22. තනියම යන මාවතේ... [ගී පද කොටස් : 1]
සම්පූර්ණ ගීතය (Rap) පහත සබැඳියෙන් රසවිඳිය හැකියි.
තනියම යන මාවතේ... බාධක හිනැහෙයි මලේ...
නුඹ සොයනා සාර්ථකේ... නුඹ ළඟ තමයි...
මඟ නොපෙනෙයි මාරුතේ... සොයා යන්න නොයා රැලේ...
අරමුණ උදෙසා හදේ... සටන අද තමයි...
Lyrics - Ravi jay
Rap Written & Performed by - Samith gomes x Ravi jay
Music produced by - Azim ousman
සම්පූර්ණ ගීතය (Rap) පහත සබැඳියෙන් රසවිඳිය හැකියි.
Code:
Dhess - Ravi jay x Samith gomes Ft. Gimantha Arampath
https://www.youtube.com/watch?v=MH1TV46HpnA
◘──────────────────────────────────────────◘
මනුෂ්‍යයෙක් ජීවිත කාලයේදී කොතරම් පිරිවර සමඟ සිටියත්, බොහෝ දෙනෙක් සමඟ ආදරයෙන් වෙලුනත්,
මරණයේදී අපට අකමැත්තෙන් හෝ සියලු දෙනා අත්හරින්න වෙනවා... මියැදෙන්න වෙන්නේ තනියම...
ඒවගේම කෙනෙක්ගේ ජීවිතේ දුෂ්කර කාල සීමාවන්හිදී, දුක වෙලී පවතින් දේවලදී,
බොහෝවිට අප වටා සිටින අය ඈත් වෙනවා. ඒවට මුහුණ දෙන්න වෙන්නේ තනිවම...
සරලව කියනවා නම් මිනිසෙක්ට උපතේ පටන් මියයන තුරා ජීවිතයට මුහුණ දෙන්න වෙන්නේ තනිවම...
එහෙම කියන්න හේතුව තමයි, කිසිම කෙනෙක් නෑ අදහස් අතින් සමාන...
ඒ නිසා යමෙක් ස්වාධීන, නිදහස් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා නම්,
ඊට තමාගේම මාර්ගයක් සොයා ගන්න වෙනවා ඒ තැනැත්තාට, ඒ තනිවම...

ජීවිතය කියන්නේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමක්... අපි හොයලා දෙන පිළිතුරු අනුව තමයි අනාගතය තීරණය වෙන්නේ...
ඉතින් මේ තනිවම යන මාවතේදී හමුවෙන, ඒ ප්‍රශ්න, බාධක ඔච්චමට වගේ අපට හිනාවෙනවා...
අපට විවිධාකාර බලපෑම් කරනවා...
ඒවාට හසුවුනොත්, වහල් වුනොත්, යටත් වුනොත් අපේ ගමන සාර්ථක වෙන්නේ නෑ...
නුඹගේ සාර්ථකත්වය තියෙන්නේ නුඹ ළඟම තමයි...
ඒ සාර්ථකත්වය කාටවත් දෙන්න බෑ, කාගෙන්වත් ගන්නත් බෑ...
තමා විසින්ම අවබෝධයෙන් යා යුතු ගමනක්...

එසේ යන ගමනේදී මාර්ගය හරි හැටි නොපෙනේවි...
සත්‍ය වැසී පවතීවි... අසත්‍ය ඉස්මතු වෙලා තිබේවි....
නමුත් සත්‍ය හරිහැටි හඳුනාගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි...
වරදීවි බොහෝවතාවක්... වැරදීමෙන් ඉගෙනගෙන සත්‍යය හමුවන තෙක් ගවේෂණය කළ යුතුයි...
අනෙක් බොහෝ දෙනා මෙන් රැල්ලට නොයා හරි මඟ තෝරාගැනීම කළ හැක්කේ ඔබටමයි...
ඒවගේම තම සිතට එකඟව, ඒ මාර්ගය යහපත් බව ඔබ දන්නේ නම්, ලෝකයා මොන දේ කිව්වත් තඹ දොයිතුවකට සැලකිය යුතු නෑ...!
ඒ යහපත් වූ අරමුණ උදෙසා වන නිහඬ විප්ලවය, ඔබේ සිත තුළ අදම, මේ මොහොතේම ඇරඹිය යුතුයි...! ඒ ඔබේම යහපත වෙනුවෙන්...
ඒ ශ්‍රේෂ්ඨ වූ විප්ලවයෙන් ජය ලැබූ කළ නිදහස්, ස්වාධීන, මනුෂ්‍යත්වය අගයනා, ස්වභාවදහමේ ගරු සැලකුම් ලබනා සැබෑ මනුෂ්‍යයෙක් බිහිවේවි...!