Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආලවක දමනය

වෙසක් එකට නාට්ටියක් කරන්න ඕනෑ කියලා බුද්ධාගම සර් කීවෝය. ඒකට කැමති නාට්ටියක් කරන්න පුළුවන් කියලා තෝරා ගැනීමේ තරග වලට පුළුවන් විදියට නාට්ටි හදාගෙන එන්න කීවාය. හොඳම එක වෙසක් නාට්ටියට ගන්නවා කිව්වෝය. අසේලයායි මායි ආලවක දමනය කරන්න තීරණය කළෝය. ජනකයා චරිතයක් ඉල්ලලා මැරෙන්න හදපු හින්දාත් ඌ උස හින්දාත් ඌ ගහකට ගන්න අපි තීරණය කළෝය. ජනකයාත් ඒකට කැමති උනාය. කොහොම හරි මංගලිකලාගේ යසෝදරා කතාවට වඩා අපේ එක හොඳ වෙන්න ඕනෑ බව අපි තීරණය කළාහුය. මංගලිකා අසේලයාට සිදුහත් කුමාරයා වෙන්න කතා කරලා තිබුණෙමු. ඒත් අසේලයා අපේ යාළුවා හින්දා ඌ බෑ කියා අපේ නාට්ටියට ආවෙමු.

තෝරා ගැනීමේ උත්සවේට නාට්ටි තෝරන්න ආවේ ලොකු ඉස්කෝලේ මහත්තයා ය. පලවෙනියටම අපේ නාට්ටිය තිබුණෙමු. අසේලයා බුදුහාමුදුරුවෝ වෙලා ඉස්ටේජ් එක මැදට වැඩියෝය. මම එක අතකින් කඩුව වෙනූවට ලීයක් අරගෙන ඉස්ටේජ් එක කෙලවරක සිටියෙමු. නාට්ටිය ආලවක දමනය බව බුද්ධාගම සර් ලොකු ඉස්කෝලේ මහත්තයා ට කිව්වාය. ජනකයා ඇවිත් අත් දෙක දිගෑරලා පැත්තකින් හිටගත්තාය.

"දැන් තමුසේ කවුද?" කියලා ලොකු ඉස්කෝලේ මහත්තයා අසේලයාගෙන් ඇහුවාය. "බුදුහාමුදුරුවෝ සර්" අසේලයා කීවෝය. "තමුසේ"? කියලා මගෙන් ඇහුවා ය. "ආලවක සර්" මං කීවෙමු. "එතකොට මූ කවුද?" කියලා එතුමා ජනකයාගෙන් ඇහුවෝය. "ගහක් සර්" කියලා ජනකයා කිව්වා ය. "ගහක් ඕනමද? " කියලා අහපු ලොකු ඉස්කෝලේ මහත්තයා "කමක් නෑ, එහෙනම් පටන්ගමු කිව්වා ය. මම අඩිය හප්පලා කඩුව ඇරගෙන "අඩෝ, ඔහොම හිටපිය" කිව්ව ගමන් අසේලයා දුවන්න පටන් ගත්තා ය. ලොකු ඉස්කෝලේ මහත්තයා "හෝව් හෝව්... මෙහෙ එනවා" කියලා දෙන්නම අඬගහලා බුදු හාමුදුරුවෝ එහෙම දුවන්නේ නැති බවත් යකා උනත් " එම්බල, මහණ, ඔහොම නවතිනු" වගේ ටිකක් සැර අඩු විදියට කතා කලාට වරදක් නැති බවත් කියා දුන්නා ය.

අපි ආපහු නාට්ටිය පටන් ගත්තෙමි. දැන් අසේලයා වඩිනවාය. මමත් කඩුව අරං "එම්බා, නවතිනු" කිය කියා එනවාය. හදිසියේ ලොකු ඉස්කෝලේ මහත්තයා "සර්, ආලවකයා කඩුවක් අරං මොකද?" කියලා බුද්ධාගම සර් ගෙන් අහනවා ඇහුනාය. "ඇයි සර් ඔය පංසල් වල ආලවකයා එහෙමනෙ ඇඳලා තියෙන්නේ" කියලා බුද්ධාගම සර් කියනවා ඇහුණෝය.

අසේලයාගේ ඉස්සරහට පැනපු මම "හහ් හහ් හා... මට සීයට තව එක ඇඟිල්ලයි අඩු... ඒක මං තොගෙන් ගන්නවා....බුහ්... හහ්... හා...' කීවෙමු. ඒක ඇහුණ ගමන් බුද්ධාගම සර් උඩ වීසි වෙලා වගේ නැගිට්ටේ අත් දෙකෙන් ම ඔළුව බදාගෙන "නවත්තපියව් ඕක" කියලා කෑගහගෙන ය. "දැන් මොකක්ද තොපෙ කතාව?" එතුමා ඇසුවෝය. "ආලවක දමනය සර්" අපිත් කීවෝය. "එහෙනම් මොන එහෙකට ද ඇඟිලි? ඒකත් 100ක්?" කියලා ඇසුවාය. "ගුරු පූජාවට සර්" මම කීවේය. ලොකු ඉස්කෝලේ මහත්තයා "තොපි යකෝ.." කියමින් ඔළුව කසමින් කල්පනා කලාය. "ඇයි යකෝ තොපි මේ ගහට ඉන්න එකා නාලාගිරි කරලා ගෙනාවෙ නැත්තේ" කියලා බුද්ධාගම සර් අපිව එළවා ගත්තෙමු. ඇත්තටම බුද්ධාගම සර් ට පැටලිලා වෙන්න ඕනෑය. නාලාගිරි ඇතා ආලවක දමනයේ නැති ය. හැබැයි ඉතිං ඒ කියපු විදියට ජනකයා නාලාගිරි කරා නං අපේ නාට්ටිය තේරෙන්න තිබුණා ය. අන්තිමට මංගලිකා ගේ නාට්ටිය දිනුවාය.

නළුවෙක් උන තන්තෝසෙට ජනකයා අපිට පියදාස මමා ගෙන් බනිස් අරං දුන්නෙමු. මෝටර් බයිසිකලේක පෙට්ටියක් බැඳගෙන පාං බෙදුවේ මැටි පියාය. මැටි ගෙදර පියදාස මැටි පියාය. ගමේ පියදාසලා මාමලාද තව සිටියෙමු. කොණ්ඩෙ කපපු පියදාස සැලුන් පියාය. උස නැති පියදාස කොට පියාය. හැබැයි බුරම්පියා පියදාස නෙමෙයි ය. මැටි පියා මාමා හැමදාම වගේ බයිසිකලේ අපිට බලාගන්න කියලා කොහෙදෝ ගිහින් එනවාය. දවසක් බෙදපු පාං බනිස් වලත් මැටි තිබුණා කියා ගමේ අය කිව්වා ය. ඒකටත් බැනුං ඇහැව්වේ අපිය. ඒක උනේ ජනකයාට මෝටර් සයිකල් පදින්න උවමනා උන හින්දා ය. මට උස මදි හින්දා මෝටර් සයිකල් පදින එක බැරි උනා ට පදින හැටි දන්නවා ය. ඒ අපේ අයියා ට මෝටර් සයිකලයක් තියෙන හින්දා වෙමි. ජනකයා කැමති උනේත් මගෙන් ඉගෙන ගන්න එකටය. අනිත් අය ඉරිසියාවට හරියට කියලා දෙන එකක් නෑ කියලා ඌ කීවෝය. ජනකයා අපිට වඩා වැඩිමල් නිසා උගේ කකුල් දිගය. ඒ හින්දා ඌට මෝටර් සයිකලේ ඉඳගෙන කකුල් බිම තියන්න පුළුවන් ය. එදත් බයිසිකලේ අපිට බලාගන්න කියලා පියදාස මාමා ගියාය. මම ජනකයා ඒකට නැංගුවාය. ඒක ඉස්ටාට් කරන්න යතුර ඕනෑ නැතිය. යතුරු කටට ඕනෑම එකක් දාලා කරකවන්න පුළුවන් ය. ඊට පස්සේ ඉස්ටාර්ට් කරන හැටි කියලා දුන්නා ය. ඒක හරි ගියාය. ඊළඟට මම ගියර් එක දාලා රේස් කරන්න ඕනෑ බව කියා දුන්නා ය. ඒක කියපු ගමන් ඉතුරු ටික කියාදෙන්න කලිං ජනකයා එක්කම මෝටර් සයිකලේ ගියාය. එන්න එන්නම වේගේ වැඩි උනත් පුස් බයිසිකල් පදින්න පුළුවන් හින්දා ජනකයා වැටුනේ නැතිය. ඒ උනාට පළවෙනි වංගුවෙන් ඌ කෙළින් ගියෝය. එතන තිබුණේ උපනන්ද මාමා ගේ වෙල ය. ජනකයා ඒකෙත් සෑහෙන දුරක් ගිහින් හිටියා ය. හැබැයි පාන් පෙට්ටියෙ තිබ්බ පාන් බනිස් වෙලට වැටිලා ය. අපි එව්වා ආපසු පෙට්ටියට දමා මෝටර් සයිකලේ හෝදා ගෙනත් තිබ්බා ය. එදා නං පියදාස මාමා බයිසිකලේ හෝදපු එකට ප්රශංසා කරලා ගියා ය. හැබැයි එදා අපි වෙලේ තිබ්බ පානුයි බනිසුයිත් හෝදලා පෙට්ටියට දැම්මා නං අපි අහුවෙන්නේ නැති ය.

