විවාහය සඳහා ඇති නීතී ඔබ දන්නව්වාද ?

Sanush_Pinkkz

Member
Apr 26, 2013
187
21
0
Colombo
විවාහය සඳහා ඇති නීතී ඔබ දන්නව්වාද ?



ඔබ දන්නවාද අපේ රටේ සාමාන්‍යය නීතිය පදනම් වේලා තියේන්නේ මොන රටේ නීදතියෙන්ද කියල?, රෝම හා ලන්දේසි නීතියයි.(Roman Dutch Law) පසුකාලීනව පනවන ලද ව්‍යවස්තා මගින් එය විදිමත් කර ඇත. සාමාන්‍ය විවහා පිළිබඳ නීතිය ඉතා සරලය, වටහා ගැනීම ඉතා පසුය.



විවාහා වීමේ හැකියාව පිළිබඳව නීති.

පහත අවශ්‍යතා සපුරාලන අයෙකුට තවත් එවැනි අයෙකු සමඟ විවාහා විය හැක.
වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම.
වලංගු පවතින විවාහයකට ඇතුළත් නොවීම.
මේ අනුව දික්කසාද වු අයට ද වැන්දඹුවන්ට ද නැවත විවහා විය හැකි බව මෙහින් පැහැදිලිය,



විවාහයක් අවසන් වීම පිළිබඳ නීති


වලංගු විවාහයක් ආකාර දෙකකට අවසන් විය හැකිය එවා නම්,
පාර්ශවකරුවෙකු මියයාම.
දික්කසාද නඩු තීන්දුවකින්.


දික්ක්සාදයක් වීම සඳහා හේතු.

පහත සඳහන් වන පරිදි හේතු මත දික්කසදයක් ඉල්ලා සිටිය හැකිය.
අනාචාරය
ද්වේශ සහගත ලෙස අත්හැර දැමීම
විවහ වන විට දී පැවති සුවකළ නොහැකි බේලහීනතාව.
මේ කරුණු 3න “වෛවාහක වැරදි” නම්වේ.මෙහිදී පහත සඳහන් කරුණු දැන සිටීම වැදගත්වේ.
ඉහත සඳහන් “වෛවාහක වැරදි” එකක් හෝ වැඩි ගණනක් මත දික්කසදයක් ඉල්ල සිටිය හැකිය.
අනාචාරය නම් වු වරද සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුවේ.
අනාචාරයක් සිදුවීනම් අනාචාරයේ යෙදුනු අනෙක් තැනැත්තාද නඩුවේ සම විත්තිකරුවෙකු කළ යුතුයි. (අනාචාරියාගේ නම සොයා ගත නොහැකිවිට ද විත්තිකාරිය ගණිකා වෘත්තියේ යෙදෙන විට ද මෙම රීතිය අත්හළ හැකිය.)
අනෙක් වෛවාහක වැරදි සාක්කි වැඩි බර අනුව ඔප්පු කිරීම සෑහේ.
දික්කසාදයකදී පහත සඳහන් දේ ඉල්ලා සිටිය හැකිය.දික්කසාදයකදී පහත සඳහන් දේ ඉල්ලා සිටිය හැකිය.
දික්කසාද ආඥාවක්
දරුවන්ගේ භාරකාරත්වය.
වන්දි
ලබාදුන් දෑවැදි නැවත ලබාගැනීමට කරන ඉල්ලීම්.
දේපල / ඉන් කොටසක් ලබාදෙන මෙන් ඉල්ලීම්.
තවද පහත සඳහන් අවස්තාවල දී ලඝු පටිපටිය අනුව නඩු පවරා ඉක්මනින් දික්කසද ආඥාවක් ලබාගත හැකිය.
සත්වසක් වෙන්වී සිටීම.
වෙන්වීමේ තීන්දුව ප්‍රකාශයකින් වසර දෙකකට පසු.
මේ අවස්තා කිසිවක දී දික්කසාද ආඥාවක් ඉල්ලා සිටීමට වරදකාරි පාර්ශවයට නොහැකිය



නීතියෙන් වෙන්වීම පිළිබඳ නීති.

විවාහා පාර්ශවයෙන් එකට ජීවත්වීමේදී සිදුවිය හැකි අප්‍රතිකාරී හානි වැලැක්වීම වෙන්වීමේ තීන්දුවක් ලබාදීමේ අරම්මුණයි. පහත හේතු මත වෙන්වීමේ තීන්දු ලබාදීමට අධිකරණය විසින් සලකා බලනු ලැබේ.
පාර්ශවයන්ගේ කෲර ක්‍රියා
නිතර බීමත්ව පහර දීම.
ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග එක් පාර්ශවයකට ඇතිවීම.
වෙන්වීමේ තීන්දු සඳහා ඉල්ලීම් කළ යුක්තේ දිස්ත්‍රික් අධිකරණය වෙතය., කේසේ නමුත්, මෙම ප්‍රතිකර්මය එතරම් ජනප්‍රිය නැත
.

නඩත්තු නඩු.

විවාහයක පාර්ශව කරුවෝ ඔවුනොවුන් ද දරුවන්ද නඩත්තුකිරීමට නීතියෙන් බැඳී සිටිති. එය පැහැර හැර ඇති විට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා නඩත්තු ආඥාවක් ලබාගත හැකිය(නඩත්තු මුදල් ලබාගත හැකිය ).නඩත්තු අඥාවක් බලාත්මකව පවතින විට මාස්පතා නඩත්තු ගෙවිය යුතුය. නඩත්තු මුදල් පැහැර හැරීම මත සිරගත කළ හැකිය. පහත සඳහන් අවස්තා වලදී නඩත්තු ඉල්ලීමට හැකිය.
ඉපයීමේ හැකියාව නැති කලත්‍රයෙකුට.
බාලවයස්කාර දරුවෙකුට( වයස අවෘදු 18 ට අඩු )
ආබාධිත දරුවෙකුට.
උසස් අධ්‍යාපණයෙහි යෙදේන දරුවෙකුට.


:D:D:D:angry::angry::rolleyes::rolleyes::yes::yes:


REP එපා උපුටා ගැනීමකි
 
Last edited: