විහිලු කතා

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    මෙහි මා දමන සියලු කතා උපුටාගෙන දමන කතාය. :-) :-)



    ▶️
    උපුටා පළ කරමි.
    මෙහි සැබෑ කතුවරයා නොදනිමි.
    ▶️

    ශ්‍රී ලාංකිකයෙක් සිඩ්නි නුවර විශාල සාප්පුවකින් ඉවත් වී විකුණුම්කාර්ය රැකියාවට සම්බන්ධ විය
    ලොක්කා ඇසුවේ: ඔබට යම් අත්දැකීමක් තිබේද? ඔහු කිව්වා ඔව් ටිකක් තියෙනවා කියලා
    පළමුවන දිනයේදී ඔහු සතුටින් පූර්ණ මනසින් කටයුතු කළේය.
    සවස 6 ට ලොක්කා ඇසුවේ: අද පළමු දිනයේ ඔබ විකුණුම් කරාද කියල?
    ඔහු කිව්වා සර් මම එකක් විකුණුවා,
    ලොක්කා කම්පනයට පත් කරමින් පැවසුවේ “විකිණීම 1 ක් පමණක්ද?
    සාමාන්‍යයෙන් මෙහි සේවය කරන සෑම විකුණුම්කරුවෙකුම දිනකට විකුණුම් 20 සිට 30 දක්වා සිදු කරයි. හොඳයි, මට කියන්න ඔබ කොපමණ මුදලක විකුණුම් කළාද? ”
    "AUD $ 93,300." ලංකා ඕසී පැවසීය
    "මොකක්! ඒත් ඔයා කොහොමද ඒක කළේ?" පුදුමයට පත්වෙමින් ලොක්කා ඇසීය.
    එවිට ඔහු මෙසේ පැවසීය: "එක් පුද්ගලයෙක් පැමිණයා මම ඔහුට කුඩා ධීවර කොක්කක් විකුණුවා. පසුව මැසෝලා සහ අවසානයේ විශාල කොක්කක් විකුණුවා. පසුව මම ඔහුට විශාල ධීවර සැරයටියක් සහ ධීවර ආම්පන්න කිහිපයක් විකුණුවා."
    ඊට පස්සේ මම ඔහුගෙන් ඇහුවා "ඔයා කොහෙද මාළු අල්ලන්නේ කියලා. ඔහු කිව්වා ඔහු වෙරළබඩ ප්‍රදේශයේ අල්ලනවා කියලා.
    ඊට පස්සේ මම කිව්වා එයට බෝට්ටුවක් අවශ්‍යයි නේද කියලා. ඒ නිසා මම ඔහුව බෝට්ටු අංශයට ගෙන ගොස් අඩි 20 ක ද්විත්ව එන්ජින් ස්කූනර් බෝට්ටුවක් විකුණුවා. ”
    ඔහු කිව්වම මේ බෝට්ටුව ටොයොටා කැමරාවට එන්නේ නැහැ.
    පසුව මම ඔහුව මගේ මෝටර් රථ අංශයට ගෙන ගොස් බෝට්ටුව රැගෙන යාම සඳහා 4 ඩබ්ලිව් ඩී එස් යූවී යානයේ නව හෝල්ඩ් එක විකුණුවා. ඊටපස්සේ මම ඔහුගෙන් ඇහුවා ඔයා කොහෙද මාළු අල්ලන්නේ කියලා. ඔහු කිසිවක් සැලසුම් කළේ නැති නිසා. මම ඔහුවකූඩාරම් අංශයට ගෙන ගොස් නිදන කාමර 6 ක කූඩාරමක් විකුණුවා.
    ඊට පස්සේ ඔහු කිව්වේ ඩොලර් 200 ක් සහ බීර නඩු 2 ක් ගන්නවා කියලා.
    දැන් ලොක්කා පියවර 2 ක් පසුපසට ගොස් ඉතා අකාරුණික ලෙස ඇසීය: - * ඔබ මේ සියල්ල විකුණුවේ මාළු කොක්කක් පමණක් මිලදී ගැනීමට පැමිණි මිනිසාටද?
    "නෑ, සර්, ඔහු ආවේ හිසරදය ඉවත් කිරීම සඳහා පැනඩෝල් ටැබ්ලට් 1 ක් මිලදී ගැනීමට පමණයි. හිසරදයෙන් මිදීමට හොඳම ක්‍රමය මසුන් ඇල්ලීම බව මම ඔහුට පැහැදිලි කළා.
    ලොක්කා: "ඔබ මීට පෙර ශ්‍රී ලංකාවේ වැඩ කළේ කොහේද?"
    ශ්‍රී ලාංකිකයා පැවසුවේ “මම කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක්. සුළු රෝගයකදී, අපි රෝගීන් ව්යාධි හඳුනා ගැනීමට, ECO, ECG, TMT, CT ස්කෑන්, එක්ස් කිරණ, MRI යනාදිය සඳහා ලබා ගන්නවා.
    ලොක්කා: "ඔබ මගේ පුටුවේ වාඩි වී සිටින්න. මම පුහුණුව සඳහා ඔබේ පෞද්ගලික රෝහලට බැඳෙන්නෙමි" .
    😁


















    මේක ගම්මුලාදෑනියෙක් සිදාදියට ගිය සිද්ධියක්...
    ඉස්සර කාලේ ගමක උන සිදුවීමක්..ඉස්සර ගම් වල හිටියනේ ගම්මුලාදෑනි කියලා කෙනෙක්,ගමේ වැඩිහිටි ප්‍රධානියා..මෙයාට තියනවා කොළඹ පැත්තේ දැන ඇදුනුම් කම්..ඔහොම ඉන්නකොට ගම්මුලාදෑනියට ආරාධනාවක් ආවා කොළඹ එන්න කියලා රාජකාරි කටයුත්තකට..
    දැන් ඉතින් මේකට නිකම්ම ගියොත් ගමේ උන් මේ ගැන දැන ගන්නෑනේ,එතකොට තමන්ගේ මේ සිදාදියට ගිය ගමන ගැන කවුරැත් විශ්වාස කරන්නෑනේ..ඒ දවස් වල සිදාදියට කවුරැ හරි යන එක හෙන ලොකු ආඩම්බර දෙයක්නේ..ඉතින් මිනිහා ගමේ කට්ටිය රැස් කරලා සේරටම දැනුම් දුන්නා,මං අහවල් දවසේ සිදාදියට යනවා,,ගිහින් ඇවිත් වග තුග කියන්නම් කියලා...
    දැන් දවස උදා වෙලා මිනිහා අර කලු කෝට් එක සාලා සුදු සරම ඇඳලා ගමන පිටත් උනා සිදාදියට යන්න...
    දැන් පාන්දරම ගිහින් කොළඹ ට බැස්සා කියමුකෝ,,ආවේ පාන්දර හින්දා හරියකට තමන්ගේ වැසිකිලි යන කටයුත්ත ගෙදරින් ඉටු කරගෙනත් නෙමේ ඇවිත් තියෙන්නේ..අනේ ඔහොම ටිකක් වෙලා යනකොට මිනිහට ආවා වැසිකිලි යන්න උවමනාව තදින්ම
    ✋

    දැන් කාටද කියන්නේ,,යන්න කියලා තැනක් දන්නෙත් නෑ,,දැන් වටපිට සෝදිසි කරලා බලද්දි මිනිහා දැක්කා කවුරැ නැති පොඩි ගොඩනැගිල්ලක්,,ඉක්මනට ඒක ඇතුලට ගිය පොර තමන්ගාව තිබුන පොඩි සිලි බෑග් එකකට වැඩේ කරලා ඉවර වෙලා දැන් අර බෑග් එක සරමෙ හංගගෙන කඩයක් ගාවට ඇවිත් කලු පාට බෑග් එකක් අරගෙන ඒකට සිලි බෑග් එක දාගෙන දැන් මේක විසි කරන්න තැනක් හොය හොය යනවලු...
    මේ අතරේ පොලිස් මුර පොලකට මැසේජ් එකක් ආවලු කුඩු පාර්සලයක් ගත්තු පුද්ගලයෙක් ගැන ඔත්තුවක්..ඒකේ කියලා තියෙන්නේ කලු බෑග් එකක් ගත් අයෙක් ඉතා විමසිලිවන්තව පාරේ ගමන් කරනවා,,ඒ බෑග් එකේ තියෙන්නේ කුඩු කිලෝ 2ක් කියලා..
    අර යකා මේක දන්නෑනේ.පොර අරක විසිකරන්න තැනක් බල බල යද්දි පොලිස් කාරයෙක් මිනිහව දැකලා කුදලගෙන පොලීසියට අරන් ගියාලු..
    දැන් ගම්මුලාදෑනියාව කූඩුවට දාලා අර බෑග් එක තිබ්බලු තරාදියෙන්,තියෙන්නේ කිලෝ එකහමාරක් විතරලු..
    දැන් අර යකාට ගහනවලු, කෝ ඉතුරැ පන්සීය කියලා අහනවලු,ගහනවලු,,මිනිහා හතරඅතේ වැද වැද කියනවලු මං මොනවත් දන්නෑ කියලා..පොලීසියෙන් ඒක පිලිගන්නැතුව ඉතුරැ පන්සීය අහ අහා ගහනවලු..
    ඔහොම ඉද්දි ආවලු රස පරීක්ෂක,ආපු ගමන් අර බෑග් එක ඇරලා ඇගිල්ල දාලා ඉඹලා බැලුවලු,,වැඩේ දෙල්නේ..මොනවත් කිව්වේ නෑලු,අර බෑග් එකත් දීලා ගම්මුලාදෑනියා ව එව්වලු,දැන් මිනිහා දන්නෑ මොනවටද ගැහුවේ කියලා,,ඇයි ඉතිරි පන්සීය අහලනේ ගැහුවේ..
    දැන් කොහොම හරි මෑන් ගමට ආවලු,ගමේ අයටත් ආරංචි උනා මිනිහා ගමට ආ විත්තිය,,කට්ටියම ගියාලු මිනිහව බලන්න..යනකොට අනේ පොරට ගහලා නිල් වෙච්ච තැන් ගෙදර කට්ටිය තවනවලු..ගෙදරට තමන්ව බලන්න ආපු කට්ටියට මිනිහා කිව්වලු උඹලා නම් කවදාවත් ආයේ සිදාදියට නම් යන්න එපා
    ✋
    කියලා..
    මේක අහන් හිටියලු ටිකක් තරැන ගැටයෙක්,,ඌට මල පැන්නලු යකෝ මූ ගිහින් ඇවිත් අපිට යන්ඩ එපා කියන්නේ,,මූ එක පාරටම පැනපු ගමන් කිව්වලු ආරංචි මහත්තයා ගිය එකේ අපි ගියාම මක් වෙනවද,,මාත් යනවා ලගදිම සිදාදියට කියලා...
    අර යකා කිව්වලු "ගියාට නම් කමක් නෑ,,රෙ@# මතක් කරලා කිලෝ දෙකක්ම රී#@ කියලා"...
     
    Last edited:

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    ඉස්සර පරණ එකක්..
    😊

    ----------------------------------------
    -- රස කතා --
    ඔන්න දවසක් කකුළුවෙක් කෙලින් යනවලු. මේක දැකපු "කැකුලියක්" (කකුළුවාගෙ ගැහැණු සතා
    😃
    ) ට මාර සන්තෝසයි ලු.
    🙂

    කැකුළි දැන් මෙහෙම හිතනවලු......
    '"මෙයා නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. හැමෝම කියන්නෙ අපි ඇදේට යනවා කියලා නෙ.ඔය අපිට කොචොක් කරන අයට පේන්නත් එක්ක මෙයාගෙන් ඉගෙන ගන්න ඕන කෙළින් යන හැටි..
    ම්ම්ම්ම්ම්.........
    ඒත්..... මෙයා මට උගන්වයිද..
    😞
    ?
    "කොහොමහරි මෙයාව කසාද බැඳගන්න ඕන"
    එතකොට අනිවාරෙන්ම උගන්වන්න වෙනවනෙ ..
    🙂

    ඔන්න ඉතිං කැකුළි හෙමීට කකුළුවාට කිට්ටු කලාලු.
    :$ :-! මේහ්... අනේ ඔයා හරි ස්මාර්ට් අනේ. ඔයා අපේ අනෙක් අයට වඩා හරිවෙනස් .. මමත් හොයමින් හිටියෙ ඔයා වගෙ කෙනෙක්..
    මං කැමතියි ඔයාව මැරි කරන්න..
    ❤
    ❤
    ❤

    කිව්වලු..
    කකුලුළුවත් කිසිම විරෝධයක් නැතිව එකෙන්ම කැමති වුනාලු. :-!
    මෙයාලට ඉතිං අපිට වගේ දින නියම කෙරිලි..නෑදෑයන්ට ආරාධනා කෙරිලි..ඕවා නැහැනෙ..
    එවෙලෙම කසාදෙ සිද්ධ වුනාලු.
    😀
    😀

    ... දැං දෙන්න බොහොම ආදරෙන් සංතෝසෙන් මධුසමය ගත කරන්න මුහුදු වෙරළෙ ගල් පර අස්සෙ තිබුණු පොඩි රෙස්ටුරන්ට් එකකට ගියාලු,
    😗
    😗
    😗

    ----------------------------------------------------
    ( වැඩිහිටියන්ට පමණයි කොටස් බලධරයා විසින් කපා හැර ඇත)
    😮

    ----------------------------------------------------
    ඉතිං ඔන්න පසුවදා ට එළි වුනා. නව යුවල ඇහැරුනා කියමුකො.කකුළුවාට වැසිකිළි යන්න ඕනෑ වුනා.හනි හනිකට ඇඳෙන් පැන්න කකුළුවා වැසිකිලියට දුවනවා.කැකුළි හීනෙන් වගෙ තනි ඇහෙන් දැක්ක දේට උඩ විසි වෙලා සීලිමෙත් වැදිලා බිමට වැටුනා.
    😮

    "" ඒයි ...ඒයි.. ඔහොම ඉන්නවා පොඩ්ඩක් " " කැකුළි කෑ ගැහුව පාරට කකුළුවා එතැනම හිට්ටුනා.
    "තමුසෙ ඊයෙ මං කසාද බඳිනකොට කෙලින් නේද ගියෙ..?
    😮
    දැං මොකෝ මේ ඇදේට යන්නෙ ??
    😞
    "
    කකුළුවා :- ""කාටද ඕයි හැමදාම බොන්න සල්ලි තියෙන්නෙ.."!! ?
    😮
    😮
    😮

    ----- ඉන්දු ලියනගේ ---- 20/8/2014.




