එදා සෝමෙ මාමාත් ඔය වගුවෙන් කෙලින් ගියාට පස්සේ ඔය වංගුව කවදා හරි කෙලින් කරන්න ඕනෑ බව මට කිව්වේ අසේලයා ය. ඒ මංගලිකා කසාද බැඳපු දවසට කුඹුරත් උගේ නිසා ය. සෝමෙ මාමා නං වංගුවෙං කෙලිං ගියේ ලොරියේය. ඒ වංගුවට කලිං නයෙක් පාර හරහා ගියපු හින්දා ය. නයා උඩිං ලොරිය යනකොට බයට සෝමෙ මාමා කකුල් දෙක උස්සලා තිබුණා ය. මම අසේලයාගේ යෝජනාව ඉස්තිර කෙරුවෙමු.

අපි පොසොන් එකට මහින්දාගමනය පෙන්නන්න තීරණය කලෝය.

[QUOTE="Assassin Galaa, post: 25623758, member: 563501"] ආලවක දමනය =============== වෙසක් එකට නාට්ටියක් කරන්න ඕනෑ කියලා බුද්ධාගම සර් කීවෝය. ඒකට කැමති නාට්ටියක් කරන්න පුළුවන් කියලා තෝරා ගැනීමේ තරග වලට පුළුවන් විදියට නාට්ටි හදාගෙන එන්න කීවාය. හොඳම එක වෙසක් නාට්ටියට ගන්නවා කිව්වෝය. අසේලයායි මායි ආලවක දමනය කරන්න තීරණය කළෝය. ජනකයා චරිතයක් ඉල්ලලා මැරෙන්න හදපු හින්දාත් ඌ උස හින්දාත් ඌ ගහකට ගන්න අපි තීරණය කළෝය. ජනකයාත් ඒකට කැමති උනාය. කොහොම හරි මංගලිකලාගේ යසෝදරා කතාවට වඩා අපේ එක හොඳ වෙන්න ඕනෑ බව අපි තීරණය කළාහුය. මංගලිකා අසේලයාට සිදුහත් කුමාරයා වෙන්න කතා කරලා තිබුණෙමු. ඒත් අසේලයා අපේ යාළුවා හින්දා ඌ බෑ කියා අපේ නාට්ටියට ආවෙමු. තෝරා ගැනීමේ උත්සවේට නාට්ටි තෝරන්න ආවේ ලොකු ඉස්කෝලේ මහත්තයා ය. පලවෙනියටම අපේ නාට්ටිය තිබුණෙමු. අසේලයා බුදුහාමුදුරුවෝ වෙලා ඉස්ටේජ් එක මැදට වැඩියෝය. මම එක අතකින් කඩුව වෙනූවට ලීයක් අරගෙන ඉස්ටේජ් එක කෙලවරක සිටියෙමු. නාට්ටිය ආලවක දමනය බව බුද්ධාගම සර් ලොකු ඉස්කෝලේ මහත්තයා ට කිව්වාය. ජනකයා ඇවිත් අත් දෙක දිගෑරලා පැත්තකින් හිටගත්තාය. "දැන් තමුසේ කවුද?" කියලා ලොකු ඉස්කෝලේ මහත්තයා අසේලයාගෙන් ඇහුවාය. "බුදුහාමුදුරුවෝ සර්" අසේලයා කීවෝය. "තමුසේ"? කියලා මගෙන් ඇහුවා ය. "ආලවක සර්" මං කීවෙමු. "එතකොට මූ කවුද?" කියලා එතුමා ජනකයාගෙන් ඇහුවෝය. "ගහක් සර්" කියලා ජනකයා කිව්වා ය. "ගහක් ඕනමද? " කියලා අහපු ලොකු ඉස්කෝලේ මහත්තයා "කමක් නෑ, එහෙනම් පටන්ගමු කිව්වා ය. මම අඩිය හප්පලා