විශාදය

NoSad

Member
Mar 11, 2017
60
194
0
depression.jpg


බොහෝ වෙලාවට හැමෝම අහන ප්‍රශ්නයක් තමයි විශාදය තියෙනවද නැද්ද කියලා කොහොමද හඳුනාගන්නෙ?

අපි හැමෝටම දුක හිතෙනවා සමහර වෙලාවට දුක හිතෙන සාධාරණ හේතු තියෙන්න පුළුවන්. කිසිම හේතුවක් නැතුව දුක හිතෙන වෙලාවලුත් තියෙනවා ඉතින් කොහොමද මේ දුක , විශාදය නිසා හටගත් දෙයක් ද එහෙම නැත්නම් සමාජයේ ජීවත් වෙනකොට ඒ ගැටලු නිසා හටගන්නා සාධාරණ කණගාටුවක්ද කියලා වෙන් කරලා හඳුනා ගන්නේ.

කණගාටුව දුක කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍ය හැඟීමක් ඒ හැඟීම් අපි නැති කරගන්න ඕන නැහැ එහෙම සාමාන්‍ය කණගාටුවක් පාලනය කරගන්නත් අපි ඉගෙන ගෙන තියෙනවා. එහෙම නැත්නම් ඉබේම නැතිවෙලා යනවා.

ඒත් විශාදයේ දී එහෙම ලේසියෙන් ඒ
දුක කණගාටුව තුරන් වෙලා යන්නේ නෑ. එදිනෙදා ජීවිතය අදාල වෙන තරමට , දිනපතා වැඩ කටයුතු කරගන්න බැරිවෙන තරමට , කණගාටුව අපව වෙලා ගන්නවා.

වැඩ කරන වැඩ කරලා මහන්සි වැඩි උනහම දැනෙන කෙඩෙත්තුව විවේකයක් ගත්තා නම් අඩු වෙලා යනවනෙ. ඒත් විශාදයේ දී දැනෙන කෙඩෙත්තුව අපිව තවදුරටත් විඩා පත් කරවනවා අපි විවේකයක් ගත්තාම මහන්සිය අඩු වෙනවා වෙනුවට සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත තවදුරටත් අපිව කලකිරීමට හා වෙහෙසට පත් කරලා වැඩ කරන්න එපා කරවනවා සමහර වෙලාවට අපිටම හිතාගන්න බැරිවෙනවා අපිට දැනෙන අපහසුතාවය කුමක්ද කියලා.

වෙනදා වගේ email ටික චෙක් කරන්න හිතෙන්නේ නැත්නම් messages ටික කියවන්නෙ නැතිව ගොඩ ගැහෙනවා නම් විශාදයේ ලක්ෂණ වෙන්න පුළුවන්. වෙනදා රිගින් ටෝන් එක එනකොට සතුටින් ෆෝන් එක ගන්න කෙනෙක් ෆෝන් එක දිහාවත් බලන්න හිතෙන්නේ නැත්නම් ඇහෙන මිහිරි හඬත් කඨෝර නම් විශාදය තිබේද කියල හොයල බලන්න ඕන.

කෑම එක අතට අරගෙන ලත වෙවී ඉන්න අයත් එළියට වඩා අඳුරට ප්‍රිය කරන අයත් විශාදයට ගොදුරු වෙලා වෙන්න පුළුවන්. හැමදාම ආසාවෙන් බලපු ‍ ප්‍රියතම රූපවාහිනි නාට්‍යයත් බලන්න එපා වෙනවා නම් කොතන හරි මානසික ගැටලුවක් තියෙනවා.

මේ වගේ ලක්ෂණ දුටුවහොත් සමාන්‍ය චරිත ලක්ෂන කියල අහක බලා ගෙන යන්නේ නැතුව ඒ අයට උදව් කරන එක පින්කමක් තමන්ට එහෙම දැනෙනවා නම් ඒවට උදව් උපකාරත් තිබෙන බව හිතේ තියාගන්න.



උපුටා ගැනීම

මනෝ වෛද්‍ය විශේෂඥ රූමී රුබන් මහතා ගේ ෆේස්බුක් ගිණුමෙන්
 
  • Like
Reactions: WhiteWalker

NoSad

Member
Mar 11, 2017
60
194
0
500x311_1449675890496469.jpg


සියදිවි නසාගන්න ආසන්න හේතු හා මතුපිටින් පේන හේතු මොනවා තිබුණත් ප්‍රධානතම ඒ වගේම බහුලම හේතුව ප්‍රතිකාර නොලැබූ විශාදය යි.