    අලුත් ජෝඩුව පුංචිඅම්මාගේ ගෙදර ගිහින්
    මගේ බිරින්දෑ බලන්න ගිය කතා හා බිරින්දෑ ගැන කතා මෙහි පලකලෙමි.මේ ඒ සම්බන්ධයෙන් වූ තවත් කතාවකි.
    මගේ මංගල්‍යයෙන් පසු ඇයගේ පුංචිඅම්මා බැලීමට නුවර යාමට මාගේ භාර්‍ය්යාව යෝජනා කලේය. හැමවිටම ඇයගේ අදහසට මුල් තැන ලබාදෙන මා එයට කැමැත්ත පලකලේ ඈ හා නැති ප්‍රශ්න ඇතිකරගෙන මං අසරණ වූ අද්දැකීම් මගේ මතකයට ආ නිසාය,
    එසේ නොවුනහොත් ඔලුව බේරාගෙන ගෙදර සිටීමට නොහැකිවීමත්,දින දෙක තුනක් වත් නිරාහාරව හෝ හොරෙන් කඩෙන් කෑමට වූ සිදුවීම් වල නීරස බව අත්දැක ඇති නිසාත්, මා සාමකාමීව සිටීමට ඇති කමැත්ත හා නුවර පලාත දැකගැනීමේ ආසාව සිතට ආ නිසාය.
    "මේ අපේ පුංචි ගේ දූ බැදපු කෙනානම් එක ජාතියක එයාගෙ පුරාජේරුවමයි දොඩවන්නෙ."
    "ඒ කිව්වෙ නෝනෙ"
    "ඔයා කට පරිස්සං කරගන්න ඕනි හොදද".
    "මං කොහොමද එහෙ ගිහින් ඉන්නඕනි"
    "වැඩි බජනයක් ඕන්නෑ. ගියාම තේරේවි ."
    නුවර අයට මාලු විශේෂ ආහාරයක් වේවි කියා සිතූ මා එහි ගෙනයාමට තලපත් මාලු කිලෝ දෙකකින් ඇඹුල්තියල් හදා ගත්තේ අම්මාට කියාය.නෝනේ අනෙක් කලමනා සුදානම්කොට අපි කොලඹට පැමින දුම්රියෙන් මහනුවර බලා පිටත්වුනෙමු.
    "ආ අලුත් ජෝඩුව එනකම් අපි මග බලාගෙන උන්නේ"
    ඉතා ආදරයෙන් අපි පිලිගත් පුංචිඅම්මා ඇගේ බෑනාටද මා හදුන්වා දුන්නේය.ආගිය කතා, සතුටුසාමීචිය අපේ පැමිනීමේ සතුට දෝරේ ගලා ගියේය .
    "යං වත්ත පහලට ගම්‍ රට බලන්නත් එක්ක."
    අයියා යෝජනා කලාය
    නෝනේ වැඩි බජනෙට යන්නට එපායැයි මට අවවාද කරතිබුනද මට ඔහුගේ ආරාධනය පිලිනොගෙන ඉදීමට පුලුවන් කමක් නැත.කවදත් මිතුරු සමාගමට ප්‍රිය මා.
    "නෝනේටත් එන්න කියන්නද අය්යා.".
    "ඒගොල්ලො මහා කතාවක්නෙ අපි යං.අනික ඔය හැමදේම ගෑනුන්ට කිය කිය ඉන්න සිරිතක් මෙහෙ නෑ යං යං.."
    "මල්ලි කිතුල් රා බීල තියෙනවාද? "
    "ආ..ඔව් අවිත්තාවෙ යාලුවෙකුගෙ ගෙදර ගිහින් බිව්ව එකපාරක්.."
    "ඒහෙ මොන රා ද මල්ලි මෙහෙනේ රා තියෙන්නෙ ආයේ තනි මලේ සුපිරි බඩු.මං කියන්නම් මහ පීල්ලට නාන්න යන විදිහට යමු.සබන් කෑල්ලයි සාලුවයි මං අරන් එන්නම්.
    අම්මේ මං මේ මල්ලි එක්ක මහපීල්ලට ගිහින් නාගෙන එන්නම්"
    "ගියාට කමක්නෑ කෑම හීතලවෙන්න ඉස්සෙල්ලා එන්න ඕනි.මේ ලමයට ඔය ව්තුර අල්ලන එකකුත් නැතිවෙයි".
    මා නෝනේගේ මුහුන බැලුවේ හොරැහිනි. ඇගේ නොරිස්සුම් මුහුණ මා දෙස බලා ඉවතට ගත්තේය. කිතුල් රා බීමේ මහත්වූ කෑදරකම මාවෙත පැමින අවසානය ඒය නොරිස්සුමට ඉහලින්‍ ය.
    "අයියා ."
    "මොකෝ"
    "අපි එනකොට මාලුවගයකුත් අරන් ආවා.."
    "අම්මෝ මාලු ශා..ග් නියමයිනේ මල්ලි.
    මං කොලේක ඔතාගෙන එන්නම්"
    "අයියා පරෙස්සමින් "
    පාලුවට ගිය පාරෙන් හැරී ගල් උඩින් පනිමින් මානාන පදුරු අතරින් සැතපුම් භාගයක් පමන ගිය අපි තවත් කෙටි පාරක් අසලට සේන්දු උනෙමු.
    "මල්ලි ඔතන උඩින් නැගල පීල්ලට යන්න.මං "රාහු" වගෙන් බඩු ටික ගත්ත ගමන් මෙතන. මං එනකන් නාන්න ."
    මම කෙටි පාරදිගේ ගල් උඩින් පැන පැන ඉහලට ගියෙමි.ටික දුරක් යනවිට හැමුවේ නහය හකුලුවා යන අසූචි ගදකි.ඒ සමගම පාර අයිනේ වූ අසූචි ගොඩවල්ය.මා අතින් නහය වසාගත්තෙමි.එකක් පෑගීමෙන් කකුල පොලවේ අතුල්ලා ගත් මට ඔක්කාරයට ආවේ නිලමැස්සන් මා පසු පස පැන්නීමෙනි.ඉදිරියෙන්‍ කුඩා අපිරිසිදු දියපහරකි.මා ඒ ඔස්සේ ඉදිරියට ඇදුනෙමි.එහි ගල්වලින් වටවූ තැනක නෑමට යන්තමින් වතුර ඇති වලකි.
    මේ මිනිස්සු නාන වතුරෙ හැටි මොනව කරන්නද ඉතින් නානවා කියාගත් මා සබන් පෙට්ටිය හා සාලුව ගලඋඩ තබා බිම වාඩිවී නා ගත්තෙමි .ස්වල්ප මොහොතකින් අයියා කිතුල් රා මුට්ටියක්ද සමග පැමිනියේය .
    "ශා..ශා..මල්ලි මොකෝ මේ.".
    "වතුර නම් අඩුයි අයියා පෑවිල්ලත් දරුනුනේ.කමක් නෑ සීතල වතුරටික.."
    "අයියෝ මල්ලි මේ නාන තැන නෙමේ.ලැයිමේ දෙමල මිනිස්සු මලපහ කරන්න එනතැන.පස්ස හෝදන්නෙ ඔතනින්.යං යං කවුරුත් දකින්න කලින් යමු. නාන තැනට අතනින් හැරෙන්න ඕනි පීල්ල එතන."
    හැකි ඉක්මනින් පීල්ලට ආ මම නැවතත් හොදින් නා ගත්තෙමි.නමුත් සාලුවෙන් ඇගපිහින්නට අපිලක් ඇතිවුනින් සාලුවද සෝදා මිරිකා පිසදා ගත්තෙමි.
    "පංකාදු රා ටික අයියා.."
    දෙදෙනාම රාමුට්ටිය හිස්කලෙමු
    .
    "අයියාට ටිකක් වැඩී වගේ නේද ?"
    "මං රාහුවගෙන් උදේත් වීදුරු තුනක් බීලා මචං ඉන්නේ".
    අයියා කොහොම උනත් මං අතන නාපු කතාව ගෙදරට කියන්න ඕන නෑ.
    "පිස්සුද මචෝ ඕව කියනවාද..එහෙම මිනිහෙක්ද මං,ඔය ගෑනු ගති මාලග නෑ.."
    "එහෙනම් අයියා කියන්නෙ නෑ නේ.."
    හෝරාවකින් පසුව අපි නැවත ගෙදරට පැමිනියෙමු .
    "කොහෙද ඔය ලමය අරන් ගියේ.දැන් කීයද වෙලාව.."
    ඒ පුංචීය
    "තමුසෙ පරක්කුවුනේ රා බොන්න ගියා නේද? එන හැටියෙන්ම මට පෙනුනා.ගෙදරට පිට කෙනෙක් ආවමවත් නොබී ඉන්නබැරිවුණා ."
    ඒ පුන්චි අම්මාගේ දුව අක්කායි.
    මේ දෝස් මුරය රන්ඩුවකට පෙරලීමකි.නෝනෙ මට මුකුත්ම නොකීවේ ඒ හැටි මත් ගතියක් අය්යාගෙන් තරම් නොපෙනුන නිසාවෙනි.
    අයියාද කටපියාගෙන හිටියෙ නැත .
    "කොහෙද ඕයි පරක්කු වෙන්නෙ නැද්ද,අපේ අලුත් මනමාලය පීල්ල දන්නෙ නෑ පාර වැරදිලා දෙමල ලැයිමෙ උන්ගේ අසූචි වලේ නාල.උං එලිබැහැල පස්ස හෝදන එකෙන්.ඉතිං දෙපාරක් නානකොට පරක්කු වෙන්නෙ නැද්ද .මමද වැරදි .නේද මචෝ.
    මම බැලුවේ නෝනෙගේ මුහුනය.එයනම් අබ දැම්මත් පුපුරන සුලු විලාසයකි.පුංචිඅම්මා හා නංගී මාගැන හිතන්නට ඇත්තේ මා ඔවුන්ගේ පවුලට එකතුවූ හොදම ගොබ්බයා කියාය.
    "නෝනෙ මං ආයෙත් නාලයි ආවෙ."
    ඈ මා හා කතා නොකලාය.
    "දරුවො කෑමටික කන්න දැන් කීයද වෙලාව".
    දින දෙකක්වත් නවතින්නට සිටි අප පසුදාම රාත්‍රී දුම්රියෙන් ඒමට නිවෙසින් පිටවූයේ මට බොහෝ වැඩ ඇතැයි නෝනේ පැවසීමෙනි.මට දුම්රියේදී සිහිනෙන් පවා පෙනුනේ ගෙදරගිය පසු මට මුහුණපාන්නට වෙන සිදුවීම්ය.
    ගෙදර ඇවිත් සිදුවූ සිදුවීම් මා මෙහෙ පල නොකරමි. ඒය ඒතරම්ම වේදනාකාරීය.තවත් කතාවක් ලියන්නට තරම්ය. පසුව අයියා නෝනේගේ සියලු සමීපතයන්ට මේ සිදුවීම පවසා මගේ සායම යවා ඇත.
    "නෝනෙ කිව්වදේ ඇහුවා නම් මට මේ දේ වෙන්නෙ නෑ .පුරාජේරුව විතරක් නෙමේ ඕකගෙ මහා කුප්පගතිගුන තියෙන්නෙ . ඕක ගෙදර අයට කියන්නෙ නෑ කියල මට පොරොන්දුත් උනා.
    "කතාකරනවා නෙමේ ඔය ගැන තවත්.."
    නැවතත් නුවර යෑමට ඈ කිසිදිනක මට ආරාධනා නොකලාය..
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    බස් රථයක කාන්තාවන් දෙදෙනෙකු එකම අසුනක් ගැනීමට රණ්ඩු කරමින් සිටි අතර මේ අඩවැඩියාව ඉවසාගත නොහැකිව මල ගැට්ටටම ආපු රියදුරා "කැතම කෙනා ඉද ගන්නවා !" යැයි ගුගුලේය...කාන්තාවන් දෙදෙනා මුළු ගමන පුරාවටම හිටගෙනම ගිහින්ලු ... දන්නවනෙ ගෑනුනගේ මාන්නෙ... සමහර රියදුරන් ඉන්නවා ඉතිම් සොලොමන් රජු තරම් බුද්ධිමත් ඇත්තටම ගෑනුත් එක්ක ඩීල් වෙන්න....
    😜


    පරිවර්තනයකි










    ඔන්න එක රටක යාලුවො 3 දෙනෙක් හිටියලු.
    ඩොක්ටර් කෙනෙක්,
    මාළු වෙලෙන්දෙක් සහ
    නීතිවේදියෙක් . . .
    තුන්දෙනා ඉස්කෝලෙ කාලෙ ඉදන් යාලුවොලු.කොහෙ ගියත් එකටමයි ගමන.ඒ තරම් හයියයි බැඳීම . . (Ultra tec වගේ
    😊
    )
    දවසක් මෙයාල 3 දෙනා titanic චිත්‍රපටිය බලල එද්දි එයාල ආපු වාහනේ දරුනු අනතුරකට ලක් වෙලා තුන් දෙනාම මැරුනලු .
    😥
    😥
    R I P
    හැබැයි වැඩේ කියන්නෙ මරනින් පසු මෙයාල තුන්දෙනාම දිව්‍යලෝකෙට යන්න චාන්ස් එකක් ලැබුනලු.
    ඔන්න තුන්දෙනා දිව්‍යලෝකෙට ඇතුල්වෙන දොර ගාව . .
    හැබැයි ලේසියෙන් යන්න බෑ.දොර ලග ඉන්නව මරුමුස් බුලට් එකක්.දෙයියන්වත් දාල නැති නීතියක් පොර දාගෙන ඉන්නව.ඒ තමයි මිනිහ අහන ප්‍රශ්නෙකට හරියට උත්තර දුන්නොත් ලු දිව්‍යලෝකෙට enter වෙන්න දෙන්නෙ
    😎
    😎

    ඔන්න මෑන් වැඩේ පටන් ගත්තලු.ඉස්සෙල්ලාම අහු උනේ ඩොක්ටර්වලු.සරල ප්‍රශ්න අහල නෝන්ඩි වෙන්නත් බැරි නිසා ඇහුවලු ලගින් යන ප්‍රශ්නයක් . .
    දොරටු පාල : ඩොක්ටර් උන්න්හැහෙ කියමු බලන්න titanic නැව ගිලුනෙ කොයි අවුරුද්දෙද කියල !!
    ඩොක්ටර් : 1912 අප්‍රේල් 14 (ඩොකා දුන්න බඩ යන්නම දින වකවානුත් එක්කම.මොකද ඔය මගුල බලල එද්දිනෙ වැදුනෙ වාහනෙ.මතකයි)
    දොරටුපාල : හ්ම් හ්ම් යනවකො එහෙනම් ඇතුලට (ඩොකටර් දිව්‍යලොකෙට පැනගත්තලු)
    දැන් ඊ ලග
    දොරටුපාල : මාළු මුදලාලි කියන්න බලන්න ඒ අනතුරෙන් කී දෙනෙක් මැරුනද කියල
    මාළුස් : 1500 යිනෙ මහත්තය.ඕවනම් ප්‍රශ්නද ?? (බලපු චිත්‍රපටිය නිසා මෑනුත් ගොඩ)
    දැන් ලෝයර්ට පට්ට හැපී.මොකද එයාගෙන් අහන්නෙත් ඔය සම්බන්ධවමනෙ.අනිවා ඇහුවොත් ඉතින් ජැකයි රෝසයි ගැන තමා , මාලු කාරයත් ඇතුලට පැන්න එකෙ මට ගේම කිරිකජු තමා කියල හිතුවලු.
    ❤️
    )
    දොරටුපාල බැලුවලු ලෝයර් දිහා .ටිකක් මලත් පැන්න වගේලු.ඇහුවලු ප්‍රශ්නයක් මෙහෙම !!
    දොරටුපාල : යුශ්මතා කියනව බලන්න එහෙනම් අර මැරිච්ච 1500 දෙනාගෙ නම් ??
    😮
    😮
    😮
    😮

    ප:ලි:
    ඩොක්ටර් අවුරුදු ගානකට පස්සෙ හොයල බැලුවලු කව්ද මේ දොරටුපාල කියල.බැලින්නම් ලෝයර් කෙනෙක් වැඩෙ වරද්දල එල්ලුම් ගස් ගිය බුවෙක්ලු.
    අවුලක් නෑ ලෝයර් තාම නම් ටික කියවලු ගේට්ටුව ගාව
    😥
    😥


















