විශ්වයෙන් ආ අබිරහස් සංඥා Part 1 & 2
විශ්වයෙන් ආ අබිරහස් සංඥා : ලෝකයේ නොවිසඳුණු අබිරහස්
අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා. ශී‍්‍ර ලංකාවට ද පිටසක්වළ ජීවීන් පැමිණි බවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී අපට අසන්නට ලැබුණා. පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන ඇති උනන්දුව නිසාම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය පවා නිර්මාණය වෙනවා. පොත්පත් සඟරා ආදිය පළ වෙනවා. පිටසක්වළ ජීවීන් විසින් මිනිසුන් පැහැර ගෙන ගිය අවස්ථා සහ මිනිසුන් යොදා සිදු කළ විවිධ පර්යේෂණ ගැන අසන්න ලැබෙනවා.
මේ දේවල්වල ඇත්ත නැත්ත කුමක්ද? ඇත්තටම පිටසක්වළ ජීවයක් පවතීද? නැතිනම් මේ විශ්වයේ ජීවය පවතින එකම ග‍්‍රහලෝකය අපේ පෘථිවිය පමණක්ද? අපේ ක්ෂීරපථයෙන් ඈත වෙනත් මන්දාකිණිවල ජීවය පවතීද? අප මේ ලිපි පෙළෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ පිටසක්වළ ජීවීන් ගැන, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සොයමින් සිදු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ ගැන අලූත් ම තොරතුරයි. ඒවගේ ම පිටසක්වළ ජීවීන් පිළිබඳ අපූරු, අද්භූත රසවත් තොරතුරු රැසක් ද ඒ සමඟ ගෙන එනවා.
පිටසක්වළ ජීවීන් හොයන ‘සෙටී’ මෙහෙයුම
පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගිනුයි. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමටයි. මෙය නොදන්නා දේවල් සොයා සිදු කෙරෙන විද්‍යාත්මක මෙහෙයුමකි. ”දැනට අපට සතුව ඇත්තේ ප‍්‍රශ්න වැලක් පමණයි. ඒත් කවදා හෝ දිනයක ඒ ප‍්‍රශ්නවලට අපට පිළිතුරු ලබා ගැනීමට ගැනීමට හැකි වූ විට අපේ මුළු ලොවම වෙනස් වේවි” මෙසේ පවසන්නේ සෙටී මෙහෙයුම දියත් කළ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි.
‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවූ හැටි
‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එය සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධානතම අරමුණයි. දැනට කි‍්‍රයාත්මක මේ ‘සෙටී’ මෙහෙයුමේ ආරම්භයත් ඒ හා සම්බන්ධ සිදුවීම් හරිම අපූරුයි.
ජොසලීන් බෙල්ගේ අපූරු අත්දැකීම
1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල් නම් සිසුවියට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි.
විශ්වයෙන් ආ අබිරහස් සංඥාව
මේ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටියදී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා. බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි. ඊට හේතුව ගුවන් විදුලි තරංග නිසා මෙවැනි බාධාවීම් සාමාන්‍යයෙන් සිදුවන නිසයි. ඒ බාධාව මඟ හරවා ගන්න බෙල් සහ හෙවිෂ් උත්සහ කළත් ඔවුන් අසාර්ථක වුණා. ඔවුන්ට ඒ සංඥාව මඟ හැරීමට නොහැකි වුණේ එය විශ්වයේ ඈත කොහේ හෝ තැනක සිට ලැබුණු දෙයක් නිසයි.
අබිරහස් සංඥාව පරීක්ෂා කෙරේ
මේ අබිරහස් සංඥාව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට තවත් අපූරු දේවල් හෙළිකර ගැනීමට හැකිවුණා. එය වඩාත් සුපරීක්ෂාකාරීව විමසද්දී ඔවුන්ට පෙනී ගියා, මෙම සංඥා නිකුත් වන්නේ අති සියුම් කාල පරාසයක් තුළ දී බව. හරියටම මෙම සංඥා අතර කාලය තත්පරයකින් 3 යි 2/3ක පංගුවක්. මේ අන්දමට ඉතාමත් නිවැරදිව, නිශ්චිතව සංඥාවක් නිකුත් කළ හැක්කේ කෙසෙද? විශ්වයේ ඇති ස්වාභාවික ගුවන් විදුලි සංඥාවලින් මෙවැන්නක් නිකුත් විය හැකි ද? 1967 වසරේදී කාටවත් ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ.
‘පුංචි කොළපාට කුරුමිට්ටෝ’
මේ ගැන පරීක්ෂණ සිදුකළ පරීක්ෂකයන් අවසානයේදී නිගමනය කළේ මේ සංඥාවේ මූලාශ‍්‍රය ස්වාභාවිකව ඇති වූ දෙයක් නොවන බවයි. ඔවුන්ට එසේ ලැබුණේ පිටසක්වළ ජීවීන්ගේ සංඥාවක්ද ? මේ ගැන නොයෙක් වාද විවාද ඇතිවුණා. ඇතැම් අය ඒ ගැන උපහාසයෙන් කතා කරන්න පටන් ගත්තා. ඔවුන් මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගත්තේ ඒ පර්යේෂණයෙන් හෙළි වූ දේ විහිළුවට ලක් කරන්නයි.
අබිරහස් සංඥාව ගැන උනන්දුවක්
මෙම අලූත් සොයා ගැනීමත් සමඟ ලොව පුරා විද්‍යාඥයන් රැසක් කේම්බි‍්‍රජ් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය හා සම්බන්ධ වුණා. ඒ ගැන තොරතුරු විමසන්න පටන් ගත්තා. මෙසේ කාගේත් උනන්දුව වැඩි වීමත් සමඟ ජොසලීන් බෙල්ට මේ අබිරහස් සංඥාව හසුකර ගැනීමටත් ඒ හා සමාන තවත් සංඥා ඇත්දැයි සොයා බැලීමටත් ඇගේ කාලය වැඩිපුර යොමු කරන්න සිදු වුණා. එදා තමා ඒ ගැන සතුටක් පළ නොකළ බව අතීත සිදුවීම් මෙනෙහි කරන බෙල් කියයි. ”ඒ කාලේ මම මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙමිනුයි හිටියේ. මං තෝරා ගත්තේ නව තාක්ෂණයක්. ඒත් අන්තිමේදී මට ඒක කරදරයක් වුණා. විශ්වයේ ඈත සිටින පිටසක්වළ කොළපාට කුරුමිට්ටන් පිරිසක් මගේ සංඛ්‍යාතයත් මගේ ඇන්ටෙනාවත් යොදා ගත්තා අප සමඟ සන්නිවේදනය කරන්න” 1967 ජොසලීන් බෙල්ට ලැබුණු ඒ අබිරහස් සංඥාව කුමක්ද? එය අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් එවූ සංඥාවක්ද?
http://www.malkakulu.com/2011/12/blog-post_25.html
පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි (විශ්වයෙන් ආ අබිරහස් සංඥාව දෙවැනි කොටස) : ලෝකයේ නොවිසඳුණු අබිරහස්
පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගින් බව අපි කීවා මතක ඇති. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමකි. සෙටී මෙහෙයුම දියත් කළේ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි. ‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එයට සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණයි.
විශ්වයෙන් ආ අබිරහස් සංඥාව
1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල්ට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි. ඇය නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීම් කරද්දී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා. බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි. ඒ සංඥා ආයේ විශ්වයේ ඈත කොහේ හෝ ස්ථානයක සිටයි. මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගැනුණා.
සංඥාවේ අබිරහස විසඳෙයි
1968 වන විට ජොසලීන් බෙල්ට ලැබුණු LGM සංඥාවලට පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධයක් නැති බව තහවුරු වුණා. ඒ වසර තුළ දී පමණක් LGM සංඥාවලට සමාන සංඥා නිකුත් කරන වස්තූ ගණනාවක් ම සොයා ගනු ලැබුවා. ඒවා නිකුත් වෙන්නේ ඉතා වේගයෙන් භ‍්‍රමණය වන නියුට්‍රෝන තාරකාවලින්. අති ප‍්‍රබල ගුවන්විදුලි තරංග නිකුත් කරන ඒවා හැඳින්වෙන්නේ පල්සර් (Pulsar) කියායි. විකිරණශීලී නියුට්‍රෝන තාරකාවල ජීවීන් සිටිත්දැයි විමසීම නිෂ්ඵල කාර්යයක්. ඒ කෙසේවුවත් බෙල්ගේ හා හෙවිෂ්ගේ මෙම සංඥා සොයා ගැනීමෙන් ඒවා පිටසක්වළ ඉන්නා බුද්ධිමත් ජීවීන් නිකුත් කරන ඒවාදැයි සිතන්නට කවුරුනුත් පෙලඹුණේ එකල පැවති වාතාවරණය අනුවයි. ස්පුට්නික් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර වසර 10ක්වත් ගත වී තිබුණේ නෑ. ඒ වන විට ‘අභ්‍යවකාශ යුගය’ ආරම්භ වෙලා ලෝකයේ කාගේත් උනන්දුව ඒ වෙත යොමු වෙලා තිබුණා. අජටාකාශගාමීන් අභ්‍යවකාශයට යන්න පටන් අරන් තිබුණා. මිනිසුන් රහිත යානා ග‍්‍රහයන් වෙත යවා තිබුණා. ‘ස්ටා ටේරක්’ හා ‘ලොස්ට් ඉන් ස්පේස්’ වැනි රූපවාහිනී විද්‍යා ප‍්‍රබන්ධවලින් සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන් තුළ පවා විශ්වය ගැන විශාල උනන්දුවක් ඇති වී තිබුණා. විශ්වයේ නව ගවේෂණ කෙරෙහි ලොව පුරා විද්‍යාඥයන් අතර ලොකු උද්යෝගයක් හා තරගයක් ආරම්භ වී තිබුණා. මෙවන් තත්වයක් යටතේ පල්සර් තරුවලින් නිකුත් වූ විකිරණ තරංග බුද්ධිමත් ජීවීන්ගෙන් ලැබුණු සංඥා ලෙස වරදවා වටහා ගනු ලැබුවේ එදා පැවති තත්වය අනුවයි.
පිටසක්වළ ජීවය සොයා ගිය ගවේෂකයෝ
ක්ෂීර පථය කියන්නේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය අයත් වන මන්දාකිණියටයි. තවත් මන්දාකිණි බිලියන ගණනාවක් විශ්වයේ තියෙනවා. ඒවා විවිධ හැඩයන්ගෙන් යුක්තයි. අපේ චක‍්‍රාවාටය කෙතරම් විශාල ද යත් ඒ හරහා යන්නට ආලෝකයේ වේගයෙන් ගමන් කළොත් ආලෝක වර්ෂ අවුරුදු ලක්ෂයක් පමණ ගත වෙනවා. ආලෝක වර්ෂයක් යනු ආලෝකය වසරක් තිස්සේ ගමන් කරන දුරයි. ඒ දුර කිලෝ මීටර 9.4607 *1012 කි. (එනම් දළ වශයෙන් සැතැපුම් මිලියන මිලියන හයකි.) මෙය අති විශාල ප‍්‍රදේශයක් නිසා ඒ පුරා විසිරී පිහිටා ඇති ග‍්‍රහයන්, උපග‍්‍රහයන් හා චන්ද්‍රයන්ගේ විවිධාකාරයේ ජීවීන් සිටිය හැකි බවට අනුමාන කෙරෙනවා. ඒ ගැන ගවේෂණය කරමින් දැනට ඈත විශ්වයේ ගමනේ යෙදෙන ගවේෂණ යානා 4 ක් තියෙනවා. ඒවා තමයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් අභ්‍යවකාශ ගත කර ඇති පයනියර් 10 සහ 11 යානාත්, වොයේජර් 1 සහ 2 යන යානා. මෙම යානාවල පෘෂ්ඨයේ රූප සටහන් ඇඳ තිබෙනවා. එහි අරමුණ පෘථිවියේ වාසය කරන බුද්ධිමත් ජීවීන් වන අප ගැන විස්තර අප හා සමාන බුද්ධියක් හෝ අපට වඩා බුද්ධි මට්ටමකින් සමන්විත ජීවීන් කොට්ඨාශයක් ඇත්නම් ඒ ඔවුන්ගේ දැනගැනීම පිණිසයි.
‘වොයේජර්’ හා ‘පයනියර්’ යානා
අභ්‍යවකාශයේ ඈත කෙළවර බලා යන වොයේජර් සහ පයනියර් යානා ගමන් කරන්නේ පැයට සැතපුම් දස දහසක වේගයකිනි. මේ ගවේෂණ යානා 4 අතරින් වඩාත් වේගයෙන් ගමන් කරන්නේ වොයේජර් 1 යානයයි. එහි වේගය පැයට කිලෝමීටර 64,000 කි. පයනියර් යානාවල පෘෂ්ඨයේ මතුපිට ගැහැනියකගේ සහ පිරිමියකුගේ රූප සිතුවම් කර තිබේ. එමෙන්ම එම යානා සෞර ග‍්‍රහ මණ්ඩලයේ පෘථිවිය නමින් හැඳින්වෙන ග‍්‍රහලොවේ සිට පැමිණෙන යානා යැයි විස්තර ලියා තිබේ. වොයේජර් යානා පිටසක්වළ ජීවීන් වෙනුවෙන් රැගෙන යන්නේ මීට වෙනස් ආකාරයේ පණිවිඩයකි. ඒවායේ රන් ආලේපිත තඹ තහඩුවකින් ආවරණය කළ පටි ගත කරන හා වාදනය කරන යන්ත‍්‍රයක් (ටේප් රෙකෝඩරයක්) බැගින් ඇත. ස්වයංක‍්‍රීයව කි‍්‍රයාත්මක වන අතර ඒවායෙහි පෘථිවි භාෂා 60 කින් පමණ පැවසෙන සුබ පැතුම් පණිවිඩ අඩංගුවේ. පෘථිවියේ වෙසෙන සතුන්ගේ හඬවල්ද එහි ඇත.
http://www.malkakulu.com/