Piracy ලෙස නිකුත් වන විවිධ ආකාරයේ පිටපත් වර්ග
චිත්‍රපටයක් piracy download කරද්දී අපිට විවිධ නම් වලින් යුතු format ගණනාවක් හොයාගන්න පුළුවන්. මේ thread එකෙන් ඒවගේ වෙනස්කම් සහ හැදෙන විදිහ ගැන කතා කරමු.
(Educational Purpose Only)
1. CAM / TS (හෝල් කොපි /කැමරා කොපි)
කෙනෙක් සිනමාශාලාවට කැමරාවක් හෝ ෆෝන් එකක් අරන් ගිහින් හොරෙන් වීඩියෝ කිරීමයි. මෙහි ඕඩියෝ එක රෙකෝඩ් වෙන්නේ හෝල් එකේ සද්දෙත් එක්කම කැමරාවේ මයික් එකෙන් නිසා සද්දේ (Echo) ගොඩක් වැඩියි. මිනිස්සු නැගිටිනවා පවා පේන්න පුළුවන්.
මෙය තාක්ෂණිකව සරලම නමුත් ගුණාත්මකභාවයෙන් අඩුම ක්‍රමයයි. මෙහිදී සිදුවන්නේ Digital Source එකක් නැවත Analog මාධ්‍යයක් (ආලෝකය සහ ශබ්ද තරංග) හරහා ගමන් කර නැවත Digital කිරීමයි.
සිනමාශාලාවේ තිරයේ Projector එක ක්‍රියාත්මක වන Refresh Rate එක (Hz) සහ පටිගත කරන කැමරාවේ Shutter Speed එක නොගැලපීම නිසා බොහෝ CAM පිටපත් වල “Flicker” (වෙව්ලීමක්) දකින්න පුළුවන්.
වීඩියෝ එක CAM එක විදියටම රෙකෝඩ් කරලා, ඕඩියෝ එක වෙනම ලයින් එකකින් (බොහෝ විට ශ්‍රවණාබාධිත අයට හෝල් එකේ දෙන Headphone Jack එකකින්) ඩිරෙක්ට් රෙකෝඩ් කරලා පස්සේ වීඩියෝ එකට Sync කරනවා. ඒ නිසා CAM එකට වඩා සද්දේ පැහැදිලියි.
TS (Telesync) වලදී Video එක සහ Audio එක මූලාශ්‍ර දෙකකින් එන්නේ (Video එක කැමරාවෙන්, Audio එක Line-in ජැක් එකකින්). මේ දෙක එකතු කිරීමේදී (Muxing) මිලි තත්පර ගණනක වෙනසක් වුවහොත් Lip-sync අවුල් වෙනවා.
2. DVDScr (Screener Copies)
සම්මාන උළෙලවල් (Oscars වගේ) සහ විචාරකයින් (Critics) සඳහා ෆිල්ම් එකේ DVD හෝ ඔන්ලයින් ලින්ක්ස් නිල වශයෙන් යවනවා.
මේ පිටපත් වල නිතරම "For Consideration Only" කියලා වෝටර් මාර්ක් එකක් වැටෙනවා. මේවා කාන්දු වුනාම (Leak) තමයි DVDScr එන්නේ. දැන් නම් මේවා Watermark කරලා තියෙන්නේ බලන කෙනාගේ නමට නිසා ලීක් වෙන එක අඩුයි.
3. WEB-DL vs WEBRip (The OTT Era)
දැන් කාලේ ගොඩක්ම ජනප්‍රිය මේ ෆෝමැට් දෙකයි. Netflix, Amazon Netflix, Amazon Prime වගේ අය මේ stream වල ආරක්ෂාව සදහා පාවිච්චි කරන්නේ Widevine (Google), PlayReady (Microsoft), හෝ FairPlay (Apple) වගේ DRM තාක්ෂණයන්. Piracy කරද්දී මේ protection එක අභිබවා යනවා.
සාමාන්‍යයෙන් Video එකක් Stream වෙද්දි Browser එකට එන්නේ තනි Video File එකක් නෙවෙයි. එය එන්නේ කුඩා කැබලි (Chunks) විදියට. (උදාහරණයකට .m3u8 හෝ .mpd වැනි Manifest ෆයිල් එකක් හරහා chunk_1.ts, chunk_2.ts ආදී වශයෙන්). මේ හැම Chunk එකක්ම Encrypt කරලයි තියෙන්නේ.
මෙතනදී වෙන්නේ ඔරිජිනල් සයිට් එකේ වීඩියෝ එක ප්ලේ වෙද්දි, Screen Recording සොෆ්ට්වෙයාර් එකක් හෝ Capture Card එකක් හරහා ඒක රෙකෝඩ් කරගැනීමයි. මෙතනදී වීඩියෝ එක නැවත Encode වෙන නිසා (Re-encoded), ඔරිජිනල් කොලිටියට වඩා පොඩ්ඩක් අඩුවෙන්න පුළුවන්.
මෙහිදී Encryption එක කඩන්නේ නැහැ. ඒ වෙනුවට Video එක Decrypt වී Display එකට යන අවස්ථාව අල්ලා ගන්නවා.
HDMI Stripping: HDCP (High-bandwidth Digital Content Protection) කියන ආරක්ෂාව බිඳින Hardware (Capture Cards) හරහා Video Signal එක අරගෙන එය නැවත Encode කරනවා.
මෙහිදී සිදුවන්නේ Lossy to Lossy conversion එකක්. Server එකෙන් එන දැනටමත් Compress වූ වීඩියෝ එක, Capture කරන විට නැවත Compress වෙනවා. මෙය Generation Loss ලෙස හඳුන්වනවා. (JPEG ෆොටෝ එකක් Save කරලා ආයෙ Save කලා වගේ).
මෙය වඩාත් සංකීර්ණයි. මෙහිදී වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ නෑ. විශේෂිත Tools භාවිතයෙන් කෙලින්ම Server එකෙන් වීඩියෝ ෆයිල් එක (Source file) බාගත කරගන්නවා. මෙහි කිසිම Quality Loss එකක් වෙන්නේ නෑ. OTT එකේ තියෙන ලස්සනම කොලිටි එක එහෙම්මම තියෙනවා.
CDM (Content Decryption Module): බ්‍රව්සරය තුල DRM අන්තර්ගතය Play කිරීමට CDM එකක් තිබෙනවා. මෙය Video එක Play කිරීමට අදාල Keys (License Keys) Server එකෙන් ඉල්ලනවා.
Pirate Tools කරන්නේ බ්‍රව්සරයක් ලෙස පෙනී සිටිමින් License Server එකෙන් Decryption Keys ඉල්ලා සිටීමයි. ලැබුණු Keys භාවිතා කරලා, අර Encrypt වෙලා තියෙන Video Chunks (Video & Audio Streams) කෙලින්ම Decrypt කරනවා.
Muxing (Multiplexing): මෙහිදී Video එක නැවත Encode කරන්නේ නෑ (No Re-encoding). Decrypt කරපු Raw Video Stream (H.264/H.265) සහ Audio Stream (AAC/E-AC3) එකතු කරලා MKV හෝ MP4 කන්ටේනරයකට දානවා. (බොහෝවිට MKV. MKV තුළ විඩීයෝ පිටපත සමග භාෂා කිහිපයක audio stream සහ උපසිරැසි srt කිහිපයක් උනත් ඇතුළත් කරන්න පුළුවන්. ඒ නිසා විවිධ භාෂාවලින් හඬ කැවූ චිත්‍රපටයක් නම් original audio එක සමග අනිත් භාෂා වල audio සහ භාෂා කිහිපයක උපසිරැසි තනි file එකක් ලෙස ඉතා පහසුවෙන් ලබාදෙන්න පුළුවන්)
4. HDRip / BRRip (The High Quality)
බොහෝ විට TV එකේ HD විකාශනයක් (HDTV) කැප්චර් කරලා හදන ඒවා. HBO වැනි නාලිකා වල විකාශය වන TV Show මීට උදාහරණ වේ.
ෆිල්ම් එකේ ඔරිජිනල් Blu-ray තැටිය නිකුත් වුනාම, ඒකේ තියෙන දැවැන්ත ඩේටා ප්‍රමාණය (උදා: 50GB) කුඩා ප්‍රමාණයකට (1GB/2GB) Encode කිරීම මෙතනදී වෙනවා. ලෝකේ හොඳම කොලිටි එක ගන්න පුළුවන් මේකෙන්.
BluRay තැටියක් ආරක්ෂා කරලා තියෙන්නේ AACS (Advanced Access Content System) මගින්.
AACS ආරක්ෂාව බිඳලා, තැටිය ඇතුලේ තියෙන .m2ts (MPEG-2 Transport Stream) ෆයිල් එක එලියට ගන්නවා. මේකේ Size එක ගොඩක් ලොකුයි (30GB – 50GB). මෙහි කිසිම Quality අඩුවීමක් නෑ.
අර ගත්ත ලොකු ෆයිල් එක, FFmpeg හෝ Handbrake වගේ Tools හරහා x264 (AVC) හෝ x265 (HEVC) ලයිබ්‍රරි පාවිච්චි කරලා Compress කරනවා.
මෙතනදී පාවිච්චි කරනවා CRF (Constant Rate Factor) වගේ අගයන්, ෆයිල් එකේ Size එක සහ කොලිටි එක බැලන්ස් කරන්න.
ඉස්සර හෝල් එකේ කැමරාවක් අටවන් හිටියට, දැන් Piracy කණ්ඩායම් වැඩ කරන්නේ "Algorithm" සහ "Decryption Tools" එක්ක. ඒ කියන්නේ Netflix වගේ තැනක දාලා තියෙන ආරක්ෂිත (DRM Protected) ෆයිල් එකක් වුනත් තත්පර ගානකින් කඩන්න පුළුවන් තාක්ෂණයක් ඔවුන් සතුව තියෙනවා.
අපි ඒ automation එක වෙන්නේ කොහොමද කියලා ඊළග thread එකෙන් කතා කරමු.