    අවවාද නොතැකූ බිරින්දෑගේ මාමා
    කසාදයක් කර මාගේ බිරින්දෑගේ පවුලට සම්බන්දවීමෙන් අනතුරුව මා සමග මුලින්ම කුලුපගවූයේ බිරින්දෑගේ මාමාය. මම මාමාගේ හදවතට කොපමන සමීප වූවාද නම් ඔහුගේ අතිශය පෞද්ගලික සිදුවීම් පවා නොපැකිලිව මා සමග පවසන්නට පසුබට නොවුනි. ඒ විශ්වාසය මා කිසිදා පලුදු නොකලෙමි. මේ ඔහු සම්බන්ධයෙන් වූ එක්තරා සෝචනීය සිදුවීමක දුක්බරවූ කතාවයි මේ.
    මාමා වැඩකලේ වෙන්නප්පුව ප්‍රදේශයේ එක්තරා බේකරියකය. ඒ කේක් බාස්උන්නැහේ කෙනෙකු වශයෙනි .ඔහුට කේක් සෑදීම සම්බන්ධයෙන් තිබූ විශ්මය ජනක දැනීම පහලගම්හයේ කිසිවෙකුට නැත . ගමේ මගුලකදී වෙඩින් කේක් එක ඔහු නොසෑදුවේනම් ඒ ඉතාමත්ම කලාතුරකිනි .
    වෙන්නප්පුවේ බේකරිය මාමාගේ පැමිනීමෙන් පසු දියුනුවෙන් දියුනුවට පත්විය. පසුව ඉදිරිපස කේක් විකිනීමට කඩයයක්ද දැමුවෙය .සියලුම වර්ගයේ කේක්
    🎂
    සදහා හොද ඉල්ලුමක් විය. මේ හේතුවෙන් බේකරිය අයිති මුදලාලි මහතාද ඔහුට සහෝදරයෙකුට ලෙස සැලකුවේය. මාමාද ඔහුට සහෝදරයෙකු විය. මාමා නිරතුරුවම තම හැකියාව නිරතුරුව සේවයට යොදා බේකරිය දිනෙන් දින දියුනුවට පත්කිරීමට වෙහෙසුනේය. ඒ හේතුවෙන් ඔහු මුදලාලි මහතාගේ විශ්වාසනීයම සේවකයා මෙන්ම සහෝදරයාද ඔහු විය.
    එක්තරා දිනක මාමා මගේ නිවසට පැමිනියේය. වෙනදා දකින ඔහුගේ ප්‍රබෝධමත් මුහුණ මා එහිදී නොදැක්කේය.
    "මොකෝ මාමා අද කනගාටුවෙන් වගේ."
    "පුතාට කියන්න කතාවක් තියෙනවා.මං ඒ ගැන විස්සෝපෙන් ඉන්නෙ."
    "මොකද්ද කියන්න"
    "පුතා දන්නවනෙ අපේ මුදලාලි..මට විතරක් නෙමෙයි වැඩ කරන හැමෝටම දෙවිකෙනෙක් වගේ.අපි හැමෝටම දුකේදී සැපේදී පිහිටවෙන මනුස්සය. මට කනගාටු ඒ ගැන"
    "ඉතින් මොකෝ පිලිකාවක්වත් හැදිලැයි.."
    "චී..චී.. අවකැපෙන කතා කියන්න එපා පුතා.එහෙම දෙයක්නම් තව මොකෝ.."
    "මොකෝ එහෙනම් එකපාරටම අන්සභාගයටවත් ආවැයි. මිනිහා හොදින් හිටියනේ."
    "ඔය කිව්වෙ"
    "ඒකනෙමේ අහගන්නකෝ."
    .
    "මුදලාලිගේ නෝන මුදලාලිට වඩා අවුරුදු දහයක් පහලවක් බාලයි..මුදලාලි කඩේ කේක් විකුණනවා. අලුතින් ගත්ත වෑන් එකෙන් අනෙක් කඩවලට කේක් දානවා, සල්ලිම හම්බකරනව මිසක් නිදහසක් නෑ ගෙදර වෙන්නෙ වෙන වැඩ."
    "මට තේරුනේ නෑ"
    "මුදලාලි හාමිනේයි බේකරියේ අත්වැඩට ආපු කොලුවයි හොදයි. පුතාට කියන්න මං බේකරියේ ඉදල ඊස් ටින් එකක් ගේන්න ගෙදරට යනකොට හාමිනේ නෑ .කාමරෙන් කෙදිරිලි සද්දයක් ඇහෙනවා. දොර රෙද්ද පොඩ්ඩක් මෑත්වෙලා තිබුනේ. මං ලංවෙලා බැලුව. මට හීන්දාඩිය දැම්ම. මුන් දෙන්න කාමරේ.පුතාට මට කියන්න බෑ හිටපුහැටි."
    "ඉතිං.. ඉතිං.. මට හිතාගන්න පුලුවන් "
    "මං මේ නොසංඩාල වැඩ බලන්න බැරුව ආවෙ".
    "අච්චර දෙවිකෙනෙක් වගේ ඉන්න මිනිහට ගෑනි පිටුපෑපු හැටි."
    "අරූට ගියමාසෙ අම්මට හතිය හැදිල අමාරුයි කිව්වම මුදලාලි අතට සල්ලි දීල පිටත්කලේ පඩියෙන් කපන්නෙත් නෑ කියල".
    "මං මේක තේරුම් කරල හාමිනේට කියනො.දෙවිකෙනෙක් වගේ ඉන්න උත්තමයට පිටුපාන්න එපා කියලා.මුදලාලි මහත්තයාට කිව්වොත් පවුල වැනසෙනවනේ."
    "මාමේ මට මාම තරම් අත්දැකීම් නැති වෙන්න පුලුවන් .නමුත් මගේ අදහසනම් කියන්න එපා ඕක හාමිනේටනම්. මාම කිව්ව කියල ඕක හෙට ඉදල අත්අරියිද ද මුදලාලි හාමිනේ..මුදලාලි මහත්තයටම දැනගන්න අරින්න. ඕව නැති කුනුගොඩවල් ඇගට එන වැඩ".
    "එහෙම පුලුවන්ද දෙවිකෙනෙක් වගේ ඉන්න මනුස්සයගෙ පවුල වැනසෙනවනේ ..මේව බලන් ඇස් කන් පියන් ඉන්න පුලුවන්ද මට"
    "ගෑනිට කියන්න එපා.. ගෑනිට කියන්න එපා ... ඕක භයානක දෙයක්. මාම මං කියනදේ අහන්න."
    "මොකෝ ඔහෙත් උල්පන්දම් දෙන්නෙ ඔහේටත් ඕව කරල පුරුදුයිද. මට අයුක්ත පෙන්නන්න පුලුවන් මිනිහෙක් නෙමේ මං යනෝ."
    "මාමෙ මං කියනදේ පොඩ්ඩක් අහන්නකෝ..."
    "මට කාගෙවත් උපදේස ඕන නෑ..මට ඒ පවුල වටිනවා ."
    "මාම මගේ කීම අහන්නෙ නෑනේ.ඕක කරන්න එපා.. ඔහොම ගියොත් වෙනදේනම් මට හිතාගන්න බෑ."
    "මාමා මගේ කීම තඹේකට මායිම් නොකර අමනාපයෙන් නිවසින් පිටත් විය. කුමකින් කුමක් සිදුවේදෝයි මා කල්පනා කලෙමි.මාමා වෙන්නප්පුවට ගොස් මුදලාලි හාමිනේ මුනගැසී ඇත.
    "හාමිනේ මං මේක කියන්නෙ කොහොමද කියල හිතන් හිටියේ.මං එදා ඊස් ටින් එකක් ගන්න එනකොට හාමිනේ බේකරියේ වැඩකරන පොඩ්ඩා එක්ක කාමරේ ඉන්නව මං දැක්ක. හාමිනේ ඔය සම්බන්දෙ නවත්තන්න.මේ පවුල වැනසෙනව මට බලං ඉන්න පුලුවන් කමක් නෑ. මුදලාලි මහත්තයා මේව දැනගත්තොත් කොහෙන් කෙලවර වේවිද කියන්න බෑ"
    "තමුසෙට පිස්සුද මිනිහෝ..කයි කතන්දර හදන්න.හපෝ හෙනගහනව මේ කියන කතාවට.පොඩ්ඩ මට සහෝදරයෙක් වගේ. හොදක් නම් සිද්දවෙන්න එපා මේ කතාවවලට.
    "නෑ මං දෙවිකෙනෙක් වගේ ඉන්න මුදලාලි මහත්තයාට පිටුපාන්න එපා කියන්න ආවේ. නෝන කැගහන්න වුවමනා නෑ".
    සවස වැඩ අහවර කල මුදලාලි නිවසට පැමිනියේය.
    මේ දෙයක් තියෙනවා කියන්න. ඕං කලබල වෙනවා එහෙම නෙමේ.
    "මොකද්ද හාමිනේ "
    "දවස් ගානක ඉදල අර මහතුන් බාස ඔයා ගිය ගමන් මේ පැත්‍තට එනවා. කවුද හිතුවේ මනමාලකමේ එනවා කියල. මං ගනංගත්තේ නෑ ඒතරම්. දැන් නම් මට ඉන්න හිටින්න නෑ. අද කියපි මම හරි ලස්සනයිලු, ඌට මගේ මූණ ඉඹින්න ආසයිලු. මට ඉවසුම් නැතිවුණා. හොද කම්මුල් පාරක් දීල මං එලෙව්වෙ. ඒපාර මේ මිනිහා කියාපි මේක මෙතනින් ඉවර නෑ ආයෙ එනව කිව්වෙ.. ඕකකරන්න දුන්නෙ නැත්නම් බේකරියේ වැඩකරන පොඩ්ඩ එක්ක මං හොදයි කියලත් මුදලාලිටත් කියනවා කියල මට තර්ජනයත් කරා. ඌ හිතෙනවා ඇති මාත් ඒ වගේ වල් ගෑනියෙක් කියලා...
    මොනවා යකෝ ඌ..තියෙන්නෙ නෑ ඕකව මං.
    යන්න එපා රත්තරං ..
    අතඅරින්න හාමිනේ ...
    මුදලාලි මහතා මාමාට බේකරියේ පාන් බාන හබලින් පහර පිට පහර එල්ල කොට තිබේ. පාරවල් වදින විටත් දෙවියනේ මේ කුමක් සිදුවෙනවාදයි මාමාට හිතාගන්න වත් බැරිවිය.
    "අනේ බුදු මුදලාලි මහත්තයෝ ගහෙන් ගෙඩි එන්න වගේ මොකෝ මේ"
    වල් බල්ලා තෝ මෙච්චර දෙයක් කරලත් නොදන්නා ගානට ඉන්නහැටි.උඹ හිතන්න ඇති මගේ ගෑනිත් වෙනගෑනු වගේ කියල.තොගෙ මනමාල කම් මට ඔක්කෝම කිව්ව. මරන්න කලින් බැහැපිය දොට්ට"
    මාමාට සිදුවීම තේරුම් ගියේය. ගෑනි කතාව අනෙක්පිට හරවා තිබේ. ගුටිකෑමට බැරිම තැන පොඩ්ඩාගේ හා හාමිනේගේ හුටපටය කීවේ පනබේරා ගන්නටය.
    "අනේ මුදලාලි මහත්තයෝ මට ගහන්න එපා.ඕක නෙමේ උනේ නෝනගෙ පොඩ්ඩ එක්ක සම්බන්දයක් තියෙනවා මං ඇස් දෙකෙන් දැක්ක".
    "බල්ලා මට ඕකත් හාමිනේ කිව්වා.තෝ ඒ කොල්ලවත් පටලවල තර්ජනකරල හිටපිය"
    මුදලාලි ප්‍රහාර තවත් වේගවත් කර ඇත.
    මට මාමා මුනගැහුනේ රෝහලේදී අත පය වෙලාසිටියදීය.
    "පුතා කිව්ව දේ ඇත්ත..ඒක මං පිලිගත්තෙ නෑ.."
    "ඕව දැන් කතාකරල වැඩක් නෑ .හිමීට නැගිටින්න මේ සුප්ටික පොවන්න."
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    රිටන් එක
    --------------------------------
    මේක යාලුවෙකුට වෙච්ච දෙයක්, ඒ කාලෙ මම කොලඹ හිටි නිසා මේකට involve වෙන්න තිබ්බ අවස්තාව මග ඇරුනා.
    මේ කියන යාලුවගේ ගෙදර නිකං අ⁣පි හැමෝගෙම ගෙදර වගේ.. ඒ දවස්වල නිතරම ඉන්නෙ එහේ, එන එන එකා කෙලින්ම කුස්සියෙන් ගොඩවෙලා බත්එක බෙදාගෙන සාලෙට ඇවිත් කන එක සුලභ දෙයක්. සමහරවෙලාවට කුස්සියෙම හට්ටි වලං පෙරලගෙන කාපු දවසුත් තිබ්බා. ඒ උන්ගෙ අම්ම තාත්ත උනත් මොනවත් කියන්නෙ නෑ ඉතිං කොල්ලොනේ.
    ඔහොම දවසක් මුංගෙ ගෙදර දානයක් තිබිල තියෙනවා, අනිත් උන් ෆන් එකට කියල දානෙට යද්දි සීනි වෙනුවට හලාපු වැලි කිලෝ දෙක දෙක අරන් ගිහිං තියෙනවා. ඔය වැලි ගෙදර අයට හම්බුන අනිත් සීනි එක්ක එකම බාස්කට් එකක දාල හෙන අපරාදයක් වෙලා. ඒ ගෙදර එකා කිය කිය හිටියේ ඔක⁣ට return එක දෙනව කියලා.
    ඕක වෙලා ටික දවසකින් මුංගෙ ගෙදර නංගිගෙ කොටහලු උත්සවේ තිබුනා, කට්ටියම වැඩ කරල පාටිය ලස්සනටම කරලා, මොකද හැම එකාම කාල බීල වැටිල ඉන්න ගෙදරනේ..පාටියෙන් පස්සෙ දවසෙ මුං ටික ගිහිං නැන්දගෙන් ඉතුරුවෙච්ච කැවිලි ඉල්ලලා, නැන්ද කියල අනේ බං කැවිලි නම් නෑ කට්ලට් ටිකක් නම් තියෙනව කියල. දැන් කට්ටිය තේ බොන ගමන් කට්ලට් කනවලු, මුලින්ම කාපු එකාට අමුත්තක් දැනුනත් ඌ සද්ද නැතුව හෙමීට කෑවලු, ඌ දන්නව මොකක්හරි චොර සීන් එකක් තමයි ඒත් දැන්ම කිවුවොත් අනිත් උන් කන්නෙ නෑනෙ..ඔහොම හැම එකාම ඒ කට්ලට් කාලා..අන්තිමට ගෙදර එකා අහලා ⁣"කොහොමෙයි මචං කට්ලට් මම හැදුවෙ උඹලටම දෙන්න, වැඩි දෙයක් දැම්මෙ නෑ ගොඩපර ගෙඩි ටිකක් අරන් බිස්කට් කුඩු දාල බැද්දා
    😆
    😆
    😆
    " කියලා.
    ඕකට ආයෙ මූට රිටන් එක දුන්නා, එදා මම එතන හිටියා..මල ගෙදරකදි. මූ මලගෙවල් වල බිස්කට් එහෙම දුන්නම දෙක තුනක් එකට තියල කනවා ඒ තරම් පෙරේතයා.. කාඩ් සෙල්ලම් කරනගමන් ඉඳා මට කන්න බෑ බං කියල එකෙක් චොකලට් බිස්කට් 3ක් දුන්න මූට එහෙමම කටේ ඔබාගෙන කෑවා..ටිකකින් මූ දුවල ගිහින් කට හේදුවා
    😆
    බලද්දි මැද තිබුන බිස්කට් එකේ ක්‍රීම් ටික හූරලා ඒ වෙනුවට විට කන හුණු දාලා දීල තියෙන්නෙ..උගෙ කට බලං ඉද්දි ඉදිමුනා








    😃
    ව්‍යාපාරිකයකු වීමේ සිහිනය බිදවැටේ
    😃

    මේ මගේ පාසල් කාලය අවසාන වීමත් සමග මා ගතකල ජීවිතය පිලිබද වූ එක්‍තරා මතකයකි. යහළු සමාගමය සමගින් කටයුතු කරමින් ගත කරන කාලය පිලිබඳව අම්මාගෙන් යහපත් ප්‍රතිචාර ඇත්තේම නැත.මේ අම්මාගෙන් බැනුම් අසනා සමයයි.
    බේරුවල සංගීත ප්‍රසංගය බැලීමට යෑමට මට බෙන්තොට හොදම යාලුවාගේ පිරිත්ගෙයක් පිලිබදව බොරුකීමට තිබේ.මිරිස්වත්තේ එලිවනතුරු පෙන්වන "සර්ධාරානී" නාට්‍ය බැලීමට මිතුරෙකුගේ අසනීපයකට රෝහලේ නැවතී උපස්ථාන කලයුතු බවට බොරු කියා ගෙදරින් පිටමංවියයුතුය.
    මේ බොරු හැමදාම කල හැකි නොවේ. මා කල බොරු අක්කාටත් නංගීටත් අසුවීමට ගතවූයේ සුලු කාලයකි.
    මේ ගල්පැලෙන බොරු කියල ගියතැන් අපි දන්නෙ නෑ කියලද හිතන්නේ..ආයේ කියන්නේ නෑ රාත්‍රී ගමන් මින්පස්සේ බොට තහනම්.
    මේ අන්දමින් මා නිවසට ගාල්කොට තැබීමට නිවැසියන් කටයුතු සිදුකරද්දී රත්නපුර මල්වල ප්‍රදේශයේ සිට මිතුරෙකුගේ මාමා කෙනෙකු සිංහල අලුත් අවුරුද්දට ගමට පැමිනියේය. ඒ ආරියවංශ මාමාය. අපේ නිවැසියන් සමගද සුහද වී සිටි ආරියවංශ මාමා අපේ නිවසටද ගොඩවැදුනේ අම්මාගේ කිසිදා අඩුපාඩුවක් නැති බුලත් වට්ටිය සප්පායමටය.
    නංගියේ මේ කොලුව ඉස්කෝලෙ යනවද තාම..
    රස්සාවක් තාම නෑ ආරියවංශ අයියේ.. නඩේට වැටිල රස්තියාදුවම තමයි.
    එහෙම කොහොමද ? මං අබේරත්න ගේ කොලුවටත් කිව්වා. වරෙල්ල මගෙ ගාවට බිස්නස් කරන හැටි උගන්නන්න. මං මේ ගමෙන් ගියේ ඇදුම් කඩමල්ල එක්ක විතරයි. දැන් මගේ ගෙයිම විතරක් ජනෙල් කවුලුම තිස්දෙකක්, තව තව එල වැස්සියො. කිරි දොවන්න කෙනෙක් නෑ..බිත්තරදාන කිකිලියෝ
    🐓
    . රඹුටන් කාලෙට රඹුටන් කඩන්න මිනිස්සු හොයන්න මුලු මල්වලම පෙරලන්න ඕනෙ. පවුල තේ වත්තේ වැඩ. මම බිස්නස් කරනව ..මට මේ මගේ වැඩ ටික කරගන්න වෙලාවක් නෑ. මගේ බිස්නස් වැඩ ඉගෙනගෙන මනුස්සයෙක් වෙයල්ල මට කියලත් ළමා ලපටියෙක් ඉන්න එකක්යැයි.මේ වැඩ ටික පවරන්න මං කතාකරන්නේ.
    අනේ අයියේ කොච්චර දෙයක්ද.අයියා යනකොටම එක්කරගෙන ගියත් කමක් නෑ .
    යං යං මුංව කාලකන්නි කරන්න බෑ.. අබේරත්නගේ සම්පත් කොලුවටත් මං මතක්කලා..ලබන සුමානෙ එහෙමනම් එමු.
    නිවසට වී කාලය ගතකොට හෙම්බත්ව සිටි මා..
    අනේ දෙවියනේ මගේ මැරුන නැන්දා මා දෙස බැලුවාවත්ද?
    ආරියවංශ මාමාගේ බිස්නස් වැඩ ඉගෙනගෙන ව්‍යාපාරිකයකුවී ජීවිතයම ගොඩයෑමට පොටක් පෑදී ඇතිබව ඇතිවූ හැගීම මට මගේ නින්ද පවා නැතිකලේය, මම මල්වල යෑමට ඇගිලි ගනිමින් සිටිමි. දැන් මාගේ එකම සිහිනය ව්‍යාපාරිකයකුවීමයි. අම්මාදුන් මග වියදම සමග ඊලග සතියේම මාත් සම්පතුත් මල්වල බලා පිටත් වුනෙමු.
    "ලලී දැන් ඔය පොත්පත් වල වැඩ මට බෑ. උඹ ඕව කරගනින්.මං ඔය වතුපිටි හරකබාන රඹුටන් ගස් මං ඕව බලාගන්නම්".
    "එතකොට ආරියවංශ මාමගෙ ව්‍යාපාර. ඒව මං කොහොමෙයි තනියම කරන්නෙ.උඹ පිස්සු කෙලීන්නෙ නැතුව මං කියන විදිහට ඉදපං."
    "දන්නැති මගුල් මං කොහොමෙයි කරන්නේ.."
    ඒව මං බොට කියල දෙන්නම්..මාත් ඕව කරපු කෙනෙක්ද? යකෝ බයවෙන්නෙ නැතුව හිටපිය. මේ අපි දෙන්නම ගොඩයන වෙලාවෙ අපිට මාම කියලදේවි කරන්න ඕනි දේ."
    රත්නපුර නගරයෙන් බසයෙන් බැසගත් පසු මල්වල බලා යන බසයට ගොඩවැදුනේ ජීවිතයේ හැරයුම් ලක්ශයේ වාසනාව ඉක්මනින්ම ලැබීමේ ඉවවහ ගිය සතුටත් සමගිනි.
    මගසලකුනු ඔස්සේ ආරියවංශ මාමාගේ ඉසව්වට අපි සේන්දු වුනෙමු.
    "මහත්තයා ආරියවංශ මුදලාලි මහත්තයගේ ගේ කොයි හරියෙද?"
    "ආරියවංශ ..ආරියවංශ ..ම්..මෙහෙ එහෙම කෙනෙක් නෑ.."
    "බිස්නස් කරන කෙනෙක් .."
    හෝ ..හෝ ..මේ අපේ ආරියවංශ .. ඔතන ඉස්සරහින් උඩට නගින්න.තේ කෑල්ල පහුකරන කොටම තියෙන ගේ..
    එතුමාට ස්තූති කොට අපි කන්ද නැග්ගෙමු.තේ වත්ත පසු කිරීමෙන් අනතුරුව ගෙයක් තිබේ.මෙ ගෙය නම් කිසිවිටෙකත් ආරියවංශ මාමාගේ ගේ විය නොහැක. පොල් අතු සෙවෙලි කල නිවසේ ප්‍රධාන උලුවස්ස හැරුනුකොට තවත් තනි පියනේ ජනේලයක් වෙයි. අනෙක් පැත්තේ ජනේලය වෙනුවට බයිසිකල් රිම් එකක් සවිකර තිබේ.
    "නැන්දේ ආරියවංශ මාමාගේ ගේ කෝකද?"
    "මේක තමයි පුතේ ගේ..මොකද්ද උවමනාව.."
    "අපි ඉදුරුවෙ ඉදල ආවෙ"
    "ආ...මේ ළමයි එන බවක් කිව්ව තමයි.. එන්න වාඩිවෙන්න. මාමා වැස්සිව ගේන්න ගියා. මාත් මේ දලුටික කඩල දැන් ආවෙ."
    "නැන්දා වැල් ඇදේ උන් කිකිලියට කොසු පාරක් ලබාදී එලවාදමා අප එහි වාඩිකලාය. මා නැවත කොස්ස ඉල්ලා පෑගුන කුකුල් බෙට්ට පිසදා ගත්තෙමි."
    මේ ගෙයි හැටියට නම් මේ අපි සොයනා ආරියවංශ මාමාගේ නිවස නොවේ..
    "නැන්දා අපි කියන්නෙ ඉස්සර ඉදුරුවෙ ඉදල ඇවිත් දැන් මෙහෙ ජයට බිස්නස් කරන කෙනෙක්.."
    "ඔව් ඔව් ඔය එන්නෙ වැස්සිව අරගෙන "
    අපි පුදුමයට පත් කරමින් ආරියවංශ මාමා අපි ඉදිරිපිටය. වැස්සියෙක් සිටී ඒ මා ජීවිත කාලයටම දුටු කේඩෑරීම වැස්සීය. ඇටකෝටු පෑදීම කෙසේද යත් පිටුපස ඉලඇට දෙක පොල්ලෙලි ගහන්න තරම් වූ තරමටම ඉදිරියට නෙරා ඇත.
    මාමේ අපි ආව. අර බිස්නස් එකක් ගැන කිව්වෙ ..
    ඔව් තියෙන දෙයක් රෑට කාල. හෙට උදේම රත්නපුරේ ටවුමට යන්න ඕනි.එහෙ මම බිස්නස් කරන්නෙ.
    "ඉතිං මාම කිව්වෙ මේ ජනෙල් තිස් දෙකක් තියෙන ගෙයක් කියල නේද "
    "කියනකොට ඔහොම තමයි බං.අර තියෙන්නේ.. කවුලු ටික."
    ඔව් ඔහු නිවැරදිය.රිම් එකේ ස්පෝක් කූරු අතර කවුලු අපට පෙන්වූවාය.
    කිරි දොවන්න කෙනෙක් නෑ කිව්වෙ.
    ඔව් මේ ඉන්නෙ වැස්සි..අර තියෙන්නෙ රඹුටන් ගහ.
    ඉතිං අපිට තාම කිව්වෙ නෑනෙ බිස්නස් එකගැන තාම.
    ආ..මං කරන්නෙ අන්නාසි බිස්නස්.
    🍍
    🍍
    🍍
    බඩු ගෙනල්ල තියෙන්නෙ.බොල දෙන්නටත් හෙට උදේටම මා එක්ක වැඩේට බහින්න පුලුවන් .දැන් තියෙන දෙයක් කාල බුදියගනිල්ල.
    පාන්දරින්ම නැගිටුන ආරියවංශ මාමා දුම්මැස්සේ එල්ලා තිබූ අන්නාසි ගෙඩි තුනක් ගෙන, කපා බේසමකට අඩුක්කොට. ලුනු කුඩු හා ගම්මිරිස් කුඩු වෙන වෙනම කුඩා කවර වල දමා අපත් කැටිව රත්නපුර නගරය කරා ගමන් ඇරඹීය.
    දැන් මං අද මේ බිස්නස් එක කරන්නෙ නෑ..පලවෙනි දවසෙ බොලාට උගන්නනවා. හා දැන් එක්කෙනෙක් ගනිල්ල මේක ඔලුවට.
    සම්පත් මටනම් මේ වැඩේ ටිකක් නුහුරුයි බං.. බැලන්ස් නෑ. උඹ ගනින් මුලින්.
    හරි...අන්න හරි දැන් හයියෙන් කෑගහන්න ඕනි අන්නසී....අන්..නසී.. අන්.....න..සී..කියල.
    සම්පත් බොගෙ කටහඩ මදි තව සද්දෙන් කියපන්..
    අන්නසි..... අන්..නසී
    අපට වෙලදාම් කිරීමට ලැබුනේ පැය භාගයටත් අඩු කාලයකි.අඩි හයක් පමන උස, සරමක් හා මේස් බැනියමක් හැද එම බැනියම නාභිය කරා රෝල්කරගත් පුද්ගලයෙක් ඉදිරියට පැමිනියාය
    පටාස්..
    අන්නාසි
    🍍
    බේසම බිමය.
    අලුත් කාක්කෙක්...කොහෙන්ද තෝ මේ වැයික්කියට.
    අපිව ආරියවංශ මාමා එව්වෙ..
    දුවපියව්
    🏃
    🏃
    🏃

    මා වහා ආරියවංශ මාමා සොයා සිදුවීම පැහැදිලි කලෙමි.පුද්ගලයාද පෙන්වූවෙමි.
    එහෙම කොහෙද මේ රත්නපුරේ ..මට ඉහලින් එකෙක්..බොල ඔහොම හිටපල්ල මං දෙකෙන් එකක් බේරගෙන එන්න.
    මාමා පරිස්සමින්..
    මා හොරෙන් මාමාගේ පසුපසින් ගොස් වෙන සිදුවීම බලා හිදිමි.
    ආ..රත්තා මගෙ ගෝලයො දෙන්නෙක් ..
    අඩා..තොගෙ ගෝලයොද මේ..අඩල අඩල මෙතන තොට අන්නාසි
    🍍
    කෑල්ලක් විකුනන්න දුන්නම ගෝලයෝ ගේන්න..
    පටාස්..
    කම්මුල හරහා වැදුන පහරට ආරියවංශ මාමා කැරකී බිමවැටී නැගිට්ටේ අමාරුවෙනි. මා එය දුටු බවක් ඔහු නොදුටුවේය.වටපිට බලා අපි සිටි තැනට ආ ඔහු..
    පුතා මේවැයි ඉන්නකොට ඔහොම නැතුව බෑ..මං දෙකින් එකක් බේරගෙනයි ආවේ..බොලාට දැන් බය හැක නැතුව වෙලදාම් කෙරුවෑකි.
    මේ වෙලදාම් අපිට නුහුරුයි මාම..අපි යන්නෙයි කියල..අපිව පිටත් කලානම්..
    🙏
    🙏

