔවුන්ට සිදුව ඇත. නිදහසේ හුස්ම ගැන්මට බැරි තැනට සිය ජනතාව පත්කරන සංවර්ධනයකින් ඇති පලය කුමක්ද?
    යම් ප්‍රදේශයකට වර්ෂාව ලැබීමට වනගහනය අත්‍යවශ්‍ය වෙයි. එහෙත් ඇතැම් හරකුන් හිතන්නේ වැස්සේ මොන අඩුවක්ද කියා ය. උන් නොදන්නා කාරණය නම් ලැබුන වර්ෂාපතනය භූගත ජල සංචිත තුල ආරක්ෂා වීමටද වනගහනය අත්‍යවශ්‍ය බවය. දින සීයක් එක දිගට වැස්ස ද එමගින් භූගත වන ජලය සම්පුර්ණයෙන් වාශ්පිභවනය වී ඉඩෝරයක් ඇති වීමට දින කීපයක් එක දිගට පෑව්වොත් හොඳටම ඇති ය. වසරේ වැඩි කාලයක් එක දිගට වහින මෙන්ම ලංකාවේ සීතලම නගරය වන නුවර එළියේ පවා දිය උල්පත් ජනවාරි පෙබරවාරි මාස වල සිඳී යන්නේ කඳු බෑවුම් එලි කිරීම නිසා උල්පත් හරි හැටි පෝෂණය නොවන නිසා ය. පහුගිය ආණ්ඩුව ගෙනා 'කොන්ක්‍රීට් පාර' අදුරදර්ශී සංකල්පය මීට සමාන හානියක් කරයි.

    ජනගහනය වැඩි වනවිට ඔවුන්ට නිවාස ලබා දියයුතු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මෙතරම් දියුණු ලෝකයේ තවමත් වනාන්තර විනාස කර මිස නිවාස යෝජනා ක්‍රම ඇති කල නොහැකි බව කෙනෙක් නොදන්නේ නම් එක්කෝ ඌ පොල් බූරු ළිං ගෙම්බෙකි. නැත්තං වරද දැන දැනත් කරන අවස්තාවදියෙකි. බදුර්දීන් මේ දෙවර්ගයෙන් එක් අයෙකි. මෙබඳු අමනොඥ "සංවර්ධනය" නිසා කවදා හෝ බැට කන්නේ සාමාන්‍ය ජනතාවම ය. පටු අරමුණු වෙනුවෙන් අදූරදර්ශි ලෙස ඒවා ලබාදුන් ලොකු ලොක්කන් හෝ උන්ගෙ දරුවන්ට ඒවායේ අනිටු ප්‍රතිපල දැනෙන්නේ, දැනෙන්නට දෙන්නේ නැත.
     

    Similar threads