විශාලතම ජීවියා මියයයි
මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇතිබව අද නිල වශයෙන් ම ලොවට දැනුම් දෙනු ලැබු බව වාර්තා වේ.
මේ ශෝකජනක පුවත නිල වශයෙන් ලොවට දැනුම් දුන් විද්‍යාඥයින්, මිනිසා සහ කාලය විසින් නැති කළ විශාලතම ජීවියා ලෙසට එය හඳුන්වාදෙනු ලැබිය.
ලොව විසූ විශාලතම ජීවීයා වූ මහා බාධක කොරල්පරය, නිල වශයෙන් මියගිය බව පිළිගන්න විට එය වසර මිලියන 25 ක ආයු කාලයක් ගෙවා තිබුණා.
දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග 3000 ක් සඳහා වාසස්ථාන සැපයූ සැතපුම් 1,400 ක් විශාල කොරල්පරය, මින් මතු ජීවින් කිහිපදෙනෙකුට නිවසක් වශයෙන් පමණක් භාවිත කළ හැකි සැකිල්ලක් පමණයි.
ලොව සිටින තල්මසුන් අතරින් වර්ග 30 ක් ම ජිවත් වුයේ මේ මහා බාධක කොරල් පරය ආසන්නයේයි. කොරල්පරයේ ජිවිය මත යැපුණු ජීවින් වර්ග 600 ක් පමණ මේ කොරල් පරයේ අවසානයත් සමඟ මෙලොවට සමුගෙන ඇත.
මුළු බ්‍රිතාන්‍යයේ ම වර්ග ප්‍රමාණයටත් වැඩි භුමි ප්‍රමාණයක් හිමි කරගෙන සිටි මහා බාධක කොරල්පරය, සඳේ සිට දැකිය හැකි එකම ජිවියා බවටත් පත්ව තිබුණා.
කොරල්පරය මෙසේ මිය යාමට ප්‍රධාන හේතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සමුද්‍රයට එකතු වීම මෙන් ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය බවයි මේ වනවිට හෙළි වී තිබෙන්නේ.
සාගර ජෛව විවිධත්වය පිළිබඳව හැදෑරීමේ දී අතිශය සංවේදී පාරිසරික පද්ධතියක් ලෙස කොරල් හදුන්වනු ලැබේ. සමකයේ සිට අක්ෂාංශ 30 ත් දේශාංශ 30 ත් අතර සාගර කලාපයේ නිර්මාණය වන කොරල් සෑදීමේ ප්‍රමුඛයා වන්නේ ” පොලිප් ” හෙවත් කොරල් බහුබාවායි. මෘදු අපෘෂ්ඨවංශික ජීවියෙක් වන පොලිප් සාගර ජලයේ දියවී ඇති කැල්සියම් කාබනේට් අවශෝෂණය කරගෙන ස්වකීය ශරීරය වටා ඝණ සැකිල්ලක් නිර්මාණය කරයි. අලිංගික හා ලිංගික යන දෙආකාරයයෙන්ම වර්ගයා බෝ කරන මෙම පොලිප් ජීවීන්ගේ කවච එකිනෙකට සම්බන්ධ වී කොරල් සෑදෙන අතර එවැනි කොරල් එකතු වී කොලණියක් හෙවත් කොරල් පරයක් නිර්මාණය වේ.. සත්ව ප්ල්වාංග ආහාරයට ගන්නා මෙම පොලිප්ගේ බහිස්රාව අපද්‍රව්‍ය හා හිරු එළිය උපයෝගී කරගෙන ” සුසැන්තලේ ” නම් අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංස්ලේෂණය කරනු ලබන අතර එහි නිපදෙවෙන ඔක්සිජන් පොලිප් ප්රාශ්වාස කරනු ලබයි. පොලිප් හා සුසැන්තලේ සහජීවනය නිසා නිර්මාණය වන මෙම කොරල් නිර්මාණය වීම වසර දහස් ගණනක් පුරා ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියකි.
