විවාහකයන්ට කියවීම පිණිසය...

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    විවාහකයන්ට කියවීම පිණිසය...

    Socrates;

    • කෙසේ හෝ විවාහ වන්න. ඔබට යහපත් බිරිදක් ලැබුණහොත් ඔබ සතුටට පත්වනු ඇත.
    • නරක බිරියක් ලැබුණහොත් ඔබ දාර්ශනිකයෙක් බවට පත්වනු ඇත.
    • ඔබගේ බිරිද වෙනත් මිනිසෙකු විසින් පැහැරගෙන යනු ලැබුවහොත්, ඔහුගෙන් පළිගත හැකි හොදම ක්‍රමය ඇය ඔහුටම තබා ගැනීමට ඉඩ හැරීමය.
    Sacha Guitry;

    • ආලය මුළුමනින්ම රසායන විද්‍යා විෂයට සම්බන්ධ කරුණකැයි පොතක තිබෙනු මෑතකදී මම දුටුවෙමි. මගේ බිරිද, විශ අපද්‍රව්‍යයක් ලෙස මට සලකන්නේ ඒ නිසා විය යුතුය.
    David Bissonette;

    • විවාහයෙන් පසු බිරිය හා සැමියා කාසියක දෙපැත්ත මෙන් වේ. එකිනෙකාට මුහුණදිය නොහැකි වුවද ඔවුහු එකට ජීවත් වෙති.
    • ප්‍රීතිමත් විවාහයක් යනු එක්තරා ආකාරයක හුවමාරු කිරීමකි. සැමියා දෙයි. බිරිද භාරගනී.
    • කාන්තාවන් උසස් කාර්යයන් සදහා අපව දිරිගන්වා, ඒවා ලබා ගැනීමෙන් අපව වළක්වාලයි.
    Domars;

    • මට පිළිතුරු දිය නොහැකි බරපතලම ප්‍රශ්නය නම් "ගැහැණියකට අවශ්‍ය කුමක්ද?"
    Frerard;

    • මම මගේ බිරිදට වචන ස්වල්පයකින් දොස් නැගුවෙමි. ඇය ජේද ගණනාවකින් එයට ප්‍රතිචාර දැක්වූවාය.
    • අපේ දීර්ඝ කාලීන විවාහ ජීවිතයේ රහස කුමක්දැයි සමහරු මගෙන් ප්‍රශ්න කරති. පුරුද්දක් වශයෙන් සතියකට දෙදිනක් අවන්හලකට යාමට අප කාලය වෙන්කරගෙන තිබේ. ඉටිපහන් ආලෝකයෙන්, අඩ අදුරේ රාත්‍රී භෝජනය ගෙන, මෘදු සංගීතයට සවන්දී ආලිංගන නැටුමකට සහභාගී වීම එයට අවත වේ. ඇය අගහරුවාදා දිනවල එහි යන අතර මා යන්නේ සිකුරාදා දිනවලය.
    Henny Youngman;

    • ත්‍රස්තවාදය ගැන මට එතරම් බියක් නැත. ඒ මන්දයත් මා විවාහ වී දැනට දෙවසරකි.
    Sam Kinison;

    • ඉලෙක්ට්‍රොනික බැංකු ක්‍රමයටත් වඩා වේගවත් මුදල් හුවමාරු ක්‍රමයක් තිබේ. එය හැදින්වෙන්නේ විවාහය යන නාමයෙනි.
    James Holt Macgowan;

    • බිරියන් දෙදෙනාගෙන්ම මට දුර්භාග්‍ය උදාවිය. පළමු බිරිය මා අතහැර ගියාය. දෙවන බිරිය තවම මා සමග සිටී.
    Patrick De Mare;

    • සෑම පිරිමියෙක්ම නිදහස්ව හා සමාන ගතිලක්ෂණ වලින් යුතුව උපත ලබන්නේය යන්න සත්‍යක් වුවද ඔවුන් බොහොමයක් දෙනෙක් විවාහ වෙති.
    • විවාහය වූ කලි ඔබේ බිරිය වැඩි කැමැත්තක් දැක්වුයේ කොයි ආකාරයේ පිරිමියෙකුටද යන්න සොයා දන ගැනීමේ ක්‍රියාදාමයකටය.
    • කිසිදා ටෙනිස් ක්‍රීඩිකාවක් සමග විවාහ නොවන්න. ඔවුන්ට ආදරය පිලිබදව කිසිදු හැගීමක් නැත.
    • ඔබගේ විවාහ ජීවිතය සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සදහා දැන සිටිය යුතු රහස් දෙකක් තිබේ.