මේ බව පර්යේෂණාත්මකව ලෝකයේ බොහෝ රටවලදී තහවුරු වෙලා. විශාදය ඇති වෙන්නේ මොළයේ ජීව විද්‍යාත්මක වෙනස්කම් වලින්. ඒ සඳහා ජානමය බලපෑම ඉතා වැදගත් .කෙසේ වෙතත් යම්කිසි අවස්ථාවකදී විශාදය මතුවෙන්න හෝ දිවි නසාගන්න , විශාදයට ගොදුරු වූ පුද්ගලයෙකු පොළඹවන්නට විවිධ සමාජීය කාරණා බලපාන්න පුළුවන්. ඒත් යම්කිසි නිශ්චිත මනෝ සමාජීය පීඩනයකට මුහුණ දෙන පුද්ගලයකු විශාදයට ගොදුරු වීමට හෝ නොවීමට ප්‍රධානව බලපාන්නේ ඒ පුද්ගලයාගේ ජානමය සංයුතිය.

එහෙමනම් ඇත්තටම සියදිවි නසා ගැනීම අඩු කරන්න අවශ්‍ය නම් මේ මොහොතේ අපේ සමාජයේ සිදුවිය යුතු ප්‍රධානම දේ ප්‍රතිකාරය නොලැබූ විශාදය හඳුනාගෙන වහාම ප්‍රතිකාර ලබාගැනීමට යොමු කිරීමයි. ඒ සඳහා පහසුකම් සැලැස්වීමයි.

රෝගය ආරම්භයේදීම ප්‍රතිකාර කිරීම, ඖෂධ ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීමට පෙළඹවීම, බොහෝ විට අමතක වෙන එහෙත් රෝගය සුවවීම සදහා ඉතා වැදගත් කරුණු . සියදිවි නසා ගැනීම සඳහා වීරත්වයක් ආරෝපණය කිරීම, සියදිවි නසාගැනීමට උත්සාහ කරන හා සිදුකළ පුද්ගලයන් ට අපහාස සිදු කිරීම, විශාදයෙන් පෙළෙන පුද්ගලයන් හඳුනා නොගැනීම හා ප්‍රතිකාර සඳහා යොමු නොකිරීම හෝ පමා කිරීම, ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයන් අපහසුතාවයට පත් කිරීම හා ප්‍රතිකාර ලබා ගැනීම අවතක්සේරු කිරීම අද සමාජයේ බහුලව දක්නට පුළුවන්.

මෙවැනි හේතු නිසා සියදිවි නසා ගැනීම අවම කිරීම අද විශාල ගැටලුවක් බව බවට පත්වෙලා. කෙසේ වුවත් ඉහත කරුණු පිළිබඳ සැලකිලිමත් ව සිටීමෙන් අප ඔබ සැමට අකාලයේ විනාශ වෙන දහස් ගණනක් ජීවිත ගලවා ගන්නට පුළුවන්.


උපුටා ගැනීම

මනෝ වෛද්‍ය විශේෂඥ රූමී රුබන් මහතා ගේ ෆේස්බුක් ගිණුමෙන්
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බෙහෙත් බොන්නැතුව counselling ගියාම ඇත්තටම හිතට සැහැල්ලුවක් දැනෙනවද බං ? :( ගිය අය ඉන්නවද ? :(
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බෙහෙත් බොන්නැතුව counselling ගියාම ඇත්තටම හිතට සැහැල්ලුවක් දැනෙනවද බං ? :( ගිය අය ඉන්නවද ? :(

    සැහැල්ලුවක් දැනෙනව එවෙලෙට. ඊට හොඳා ඒ සල්ලි වියදම් කල්ල කෙල්ලො කොල්ලො සෙට් එකත් එක්ක ෆන් එකක් ගනිං කාල බීල බජව්වක් දාල.
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    බෙහෙත් බොන්නැතුව counselling ගියාම ඇත්තටම හිතට සැහැල්ලුවක් දැනෙනවද බං ? :( ගිය අය ඉන්නවද ? :(

    Eweleta podi shape ekak danenawa
    Beheth walinnm hodatama suwayak danenawa
    But side effects tiyanawa
     

    dannchann

    Member
    Oct 11, 2014
    27
    9
    3
    Analysis

    පත්තරයක් ගත්තොත්, ගොසිප් අඩවියකට ගියොත් නිතරම පේන්න තියන දෙයක් තමයි වයස් බේදයක් නැතිව සිදුවන සිය දිවි නසාගැනීම්. සමහර කාලවලට රැල්ලට තුන් හතර දෙනා මැරෙනවා. වයස් බේදයක් නැතුව ගොඩක්ම තරුණ සහ මැදිවයසේ අය දිවිනහගන්න සැබෑ හේතුව වෙන්නේ මේ විශාදය( Depression) තමයි. සමාජයේ අනිත් මිනිස්සු අහනවා අපරාදෙනේ මේ වටිනා ජිවිත මොන මෝඩ වැඩක්ද මේ කරගත්තේ කිසිම සාදාරණ හේතුවක් නැහැනේ මෙහෙම කරගන්න කියල. එත් ඇත්තටම එයාල මානසිකව ලබන පීඩනය පිටින් ඉන්න කෙනෙකුට හිතාගන්නවත් බැරිවෙන්න පුළුවන්.

