විශාල සූර්ය කුණාටු 2ක්

signshop

Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    විශාල සූර්ය කුණාටු 2ක්

    විශාල සූර්ය කුණාටු 2ක්… අංශු පැයට කි.මී. මිලියන 22 වේගයෙන් පෘථිවිය දෙසට

    පසුගිය බදාදා දිනයේදී විශාල මට්ටමේ සූර්ය කුණාටු 2ක් ඇතිවූ බව නාසා ආයතනය පවසයි. සූර්ය ස්කන්ධ විසර්ජනය ලෙස හැඳින්වෙන මේ හරහා ටොන් බිලියන ගණනක ආරෝපිත අංශු පෘථිවිය දෙසට නිකුත් කර ඇති අතර ඒවා පැයට කිලෝමීටර මිලියන 2.2ක වේගයෙන් පැමිණෙමින් ඇති බව පැවසේ.

    නමුත් නාසා ආයතනය පවසන්නේ වායුගෝලය හරහා පැමිණීමට මෙම අංශු වලට නොහැකි හෙයින් එය මිනිසුන්ට බලපෑමක් නොකරනු ඇති බවයි.

    කෙසේවෙතත් දින 3ක කාලසීමාවක් තුළ පැමිණිය හැකි යයි දැක්වෙන මෙම ආරෝපිත අංශු මගින් චුම්භක ගෝලයේ කැළඹීම් සහගත තත්වයන් මගින් භූ චුම්භක කුණාටු නම් අභ්‍යවකාශ කාළගුණික සංසිද්ධියක් ඇති විය හැකි අතර ප‍්‍රබල භූ චුම්භක කුණාටු විසින් සන්නිවේදන සංඥා කපා හැරීම සහ අධි විදුලි ධාරාවන් පේ‍්‍රරණය වීම සිදුවිය හැකි අතර නාසා බලධාරීන් පවසන්නේ වාර්තා වූ මට්ටමේ සූර්ය කුණාටුවක් විසින් සාමාන්‍යයෙන් ඇති විය හැක්කේ මද කැළඹීමක් බවයි.

    මිනිසුන්ට හානිකර නොවුවද එය සන්නිවේදන චන්ද්‍රිකාවල සහ පෘථිවිය මතුපිට ඉලෙක්ට්‍රොනික පද්ධති වලට බලපෑම් සහගත විය හැකි බව ඔවුන් නිවේදනය කර ඇත.

    මේ හරහා උත්තර ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශවලට ප‍්‍රබල අවුරෝරා ආලෝකයන් දිස්වනු ඇති බවද වාර්තා වේ. සූර්යයා තම වසර 11ක සූර්ය කාළගුණික චක‍්‍රය තුළ ක‍්‍රියාකාරී කාලපරිච්ඡෙදය පසුකරමින් ඇති අතර එහි උඵරිමය වෙත මේ වසර අවසානයේදී ළගා වීමට නියමිතව තිබේ.

    :baffled:
    Source: Lanka C news
     
    • Like
    Reactions: BlueBat and agrmrs