ලෝකයේ සෑම සාගරයකම කොරල් නිර්මාණය නොවන අතර සාගර ජලයේ උෂ්ණත්වය , ලවනතාව, සූර්යා ලෝකය වැනි කාරණා මත එය තීරණය වේ. සාගර උෂ්ණත්ව වෙනස්වීම සෙන්ටිග්‍රේඩ් අංශක 2කින් වෙනස් වීම මෙම කොරල් මියයාමට හේතු වේ. ලෝකය පුරා විහිදී ඇති කොරල්පර වලින් 91.9% ක් ඉන්දු ශාන්තිකර කලාපයේ පවතින අතර එයින් 40.8% ක් අයත් වන්නේ ලොව විශාලතම කොරල් කොලණිය වන ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයට ය. වසර මිලියන 500 කට පෙර උපත ලද මෙම මහා බාධක පරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 344.400 කට ආසන්න වන අතර එය තනි කොරල්පර 2900 කින් ද දූපත් 1050 කින් ද සමන්විතය . මෙම මහා බාධක පරය වාසය කරගත් මත්ස්‍ය විශේෂ 3000 ක් ද, අනෙකුත් විශේෂ 1625 ක් ද, දූපත් වාසී පක්ෂි විශේෂ 220 ක් පමණ ද වාර්තා වේ. ලොව දුර්ලභ කොල කොල කැස්බෑවාගේ අභිජනන ප්‍රදේශ ද, Dugong ගේ ලොව විශාලතම ගහණය මෙහි පැවතීමද සුවිශේෂි ය.
1770 දී ජේම්ස් කුක් නම් නැවියා විසින් ඕස්ට්‍රේලියාව , ක්වීන්ස්ලන්තය ආශ්රිත මෙම මහා බාධක කොරල්පරය සොයාගැනීමත් සමග මෙම ලොව විශ්මිත නිර්මාණයේ අවසානය ඇරඹිණි. 1960 දී ක්වීන්ස්ලන්ත රජය මෙම ප්‍රදේශය ඛනිජ තෙල් කැණීම් සඳහා සමාගමක් වෙත ලබා දීමට සූදානම් වූ අතර Save The Reef සංවිධානය මගින් ලොව පුරා ඇතිකල විරෝධතා හමුවේ මෙම ප්‍රදේශය සංරක්ෂණ කලාපයක් ලෙස නම් කෙරුණි. 1981 දී යුනෙස්කෝ සංවිධානය මෙම සුවිශේෂී සාගර කලාපය ලෝක උරුමයක් ලෙසින් නම් කල අතර එමගින් ස්ථානීය තර්ජන වැළකුණද ගෝලීය තර්ජන එලෙසම පවතී.
සාගර අම්ල වැසි, ගෝලීය උෂ්ණත්වය ඉහලයෑම නිසා වැඩිවන කාබන් සාගර ජලය මගින් උරා ගැනීමත් නිසා මෙම සජීවී දැවැන්තයා මිය යන බව සොයාගැනුනේ 1997 දීය. ප්ලාස්ටික් අංශු සාගරයට මුසු වීමත්, කෘෂිරසායන නිසා සාගර ඇල්ගී වැඩිවී මුහුදු පත්ලේ සූර්යාලෝකය අඩු වීම, නාවුක අපද්‍රව්‍ය , අධික ධීවර කටයුතු නිසා කොරල් බිදී යාමත් හේතුවෙන් මෙම මහා බාධක පරයේ 93% කට හානි වී තිබෙනවා. වර්තමානයේ දී ඕස්ට්‍රේලියා රජය මෙම කොරල්පරය රැකගැනීමට විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කලත් ජීව විද්‍යාඥයන් පවසන්නේ නැවත යථා තත්වයට පත් නොවිය හැකි ලෙස හානි වී අවසන් බවයි. කෙසේවෙතත් මහා බාධක කොරල්පරය පිළිබඳව දීර්ඝකාලයක් පුරා පර්යේෂණ කරණ Ocean Agency ආයතනයේ අධ්යක්ෂ රිචඩ් වෙවර්ස් පවසන්නේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය මියගොස් ඇති බවත්, 2030 වසර වනවිට එය විනාශ වී යනු ඇති බවත් ය. ඒ අනුව සාගර ජීවි විශේෂ අතරින් 25% කට නවාතැන් සැපයූ මහා බාධක කොරල්පරය සමගින් මියයන ජීවීන් ගණන මිලියන ගණනක.