කඩුව ඇරගෙන "අඩෝ, ඔහොම හිටපිය" කිව්ව ගමන් අසේලයා දුවන්න පටන් ගත්තා ය. ලොකු ඉස්කෝලේ මහත්තයා "හෝව් හෝව්... මෙහෙ එනවා" කියලා දෙන්නම අඬගහලා බුදු හාමුදුරුවෝ එහෙම දුවන්නේ නැති බවත් යකා උනත් " එම්බල, මහණ, ඔහොම නවතිනු" වගේ ටිකක් සැර අඩු විදියට කතා කලාට වරදක් නැති බවත් කියා දුන්නා ය. අපි ආපහු නාට්ටිය පටන් ගත්තෙමි. දැන් අසේලයා වඩිනවාය. මමත් කඩුව අරං "එම්බා, නවතිනු" කිය කියා එනවාය. හදිසියේ ලොකු ඉස්කෝලේ මහත්තයා "සර්, ආලවකයා කඩුවක් අරං මොකද?" කියලා බුද්ධාගම සර් ගෙන් අහනවා ඇහුනාය. "ඇයි සර් ඔය පංසල් වල ආලවකයා එහෙමනෙ ඇඳලා තියෙන්නේ" කියලා බුද්ධාගම සර් කියනවා ඇහුණෝය. අසේලයාගේ ඉස්සරහට පැනපු මම "හහ් හහ් හා... මට සීයට තව එක ඇඟිල්ලයි අඩු... ඒක මං තොගෙන් ගන්නවා....බුහ්... හහ්... හා...' කීවෙමු. ඒක ඇහුණ ගමන් බුද්ධාගම සර් උඩ වීසි වෙලා වගේ නැගිට්ටේ අත් දෙකෙන් ම ඔළුව බදාගෙන "නවත්තපියව් ඕක" කියලා කෑගහගෙන ය. "දැන් මොකක්ද තොපෙ කතාව?" එතුමා ඇසුවෝය. "ආලවක දමනය සර්" අපිත් කීවෝය. "එහෙනම් මොන එහෙකට ද ඇඟිලි? ඒකත් 100ක්?" කියලා ඇසුවාය. "ගුරු පූජාවට සර්" මම කීවේය. ලොකු ඉස්කෝලේ මහත්තයා "තොපි යකෝ.." කියමින් ඔළුව කසමින් කල්පනා කලාය. "ඇයි යකෝ තොපි මේ ගහට ඉන්න එකා නාලාගිරි කරලා ගෙනාවෙ නැත්තේ" කියලා බුද්ධාගම සර් අපිව එළවා ගත්තෙමු. ඇත්තටම බුද්ධාගම සර් ට පැටලිලා වෙන්න ඕනෑය. නාලාගිරි ඇතා ආලවක දමනයේ නැති ය. හැබැයි ඉතිං ඒ කියපු විදියට ජනකයා නාලාගිරි කරා නං අපේ නාට්ටිය තේරෙන්න තිබුණා ය. අන්තිමට මංගලිකා ගේ නාට්ටිය දිනුවාය. නළුවෙක් උන තන්තෝසෙට ජනකයා අපිට පියදාස මමා ගෙන් බනිස් අරං දුන්නෙමු. මෝටර් බයිසිකලේක පෙට්ටියක් බැඳගෙන පාං බෙදුවේ මැටි පියාය. මැටි ගෙදර පියදාස මැටි පියාය. ගමේ පියදාසලා මාමලාද තව සිටියෙමු. කොණ්ඩෙ කපපු පියදාස සැලුන් පියාය. උස නැති පියදාස කොට පියාය. හැබැයි බුරම්පියා පියදාස නෙමෙයි ය. මැටි පියා මාමා හැමදාම වගේ බයිසිකලේ අපිට බලාගන්න කියලා කොහෙදෝ ගිහින් එනවාය. දවසක් බෙදපු පාං බනිස් වලත් මැටි තිබුණා කියා ගමේ අය කිව්වා ය. ඒකටත් බැනුං ඇහැව්වේ අපිය. ඒක උනේ ජනකයාට මෝටර් සයිකල් පදින්න උවමනා උන හින්දා ය. මට උස මදි හින්දා මෝටර් සයිකල් පදින එක බැරි උනා ට පදින හැටි දන්නවා ය. ඒ අපේ අයියා ට මෝටර් සයිකලයක් තියෙන හින්දා වෙමි. ජනකයා කැමති උනේත් මගෙන් ඉගෙන ගන්න එකටය. අනිත් අය ඉරිසියාවට හරියට කියලා දෙන එකක් නෑ කියලා ඌ කීවෝය. ජනකයා අපිට වඩා වැඩිමල් නිසා උගේ කකුල් දිගය. ඒ හින්දා ඌට මෝටර් සයිකලේ ඉඳගෙන කකුල් බිම තියන්න පුළුවන් ය. එදත් බයිසිකලේ අපිට බලාගන්න කියලා පියදාස මාමා ගියාය. මම ජනකයා ඒකට නැංගුවාය. ඒක ඉස්ටාට් කරන්න යතුර ඕනෑ නැතිය. යතුරු කටට ඕනෑම එකක් දාලා කරකවන්න පුළුවන් ය. ඊට පස්සේ ඉස්ටාර්ට් කරන හැටි කියලා දුන්නා ය. ඒක හරි ගියාය. ඊළඟට මම ගියර් එක දාලා රේස් කරන්න ඕනෑ බව කියා දුන්නා ය. ඒක කියපු ගමන් ඉතුරු ටික කියාදෙන්න කලිං ජනකයා එක්කම මෝටර් සයිකලේ ගියාය. එන්න එන්නම වේගේ වැඩි උනත් පුස් බයිසිකල් පදින්න පුළුවන් හින්දා ජනකයා වැටුනේ නැතිය. ඒ උනාට පළවෙනි වංගුවෙන් ඌ කෙළින් ගියෝය. එතන තිබුණේ උපනන්ද මාමා ගේ වෙල ය. ජනකයා ඒකෙත් සෑහෙන දුරක් ගිහින් හිටියා ය. හැබැයි පාන් පෙට්ටියෙ තිබ්බ පාන් බනිස් වෙලට වැටිලා ය. අපි එව්වා ආපසු පෙට්ටියට දමා මෝටර් සයිකලේ හෝදා ගෙනත් තිබ්බා ය. එදා නං පියදාස මාමා බයිසිකලේ හෝදපු එකට ප්රශංසා කරලා ගියා ය. හැබැයි එදා අපි වෙලේ තිබ්බ පානුයි බනිසුයිත් හෝදලා පෙට්ටියට දැම්මා නං අපි අහුවෙන්නේ නැති ය. එදා සෝමෙ මාමාත් ඔය වගුවෙන් කෙලින් ගියාට පස්සේ ඔය වංගුව කවදා හරි කෙලින් කරන්න ඕනෑ බව මට කිව්වේ අසේලයා ය. ඒ මංගලිකා කසාද බැඳපු දවසට කුඹුරත් උගේ නිසා ය. සෝමෙ මාමා නං වංගුවෙං කෙලිං ගියේ ලොරියේය. ඒ වංගුවට කලිං නයෙක් පාර හරහා ගියපු හින්දා ය. නයා උඩිං ලොරිය යනකොට බයට සෝමෙ මාමා කකුල් දෙක උස්සලා තිබුණා ය. මම අසේලයාගේ යෝජනාව ඉස්තිර කෙරුවෙමු. අපි පොසොන් එකට මහින්දාගමනය පෙන්නන්න තීරණය කලෝය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom