මෙන්න මේකත් ටිකක් කියවන්නකෝ..මේ පිරිසුදු බුදු බණ!(ධර්මප්‍රදීපිකාව)
(සෑහෙන දුරට වටහා ගත හැකි අයුරින් වචන නවීකරණය කලෙමි)
මිනිස්සුන්ට පනස් අවුරුද්දක් සව්මහරජයෙහි (දිව්‍ය ලෝක හයේ)දෙවියනට එක් දවසෙක් වෙයි, එදවසින් තිස් දවසෙක් මසෙක් වෙයි. ඒ මසින් දෙළොස් මසෙක් හවුරුද්දෙක් වෙයි, එ හවුරුද්දෙන් එහි දෙවියනට පන්සියක් හවුරුද්දට ආයුෂ යැ. එ දිව්‍යයු,ෂ වූ හවුරුදු පන්සියය සඤ්ජීව නරයෙහි එක් දවසෙක් වෙයි, එ දවසින් තිස් දවසෙක් මසෙක් වෙයි, එ මසින් දෙළොස් මසෙක් අවුරුද්දෙක් වෙයි, එ අවුරුද්දෙන් එ නරකයෙහි පන්සියයක් අවුරුද්දට ආයුෂ යැ.
මිනිස්සුනට සියක් හවුරුදු තව්තිසා වැසි දෙවියනට එක් දවසෙක් වෙයි, එ දවසින් එහි දෙවියනට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් හවුරුද්දට ආයුෂ යැ. එ දිව්‍යායුෂ සහස්රවය කාල සූත්ර නරකයෙහි එක් දවසෙක් වෙයි. එ දවසින් එ නරකයෙහි දහසක් හවුරුද්දට ආයුෂ යැ.
මිනිස්නට දෙසියයක් අවුරුදු යාම දෙව් ලොවැ දෙවියනට එක් දවසෙක් වෙයි. එ දවසින් එහි දෙවියනට දෙදහසක් අවුරුද්දට ආයුෂ යැ. එ දිව්යායයුෂ දෙදහස සඞ්ඝාත නරකයෙහි එක් දවසෙක් වෙයි, එ දවසින් එ නරකයෙහි දෙදහසක් හවුරුද්දට ආයුෂ යැ.
මිනිස්සුනට සාරසියයක් හවුරුදු තුසීපුරයෙහි දෙවියනට එක් දවසෙක් වෙයි, එ දවසින් එහි දෙවියනට සාර දහසක් හවුරුද්දට ආයුෂ යැ. එ දිව්යායයුෂ සාර දහස රෞරව නරකයෙහි එක් දවසෙක් වෙයි, එ දවසින් එ නරකයෙහි සාර දහසක් හවුරුද්දට ආයුෂ යැ.
මිනිස්සුනට අටසියක් හවුරුදු නිර්මා ණරතියැ දෙවියනට එක් දවසෙක් වෙයි, එ දවසින් එහි දෙවියනට අට දහසක් අවුරුද්දට ආයුෂ යැ. එ දිව්යායුෂ අට දහස මහා රෞරව නරකයෙහි එක් දවසෙක් වෙයි. එ දවසින් එ නකෙයෙහි අට දහසක් හවුරුද්දට ආයුෂ යැ.
මිනිස්නට එක් දහස් සසියයක් හවුරුදු පරනිර්මිත වශවර්තියැ දෙවියනට එක් දවසෙක් වෙයි. එ දවසින් එහි දෙවියනට සොළොස් දහසක් හවුරුද්දට ආයුෂ යැ