විවෘත සන්වාදයක්!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විවෘත සන්වාදයක්!!

    මම මේ කියාගෙන ආවෙ.. එහෙම කටයුතු කරපු නායකයො හිටපු එක්සත් ජාතික පක්ෂය දෙමල බෙදුම්වාදයට කඩේ යන තැනට කටයුතු කරන්න පෙලඹුන ටර්නින් පොයින්ට් එක හොයන්න. පැහැදිලිවම ඒ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්ම එජාපයේ සියලු ඉහල පෙලේ නායකත්වයන් දෙවතාවකදි (මැයි රැලියෙදි ප්‍රේමදාස සමග සෙට් එකක් සහ ජනාධිපතිවරණ රැලියකදි ගාමිණී දිසානායක ඇතුලු සෙට් එක) ඝාතනය වීම සමග එහි නායකත්වය බාරගත්ත රනිල් වික්‍රමසිංහගෙ නායකත්වයත් එක්ක තමයි මේ ටර්නින් පොයින්ට් එකට එජාපය පත් වෙන්නෙ. ඒත් එක්කම අර මුලින් කියපු කාරණා එක්ක එජාපය එක්ක එකතු වෙලා හිටපු බුද්ධිමත්තු රාජපක්ෂ සහ හෙල උරුමය වගේ පක්ෂ වටා එකතු වෙනව. දැවැන්ත ඡන්ද පදනමක් තිබුන එජාපය ඡන්ද පදනම අතින් සෑහෙන පල්ලෙහාට වැටෙනව.
    .
    ඒ හිඩැස පුරවන්න ඔවුන්ට අවශ්‍යතාවය ඇතිවෙනව. එදා ඉඳන් එජාපය දෙමල බෙදුම්වාදයේ ආරක්ෂකයෙක් වෙනව. ඒ මත තමන්ගෙ ඡන්ද පදනම හදාගන්නව. ඉන්දියාවට අවශ්‍ය දේ ඉටුකරන පක්ෂයක් වෙනව. හිතල බලන්න, එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තය අයින් වුන දාක දෙමල බෙදුම්වාදී දේශපාලකයන් ඩීල් දාන්නෙ කා එක්කද? ඉන්දියාව බලහත්කාරයෙන් ගිවිසුම් ගහන්නෙ කා එක්කද? ජේ ආර් මහත්තයට ඉන්දු ලංකා ගිවිසුම ගහද්දි තිබුණ වගේ පීඩනයක් අද රනිල් වික්‍රමසිංහට එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තියනවද? ඔහුට පීඩනය තියෙන්නෙ එට්කා වලට විරුද්ධවයි. නමුත් ඔහු ඒ ගිවිසුම ගහන්නම හදනව. ඔහු වැඩ කරන්නෙ කාගෙ උවමනාවටද? ඒ මදිවට පලාත් සභා එහෙමම තියෙද්දි ඔහුට කඩේ යන බැල පක්ෂ ලවා විධායක ජනපතිධූරය අහෝසි කරන්න/ බලතල අඩු කරන්නත් කතා වෙනව.. ඇයි මේ? මේකෙන් වාසිය කාටද? අද රටේ භෞමික අඛණ්ඩතාවයට එරෙහිව කටයුතු කරන, ආරක්ෂක අංශ වලට එරෙහිව ක්‍රියා කරන, බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියා කරන විවිධ සංවිධාන සේරම වගේ එජාපය වටා ගොනුවෙලා. ඇයි මේ?


    Source - https://www.facebook.com/sampath.sagara?