    1. ඔබ වැරදියයි හැගුන සෑම විටම වරද පිළිගන්න.
    2. ඔබ හරියැයි හැගුන සෑම විටම නිහඩව සිටින්න.
    John Forbes Nash;

    • මගේ බිරිදට මැසිවිලි දෙකක් තිබේ. එකක් අදින්නට සුදුසු ඇදුමක් නැත යන්නය. අනික වැසිකිළිය ඉඩ මදිය යන්නය.
    • විවාහ වීමට ප්‍රථම මා කුමක් කළේදැයි ඔබ දන්නවාද? මට කිරීමට අවශ්‍යයි හැගුන හැම දෙයක්ම මම කලෙමි.
    Henry;

    • මගේ බිරිදත් මමත් වසර විස්සක් සතුටින් සිටියෙමු. අනතුරුව අප දෙදෙනා මුණ ගැසුණි.
    Rodney Dangerfield;

    • යහපත් බිරිදක් ඇය වැරදි සෑම අවස්ථාවකදීම සිය සැමියාට සමාව දෙයි.
    Milton Berle;

    • තම සතුරා සමග එකට නිදාගන්නා එකම යුද්ධය විවාහයයි.
    • වසර ගණනාවක්ම මම මගේ බිරිය සමග කතා නොකර සිටියේ ඇයට බාධා නොකිරීමේ අටියෙනි.


    If you liked my post, please "BUMP" by sharing it... :)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විශේෂයෙන් අපේ "සසාට":P

    සසා කියනවා එතුමා විවාහප්ප්‍රාප්ත වෙන්න කලින් මේ සියල්ල මනාව අධ්‍යයනය කලාලු. ඒකනෙ ඔය දවසෙන් වැඩි හරියක් ඇද යට සහා නාන කමරයේ ඉන්නවා කියන්නෙ
    4.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සසා කියනවා එතුමා විවාහප්ප්‍රාප්ත වෙන්න කලින් මේ සියල්ල මනාව අධ්‍යයනය කලාලු. ඒකනෙ ඔය දවසෙන් වැඩි හරියක් ඇද යට සහා නාන කමරයේ ඉන්නවා කියන්නෙ
    4.gif
    ආයෙත් ජඹූඃ... :lol::lol::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සසා කියනවා එතුමා විවාහප්ප්‍රාප්ත වෙන්න කලින් මේ සියල්ල මනාව අධ්‍යයනය කලාලු. ඒකනෙ ඔය දවසෙන් වැඩි හරියක් ඇද යට සහා නාන කමරයේ ඉන්නවා කියන්නෙ
    4.gif

    :lol::lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Thanks Bro!
    11.gif


    Apoi wifela echcharama narakada :/
    හපොයි!!! මම නෙමෙයි මේවා කියලා තියෙන්නේ...:baffled: කියපු අයත් එක්ක බේරගන්න එකයි ඇත්තේ... කියපු අයගේ නම්-ගම් පිටින්ම දාලා තියෙන්නේ ඒ නිසා තමයි:P:P:P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    meka tama patta
    අපේ දීර්ඝ කාලීන විවාහ ජීවිතයේ රහස කුමක්දැයි සමහරු මගෙන් ප්‍රශ්න කරති. පුරුද්දක් වශයෙන් සතියකට දෙදිනක් අවන්හලකට යාමට අප කාලය වෙන්කරගෙන තිබේ. ඉටිපහන් ආලෝකයෙන්, අඩ අදුරේ රාත්‍රී භෝජනය ගෙන, මෘදු සංගීතයට සවන්දී ආලිංගන නැටුමකට සහභාගී වීම එයට අවත වේ. ඇය අගහරුවාදා දිනවල එහි යන අතර මා යන්නේ සිකුරාදා දිනවලය.

    rep+
     
    • Like
    Reactions: BonziBUDDY