    උදාහරණයක් ගත්තොත්, කාගෙහරි මව හෝ පියා නැතිවෙලා එයා ගොඩාක් දුකින් ඉන්නේ. ඒ දුක පිටින් බලන කෙනෙකුට අත් විදින්න බැහැ, නමුත් හේතු කාරණා සහිතව තේරුම් ගන්න පුළුවන් මොකද ඒ දුකට හේතුව මව හෝ පියා නැතිවීම බව දන්නා නිසා. නමුත් විශාදයේදී වෙන්නේ කෙනෙකුට තමන්ගේ මව හෝ පියා නැතිඋනා වගේම වේදනාවක්, හිස් බවක් , කලකිරීමක් හේතුවක් නැතුවම හිතේ ඇතිවෙනවා සහ ඒක පහව යන්නේ නැති තත්වෙකට පත්වෙනවා. මේ දේ වෙන්නේ මොලයේ ස්නායු වල රසායනික හැසිරීම වෙනස්වීමෙන්. එතකොට ඒ පුද්ගලයා නොදැනුවත්වම සමාජය ගැන, ජිවිතය ගැන පුදුම කලකිරීමකට පත් වෙනවා. අර පිටින් බලන කෙනාට තේරෙන්නේ නැහැ මෙයා ඇතුලින් ලබන පීඩනය. ඉතින් මේ රෝගියා විෂාදය කියන තත්වය ගැන නොදන්නා කෙනෙක්නම් එයාට කිසිම අවබෝදයක් නැහැ තමන් ලබන මේ කටුක අත්දැකීම ලෙඩක්ද නැත්නම් සමාජය ඇත්තටම මෙහෙම දුක් සහගතද කියන දෙය වෙන් කරගන්න. ඉතින් ජීවිතය අර්ථ ශුන්‍ය බවට හිතින් තර්ක ගොඩ නැගිලා දිවි නසාගන්න පෙලබෙන්න පුළුවන්. දිවි නසාගන්න කෙනාට ඒ දේට බොහොම සාදාරන හේතුවක් තියනවා කියල දැන් පැහැදිලි ඇති කියල හිතනවා.

    විෂාදයත් එක්ක කරට කර යන තව ලෙඩක් තමයි Anxiety නැත්නම් භීතිකාව කියන්නේ. එකේදී වෙන්නෙ හේතුවක් නැතුව හෝ නොසැලකිය හැකි හේතුවක් කරණ කොටගෙන ලොකු භයක් හිතට දැනෙන එක. ඒකත් හිතින් පහව යන්නේ නැහැ සාමාන්‍ය භයක් වගේ. ඒ භය වැඩි උනාම Panic attack වලට එනවා. එතැනදී හුස්ම ගන්න බැහැ වගේ හැගීමක් ඇතිවෙලා හිත කලබල වෙලා විනාඩියක දෙකක කාලයක් මරණ බය වගේ හැගිමක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මෙහෙම බයක් ඇතිවෙන්න හේතුවක් අවට ඉන්න කෙනෙක්ට නම් පෙන්න නැහැ. Anxiety කියන තත්වය ගැන දන්නේ නැත්තම් එම රෝගියා හිතන්නෙත් මේක තමන්ට පෞද්ගලික උනු තත්වයක් සහ බෙහෙත් එහෙමත් හොයාගෙන නැතුව ඇති කියල. එහෙම හිතල අවුරුදු ගණන් දුක් විදිමින් ඉන්න අවස්ථාත් දකින්න පුළුවන්. Anxiety නිසානම් දිවි නසා ගැනීමේ පෙලබුමක් නැහැ මොකද එයාලගේ හිතේ තවමත් බලාපොරොත්තුවක් තියනවා කවදා හෝ මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියල. නමුත් විශාදයේදී අන්න ඒ බලාපොරොත්තුව තමයි නැතිවෙන්නේ. බලාපොරොත්තුවක් නැති තැන ජිවිතයක් නැත.