    මාමාගෙන් මග වියදම ඉල්ලාගත් අපි ඊලග බසයෙන්ම ගෙවල් බලා පිටත්වුයේ ව්‍යාපාරිකයකුවී ගමට පැමිනෙන්නට තිබූ සියලු ප්‍රාර්ථනා බොදවී සුනුවිසුනු වී ගිය කනගාටුවෙනි.
    😂
    😂
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    ආලවක දමනය
    ===============
    වෙසක් එකට නාට්ටියක් කරන්න ඕනෑ කියලා බුද්ධාගම සර් කීවෝය. ඒකට කැමති නාට්ටියක් කරන්න පුළුවන් කියලා තෝරා ගැනීමේ තරග වලට පුළුවන් විදියට නාට්ටි හදාගෙන එන්න කීවාය. හොඳම එක වෙසක් නාට්ටියට ගන්නවා කිව්වෝය. අසේලයායි මායි ආලවක දමනය කරන්න තීරණය කළෝය. ජනකයා චරිතයක් ඉල්ලලා මැරෙන්න හදපු හින්දාත් ඌ උස හින්දාත් ඌ ගහකට ගන්න අපි තීරණය කළෝය. ජනකයාත් ඒකට කැමති උනාය. කොහොම හරි මංගලිකලාගේ යසෝදරා කතාවට වඩා අපේ එක හොඳ වෙන්න ඕනෑ බව අපි තීරණය කළාහුය. මංගලිකා අසේලයාට සිදුහත් කුමාරයා වෙන්න කතා කරලා තිබුණෙමු. ඒත් අසේලයා අපේ යාළුවා හින්දා ඌ බෑ කියා අපේ නාට්ටියට ආවෙමු.
    තෝරා ගැනීමේ උත්සවේට නාට්ටි තෝරන්න ආවේ ලොකු ඉස්කෝලේ මහත්තයා ය. පලවෙනියටම අපේ නාට්ටිය තිබුණෙමු. අසේලයා බුදුහාමුදුරුවෝ වෙලා ඉස්ටේජ් එක මැදට වැඩියෝය. මම එක අතකින් කඩුව වෙනූවට ලීයක් අරගෙන ඉස්ටේජ් එක කෙලවරක සිටියෙමු. නාට්ටිය ආලවක දමනය බව බුද්ධාගම සර් ලොකු ඉස්කෝලේ මහත්තයා ට කිව්වාය. ජනකයා ඇවිත් අත් දෙක දිගෑරලා පැත්තකින් හිටගත්තාය.
    "දැන් තමුසේ කවුද?" කියලා ලොකු ඉස්කෝලේ මහත්තයා අසේලයාගෙන් ඇහුවාය. "බුදුහාමුදුරුවෝ සර්" අසේලයා කීවෝය. "තමුසේ"? කියලා මගෙන් ඇහුවා ය. "ආලවක සර්" මං කීවෙමු. "එතකොට මූ කවුද?" කියලා එතුමා ජනකයාගෙන් ඇහුවෝය. "ගහක් සර්" කියලා ජනකයා කිව්වා ය. "ගහක් ඕනමද? " කියලා අහපු ලොකු ඉස්කෝලේ මහත්තයා "කමක් නෑ, එහෙනම් පටන්ගමු කිව්වා ය. මම අඩිය හප්පලා කඩුව ඇරගෙන "අඩෝ, ඔහොම හිටපිය" කිව්ව ගමන් අසේලයා දුවන්න පටන් ගත්තා ය. ලොකු ඉස්කෝලේ මහත්තයා "හෝව් හෝව්... මෙහෙ එනවා" කියලා දෙන්නම අඬගහලා බුදු හාමුදුරුවෝ එහෙම දුවන්නේ නැති බවත් යකා උනත් " එම්බල, මහණ, ඔහොම නවතිනු" වගේ ටිකක් සැර අඩු විදියට කතා කලාට වරදක් නැති බවත් කියා දුන්නා ය.
    අපි ආපහු නාට්ටිය පටන් ගත්තෙමි. දැන් අසේලයා වඩිනවාය. මමත් කඩුව අරං "එම්බා, නවතිනු" කිය කියා එනවාය. හදිසියේ ලොකු ඉස්කෝලේ මහත්තයා "සර්, ආලවකයා කඩුවක් අරං මොකද?" කියලා බුද්ධාගම සර් ගෙන් අහනවා ඇහුනාය. "ඇයි සර් ඔය පංසල් වල ආලවකයා එහෙමනෙ ඇඳලා තියෙන්නේ" කියලා බුද්ධාගම සර් කියනවා ඇහුණෝය.
    අසේලයාගේ ඉස්සරහට පැනපු මම "හහ් හහ් හා... මට සීයට තව එක ඇඟිල්ලයි අඩු... ඒක මං තොගෙන් ගන්නවා....බුහ්... හහ්... හා...' කීවෙමු. ඒක ඇහුණ ගමන් බුද්ධාගම සර් උඩ වීසි වෙලා වගේ නැගිට්ටේ අත් දෙකෙන් ම ඔළුව බදාගෙන "නවත්තපියව් ඕක" කියලා කෑගහගෙන ය. "දැන් මොකක්ද තොපෙ කතාව?" එතුමා ඇසුවෝය. "ආලවක දමනය සර්" අපිත් කීවෝය. "එහෙනම් මොන එහෙකට ද ඇඟිලි? ඒකත් 100ක්?" කියලා ඇසුවාය. "ගුරු පූජාවට සර්" මම කීවේය. ලොකු ඉස්කෝලේ මහත්තයා "තොපි යකෝ.." කියමින් ඔළුව කසමින් කල්පනා කලාය. "ඇයි යකෝ තොපි මේ ගහට ඉන්න එකා නාලාගිරි කරලා ගෙනාවෙ නැත්තේ" කියලා බුද්ධාගම සර් අපිව එළවා ගත්තෙමු. ඇත්තටම බුද්ධාගම සර් ට පැටලිලා වෙන්න ඕනෑය. නාලාගිරි ඇතා ආලවක දමනයේ නැති ය. හැබැයි ඉතිං ඒ කියපු විදියට ජනකයා නාලාගිරි කරා නං අපේ නාට්ටිය තේරෙන්න තිබුණා ය. අන්තිමට මංගලිකා ගේ නාට්ටිය දිනුවාය.
    නළුවෙක් උන තන්තෝසෙට ජනකයා අපිට පියදාස මමා ගෙන් බනිස් අරං දුන්නෙමු. මෝටර් බයිසිකලේක පෙට්ටියක් බැඳගෙන පාං බෙදුවේ මැටි පියාය. මැටි ගෙදර පියදාස මැටි පියාය. ගමේ පියදාසලා මාමලාද තව සිටියෙමු. කොණ්ඩෙ කපපු පියදාස සැලුන් පියාය. උස නැති පියදාස කොට පියාය. හැබැයි බුරම්පියා පියදාස නෙමෙයි ය. මැටි පියා මාමා හැමදාම වගේ බයිසිකලේ අපිට බලාගන්න කියලා කොහෙදෝ ගිහින් එනවාය. දවසක් බෙදපු පාං බනිස් වලත් මැටි තිබුණා කියා ගමේ අය කිව්වා ය. ඒකටත් බැනුං ඇහැව්වේ අපිය. ඒක උනේ ජනකයාට මෝටර් සයිකල් පදින්න උවමනා උන හින්දා ය. මට උස මදි හින්දා මෝටර් සයිකල් පදින එක බැරි උනා ට පදින හැටි දන්නවා ය. ඒ අපේ අයියා ට මෝටර් සයිකලයක් තියෙන හින්දා වෙමි. ජනකයා කැමති උනේත් මගෙන් ඉගෙන ගන්න එකටය. අනිත් අය ඉරිසියාවට හරියට කියලා දෙන එකක් නෑ කියලා ඌ කීවෝය. ජනකයා අපිට වඩා වැඩිමල් නිසා උගේ කකුල් දිගය. ඒ හින්දා ඌට මෝටර් සයිකලේ ඉඳගෙන කකුල් බිම තියන්න පුළුවන් ය. එදත් බයිසිකලේ අපිට බලාගන්න කියලා පියදාස මාමා ගියාය. මම ජනකයා ඒකට නැංගුවාය. ඒක ඉස්ටාට් කරන්න යතුර ඕනෑ නැතිය. යතුරු කටට ඕනෑම එකක් දාලා කරකවන්න පුළුවන් ය. ඊට පස්සේ ඉස්ටාර්ට් කරන හැටි කියලා දුන්නා ය. ඒක හරි ගියාය. ඊළඟට මම ගියර් එක දාලා රේස් කරන්න ඕනෑ බව කියා දුන්නා ය. ඒක කියපු ගමන් ඉතුරු ටික කියාදෙන්න කලිං ජනකයා එක්කම මෝටර් සයිකලේ ගියාය. එන්න එන්නම වේගේ වැඩි උනත් පුස් බයිසිකල් පදින්න පුළුවන් හින්දා ජනකයා වැටුනේ නැතිය. ඒ උනාට පළවෙනි වංගුවෙන් ඌ කෙළින් ගියෝය. එතන තිබුණේ උපනන්ද මාමා ගේ වෙල ය. ජනකයා ඒකෙත් සෑහෙන දුරක් ගිහින් හිටියා ය. හැබැයි පාන් පෙට්ටියෙ තිබ්බ පාන් බනිස් වෙලට වැටිලා ය. අපි එව්වා ආපසු පෙට්ටියට දමා මෝටර් සයිකලේ හෝදා ගෙනත් තිබ්බා ය. එදා නං පියදාස මාමා බයිසිකලේ හෝදපු එකට ප්‍රශංසා කරලා ගියා ය. හැබැයි එදා අපි වෙලේ තිබ්බ පානුයි බනිසුයිත් හෝදලා පෙට්ටියට දැම්මා නං අපි අහුවෙන්නේ නැති ය.
    එදා සෝමෙ මාමාත් ඔය වගුවෙන් කෙලින් ගියාට පස්සේ ඔය වංගුව කවදා හරි කෙලින් කරන්න ඕනෑ බව මට කිව්වේ අසේලයා ය. ඒ මංගලිකා කසාද බැඳපු දවසට කුඹුරත් උගේ නිසා ය. සෝමෙ මාමා නං වංගුවෙං කෙලිං ගියේ ලොරියේය. ඒ වංගුවට කලිං නයෙක් පාර හරහා ගියපු හින්දා ය. නයා උඩිං ලොරිය යනකොට බයට සෝමෙ මාමා කකුල් දෙක උස්සලා තිබුණා ය. මම අසේලයාගේ යෝජනාව ඉස්තිර කෙරුවෙමු.
    අපි පොසොන් එකට මහින්දාගමනය පෙන්නන්න තීරණය කලෝය.
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    ..ඔන්න අපේ රටේ යුද්දේ තිබ්බ දවස් වල කේස් එකක් මේක..අලිමංකඩ පැත්තේ හමුදා මුරපොළ ක් තියෙනවා ලු...ඔතැනින් යන කොට ඔක්කෝම බෑග් ,ඇදුම් පැලදුම් චෙක් කොරලලු යවන්නේ...
    ඔන්න එහෙම මුරපොල ක්‍රොස් කරන්න හිටපු හමුදාවේ ම පොරකගේ බෑග් එකේ ගල් බෝතල් දෙකක්ලු...නිතීය හැටියට එකට වඩා අරන් යන්නත් බෑලු..
    මුරපොලේ හිටපු ඩෑල් ටික ඔන්න කේස් එක අදිනවලු..දෙකක් අරන් යන්න දෙන්න බෑ කියලා..
    ආ..එහෙමද අහපු අර පොර ගත්තා ලු බෝතලේ...කැඩිවලු..
    කටේ තියාගත්තලු...උගුරු තුන හතරට අමුවෙන්ම බෝතලේ කෙළලා ඇරියලු...
    දැන් හරිනේ...එකයි අතේ තියෙන්නේ..අනික බඩේ නේ..දැන් අවුලක් නෑනේ.
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    මාතෘකාව රඹුටන්.......
    ජීවිතේ රඹුටන් සිද්ධි තිබුනට ඒව වෙන වෙන සීන් එක්ක බැදිලා..
    රඹුටන්වල නානා රඹුටන් තිබේ වල් රඹුටන් ,මැලේසියන් රඹුටන් ,ඇට රඹුටන් ,පුස් රඹුටන් ,එළ රඹුටන් ,වගේම මල් රඹුටනුත් ඔයකොව්වත් එහා මෙහා කරන් සුපිරිම වර්ගෙ මල්වාන ස්පෙෂල්...
    පටන් ගද්දි සීයට (3%නෙමෙයි) 8යි පස්සෙ 15යි පස්සෙ විස්සයි මල්වානෙ රඹුටන් වතුකාරයො කොහොමත් හැමදාම ඔහොම්මයි. ගෙඩි එන මුල්ටිකේ හෙ..නනන ගනන් අර ටෝක් කරන මුල් කාලෙ කෑල්ල වගේ අඩුවට දෙන්නෙම නෑ. පස්සෙන් පහු ඉඳිලා ගිනිරතු වෙලා කුනුවේගන එද්දි දැන් සීයට 40යි දැන් නිකන් බැදල අව්රුදු 15ක් ගිය වාහෙ වගේ
    😉
    හාහා මාතෘකාව රඹුටන්
    මට කොහොමත් ඔය එකේක වාර වලට එව්වා ඇතිපදම් කන උනක් තියනවා දැන් උනත් රඹුටන් වාරෙට ගෙඩි 1000ක්වත් නොකෑවොත් හිතට හරි නෑ. පොඩිකාලෙ ඉදන් එව්වා කඩෙන් අරන් නෙමෙයි. ගහ කාගෙද කින්ද මන්ද වැඩක් නෑ මයෙ දොළදුක සංසිදෙනවා නම් එච්චරනෙ. කොහොමත් අරන් කනවට වඩා හොරෙන් කනෙක රහයි කියල චීන පඬිවරයෙක් කියල තියනව කියල කව්දෝ ලංකාවෙ බකපන්ඬිතයෙක් කියනවා මං අහල තියෙනවා..
    ඉස්කෝලෙ කාලෙ ඉදන් අපි ඕනතරම් ගැට හූරලා ඇති (මාතෘකාව රඹුටන් ). යාන්තම් ලාකහ වේගන එද්දි කාගෙ වත්තෙ මල් කඩන්නෙ අපිට වැඩක් නෑ. දකුණබලා වම බැලුව නැවතත් වටපිට බලන්න අහල පහල කව්රුත් නැත්තම් වලු පිටින්ම කඩන් යන්ඩ
    😂
    . දැන් වගේ පිටි මකුනො අරවා මෙව්වා නෑ. මෑතකදි දැක්කා රඹුටන් පිහියෙන් කපල කන පොෂ් උදවිය අනේ ඉතිං අපිටනම්ඒ දවස්වල අමු කහට බේරෙන රඹුටන් දත්වලින් කඩල කාලා කාලාම ඉස්සරහ දත් ඇන්ද මළකඩ බැදුන ටකරම වගේ. සෙනසුරාද එහෙමනම් මදින්නෙත් නෑ
    වෙසක් පෝය හා බැදුන සිදුවීම් බෝමයි. මම කියන්නෙ මේ තෙමගුල ගැන නෙමෙයි. අපේ ජීවිතේ වෙන වෙන මගුල් ගැන රඹුටන් වාරෙත් වෙසක්වලට සමගාමීව උදාවෙන හින්දා අපේ වෙසක් මංගල්ල්‍ය රඹුටන් එක්ක බැදී තියනවා. දන්සල් දීම පස්සෙන් පහු කාලෙක කියන්ඩ බැරියෑ දන්සල අවසානෙ සැට් එකම යනෝ රස්තියාදුවෙ. දන්සල් දීල ගත්ත පින් පිටාර ගලන්ඩ කලින් කාගෙහරි වත්තක ගඩා ගෙඩියක් කාල පින්පව් බැලන්ස් කරගන්නත් එපෑ.
    ඒ වගේ දවසක් බියගම පැත්තට ඉස්සරාට යද්දි මට කල්පනාවක් ආව දැන් ඔය හයිවේ පාලමට සුට්ටක් එහා වත්තෙ මැලේසියන් ගස්වල ලාරතු වෙසක් බල්බ් අනේ මාව ගෙදර අරන් යන්ඩ කියලා කීප පාරක්ම කිව්ව නේද කියලා. "අඩේ රඹුටන් කඩමු..?" "යකෝ ඒක නේන්නම් හැබැයි ඕව මුර කරනවා බං වෙඩි තියයි" ඕම කතාව ගිහින් වැඩේ කරන තැනට ස්ථිර උනා.
    දැන් සැලැස්ම අදිනව හරියටම තැනට මීටර් 100ක් මෙහා ඉදන් "කට්ටිය සේරම රඹුටන් වත්ත පහුකරන් යනවා මායි මඩයයි ශේප් 1 වත්තෙ තාප්පෙටනැගලා අතට අහුවෙන තරමක් කඩාගන්නවා" ඕම ප්ලෑන් කරලා හදිසියෙ අහුඋනොත් අල්ල ගන්න බැරි වෙන්න ටීෂට් එකත් ගලවල ඉස්සරහ යන අයට දීලා... දැන් මං ආරෝහපරිනාහ දේහදාරී විලාසයෙන් උඩුකය නිරුවත්ව (රෙද්ද තමා කොටුකෑලි වගේ අතපය හතරයි පෑන්කේක් එක වගේ පපුවයි) එක්ක... මුල් අදියර වසෙන් කට්ටිය ඉස්සරහට ගියා මායි මඩයයි වටපිට බලලා ගැම්මක් අරන් කොට තාප්පෙන් ඉස්සිලා ඉදගත්ත විතරයි
    "ඉදපන් යකෝ කොටනවා මැරෙන්ඩ තොපි එනකම් තමා හිටියෙ හොර හැත්ත " කියාන මෙන්න බොලේ එකෙක් එනව අංඟුලිමාල වගේ පත කඩුවකුත් අරන් පැන්න මඩයයි මායි පාරට හුරේ රන් ආපු පැත්තටම..... දැන් අපේ සෙට් එකම ඉස්සරහා අපි පිටිපස්සෙ උන් ගාවට යන්ඩත් ඕන අර යකා තාප්පෙන් එබිල කඩුවත් තියන් බලන් ඉන්නවත් පේනව..."කරන්ඩ දෙයක් නෑ වරෙන් යන්ඩ" කියලා මඩයයි මායි මීටකලින් ඒ පාරෙ ගිහිල්ලවත් නෑ වාගෙ එතනින් යද්දි මඩය අර මිනිහට කියනවා "බලාන් ඉතිං උබලට වෙසක් කියල නෑ වලි දාගන්නවනෙ ශර්ට් ඉරාගෙන
    ..ශික් තව හැතැම්ම කීයක් පයින් යන්ඩද බං..." මටත් බැන බැන එතන පහුකලා මාරකයක් පැන්න වගේ එක ගෙඩියක් කන්ඩ උන්නෑ ආසාවට...ඒක අපි වෙන වල්රඹුටන් ගහකින් අල්ල ගත්තා ඒක වෙනම කතාවක් ඒත් එදා තව විනාඩි 2ක් තා⁣ප්පෙ උඩ හිටියානම් අද මෙහෙම කතාවක් ලියන්ඩ මං නෑ පිංවතුනි (මාතෘකාව රඹුටන්)
    එදා එහෙම උනා කියල සැලුනද..? අයියෝ..හ් නෑ චිත්ත ධෛර්යය
    ආත්ම ශක්තිය ආත්මාභිමානය වගේ එව්ව තවත් වැඩි උනා... අපේ දහම්පාසලේ ඉස්සර ලොකුම ගුරුවරිය ලයින් එකේ හිටියෙ රාජටීච කියල වයසක ගුරු මහත්මියක් එහෙම කියන්නෙ එයාගෙ මහත්තයෑ නම රාජ. අර හස්තියා එහෙම නෙමෙයි ලොකු ඉඩමක් තියෙන්නෙ මිනිහත් නිකන් ලගලග දායක සීන් එකේ වත්ත පුරා තනි මැලේසියන් ස්පෙශල් ආය වොට් 5 බල්බ් පරාදයි දැක්ක වෙලාවෙ ඉදන් මට දොළදුක කම්දෝ කම්දෝ කෙසේ කම්දෝ...
    අපේ ගේ පිටිපස්සෙ ගේක හිටිය සුධාරක කියල මල්ලි කෙනෙක් මට වඩා අව්රුදු 3ක් බාලයි හැදිච්චි ගතිගුන ඇති හොද ධාර්මික දරුවා.. මේ වෙද්දි කැම්පස් එහෙම ගිහින් හොද විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනෝ මෙම කතාව ඔහුට උපහා... අපහාසයක්ම වේවා
    😂
    මාතෘකාව රඹුටන්.....
    ''සුදා...රඹුටන් කමුද..? "කමු කමු කොහෙන්ද..?" "රාජ මහත්තලෑ වත්තෙන්""අම්බෝ..හ් මැරුන් කන්ඩ පොටක් ලයිසන් තුවක්කුත් තියනවලු වෙඩි තියයි" "තවුසෙ බය නැතුව එනවකො මා එක්කනෙ යන්නෙ" මං නිකන් රැම්බො වගේ ටෝක දුන්නෙ ඒ දවස්වල රාවයක් ගිහින් තිබ්බ ඔය රඹුටන් වතු මුරකරන්ඩ ලැයිසොන් තුවක්කු තියනව කියල රෙද්ද තමා ඒ දැනුයි දන්නෙ ඒ රිලව්ට තියන්ඩ වායුරයිෆල් කියලා... අපි දෙන්නයි තව ඉන්නවා මගෙ දුකට සැපට භොක්ඛවගේ සුධාරකගෙ වයසෙම චතුර කියල මිනිහත් ඉතිං මගෙ ඕන මරාලයක්... තුන්දෙනා එක්ක කිලෝ 65 පෝරබෑග් එකකුත් අරන් යනව මේ හරියට අපි හිටෝල පොරදාල හදපුව කඩන්න වගේ
    😂
    😂

    ඒ ඉඩමෙ පිහිටීම තමා අපිට තිබ්බ එකම හයිය ඉස්සරහින් පාර. වම් පැත්තෙ තව පාලු ඉඩමක්. දකුණු පැත්තෙ පුරන් කුඹුරක්.ඉඩම පිටිපස්සෙම ඉස්සර කිරිමැටි ගන්ඩ වලවල් කපාපු වඟුරුබිම අපිට ඉතිං ජීවිතාසාව නැතුව බහිනවා මිසක වල කොතනද වෙළ කොතනද නොදන්න නිසා කව්රුවත් බහින්නෙ නෑ තුන්දෙනා එක්ක ගියා පුරන් කුඹුර පැත්තෙන්....
    දැන් මේක සාම්පූර් ගහන්ඩ වගේ හෙන මෙහෙයුමක් ගිහිල්ල ඔන්න පැන්න වත්තට ⁣වඟුර කිට්ටුව හොදම ගස් ටිකක් තොරගත්තා දැන් මම ගහට නගින්ඩ ලෑස්තිය "ඔය ඇදන් ඉන්න ශෝට ඈතට පේනවනෙ"චතුරයා කිව්වා ඇත්ත නේන්නම් ත්‍රීක්වාට ශෝට සුදුම සුදුයි ටීෂර්ට් 1 කෝච්චි නවත්තන්ඩ වනන්ඩ වගේ රතුම රතුයි. ගහට නැග්ගනම් හතර වටේ පේනවා
    ගැලෙව්ව කලිසම...ගැලෙව්වා ටීෂර්ට් එක
    😂
    😂
    තනිකරම ග්‍රීස්පියා... එදාඅද කියලා වෙනසක් නෑ ලැජ්ජාව අපිට උපතින්ම නොලද අවයවයක් දැන් මං දුඹුරුපාට අලගෝනිය පිටින් නැග්ග ගහට හරිම සාමකාමී කිසි අව්ලක් නෑ විනාඩි 20ක් විතර හොදට රඹුටන් කැඩුවා පෝරබෑග් එක ෆුල් "බහින්ඩ එපා මං තව උරයක් ගෙනාව" අනේ අර හැදිච්චි දරුවා සුධාරක
    😂
    😂

    දෙන්න එක්ක පෝර බෑග් එකත් උස්සන් කොහෙද ගියා. මයෙ හිතෙ වත්ත මායිමේ තියන්න මමත් මීක් නැතුව ගහේ හිටියා. ඔය අතර අතු කපන සද්දෙ අපිට හොදට ඇහුන ඒක ඇහෙන්න ඇහෙන්න බයක් නෑ හේතුව අයිතිකාරයො ඈත අතුකපනව කියන්නෙ ඒක නතර උනොත්නෙ උන් මෙහෙට එන්නෙ. අරුන් දෙන්නා ආයි ආවා මට තව රඹුටන් වලු දෙකක් කඩන්න උන්නෑ "රුවන් අයියෙ දුවපා..............න්...." ගාගෙන මා එක්ක ආපු එවුන් දෙන්න දෙපැත්තට දිවිවා රෝඩ්රනර්
    වගේ මම හිටියෙ අඩි 8ක් විතර උස ගහක පැන්න කෙලින්ම බිමට...
    අන්න එදා තමා මම දැනගත්තෙ හාට්ඇටෑක් කියන්නෙ මොකද්ද කියලා පැන්න පාර උසවැඩි කමට දනිස් දෙක ඇනුන පපුවෙ... හුස්ම හිරවෙලා රෝල් වෙලා ගියා වඟුර අයිනට තප්පර 10ක් විතර ඉදල නැගිට්ට මට පේනව අඩි 20ක් 30ක් ඈතින් දෙපැත්තෙන්ම සරම වලාපොට ගහන් පොරවත් අමෝරාගෙන ආලවක යක්ශයාවේෂයෙන් මා දෙසට හඹාඑන වම්පස උසමහත මිනිහෙකුත් දකුණුපස රාජ මහත්තයත් "හිටපන් තෝව මරන් කනව යකෝ පාහර හොර හැත්ත අම්...මා..ට්ටහු@$&&@%" ජීවිතාශාව ඇතිඋනා පිංවත...
    වමට දුවන්නත් බෑ. දකුනට දුවන්නත් බෑ. දෙපැත්තෙන්ම එනවා උඩට දිව්වොත් වත්තෙ ගේට්ටුව ගාව. නිකන්ම කොටු වෙනවා සෙනික තීරණයක් ගත්තා දෑත බදලා පැන්න වගුරට.....
    තනි වල උඩ තණකොළබිස්ස මට තේරුනා ඇලඩින්සහ පුදුමපහනෙ අහසින් යන පැදුර උඩ යන ගතියක්. දිව්ව එරි එරි මීටර් 20ක් විතර මම දන්නව ඒ මිනිස්සු ගිලිල මැරෙන්ඩ ඕකට පනින්නෑ කියලා. හැරිල බැලුවම පොරෝ අමෝරාගෙන අත් දික් කරකර උඩට කරකර සාප කරනො "අඩෝ....හ් හූ....හූ වරෙන් ඩෝ" මාත් හම්බුන අවස්ථාවෙ උපරිම ප්‍රයෝජනේ ගත්තා අනිත් පැත්ත හැරිලා ලන්කට් එකත් පාත් කරල පශ්චාත් භාගෙත් පෙන්නල හිනා වෙවී හූ කිය කිය දිගටම දිව්වා..... දැන් වගුර ඉවරයි මැදින් තියනව කිලෝමීටර් 2ක් විතර තනි කෙලින් දිග ගුරුපාර ඒකෙන් එහා පැත්තෙ ආයිවගුර මේ පාරෙ මිනිස්සු වැඩිය නොයන පාරක් මට ඒ සතුට වැඩි වෙලා සමරන්න උනේ නෑ යකෝ කලිසම....? ටීෂර්ට් එක...? සෙරෙප්පු...? ගෙදර යන්නෙ කොහො⁣මද තාත්ත මරයි හොරකමේ ගියා කියල දැනගත්තම.....
    දැන් කරගන්ඩ දෙයක් නෑ මමත් බකිනි ගස් හෙවනක අඩ නිරුවතින් ඉදන් ඉන්නවා අපි ආපු වෙල පැත්තට තව කිලෝමීටරයක් විතර යන්ඩෝන.. මගෙ හිතේ දැන් සැලසුම් කෝටියයි...කාගෙහරිවැලකින් රෙද්දක් උස්සනවා. නෑ එක්කො රෑ වෙනකම් වෙලේ හැංගිලා ඉන්නවා... ඔහොම හිත හිත ඉද්දි අව්රුදු 7ක විතර කොල්ලෙක් බයිසිකලේක ආව කඩේ යන්ඩ... අනේ මල්ලි කරදරයක් උනා කට්ටියක් ගහන්ඩ පැන්නුව මගෙ ඇදුනුත් අරගත්තා මාව පොඩ්ඩක් ලගට දාන්ඩ මං බැගෑපත් උනාම "මටනම් බෑ ඔයාව දාගෙන පදින්න.." "හරි හරි මං පදින්නම්" දැන් මං කොල්ලවත් දාගෙන ජොකා පිටින් පැදන් යනවා මට ඈත පේනවා වෙළමැද පාරෙ කව්දෝ හෙන ගෝනියකුත් කරේ තියන් යනවා ඇගිලි ටික කටේ දාල ගැහුව කන පැලෙන්ඩ විසිල් එකක් යන අයනතර උනා මම අර කොල්ලයි බයිසිකලෙයිදාල ඒ පැත්තට දිවිවා
    බොලේ සුධාරකයි චතුරයයි මම පස්වනක් ප්‍රීතියෙන් පිනාගියා...හතිදදා දුවල ගියා උන් දෙන්න ගාවට හත්දෙයියනේ මුන් දෙන්නා රඹුටන් උරෙත් අරන් දුවලා තියෙන්නෙ එහෙම්ම පඳුරක්යටට ගිහින් "චියෑස්" ගගා රඹුටන් කෑවෙ ටිකක් වෙලා යද්දි මට මතක් උනේ "යකෝ මගෙ කලිසම් කමිස සෙරෙප්පු..?" "ආ ඒව උරේ අඩියෙම ඇති" මට මුන් දෙන්න ඉඹින්න තරම් ආදරයක් ආවා දැන් ඉතිං මේ සේරම කන්ඩෙපෑ ඇදුම් ටික ගන්ඩ කාපන් පුතා..... විනාඩි 45ක් විතර උස්මුරුත්තා වෙනකම් රඹුටන් කාල තමා ඇදුම් ටික මතුකර ගත්තෙ ඇදුම් වල කහට පැල්ලම් අව්ලක් නෑ ලැබුනනෙ මඩනාපු ජොකා පිටින් ගල්වලකට බැහැලා නාලා හොදට ඇද පැලදගෙන මොකුත් කලේ නෑ වගේ ගෙදර ගියා....
    ඊලග ඉරිදා රාජ ටීච අපිට කතා කලා එයාලගෙ ගෙදර යන්ඩ රඹුටන් කන්න දහම්පාසලේ හොද ළමයිනෙ අපි.. ගියාම රාජ මහත්තය අපිට ගෙඩි 10 ගානෙ කඩලා දුන්නා හරිම සද්භාවයෙන් ඊලග ඉරිද තමා ටීච ඇවිත් මගෙ පලු ඇරියෙ "ඕයි රුවන් තමුසෙ කලින් දවසෙ ඇවිත් හොරෙන් කඩලා ඊට පහුවදා හොද ළමය වගේ ඇවිත් ඉල්ලගෙනත් කෑව නේ තමුසෙ ගියාම අපේ මහත්තය කිව්වෙ තමුසෙ තමා හොරා කියලා මටත්එක්ක ලැජ්ජයි ඕයි දහම්පාසල් යන ළමයි තමුසෙලා මාර බඩු තමයි"
    😂
    😂
    මම අහිංසක හිනාවක් දැම්මා
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    මාතෘකාව රඹුටන්....
    අපේ ගෙදර ඉදන් කිලෝමීටර් භාගයක් විතර යන්ඩෝන ඉස්කොලේට අපි යන්නෙ එන්නෙ පයින් ඒපාරෙ අයිනෙ කම්ඹිවැටක් ගහපු ලොකු ගෙදරක තියනවා පිටි නාරන් කියල නාරන් ජාතියක් පොඩි හීන් නාරන් වගේ හැබැයි කැඩුවම ඇතුලෙ පිටිවගේ ගතිය ගොඩක් තියන නිසා අපි දාපු නම තමා පිටි නාරන් ඔය වත්තටයන්ඩ බෑ වටේම කටුකම්ඹි ලොකු විසාල ගෙයක් ඒ මදිවට තඩි කළු බල්ලෙක්
    මා එක්ක අව්රුදු ගානම ඉස්කොලේ ගියේ සමිත් & ධනංජය මට වඩා අව්රුද්දක් බාලයි උන් දෙන්න තමා උදේම ඇවිත් මාව ඇහැරෝල මම දත්මදිනකම් අදිනකම් ලැට් යනකම් හැමදේම කරනකම් අපේ තාත්ත එක්ක එකතුවෙලා මට බැන බැන ඉන්නෙ හැමදාම පරක්කුවෙලා ඉස්කෝලෙට ගියේ එක්කො පරක්කු පෝලිමේ නැතිතම් පිටිපස්සෙ පාලු වත්තෙ තාප්පෙන් පැනලා
    මට පිටිනාරන් කන්ඩම ඕන කල්පනා කලා ක්‍රමයක් මග එනගමන් ගල් ටිකක් ඇහිදන් ඇවිත් ගැහුව ගහට කම්බිවැටේ ඉදන් මීටර් 5ක් විතර ඇතුලෙ තියෙන්නෙ ගෙඩි පහක් හයක් වැටුන බිම සමිත්ව දැම්මා ගේට්ටුව ගාවට කව්රුහරි ආවොත් ඔත්තු බලන්ඩ ධනංජය මට පිටිපස්සෙ හිටියෙ ගේපැත්තෙන් කව්රුහරි එනවද බලන්න මම දැන් කානුවට බැහැලා කොටුවකින් අර වැටිච්චි ගෙඩියක් මෙහාට මෙහාට ඇද ඇද ගන්නවා "ධනා බලපන් ඈ දන්නවනේ... අර තඩි කළු බල්ලා ඕක නැත්තම් මං පනිනවා බං වත්තටම රෙද්ද බලාන්කො උගෙ සයිස් එක මිනී කන හරක් පැටියෙක් වගෙ.... බලාන් ඉතිං උබලට නෑනෙ මට වගේ මෙහෙම මොළයක් පහල උනේ ගෙඩියක් හරි කන්ඩ පුළුවන්නෙ බං දැන් මේ ක්‍රමෙන් " කිය කියා
    මට එක පාරටම මහා පාලු මුස්පේන්තු හුදකලාවක් දැනුනා බිම බලන් හිටපු ඔළුව උස්සල බැලින්නම් අර අඩි පහක් විතර උස තඩි කළු බල්ලගෙ කර පටියෙන් අල්ලන් එක අතකින් අනිත් අත ඉනට තියාගෙන බුලිඩෝසරයක් තරම් තඩ ගෑනියෙක් ශෝටකුත් ගහන් මං දිහා බලන් ඉන්නව මේ අත පොවන සීමාවෙ රවාගෙන ..... මම අසරණ කමින් ධනා දිහා බැලුවා කෝ යකෝ මූ.....
    මට මීටර් 100ක් විතර ඈතින් පේනව චූටි තිත් දෙකක් වගේ ධනයි සමිතුයි තරඟෙට දුවනවා බෑගි දෙකත් පිටේ එල්ලන් තප්පර දෙකකින් වංගුවෙන් උන් දෙන්නා නොපෙනී ගියා
    😂
    😂
    එතකොට දැන් ගොඩ වෙලාවක ඉදන් මං තනියම කතා කරකරනෙ වැඩේ කරල තියෙන්නෙ...? ඔන්න අපේ යාළු ඔත්තුකාරයො..
    "මේ පොඩ්ඩමාමෑ කොල්ල නේද..? මොකද මනුස්සයො හොරෙන් කඩන්නෙ ඕව අපි කන්නෙත් නෑ ඉල්ලුවනම් නොදී ඉන්නවෑ ඉන්නව මං ගේට්ටුව අරින්නම් ඇවිත් කඩා ගන්නවා" කියපිකො ඒ ඇන්ටී
    ☺️
    මාත් ගියා බල්ලවත් අල්ලන් ඇන්ටි බලන් ඉද්දි මම ගහෙන් භාගයක් විතර කඩල බෑග් එක පුරෝ ගත්තා... මම යද්දි අරුන් දෙන්න වංගුවෙන් එබි එබී ගෑනු ඕප හොයනව වගේ බලනවා මං එනවද කියලා
    "කාලකන්නි කියලවත් දුවපන් යකෝ" "කියන්ඩ වෙලාවක් නෑ බං එකපාරට ආවෙ" "දෙන්නෑ තොපිට එක ගෙඩියක් කියල මං බෑග් එක ඇරලා පිටිනාරන් ටික පෙන්නුවා මුං දෙන්න "අඩේ අපිටත් දීපන් බං" " මොනා කරන්නද බය උනා බං අපිටත් දීපන්... හරි අපි මුලින් කරපුවට ගෙඩියක් හරි දීපන් යකෝ " කිය කියා ගෙදරට එනකම් පිංසෙන්ඩු උනත් මං එක ගෙඩියක්වත් දුන්නෑ "තොට බඩපල" කිව්ව නිසා එක ගෙඩියකට තූඃ තූඃ තූඃ ගාල කෙල ගහල පාගලා චප්ප කලා මිසක්....
    මාතෘකාව රඹුටන්
    😂
    😂
     
    • Like
    Reactions: Lahiru120 and HSW

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    අපේ කිට්ටුව වෙන ඉස්කෝලෙක හිටියා හෙන ඇම්බැට්ට ඩයල් එකක්..මුගේ කාඩ් එක "බෝම්බෙ".. මුගේ වැඩ නිසාම මුගේ පාසල් පැමිණීමේ දින ගානටම කිට්ටු ගාණක් අම්ම තාත්තත් ඉස්කෝලෙ ඇවිත් ඇති.. ඒ තරම් මිනිහා.
    ඉතිං මුගේ මරාල වැඩකට එක දවසක් ප්‍රින්සිපල් හොඳටම ගහලා ඔෆිස් එක ඉස්සරහ දණ ගස්සලා තියලා.. මූ ඉස්කෝලෙම නෝන්ඩි වෙලා.. ඔය සීන් එක ගැන අහන අහන යාළුවො ගුරුවරුන්ට පවා මූ කියනවලු ඊළඟ සතියේ ඉස්කෝලෙ තියන ස්පෝට් මීට් එක දවසට ඉස්කෝලෙට බෝම්බයක් ගහනවාමයි කියල.. කිවුවට කවුරුවත් ඒ ගැන එච්චර ගාණකට අරගෙන නෑ..
    කොහොමහරි ස්පෝට් මීට් එක දවසෙ කට්ටියම ආතල් එකේ ඉන්න වෙලාක ආරාධිත අමුත්තෝ ඉන්න ස්ටේජ් එක පිටිපස්සෙන් දඩබඩෝං ගාල මහ සද්දෙට පුපුරලා ඉඳපු ඔක්කොම අය අම්බානක බය උනාලු... හොයල බලද්දි තුන්හුලස් තුනහතරක් හඳුන්කූරක ගැට ගහලා ටයිම් බෝම්බයක් වගේ සෙට් කරලා තිබිලා..
    එහෙන් මෙහෙන් කටකතා හොයාගෙන යද්දි වැඩේ කරල තියෙන්නෙ අහවලා තමයි කියලා 100%ක් ම වගේ ශුවර් නිසා ප්‍රින්සිපල් මූව ඔෆිස් එකට ගෙන්නලා.. ප්‍රින්සිපල්ටත් මළ.පැනලා ඉඳලා තියෙන්නෙ පළාතෙ ප්‍රභූවරු ඉස්සරහා වෙච්ච් නෝන්ඩියට.. ප්‍රින්සිපල් මූට වේවැල් පාරවල් දෙකක් දීල ඇහුවලු "තමුසේ මේවගේ දෙයක් කරලා බලාපොරොත්තු උනේ මොනවද" කියල .. මූ ගත් කටටම කිවුවලු "සද්දෙ තමයි සර්" කියල ....






    ඇරීම...
    විකුම්, ලඟ ඇති රෙස්ටුරන්ට් එකට ගොඩ උනේ එදා දවසේ මහන්සිය යන්නට පොඩි එකක් සප්පායම් වෙන්න ය. විකුම් කෙලින්ම ගියේ එහි බාර් එක තිබෙන තැනටය. බාර් එක පිටුපස බීම බෙදමින් සිටි තැබෑරැම්කරුට ඔහු මෙසේ පැවසීය
    විකුම්: "බියර් එකක් කීයද?"
    තැබෑරැම්කරු: "රුපියල් 2යි"
    විකුම්: "මොනවා කිව්වා! එතකොට රෝස්ට් කුකුලෙක් කීයද?"
    තැබෑරැම්කරු: "රුපියල් 3යි"
    විකුම්: "පුදුම ලාබයි නේ. පරණ ඒවා නෙමේ නේ?"
    තැබෑරැම්කරු: "නෑ අද හදපුවා. කාලම බලන්නකෝ"
    විකුම්: "එහෙනං මට බියර් දෙකකුයි රෝස්ට් කුකුලෙකුයි දෙන්නකෝ"
    කොහොමෙන් කොහොමෙන් හරි සප්පායම් වෙච්ච විකුම්, ආයෙත් බාර් එක ලඟට ගියා.
    විකුම්: "මට මේ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා හම්බවෙන්න පුලුවන්ද? මට ඔහුට ස්තූතියි කරන්න ඕනේ දන්සැලක් වගේ මේ කරන වැඩේට"
    තැබෑරැම්කරු: "දැන් නං හම්බවෙන්න බෑ. ඌ මගේ නෝනත් එක්ක උඩ කාමරේ"
    විකුම්: "ඔයාගේ නෝනත් එක්ක අයිතිකාරයා මක් කරනවද උඩට වෙලා?"
    තැබෑරැම්කරු: "මම උගේ බිස්නස් එකට මේ කරන දේම තමයි ඌ මගේ නෝනට කරන්නේ"
    -ද ඩ්‍රන්කන් ලංකන්






    මැරයා...
    මේක උනේ මං පුංචිම කාලේදී..
    අපි හැමෝටම පුංචි කාලේ ලොකු හීන තිබ්බා ලොකු උනහම වෙන්න ආස මොන වගේ කෙනෙක්ද කියන එක.
    ඉස්කෝලේ 4 පංතියේ වගේ ඉන්නකොට ටීචර් පංතියේ ලමයින්ගෙන් ඇහුවා ලොකු උනහම කවුරු වෙන්නද කැමති කියලා,
    සමහරු කිව්වා ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමති කියලා තවත් අය ටීචර්ලා, ලෝයර්ස්ලා, ආර්මී ඔෆීසර්ලා. තව තව දේවල් කිව්වා මගෙන් ටීචර් ඇහුවම මං කිව්වේ ලොකු උනහම මට " මැරයෙක් " වෙන්න ඕනේ කියලා ටීචර් විතරක් නෙමෙයි මුලු පංතියේම ලමයි ඒකට හිනා උනා. හැබැයි මං ඒක කිව්වේ සිරාවටම තමයි මට ඕන උනේ මැරයෙක් වෙන්න හැබැයි මිනී මරණ එකෙක් නෙමෙයි ඔය ඉස්සර හින්දී ෆිල්ම්ස් වල ඉන්න අනුන්ට උදව් කරන,පොසත් අයගෙන් සල්ලි අරන් දුප්පත් අයට දෙන අසාධාරණයට එරෙහිව සටන් කරන හොද මැරයෝ අන්න ඒ වගේ එකෙක් වෙන්න.
    ඊට පහුවෙනිදාම මම වැඩ පටන් ගත්තා, මගේම කියලා සෙට් එකක් මං හදා ගත්‍තා සෙට් එකේ හිටියේ මාත් එක්ක 3දෙනයි .තඩියා අනිකා කොටා ,මාම.
    මම ලොක්කා තඩියගේ ඇගට වඩා මොලේ වැඩ කලේ අඩුවෙන් ඒ නිසා ඌව බර වැඩවලට හදිස්සි ආපදා වලට තමයි බදවගත්තේ.
    මැරයෙක් උනහම මොනවා හරි මැර වැඩක් කරන්න ඔනෙනේ එත් අපිට කරන්න එහෙම වැඩක් තිබ්බෙත් නැහැ අපේ පංතියේ හිටියා එක කෙල්ලෙක් ඒ කෙල්ලගෙ තාත්‍තා වැඩ කලේ පොලිස්සියේ. තාත්තා පොලිස්සියේ නිසා මේ කෙල්ල පංතියේ හැමෝම බය කරගෙන හිටියේ.එකිට ඔන දෙයක් කරගන්න හරි කාලග හරි තියන දෙයක් ගන්න හරි ඕන උනහම තාත්තාගේ පොලිස් බල තල පාවිච්චි කරලා අපේ තාත්තා ඉන්නේ පොලිස්සියේ මං තාත්තට කියනවා කිව්වම අපි උනත් බයට මේ කෙල්ලට මුල් තැන දෙනවා එත් ඒ හිත හොදකින්නම් නෙමෙයි දත් මිටී කාගෙන පොලිස්සියේ ඉන්න තාත්තට කියලා අපිව හිරේ දායි කියලා තියන බයට
    අපේ මුල්ම ගේම් එක උනේ මේ කෙල්ලට මතක හිටින පාඩමක් කියලා දෙන්න. පැලෑන් එක ගැහුවේ මමයි කොටයි කොටා කිව්වට උ ඒ වෙද්දිත් මට වඩා උසද කොහෙද ඒ උනාට මැරයෙක් උනහම තියෙන්න ඕනේ ඒ වගේ නම් නිසා උට ඒ නම දැම්මේ තඩියනම් දැන් කෙට්ටු උනාට ඒ දවස් වල මහතයි මට මතක විදියට.
    පැලෑන් එක උනේ මේකයි අපේ පරම හතුරා උන ඒ කෙල්ල නැත්නම් නමින් චතුරිකාගේ කෑම පෙට්ටිය හොරකම් කරලා කන එක.ඔත්තු බැලුවේ කොටා කෑම පෙට්ටිය බෑග් එකේ තියන තැන එහෙම දවස් 2ක් කුරුමානම් අල්ලලා අපේ පලවෙනි මැර වැඩේ කරන දවස උදා උනා. ඒ ජනවාරි මාසේ ස්පොර්ට් මීට් තියන දවස් උදේ වරුවේ හැමෝම හිටියේ පිට්ටනියේ අපිව ඔය මොන තරගයකටවත් ගත්තේ නෑ අපිව ගත්තේ සරඹ වලට විතරයි අපි පොඩි නිසා.
    කොහොම හරි එදා චතුරිකා පංතියේ ඉදන් පිට්ටනියට ආවට පස්සේ අපි 3දෙනා දුවලා පංතියට ගියේ චතුරිකාගේ කෑම පෙට්ටියට වැඩේ දෙන්න අපි පංතියට යද්දිත් ලමයි 3,4 දෙනෙක් පංතියෙන් හිටියා අපිට ඒක වැඩි ගානක් තිබ්බේ නැහැ අවදානය තිබ්බේ අපේ වැඩේට විතරක් නිසා
    කොහොම හරි පෙට්ටියෙන් කෑම ටික අරගෙන චතුරිකාගේ මේස උඩම තියාගෙන කාලා චතුරිකාටත් එක පාන් පෙත්තක් ඉතුරු කරලා ආයේ කෑම පෙට්ටිය බෑග් එකට දැම්මේ අර ලමයි 3,4 දෙනා බලන් ඉන්න කොටමයි. අපේ පලවෙනි මැර වැඩේ සාර්ථක උනා කියන සතුට තිබ්බේ ඉන්ට්‍ර්වල් එක වෙනකම් විතරයි. චතුරිකා කෑම පෙට්ටිය ඇරල බලන්නත් කලින් අර බලන් හිටිය ලමයින්ගෙන් එකෙක් චතුරිකාට අපි කෑම කෑවා කියලා කියලා තිබ්බා.
    චතුරිකා මාර්ගයෙන් පංතියේ ටීචරුත් මේක දැනගත්තා. ඊට පස්සේ අපි 3 දෙනාට තිබ්බේ උසාවී නගින්න පැමිණිලි කාරිය උනේ චතුරිකා, විත්තිකරුවන් අපි 3 දෙනා නඩුව ඇහුවේ ටීචර්. මුලින්ම ටීචර් චතුරිකාගෙ කෑම කෑවද කියලා ඇහුවේ මගෙන් මම නැහැ කිව්වා කොටත් නැහැ කිව්වා තඩියත් නැහැ කිව්වා. ඊට පස්සෙ තඩියට ටීචර් දුන්නේ එක වේවැල් පාරයි මූ ගිරවෙක් වගේ අපේ මැර වැඩේ ගැන අග ඉදන් මුලට කියාගෙන ගියේ හුස්මවත් අල්ලන්නේ නැතුව.
    අවසානයේ අපි 3 දෙනා වැරදි කරුවන් උනා වෙවැල් පාරවල් 2 බැගිනුත් හම්බුනා. සතියක් යනකම් චතුරිකාටත් එක්ක කෑම ගෙන්න මට නියම උනා එහෙම ගෙනාවේ නැත්නම් ටීචර් මගේ කණ පලනවා කිව්වා....
    එදයින් පස්සේ මගේ මැර ජීවිතෙත් අවසන් උනා නැත්නම් මේ වෙද්දි මාත් හොද මැරයෙක් තමයි..









