විවිධ නාය යාම් වර්ග ගැන දන්නවාද?
මෙම දිනවල ලංකාව පුරාවටම ඉතාමත් ප්‍රබල ආකාරයක වර්ෂාපතන තත්ත්වයක් ඇති නිසා ඒ හා සම්බන්ධ වන ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න මම අද හිතුවා.
ඒ මාතෘකාව තමයි නාය යාම්.
ඔබ දන්නවා ඇති දැනටමත් ලංකාවේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව නාය යාම් කීපයක් වාර්තා වී ඇති බව.
මෙවැනි නාය යාමක් සිදුවීමට ප්‍රධානතම හේතුව තමයි වර්ෂාපතනය ඉතාමත් වැඩි අවස්ථාවක වැඩි ජල ප්‍රමාණයක් පොළොවට උරා ගැනීම නිසා පස ලිහිල් තත්ත්වයකට පත් වී එලෙස ලිහිල් වූ පාංශු ස්තරය එයට යටින් ඇති පාංශු ස්තරයක් මත ලිස්සා යාම.
මෙය තමයි අපි "landslide" එසේත් නොමැති නම් "භූමිය ලිස්සා යාමක්" වශයෙන් නම් කරන්නේ.
මෙලෙස සිදුවන Landslides වර්ග කිහිපයක් තිබෙනවා. ඒවා තමයි මෙම නිරූපණය තුළ දක්වා තිබෙන්නේ.
මෙහිදී අපි සාමාන්‍යයෙන් නාය යාමක් වශයෙන් හඳුන්වන්නේ මෙහි A, B, C වශයෙන් දක්වා ඇති Rotational landslides, Translational landslides සහ Block landslides යන වර්ගීකරණ තුනයි.
මෙහිදී විශාල පාංශු ස්තරයක් එයට යටින් ඇති පාංශු ස්තරයක් මත එක්වරම ලිස්සා යාම සිදුවනවා. එනිසා මෙය තමයි ඉතාමත් හානිදායක නාය යාම් ස්වරූපය වන්නේ. උදාහරණයක් වශයෙන් මීට වසර කිහිපයකට පෙර අරණායක ප්‍රදේශයේ සාමසර කන්ද නාය යාම Translational landslide වර්ගීකරණයට අයත් වන ප්‍රධාන නාය යාමක් වශයෙන් හැඳින්වීමට පුළුවන්.
ඊළඟ නාය යාම් වර්ගය තමයි මෙහි D සහ E වශයෙන් දක්වා ඇති ඉහළ ප්‍රදේශයක සිට පහළ ප්‍රදේශයට යම් දෙයක් පෙරලීම. මෙවැනි දෙයක් අපි Rockfall සහ Topple වශයෙන් හඳුන්වනවා. උදාහරණයක් වශයෙන් පසුගිය දිනක කඩුගන්නාව ආශ්‍රිතව සිදු වුණේ දළ වශයෙන් මෙවැනි Rockfall එකක් ලෙස කීමට පුළුවන්.
මීටත් අමතරව ඇති නාය යාම් වර්ගීකරණය තමයි මෙහි F, G, H, I, J වශයෙන් දක්වා ඇති "Flow" එසේත් නොමැති නම් ප්‍රවාහයන් වශයෙන් අර්ථකථනය කළ හැකි නාය යම් වර්ගය.
මෙහි F, G, H වලින් මඩ සහ වෙනත් සුන්බුන් ගමන් කරන සුන්බුන් ප්‍රවාහයන් (Debris flow) දක්වා ඇති අතර I, J වලින් දක්වා ඇත්තේ පොළොව මතුපිට පාෂාණ ස්ථරයක් සමස්තයක් වශයෙන් සෙමින් ගමන් කිරීමයි.
මෙයින් ඔබට පැහැදිලි ඇති පෘථිවිය මතුපිට සිදුවන විවිධ නායයාම් වර්ග මොනවාද කියලා.
මෙවැන්නකින් බේරිය හැකි එකම ක්‍රමය වන්නේ වර්ෂාපතනය වැඩි අවස්ථාවක නායයාම් සිදුවීමට හැකියාවක් ඇති ප්‍රදේශයන්ගෙන් හැකි තාක් ඈත් වී සිටීමයි.
ඒවගේම ඔබගේ මතු පරිහරණයට සහ අන් අයගේ දැනගැනීම පිණිස මෙම තොරතුරු ශෙයා කර තබන්න.
(Image Credits : USGS)