විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු &#3520

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු &#3520

විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ

attachment.php



අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු (fat) අය අතුරින් බොහෝ දෙනෙක් කාන්තාවෝ ( married women) වෙති. එයට හේතු වන කරුණු අපට සමාජය තුලින්ම සොයාගැනීම අපහසු නොවේ. බොහෝ ලෙසින් මෙයට හේතු වනුයේ සමාජමය ආකල්පයන්ය. මෙම කාන්තාවන් ( women ) අතුරින් වැඩිපුරම තරබාරු බවට ගොදුරුව ඇත්තේ විවාහ (marriage) වී දරුවන් ලද කාන්තාවන්ය. මේ තරබාරු බවට හේතු මොනවා දැයි දැනගෙන සිටීම, කාන්තාවන්ට ( women ) සිය තරබාරු බවින් ගොඩ ඒමට ( මිදීමට ) මහඟු අවස්ථාවක් උදා වනු ඇත.



අපි බලමු මේ කරුණු මොනවා ද කියලා



කාන්තාවන්ගේ ( women ) පරිවෘත්තිය වේගය
මෙහිදී පිරිමියාට වඩා කාන්තාවගේ පරිවෘත්තිය වේගය අඩුය. එබැවින් ශක්ති අතිරික්තයට ගොදුරු වීම කාන්තාවන්ට වැඩි ඉඩක් පවතී. නමුත් කාන්තාවන් පවසන්නේ තමා එතරම්ම ආහාර නොගන්නා බවත්, එත් මහත් වන බවත්ය. එහෙත් පිරිමියා තරබාරු අතින් අඩුවන බවත් කියමින් කාන්තාවෝ මැසිවිලි නගති. එය එසේ වන්නට හේතු වනුයේ ශක්තිය අධික ආහාර කාන්තාව විසින් ලබා ගැනීම. එම ශක්තිය හරි හැටි පරිවෘත්තියට පත් නොවීම නිසා මේදය ලෙස තැන්පත් වීමත් නිසාය.





කාන්තාවන්ගේ ( women ) ආහාර රටාව
අතීතයේ සිටම බොහෝ කාන්තාවෝ තමා ආහාර ගනු ලබනුයේ ගෙදර අය අනුභව කිරීමෙන් පසුවය. එකල්හි ආහාර බඳුන් වල අඩියේ ඉතිරි වන තෙල් අධික කොටස් ගැනීම නිතැතින්ම සිදු වේ.

එපමණක් නොව දරුවන්ට ආහාර කැවීමේ දී බඳුනේ ඉතුරු වන සියල්ලම ද අනුභවයට පුරුදු වී සිටිති. මෙම ක්‍රියාදාමයට හුරු වී ඇත්තේ නිතැතින්ම ය.

මේ නිසා අනවශ්‍ය ශක්ති ප්‍රමාණයක් තමා නොදැනුවත්ම තම ශරීරයට එක් කර ගනී. දවසේ ප්‍රධාන ආහාර වේල් තුනේදීම මේ ක්‍රියාදාමය සිදු වේ. තමා නොදනිම අනවශ්‍ය මේද කොටස් තැන්පත් වීම, නිතඹ, කලවා, උදරය මෙන්ම අත් ගොබ යන්නෙහිද තෙල් තට්ටු වශයෙන් තැන්පත් වීමට පටන් ගනී.

නිතරම පිටි සහිත ආහාර බිස්කට් සහ කට ගැස්ම ( තෙල් සහිත වර්ග ) අනුභාවයද සිදු කරයි. වරින් වර මෙසේ තෙල් අතිරික්තයක් එකතු වීම තරබාරු බවට හොඳ සාධකයක් සපයයි.

පොදුවේ සලකන විට, පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවකගේ කය වෙහෙසවා සිදු කරනු ලබන මේදය දහනය වන ක්‍රියාකාරකම් අඩුය. එබැවින් ශක්තිය වැය කිරීමද අඩුය. එම නිසාම ශක්ති අතිරික්තයක් සිරුර තුල ඇතිවීම නිසා තරබාරු බව ඇති වේ.

තවත් අවස්තාවක් නම් කාන්තාව ගර්භනී සමයේ දී හා කිරි දෙන සමයේ දී වැඩි ප්‍රමාණයක් ආහාර ගැනීමය. මෙසේ ආහාර ගැනීම පුරුද්දක් ලෙසට ඇබ්බැහි වීමට පටන් ගැනීමත් සිදු වේ. මේ නිසා මේ පිලිබඳ සැලකිලිමත් වී මෙම කාලය අවසන් වීමෙන් පසුව ආහාර ප්‍රමාණය අඩුකර ගැනීම තමා විසින්ම වග බලා ගත යුතු වේ. මෙහි තමා විසින් තමාව පාලනය කර ගැනීමට තීරණයක් ගත යුතුය.





කාන්තාවන්ගේ ( women ) මානසික ආතතිය
අද සමාජයේ බහුතරයකගේ පවුලේ සියලු ගෘහ කළමනාකරණ කටයුතු බොහෝ දුරට සිදු කරනු ලබන්නේ කාන්තාවන් විසින් ය. සැමියා රැකියාවේ කාර්යබහුල වන අතර දරුවන් සහ සියලුම එදිනෙදා ජිවිතයේ හැලහැප්පීම් වලට මුහුණ දීම සහ සොයා බැලීම ආදී කටයුතු ගෘහණිය අතින්ම සිදුවන අවස්ථා බහුලය.

මේ නිසා කාන්තාවෝ දැඩි මානසික ආතතියට ලක් වීමට හේතුවිය හැක. මේ නිසා අතුරුඵලයක් ලෙස මෙම මානසික ආතතිය නැතිකර ගැනීම සඳහා වැඩිපුර ආහාර ගැනීමටද නිතර නිතර මොනවා හරි දෙයක් හෝ සපමින් මුවතුල රඳවා සිටීමටද පුරුදු වී සිටිති. මෙය ද නොදැනුවත්වම තරබාරු බවට ඇත වැනීමක් වනු ඇත.





කාන්තාවන්ගේ ( women ) ජිවන රටාව
සමාජයේ පවතින නොයෙකුත් මතිමතාන්තර සහ ආකල්ප නිසා කාන්තාව බොහෝ විට ව්‍යායාම සඳහා යොමු වීම අඩුය. පවුලේ කටයුතු සඳහා පමණක් කොටු වී සිටීමෙන් ව්‍යායාම සඳහා යොදවන්නට කාලයක් නොලැබීමය.

මීටත් වඩා කාන්තාව තරබාරු බව අධික වීමේ හේතුවක් ලෙස දැක්විය හැක්කේ බාහිර ක්‍රියාකාරකම් අවම වීමය. ගෙදර රුපවාහිනිය නැරඹීම අද කාන්තාවගේ ජනප්‍රිය විනෝදාංශයක් බවට පත් වී හමාර ය. එහිදී කාන්තාව ආහාර ගැනීමෙන් පසුවද ආහාර ගන්නා අතරතුරද රුපවාහිනිය නරඹන අතර ඉන්පසුව සමහර කාන්තාවෝ දිවා ආහාරයෙන් පසුව නිදා ගැනීමට පුරුදු වී සිටිති.

මේ හේතු නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලියද හොඳින් සිදු නොවන අතර ආහාරයේ තෙල් සහිත කොටස් දහනය වීමක් සිදු නොවන බැවින් එම මේද කොටස් තැන්පත් වීම ද සිදු වේ.





කාන්තාවන්ගේ ( women ) ආර්තවහරණය
කාන්තාවන්ගේ අර්තාවහරණයේදී ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් ද මෙම තරබාරු බවට තවත් හේතු සාධකයන් වෙයි. එම අවස්ථාවට ළඟා වෙමින් සිටින බොහෝ කාන්තාවෝ තෙල් අධික, සීනි සහ ලුණු අධික ආහාර ගැනීමට පුරුදු වී සිටිති.

මෙහිදී ඉතාම සුලභව දැකිය හැකි කරුණක් නම් අර්තාවහරණ සමයේ දී කාන්තාවන්ගේ උදාර ප්‍රදේශයේ මේදය තැන්පත් වීමෙන් උදරය ඉදිරියට නෙරා ඒමට පටන් ගනී.

එපමණක් නොව එම උදරය ඉදිරියට නෙරා ඒමෙන් උදරය එල්ලා වැටීම සිදු වේ. සිරුරේ ඇති අධික මේද කොටස් සම යට තැන්පත් වීම නිසා මේ තත්වය ඇති වීමට හේතු වේ.

එබැවින් තරබාරු බව කාන්තාවන්ගේ ජිවිතයට නිරතුරුව අතවැනීමට හේතු වන ශාරීරික තත්වයන් මෙන්ම, අප විසින්ම සිදු කරන ලබන වැරදි ජිවන රටා සහ ආහාර පුරුදු පිලිබඳව නිසි අවබෝධයෙන් සිටීමෙන් සහ වැරදි නිවැරදි කර ගැනීමෙන් තරබාරු බැවින් ඇත මිදීමට ඔබට හැකි වනු ඇත.

මේ මඟින් ඔබගේ සුන්දර ඔබගේ සුන්දර රූ සපුව සහ ශාරීරික සුවතාවයට තව දුරටත් තර්ජනයක් නොවන අයුරින් කටයුතු කර ගැනීම සඳහා නුවණ මෙහෙයවා ගැනීම අගනේ ය.



කෙසේ නමුත් ශරීරයේ බර වැඩි කර ගැනීම හා සිරුර තරබාරු කර ගැනීම කිසිවෙකුටවත් යහපත් සෞඛ්‍ය පුරුද්දක්‌ නම් නොවේ. බාහිර පෙනුමේ අලංකාරය මෙන්ම තමාගේ සිරුරේ නිරෝගීකම රැකෙන්නේ ද යහපත් ආහාර පුරුදු යහපත් චර්යාවන් පුරුදු පුහුණු කරගත් විටය. සැමියා හෝ බිරිඳ යන දෙදෙනාගෙන් එක්‌ කෙනෙක්‌ තමාගේ සිරුර ගැන සෞඛ්‍ය සම්පන්න බව ගැන උනන්දු වී කටයුතු කළහොත් අනෙකාද ඊට නිරායාසයෙන්ම හවුල් වෙයි. එවිට නොදැනීම තම තමන්ගේ යහපැවැත්ම උදෙසා තමන් කැප වී කටයුතු කිරීමට පෙළඹෙයි. එකින් එක මෙසේ සිදුවෙද්දී නිරෝගී, ආකර්ෂණීය සිරුරක්‌ සමග සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට පුළුවන.


attachment.php


Source http://thewoman.lk/married-women/
 

Attachments

  • women fat and thin.jpg
    women fat and thin.jpg
    32.5 KB · Views: 416
  • women faitness.jpg
    women faitness.jpg
    35.4 KB · Views: 412

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙහිදී ඉතාම සුලභව දැකිය හැකි කරුණක් නම් අර්තාවහරණ සමයේ දී කාන්තාවන්ගේ උදාර ප්‍රදේශයේ මේදය තැන්පත් වීමෙන් උදරය ඉදිරියට නෙරා ඒමට පටන් ගනී.