    මගේ මස්සිනාට කොල්ලා කාලෙ වුන දෙයක් කිය්න්නම් අපේ ගමේ උන්නා ගමරාල කෙනෙක්..
    නම........හොඳට යහමින් පොල් ඉඩම් කුඹුරුපිටි ආදායම් තියන කෙනෙක් මේ ගමරාල තුමාගේ පුරුද්දක් හවසට ගම සීමාවේ තියන ඔයට නාන්න යාම, කෝපි කඩේටගොස් කෝපි එකක් බී අල්ලාප සල්ලාප රසකතා යනාදියට සභාගිවී. සුරුට්ටුවක් දල්වාගෙන පාපැදියෙන් ගෙදර එන එක. ඒ කාලෙ වාහන නෑ ,පා පැදිය තමයි වාහනේ.ඔහොම ඉන්න කොට ගමරාලගෙ එක ඉඩමක මුරකාරය මැරුණා. ගමරාලගෙ කරුණාව නිසා මුර උන්නැහැගෙ පවුලට ඒ ගෙදරම පදිංචිවී ඉදගෙන වත්ත බලාගැනීම පැවරුවා. පඩියකුත් දුන්නා. ඔහොම කාලයක් යනකොට ගමරාල ඔයට යනවා ,නානවා කෝපි කඩේටත් යනවා අල්ලාප සල්ලාප නෑ, දාම් ඇදීම නෑ, රසකතා කියන්නෙත් නෑ, අහන්නෙත් නෑ. යන්න යනවා . දැන් මෙයා කලු සුරුට්ටුවක් බොන්නෙත් නෑ රෑට කාලම බොනවා කියා ඉනේ ගහගෙන යනවා.
    මේ යන්නේ අඳුර වැටීගෙන එනකොට අර ඉඩමට මුරගෙදරට, මොනවටද මන්දා. ආපසු එන්නේ පැයකට විතර පස්සේ. මගේ මස්සිනාගේ යාලුවෙක් අපේ එකාට රහසක් කියලා ඒ මුර ගේ ඇතුලෙ සිද්ධ වෙන දේ බලා ඉන්න යාලුවා පුරුදුවෙලා. පෙන්නන්න මස්සිනාටත් එන්න කියලා. දැන් දෙන්නා කලින්ම ගොස්, පඳුරක් අස්සෙ හැංගෙනවා, බිං කලුවර ටික ටික මෝදු වෙද්දි ගමරාල එනවා බයිසිකලය කැලෑවෙ හංගනවා. අමුඩයත් ගලෝලා ලැගේජ් එකේ ගහලා වට පිට බලලා හෙමින් ගෙට යනවා ,දොරත් වැහෙනවා
    මට මුලින් කියන්න බැරි වුනා මේක වියපු පොල් අතු පැලලි වලින් බිත්ති සැදූ ගෙයක්. දැන් මස්සිනාගෙ යාලුවා පැලැල්ල අයිනේ මුනින් අතට නවා තිබුනු වංගෙඩියකට නගිනවා පැලැල්ල ට උඩින් බලා ඉන්නවා . මස්සිනා එක්ක ආවට මූ වංගෙඩිය ඉඩ දෙන්නේ නෑ. තට්ටුවක් දෙකක් දැම්මා මූ මුසපත්වෙලාවගේ ලොවම අමතකවෙලා. මස්සිනාටත් ඉන්නම බැරුව ඌත් නැග්ගලු අර වංගෙඩියට ලාමපුවක් දැක්කලු ගමරාලගෙ සරම පුටුවක් උඩ තියනව දැක්කලු. එතකොටම සමබරතාව නැතිව ගිහින් වංගෙඩිය පෙරලිලා මුන්දෙන්නා පැලැල්ලත් කඩාගෙන අර ඇඳ උඩටම වැටිච්චි. ඇඟ පුරාම පොල් ඉරටු ඇනිලා ඒ මදිවට ගමරාල එකපැත්තකට දුවනවලු, මුන් දෙන්නා තව දිසාවකට දුවනවලු මුරගෑණි හොරුපැන්නෝ කියා කෑ ගහනවලු. අවසානෙ අප්පච්චිට මේක ආරංචි වෙලා වේවැලක් කැඩෙනකම් ගුටි කෑවලු.
     
    • Like
    Reactions: Lahiru120 and HSW

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    634
    499
    63
    මා වෛදය විදයාව පිලිබද ලියා ඇති පොතපත සහ සගරා කියවීමට දැඩි අකමැත්තක් දක්වන්නෙකි. එයට හේතුව මෙසේය..
    දිනක් මා නිවාඩුවක් ලබා ගැනීම සදහා වෛදය සහතිකයක් ගැනීමට මාගේ නිවස අසල පිහිටි වෛදය ශාලාවකට පිවිසිය. එහි සිටි පෝලිම අඩුවන තුරු මා එහි තිබූ සගරාවක් අතට ගත්තෙමි. එහි තිබුනේ ලොව ඇති විවිධ ආකාරයේ රෝග සහ වසංගත පිලිබදවය.
    මා එහි තිබූ රෝග අධ්‍යයනය කිරීමට පටන් ගත්තේය. මම මුලින්ම කඩා වැටුණේ විසිවන සියවසේ - බිය උපදවන, විනාශකාරී වසංගතයක් වන Covid 19 වෙතටයි. එහි පූර්ව රෝග ලක්ෂණ ලැයිස්තුවෙන් අඩක් බැලීමට පෙර, එය මට තරමක් දුරට වැලදී ඇති බව සනාත විය.
    වෙනත් වසංගත රෝග තත්වයක් මා හට වැලදී ඇද්දයි මා පිටු පෙරලා බැලුවත් වෙනත් කිසිදු වසංගත රෝග තත්වයක් මා හට නොතිබුනි. බලාපොරොත්තු සුන්වීම තුළ, මම නැවතත් පිටු පෙරළා, ටයිෆොයිඩ් උණ කොටසට පැමිණ රෝග ලක්ෂණ කියවීමට පටන් ගත්තෙමි. අරුමයකි! මට ටයිපොයිඩ් උණ වැළඳී ඇත. මා නොදැනුවත්ව එය මාස ගණනක්, මාගේ ශරීරය තුල තිබී ඇත.
    තව දුරටත් සගරාව කියවීමේදී ලොව දුර්ලබම රෝගයක් වන මයික්රොප්සියා රෝගයද මා සතුව ඇති බව සොයා ගන්නා ලදී.
    ඒත් සමගම මා සතුව ඇති වෙනත් රෝග මොනවාදැයි දැනගැනීමට උනන්දුවක් පහල වූ අතර, ඒ නිසා මා, සගරාවේ ඇති රෝග අකාරාදී ලෙස කියවීමට ආරම්භ කලෙමි.
    වයස්ගත පුද්ගලයින් හට සෑදෙන හතලිස් ඇදිරිය මා හට වයස අවුරුදු 14 පටන් තිබූ බවත්, එහි උග්‍ර අවධිය තවත් දෙසතියකින් ආරම්භ වන බවත් මා හට අවබෝධ විය.
    බ්රොන්කයිටීස් රෝගයද මා සතුව ඇති බව සොයා ගැනීමට ලැබීම සහනයක් විය, එය මා සතුව තිබුණේ නවීකරණය කරන ලද ස්වරූපයකින් පමණි. ඒ සම්බන්ධයෙන් ගත් කල, මා හට තවත් අවුරුදු ගණනාවක් ජීවත් විය හැකිය. මට කොලරාව දරුණු ලෙස වැලදී ඇති බවත් මා ඩිප්තෙරියා රෝගය උපතේ සිට රැගෙන ආ බවත් පෙනෙන්නට තිබුණි. රක්තවාතය සම්බන්ධයෙන් ගත් විට, එහි අතිශය මාරාන්තික අවධියේ මා සිටිනා බවත්, මා කුඩා කල සිට සිරෝසිස් සමඟ මම පීඩා විද ඇති බවද අවබෝධ විය.
    මම ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි හය හරහා, හෘද සාක්ෂියට එකඟව කතා කරන කල්හි මට වැලදී නොමැති එකම ව්‍යාධිය ගෘහ සේවිකාවන් හට වැලදෙන දණහිස ඉදිමීමේ රෝගය පමණි. මුලදී මට මේ ගැන තරහක් දැනුනි. ඇයි මා හට ගෘහ සේවිකාවගේ දණහිස ඉදිමීමේ රෝගය වැලදුනේ නැත්තේ? මෙලෙස වෙනස්කම් සිදුවීම සාධාරණ නොමැති බව මා හට හැගුනි.
    කෙසේ වෙතත් ටික මොහොතකට පසු, එම දුක්බර හැඟීම් අඩු විය. අනෙක් සෑම රෝගයක්ම මා සතුව ඇති බවත් සිතා, මම ආත්මාර්ථකාමී බව අඩු කර ගැනීමට අධිෂ්ටාන කර ගතිමි. සිරෝසිස් වලින් පසු තවත් රෝග කිසිවක් නොතිබූ නිසා, මම නව නිගමනයකට එලබුනෙමි.
    වෛදය විදයාවට හට මා ඉතා වටිනා ජීවියෙකි. වෛදය සිසුන් හට රෝහල්වල ඇවිද ලෙඩ රෝග පිලිබද නිර්නය කල යුතු නැත. මා වටා දෙවරක් ඇවිද්දානම් ඔවුන්ට වෛදය උපාධිය ලබා ගැනීමට හැකි වනු ඇත.
    ඉන්පසුව මා හට මේ රෝග සමග කොපමණ කාලයක් ජීවත් විය හැකිදැයි කියා, මා ගැනම පරීක්ෂා කර බැලීමට උත්සාහ කළෙමි.
    මාගේ හදවතේ ස්පන්දනය පරීක්ෂා කිරීමේදී, මුලින් කිසිම ස්පන්දනයක් නොමැති බව දැනෙන්නට විය. නමුත් හදිසියේම එය ස්පන්දනය වීමට පටන් ගත්තෙමි. මම මගේ ඔරලෝසුව එළියට ගෙන එය කාලානුරූපව තැබුවෙමි. එය මිනිත්තුවට ස්පන්දන එකසිය හතළිස් හතක් බවට පත්ව තිබුනි. මම නැවතත් මගේ හදවතේ ස්පන්ධනය බැලීමට උත්සාහ කළෙමි. එවිට හදවතේ ස්පන්ධනය දැනෙන්නේ නැති විය. එය ස්පන්ධනය වීම නතර කර තිබුණි.
    මම මාගේ ඉණ පටන් හිස දක්වා, සෙමෙන් තද කල බැලුවෙමි. නමුත් මට කිසිවක් දැනෙන්නට නොහැකි විය. මා මාගේ දිව දෙස බැලීමට, එය වෙන කවරදාකටත් වඩා දිගු කර, එක ඇසක් වසා පරීක්ෂා කිරීමට උත්සාහ කළත් මා හට පෙනුනේ දිවෙහි අග කොටස පමණි. කෙසේ නමුත් දිවේ වර්ණයට අනූව මා හට කහ උණ වැළඳී ඇති බවද මා හට වැටහුණි.
    මා මෙම ස්ථානයට පැමිණියේ සතුටින්, නීරෝගී පුද්ගලයෙකු ලෙසින් නිවාඩුවක් ලබා ගැනීම සදහා වෛදය සහතිකයක් ගැනීමටය. නමුත් දැන් මා අවසන් දින ගණන ගෙවනා රෝගියෙකු වී අවසන්ය.
    මාගේ වාරය පැමිණ මා දොස්තර වෙත ගිය පසු, මා විගසින් පැවසූයේ, මට ඔබගේ කාලය නාස්ති කිරීමට අවශය නැත. ගෘහ සේවිකාවන් හට වැලදෙන දණහිස ඉදිමීමේ රෝගය හැර ඉතුරු සියලු රෝග මා හට ඇත. කියාය.
    දොස්තර මහතා මදක් මා දිහා බලා හිද රිසිට් පතක් ලියා දුනිමි. වියදම අධික විය හැකි නිසා මා එය දිග හැර බැලුවෙමි. " නොදන්නා දේවල් කියවීමට නොයන්න " ලෙස එහි සටහන්ව තිබුනි.
    එදන් පටන් මා වෛදය විදයාව පිලිබද ලියා ඇති පොතපත කියවීමට අකමැත්තක් දක්වන්නෙමි..
    පරිවර්ථනයකි..
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    881
    1,425
    93
    // ශ්‍රී ලාංකිකයා පැවසුවේ “මම කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක්. සුළු රෝගයකදී, අපි රෝගීන් ව්යාධි හඳුනා ගැනීමට, ECO, ECG, TMT, CT ස්කෑන්, එක්ස් කිරණ, MRI යනාදිය සඳහා ලබා ගන්නවා. // :yes::yes::yes::yes: