විස්මිත විජයග්රහණයට වසරයි
උතුරු නැඟෙනහිර කේන්ද්‍ර කොට දසක තුනක් තිස්සේ රට පුරා පැතිරී තිබූ කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කොට අදට (18) හරියටම වසරකි.
2006 ජූනි 26 වැනිදා නැඟෙනහිර මෙහෙයුම මාවිල්ආරුවෙන් ආරම්භ විය. කොටි ත්රස්තවාදීන් මාවිල් ආරු සොරොව්ව වසා දැමූ පසු එය මුදා ගැනීම සඳහා ආරක්ෂක හමුදාවෝ මෙහෙයුමක් ආරම්භ කළහ. අනතුරුව මේ මෙහෙයුම නැෙඟනහිර මානුෂීය මෙහෙයුම ලෙසින් කොටි ග්‍රහණයේ සිටි සාමාන්‍ය වැසියන් මුදා ගන්නා තෙක් දියත් කෙරුණි. නැඟෙනහිර පළාතේ තිබූ සියලු කොටි බළමුළු විනාශ කර එම පළාත ආරක්ෂක හමුදා යටතට පත්විය.
පසුව උතුරු මානුෂීය මෙහෙයුම ආරම්භ විය. නැඟෙනහිර මෙන්ම උතුරේද කොටි බලහත්කාරයෙන් සිරකරගෙන සිටි ජනතාව බේරා ගනිමින් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම එම මෙහෙයුමේ අරමුණ විය.
ජනාධිපති සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාපතිවරු මෙහෙයුම ආරම්භ කළහ.
පැති පහකින් උතුරු ප්‍රදේශයට ඇතුළු වූ ආරක්ෂක බළ සේනාංක ඉදිරියටම යමින් 32 මාර්ගය ඒ 9, ඒ 35, පුනරින් , කිලිනොච්චි, මන්නාරම, පරන්තන්, අලිමංකඩ, මුහමලේ, පුදුකුඩිඉරිප්පු, ධර්මපුරම්, මුලතිව්, ඇතුළු සියලු කොටි බළ කොටු විනාශ කර කොටි නායකයෝ සැඟ වී සිටි නන්දිකඩාල් ප්‍රදේශයට ඇතුළු වී කොටි නායක ප්රභාකරන් ප්රමුඛ සමස්ත කොටි නායකත්වයම විනාශ කළහ.එම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගත්තේ පසුගිය වසරේ අද වැනි දිනකයි. මෙරට ජනතාව කාලයක් තිස්සේ බැට කෑ ත්‍රස්තවාදයෙන් එදා සම්පූර්ණයෙන්ම නිදහස් වූහ.
ලෝකයක් මවිතයට පත් කරමින් මෙරට ආරක්ෂක බළ සේනා ලබාගත් විජයග්‍රහණය සැමරීම අද රට පුරා සිදු කැරේ.
මේ ජයග්‍රහණය පතා ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වී ඇස්, ඉස්, මස්, ;ල් ඇට මේ රට වෙනුවෙන් පූජා කර සටන් වැදී මිය ගිය අතුරුදන්වූ අබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සිහිපත් කිරීමත් එම මෙහෙයුම්වලට කැප වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම රණවිරුවනට උපහාර දැක්වීමත් සිදු කෙරේ. ඒ නිමිත්තෙන් පසුගිය 11 වැනිදා සිට අද (18) දක්වා රණවිරු සතිය ලෙස නම්කර තිබුණි. රණවිරුවන් වෙනුවෙන් විවිධ සද්කාර්යය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරුණි. අද පස්වරුවේදී පාර්ලිමේන්තු රණවිරු ස්මාරකය අබියසදීද රණවිරු අධිකාරිය සංවිධානය කරන විශේෂ උත්සවයක් පැවැත්වේ.