විවාහවෙන කවිය
කවියෙක්ව ඉපදිලා
දැනටමත් මත්වෙලා
ලියනවා වියැළිලා
අනුන්ටම වෙන්වෙලා
මට මගේ නොවු කවිය
උන්ගෙ මුවහත් අවිය
උන්ට දී මගෙ සවිය
ලබනවා තුටු දිවිය
ඒ නමුත් හොටු පිරුණු
හිතට හෙට කළකිරුණු
ආදරේ පරම අණු
ඉතිරේද කියා දෙනු
අයිති නැති කවියකට වචන මං යොදනවිට
අයිති නැති පෙමකට විශේෂණ යොදනවිට
අයිති නැති දිවියකට පෙම් පැතුම් පතනවිට
අයිති නැද්දෝ පෙමක් හිතේ මට විටින් විට
රඟදෙන්නෙ රඟමඩලෙ මගේ ජීවිත නොවේ
හිනැහෙන්නෙ මුකුළු වී ඈ මගේ නම් නොවේ
ගිලිහෙන්නෙ සළුව හෙට මගේ වී නම් නොවේ
ඉවසන්න මේ සියල් මං රහත් නම් නොවේ
කවිය කර පබඳන්න මා දකින ඔය ඇස්
දුටුවෙහිද දැඩි හිතින පුපුරුවන ගිනි රැස්
සිනහවම රවටා පෙණ දමන තෙල් ගෑස්
පුපුරන්න පෙරදීම ලියනු කර අප සඳැස්
මාලන් විදානපතිරණ
කවියෙක්ව ඉපදිලා
දැනටමත් මත්වෙලා
ලියනවා වියැළිලා
අනුන්ටම වෙන්වෙලා
මට මගේ නොවු කවිය
උන්ගෙ මුවහත් අවිය
උන්ට දී මගෙ සවිය
ලබනවා තුටු දිවිය
ඒ නමුත් හොටු පිරුණු
හිතට හෙට කළකිරුණු
ආදරේ පරම අණු
ඉතිරේද කියා දෙනු
අයිති නැති කවියකට වචන මං යොදනවිට
අයිති නැති පෙමකට විශේෂණ යොදනවිට
අයිති නැති දිවියකට පෙම් පැතුම් පතනවිට
අයිති නැද්දෝ පෙමක් හිතේ මට විටින් විට
රඟදෙන්නෙ රඟමඩලෙ මගේ ජීවිත නොවේ
හිනැහෙන්නෙ මුකුළු වී ඈ මගේ නම් නොවේ
ගිලිහෙන්නෙ සළුව හෙට මගේ වී නම් නොවේ
ඉවසන්න මේ සියල් මං රහත් නම් නොවේ
කවිය කර පබඳන්න මා දකින ඔය ඇස්
දුටුවෙහිද දැඩි හිතින පුපුරුවන ගිනි රැස්
සිනහවම රවටා පෙණ දමන තෙල් ගෑස්
පුපුරන්න පෙරදීම ලියනු කර අප සඳැස්
මාලන් විදානපතිරණ


