විවාහයට පෙර ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප&#3530

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
විවාහයට පෙර ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප&#3530

2psd-3.png

ඔබත් මේ ප්‍රශ්න 5 ඔබේ සහකාරියගෙන් හෝ සහකරුවාගෙන් අසා තිබේද? එසේ නොමැති නම් තවමත් ඔබ ප්‍රමාද නැත.

1.අපගේ ආගමික දර්ශනයන් විශ්වාස යන දේවල් අපගේ ජීවිත වලට ගැටළුවක් වෙයිද?

දෙදෙනාම එකම දර්ශනයකින් පැවත එන්නේ නම් මෙය ගැටළුවක් නොවනු ඇත. එසේ නොමැති නම් පසු කාලීනව ගැටලුවකට හේතු විය හැකිය. ඇත්තටම බැලුවොත් බෞද්ධයකු කතෝලික කෙනෙකු සමග විවාහ වීම කතෝලික කෙනෙකු මුස්ලිම් කෙනෙකු සමග විවාහ වීම මේ කිසිදෙයකට නීති රීති ස්වාභාව ධර්මයාගෙන් නම් නැත. මේ සියලු දේ මිනිසා විසින්ම නිර්මාණය කරගත් දේවල්ය. ස්වාභාව ධර්මයට අපි සැවොම එක්තරා සත්තව විශේෂයක් පමණි. නමුත් මෙම දාර්ශනික මත වල එල්බ සිටින පුද්ගලයින් අප අතරේ නැතුවාම නොවේ. එවැනි පුද්ගලයින් සම`ග ජීවිත කාලයක් ගත කරනවා කියන්නේ තරමක අකාරයේ තමන්ගේ විවාහ ජීවිතය අනතුරේ දා ගන්නවා වැනි වැඩක්ය.

2.අපි දෙන්නගෙන් කාටහරි ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝග පවතිනවාද?

මෙයත් ඇත්තවශයෙන්ම දෙදෙනාගේ අනාගතයට ප්‍රබලවම බලපාන ගැටලුවකි. ඒ එය ඔවුන් දෙදෙනාට පමණක් බලපාන නිසාවෙන් නොව ඔවුන්ගෙන් බිහිවන දරුවන්ට ද එය ඍජුවම බලපාන නිසාවෙනි. ඔබ රෝගයක් සෑදෙන බව දැන දැන දරුවකු සාදයි නම් ජීවිත කාලයටම එම දරුවා වෙනුවෙන් බොහෝ දේ කැපකිරීමට ඔබට සිදුවේ. බොහොමයක් ජානමය වශයෙන් එන රෝග සුවකල නොහැක. එබැවින් මේ පිලිබදව සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය.

ජානමය වශයෙන් වැළදෙන රෝග දෙමාපියන්ට නොතිබුණද ඔවුන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකර එම රෝගය පරම්පාරාවෙන් පරම්පරාවට ගෙනයයි. සමහරක් රෝග දෙමාපියන් දෙදෙනාටම ජානමය වශයෙන් පවතී නම් පමණක් දරුවාට ඇතිවිය හැක. නමුත් හැකි සැමවිටම මෙවැනි අවධානමක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගෙන එම තත්වය වැළකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගන්න.

3.නිවාඩු දිනයන් විශේෂිත දිනයන් ඔඛෙ ජිවිතයට බලපාන්නේ කෙසේද?

ඔබගේ ජීවිතයේ විවිධ මතක සටහන් සහිත දින, විවාහ සංවත්සර, උපන්දින සාද වැනි දේවල් දෙදෙනාගේ ජීවිතවලට බලපාන ආකාරය දෙදෙනා අවබෝධ කරගෙන තිබීම ඉතාමත් වටිනවා. ඊට හේතුව නම් සමහර පුද්ගලයින් මෙවැනි දේවල් පිලිබදව වැඩි උනන්දුවක් නොමැති වීමයි. හිතන්න ඔබ මෙවැනි දේවල් වලට කැමති පුද්ගලයකු කියා. ඔබ බොහෝ විට ඒ සදහා සුදානම් වී තමාගේ සහකරුගෙන් හෝ සහකරියගෙන් එවැනි ප්‍රතිචාරයක් බලපොරොත්තුවෙන් කල්ගත කරයි. නමුත් ඔබගේ සහකරුට හෝ සහකාරියට එය එතරමි වැදගත් නොවන දෙයක් වුවහොත් ඔබට මහත් දුකක් කලකිරීමක් ඇතිවේ. මෙය ඔබේ විවාහ ජීවිතය අසාර්ථක කිරීමට හේතුවිය හැකිය.

4.ගැටළුවක් ඇති වුවහොත් කේන්ති නොගෙන කතාබහ කර එය විසදිය හැකි මට්ටමේ පුද්ගලයෙක්ද ඔබ?

විවාහ ජීවිතයේ දී බොහෝ ගැටළු ඔබ වෙත පැමිණේ. ඒ සියල්ලම තම සහකරු හෝ සහකාරිය සමග එකතු වී කතා බහ කර විසදාගත හැකි නම් සාර්ථක විවාහ ජීවිතයක් ඔබ දෙදෙනාට ගතකල හැකිවේ.

5.අපේ ජීවිත වල අතීතයේ පැවති සබදතා අසාර්ථක වීමට හේතුව කුමක්ද?

මෙය දෙදෙනා හොදින් අවබෝධ කරගත යුතු දෙයකි. අතීතයේ සිදු වූ වැරදි මොනවාද? මා එයින් ලබාගත් දේ මොකද්ද? තව දුරටත් එය සිදුවීම වැලකීමට මට ගතහැකි පියවර මොනවාද? දෙදෙනා එකිනෙකාගේ දුර්වලකම් හදුනාගත් විට එම අවස්ථාවලදී වඩාත් නම්‍යශීලිව කටයුතු කරගත හැක.

REP+++++++++++++++++++++++++;)
 
  • Like
Reactions: LoneWalker

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    2.අපි දෙන්නගෙන් කාටහරි ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝග පවතිනවාද?

    meka kohomada balaganne...
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    873
    1,753
    93
    2psd-3.png

    ඔබත් මේ ප්‍රශ්න 5 ඔබේ සහකාරියගෙන් හෝ සහකරුවාගෙන් අසා තිබේද? එසේ නොමැති නම් තවමත් ඔබ ප්‍රමාද නැත.

    1.අපගේ ආගමික දර්ශනයන් විශ්වාස යන දේවල් අපගේ ජීවිත වලට ගැටළුවක් වෙයිද?

    දෙදෙනාම එකම දර්ශනයකින් පැවත එන්නේ නම් මෙය ගැටළුවක් නොවනු ඇත. එසේ නොමැති නම් පසු කාලීනව ගැටලුවකට හේතු විය හැකිය. ඇත්තටම බැලුවොත් බෞද්ධයකු කතෝලික කෙනෙකු සමග විවාහ වීම කතෝලික කෙනෙකු මුස්ලිම් කෙනෙකු සමග විවාහ වීම මේ කිසිදෙයකට නීති රීති ස්වාභාව ධර්මයාගෙන් නම් නැත. මේ සියලු දේ මිනිසා විසින්ම නිර්මාණය කරගත් දේවල්ය. ස්වාභාව ධර්මයට අපි සැවොම එක්තරා සත්තව විශේෂයක් පමණි. නමුත් මෙම දාර්ශනික මත වල එල්බ සිටින පුද්ගලයින් අප අතරේ නැතුවාම නොවේ. එවැනි පුද්ගලයින් සම`ග ජීවිත කාලයක් ගත කරනවා කියන්නේ තරමක අකාරයේ තමන්ගේ විවාහ ජීවිතය අනතුරේ දා ගන්නවා වැනි වැඩක්ය.

    REP+++++++++++++++++++++++++;)

    මේක තමයි වැදගත්ම කරුණ.

    මගේ හොඳම යාලුවෙක් (බෞද්ධ කොල්ලෙක්) මැරී කලේ කතෝලික කෙල්ලෙක්.
    ඒක ප්‍රොපොසල් එකකින් වුනේ. යාළුවා වත්, උගේ දෙමව්පියෝ වත් කෙල්ලගේ පවුලේ අයවත් ඕක ලොකුවට හිතුවේ නෑ.

    හැබැයි අවුරුදු දෙකතුනයි එහෙම තිබ්බේ. වයිෆ් ගේ පැත්තෙන් පොඩ්ඩ පොඩ්ඩ ප්‍රෙෂර් එකක් එනවලු ඌට කන්වර්ට් වෙන්න කියල. මෑතකදී බබාව ඉස්කෝලේ දාගන්න ගිය වෙලාවේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙලින්ම කියල හස්බන්ඩ් වයිෆ් දෙන්නගෙම බෞතිස්ම සහතිකේ නැත්තම් ළමයා ඉස්කෝලෙට බාරගන්න බෑ කියල (කොහොමත් පුතාවනම් බෞතිස්ම කරලා, ඒත් තාත්තටත් බෞතිස්ම වෙන්න කියලා). ඌ දැන් බැන බැන ඉන්නවා.

    වයිෆ් ගේ තව යාලුවෙක්ටත් ඔය සිද්ධියම වුනා.

    ඒ හින්ද විවාහයක් එකම ආගමක දෙන්නෙක් අතර වෙනවනම් ප්‍රශ්න සෑහෙන අඩුවෙනවා.ඒක නම් හොඳට හිතල බලන්න ඕන දෙයක්.