    අපි හැමෝම ජිවත් වෙන්නේ බලාපොරොත්තු සහ ආශාවන් මත උපදින සතුට මතයි. ඒ දේ ඇතිකරන්නෙත් අපේ මොලය විසින්මයි. එත් මොලයේ රසායනික වෙනස්කම් නිසා ඒ බලාපොරොත්තු සහ ආශාවන් ස්වභාවිකව ඇතිවෙන එක නතර වෙලා සතුට වෙනුවට දුක, කණගාටුව, භය, හිස් බව කියන දේ ආදේශ උනොත් හිතල බලන්න ඒක මොන වගේ හැගීමක් වෙන්න පුලුවන්ද කියල. මේව මෙහෙම කල්පනා කලොත් ඔයාලට හිතෙයි ජිවිතේ කියන්නේ මොනතරම් බොරුවක්ද, අනිත්‍ය ද, මොලේ රසායනික සංයෝග ටිකක් නේද අපිව පාලනය කරන්නෙ ජිවිත කාලයක් පුරාම කියල.

    දැන් බලමු ප්‍රතිකාර පැත්ත ගැන. Depression, Anxiety කියන ලෙඩ දෙකටම දෙන්නේ පොදුවේ Antidepressant කියන බෙහෙත් වර්ග. Benzodiazepine, SSRI, SNRI, NDRI, Tetracyclic, Tricyclic කියන්නේ ප්‍රධාන Antidepressant කාණ්ඩ ටිකක් සහ තවත් කාණ්ඩ තිබෙන්න පුළුවන් බවද සලකන්න. මේ කාණ්ඩ යටතේ බෙහෙත් සිය ගණනක් තියනවා. සාමාන්යෙන් මුලින්ම මේ වගේ තත්වෙකට මානසික වෛද්‍ය වරයෙක් හම්බෙන්න ගිහාම, වෛද්‍ය වරය මුලින්ම නියම කරන්නෙ Alprazolam කියන Benzodiazepine වර්ගෙට අයත් බෙහෙත. එතනින් එහාට ගමනක් යන්න උනොත් ඒ ඒ රෝගියාගේ ශරීරය ඒ ඒ බෙහෙත් වලට දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරියට බෙහෙත් වර්ග වෙනස් කරමින් ලබා දෙනවා.

    Depression සහ Anxiety රෝග තත්වය 100% ක් හොද කරගන්න පුළුවන් කියන දෙය මට සහතික ලෙස කියන්න පුළුවන්. යම් බෙහෙතකින් තත්වේ පාලනය උනේ නැත්තම් වෛද්‍ය වරයාගෙන් දිගටම බෙහෙත් ගත යුතුයි තමන්ට ගැලපෙන බෙහෙත හමුවෙලා 100% ක් සුව බව තමන්ටම දැනෙන අවස්ථාව පැමිණෙන තෙක්ම.

    ඔබට හෝ දන්නා කාටහරි මේ වගේ තත්වයක් තියනවනම් ඉක්මනින්ම වෛද්‍ය වරයෙක් වෙත යොමු වීම තමයි නුවණට හුරු. මේ ලෙඩ වලට counselors ල නම් හරියන්නේ නැති බව කිව යුතුයි. රජයේ රෝහලක මනෝ වෛද්‍ය සායනයකට, නැතිනම් echannelling.com එකේ ඉන්න Psychiatrist කියන වර්ගයේ වෛද්‍ය වරයෙක් ලගට යන්න. Prof: නාලක මෙන්ඩිස් මේ සම්බන්දව ඉතා හොද සහ අත්දැකීම් බහුල වෛද්‍යවරයෙක් බව කියන්න පුළුවන්.

    (අමතර කාරණයක් විදිහට කියන්නම් ඔයාගේ doctor ගෙන් පුලුවන්නම් අහන්න SSRI කාන්ඩේ බෙහෙත් වර්ග මග ඇරගන්න පුලුවන්ද කියන දෙය. හේතුව side effects )

    ලංකාවේ ජනමාද්‍ය සියදිවි නසාගැනීම් පිලිබදව මතුපිටින් පමණක් කරුණු පෙන්වා ප්‍රේමය, ලිංගිකත්වය, මුදල් ප්‍රශ්න වැනි භෞතික සාදක මතම පමණක් වර්ග කිරීම සාදාරන නොවන අතර, මේ සදහා මුල බීජයන් වන මානසික තත්වයන් පිලිබදව සමාජය තුල කතිකාවතක් ඇතිකර මිනිසුන් දැනුවත් කර සමාජය මින් මුදවාගැනීමට කටයුතු කිරීම කාලින අවශ්‍යතාවක් බවයි මාගේ හැගීම.


    ~ පෞද්ගලික අත්දැකීම් මත ගොඩ නගන ලදී ~ :yes: