Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි ගිලින බහිරවයා..

එදා රජයේ නිවාඩු දිනයකි.

හිතවත් ගුරු මහතෙකු පැමිණ අම්මා සහ තාත්තා සමඟ බර කතාවකය.

මට මහා කම්මැලිකමක් දැනිණි.

කාමරයට ගිය මම අම්මාගේ මේසය ඇවිස්සුවෙමි.

රුපියලේ කාසියක් මට හමුවිය.

එය කටේ දමාගෙන අැඳෙහි දිගාවී මිහිර පත්තරය බලන්නට වූයෙමි.

රුපියල හපන විට අමුතුම රසයක් දැනෙයි.( සමහර විට පාවිච්චි කළ මිනිසුන්ගේ දාඩිය වගේ අනම් මනම් එහෙම ගෑවිලා නිසා වෙන්නට ඇත.)

මෙසේ ටික වේලාවක් සිටින විට නිදිමතක් දැනෙන්නට විය.

අනෙක් පැත්තට හැරී නිදා ගන්නට සිතනවාත් සමඟම කටේ තිබූ රුපියල ' ජුග් ' ගා ගිලෙන්නට විය.

දැන් මට මහ දවල් තරු පෙනෙයි.

රුපියල උගුරේ හිරවෙලාය.

මම ගේ ඉදිරිපිටට ගොස් "ග්ලක්..බ්ලක්.."ගා අතින් හා පයින් සිදුවූ අකරතැබ්බය දෙමව්පියන්ට දැන්වූයෙමි.

සිදුවී ඇති දේ බොහෝ අමාරුවෙන් තේරුම් ගත් තාත්තා මා මිදුලට කැඳවාගෙන ගොස් කට අරවා

මගේ උගුර පරීක්ෂා කර බලා " අර තියෙන්නේ රුපියලක් ....!" කියා කීවේය.

ඔහු අසීරුවෙන් ඇඟිලි දමා එය ගන්නට තැත් කළද, ඇඟිල්ල කිට්ටු වෙනවාත් සමඟම කාසිය මගේ උගුරෙන් අන්නශ්‍රෝතයට රිංගා අතුරුදහන් විය.

රුපියලක් වැනි විශාල කාසියක් ගිළුණ විට කුමක් වේදැයි අවබෝධයක් තාත්තාට හෝ එතැන සිටි වෙනත් වැඩිහිටියන්ට තිබුණේ නැත.

සැවොම පැවසුවේ ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන ලෙසය.

පැයක් තුළ තාත්තා මා කැටුව වදාකඩ ආණ්ඩුවෙ ඩිස්පැන්සරියට ගියේය.

මා ගියේ දොස්තර මගේ බඩ කපා රුපියල ගනිතැයි මර බියෙනි.

ඉස්කෝලෙට කොකු පණු බෙහෙත් දෙන්නට එන බැවින් දොස්තර තාත්තාගේ හිතවතෙකි.

මා කාසිය ගිල්ල කතාව ඇසූ ඔහු මදක් කල්පනාකාරී විය.

" මෙයාට රුපියලක් ගිලුන කියල විශ්වාස කරන්නත් අමාරුයි... සමහර ළමයි සල්ලි හොරකම් කරල බොරුවට ගිලුන කියනව... මෙයා බොරු එහෙම කියන්නේ නෑ නේද ...? එහෙම වුණොත් බඩ කපලා අපරාදෙ ...." දොස්තර තාත්තා දෙස බලා කීවේය.

මට දැන් සිදුව ඇත්තේ වඳින්නට ආ දේවාලය හිස මතට පතබෑ වුණා වගේ වැඩකි.

" නෑ නෑ.. දොස්තර මහත්තයා .. මෙයාගෙ උගුරෙ රුපියල තියනවා මං දැක්කා ..." තාත්තා කීවේය.

"නෑ මං හිතුවෙ මෙයා අතින් රුපියල නැති වුණාවත්ද කියල... බඩ වැලේ නැම්මක හිර වුණොත් තමයි වැඩේ.. එහෙම නැත්නම් දවස් දෙකක් ඇතුලත එයි... බෙලි,කෙසෙල් වැඩිපුර කන්න දෙන්න.. මළ පරීක්ෂා කරල බලන්න, කාසිය ආවද කියල.. එහෙම නොආවොත් කුරුණෑගල ගිහින් එක්ස්රේ කරන්න වෙනවා..." දොස්තර කීවේය.

එදා අප ගෙදර ගියේ බෙලි හා කෙසෙල් මල්ලක්ම රැගෙනය.

ගිය වෙලාවේ සිට ඒවා කන්නට මට නියම කෙරිණි .

හොඳම රැග් එක ආරම්භ වූයේ පසුදා උදේ සිටය. මට වැසිකිළිය තුළට යාම තහනම් කෙරිණි.

ඒ වැඩේ කළ යුත්තේ එළිමහනේ තාත්තාගේ පූර්ණ අධීක්ෂණය යටතේය.

කොහොමින් හරි මේ කතාව ඉස්කෝලේටද ආරංචි විය.

තාත්තා හා අම්මාම කියන්නට ඇත.

දකින දකින අය මට 'සල්ලි ගිළින බහිරවයා' කියා කියන්නට විය.

එවිට මට මතක් වන්නේ අර සමහර පන්සල්වල පිං කැටයට තිබෙන ඇරගත් කට උඩට හරවාගත් ලොකු බඩක් ඇති බහිරව රූපයකි.

දෙදිනක් ගත විය.

රුපියල තවමත් නැත.

දැන් නම් ඉතින් කුරුණෑගල මහ රෝහලට ගොස් එක්ස්රේ ගෙන බඩ පලන්නට සිදුවනු ඇත.

කුරුණෑගල යන්නට නියමිත දින මූණ කට සෝදා අවසානයේ තාත්තාගේ අධීක්ෂණය යටතේ වැසිකිළිය පිටුපසට ගියෙමි.

වෙනදා මෙන් වැඩි වෙහෙසක් නැතිවම කටයුත්ත සිද්ධ විය.

බෙලි හා කෙසෙල් එයට උපකාර වන්නට ඇත.

මගේ සිත ගත දෙකම බියෙන් වෙලී යන්නට විය.

දැන් නම් එක්ස් රේ ගෙන බඩ පලන්නට සිද්ධ වෙනවා නියතය.

ඉතා පරීක්ෂාවෙන් අර මහා පත කක්කා ගොඩදෙස බලන තාත්තාගේ දෙතොළග සිනහ ඉරක් ඇඳෙනු මට දක්නට ලැබිණි.

මමද ඒ දෙස බැලුවෙමි..

මම නොබියව කියමි.

එතෙක් මෙතෙක් මා දැක ඇති වාසනාවන්තම, ලස්සනම, ප්‍රිය ජනකම මෙන්ම වටිනාම කක්කා ගොඩ එය විය.

දින දෙකක් පුරා කොහේදෝ ආතක් පාතක් නැතිව, මහා ඝන අන්ධකාරයේ, මගේ ආහාර ජීර්ණ පද්ධතිය සිසාරා, අධික වෙහෙසකර ගමනක යෙදුන රුපියලේ කාසි රාජයානෝ ඒ මහත්වූ කක්කා ගොඩ මත, බොහෝ ආඩම්බරයෙන් බැබලෙමින් වැඩ සිටියෝය.

© දයානාත් ධර්මසේන

පුංචි පවුල රත්තරන්....

අපේ අම්මගෙයි, තාත්තගෙයි එකම දරුවා මං ..

ගුරු යුවලකගෙ එකම දරුවා වීම වාසනාවක් කියල ඒ කාලෙ සමහරු මට කියල තියෙනවා ..

ඒ ඇයි කියල මට එදා තේරුනෙත් නෑ අද තේරෙන්නෙත් නෑ..

සහෝදර සහෝදරියන් රොත්තක් හිටියනම් කොච්චර හොඳද ..? අම්මා, තාත්තා මිය යනතුරු බලා ගත්තෙ මං තනියම.. අත්තා අත්තම්මා බලාගන්න අතට පයට දෙන්න ගානෙ දූ දරුවන් හිටියා.

ඒ කාලෙ අම්මයි තාත්තයි, මාත් එක්ක දේවාල පන්සල් ගානෙ නිතර නිතර ගිහින් තියෙනවා. අළුත්නුවර.. බෙල්ලන්විල .. අනුරාධපුර .. මහනුවර ..කතරගම .. ඔය හැම තැනම ගිහින් භාර හාර උනේ තවත් දරු පැටියෙක් බලාපොරොත්තුව බව පස්සෙ කාලෙ තමයි මට තේරුම් ගියේ..

ඒ කාලෙ අපි ළමයි උපදින්නෙ මොන විදිහෙ ක්රියාවලියකින්ද කියල දැනගෙන හිටියෙ නෑ.. අම්මලට ළමයි හම්බවෙනව කියල විතරයි දැනගෙන හිටියෙ.

අකුරු කියවන්න ඉගෙන ගත්ත මුල් කාලෙ නිසා පත්තර වල, සගරා වල තියෙන ඕනෑ දේයි එපා දේයි ඔක්කොම කියවනවා..

ඒ කාලෙ අපේ ගෙදර පරණ ශ්‍රී සගරා ගොඩක් තිබුණා .. ඒක කාන්තාවන් ඉලක්ක කරගෙන නිකුත් කළ සගරාවක්... ඒකෙ පිටුවක් පුරා මේ විදිහෙ දැන්වීම් තිබුණා ..

උඩින්ම තඩි අකුරෙන්

" ඔසප්.......!..ඔසප්......!..ඔසප්......!" කියල තිබුණා .

ඊට යටින් ඔබගේ ඔසප් කොපමණ පමා වුවත් එවේලේම ප්‍රතිඵල ..

කියල ලියල ඊටත් යටින් තව විස්තර තිබුණා...

මේ බෙහෙතක් ගැනයි කියල තියෙන්නේ ..

" අම්මේ ... මොකක්ද මේ ඔසප් කියන්නෙ කියල මං අම්මගෙන් ඇහුවා ..." ( දැන් නම් විළි ලැජ්ජා හතයි..කියල හිතෙනවා ..)

" ආ ඒ පුතේ මිනිසුන්ට හැදෙන ලෙඩක්... ඔය ඒකට තියෙන බේතක් ගැන දැන්වීමක්නෙ..." කියල අම්මා ගාණක් ගන් නැතුව කීවා..

එදා හවස කොල්ලො කුරුට්ටෝ එක්ක සෙල්ලම් කරද්දී සමහර වෙලාවට ඔය දැන්වීම මතක් වෙනවා. එතකොට මං හයියෙන් " ඔසප්... ඔසප්... ඔසප්.." කියල කියනවා..

කොල්ලො " ඒ මොකක්ද ...? කියල ඇහුවොත් "ඒක ලෙඩක්..." කියල කියනවා. කවුරුවත් මොකුත් කීවෙ නෑ..

එතකොට මං ඉස්කෝලේ තුනේ..

අපේ පංති භාරව හිටියෙ පෙරේරා කියල වයසක ටීචර් කෙනෙක් .

මං පහුවදා ඉස්කෝලෙට ගිහින් නිකං ඉන්න වෙලාවට දැන්වීම මතක් වෙනකොට "ඔසප්.. ඔසප්.. ඔසප්.." කියල කෑ ගහනවා ..

කොල්ලන්ට කෙල්ලන්ට ගාණක් නෑ..අපි පොඩි එවුන්නෙ.

ඔන්න තවත් පාරක් මං "ඔසප්... ඔසප්... ඔසප්.." කියල කිව්වා විතරයි ඔලුවට " පටෝර්..." ගාල තද ටොක්කක් වැදුනා...

බැලින්නම් පෙරේරා ටීචර් හෙමිහිට පිටිපස්සෙන් ඇවිත් ..

" මොනවාද ඔය කියන්නෙ ...? කාඩ කොල්ලො වගේ.. කවුද ඕවා කියල දුන්නෙ ..? " කියල ටීචර් ඇහුවා .

" අම්මා ....කියල දුන්නෙ ...."

" මොනවා ....! එන්න යන්න අහන්න," කියල ටීචර් මගෙ අතින් ඇදගෙන අම්මා උගන්වන පංතියට ගියා ..

මාව එළියෙන් තියල අම්මා ගාවට ගිය පෙරේරා ටීචර් මොනවද සුටු පුටු ගෑවා.. අම්මා අහගෙන ඉදල හිනාවීගෙන මා ළගට ආවා.

"පුතේ සමහර වචන තියෙනවානෙ හැම තැනදිම කියන්න හොඳ නෑනෙ... ඒක ලොකු අයට හැදෙන ලෙඩක් නිසා ආයෙ ඒ වචනෙ කියන්න එපා..."

අම්මා කීවා ..මං ඔළුව වනල ඒක පිලිගත්තා.

"ඒක තමයි ඔය ලොකු පොත් වල නරක දේවල් තියෙනවා ..." පෙරේරා ටීචර් කීවා.

ඒක එතනින් ඉවරයි .. ආයෙ මං කවදාවත් ඒ වචනෙ කීවෙ නෑ.. කවුරුවත් ඒ ගැන මගෙන් ඇහුවෙත් නෑ..

ඒ වුණාට ඊට වඩා දෙයක් වුණා තාත්තාත් එක්ක වදාකඩ ඩිස්පෙන්සරියට බෙහෙත් ගන්න ගිය වෙලාවක...

මේ එක්දාස් නවසිය හැත්තෑ ගනන් වල මුල් කාලෙ .

ඉස්පිරිතාලවල , ඩිස්පෙන්සරි වල ලොකු ලොකු පෝස්ටර් ගහල තිබුණා ..තව පත්තර වල දැන්වීම් තිබුණා...

අම්මෙකුයි , තාත්තෙකුයි,දුවෙකුයි, පුතෙකුයි ඉන්න...

ඊට උඩින් ලොකු අකුරින් ලියල තිබුණා මෙහෙම.

"පුංචි පවුල රත්තරන් ...!" කියල.

දැන් ඉතින් මට හෙන ප්‍රශ්නෙ.. මේ මොකක්ද මේ මේක කියල.

මං තාත්තගෙන් ඇහුවා මේකෙ තේරුම..

තාත්තා කීවා පවුලකට අඩුම ගණනෙ දරුවන් දෙන්නෙක් වත් ඉන්නව නම් වටිනව කියන එක. කියල. ඒ ඇරෙන්න තාත්තා වෙන වෙනසක් පෙන්නුවේ නෑ...

ආයෙ දවසක ඩිස්පෙන්සරියට ගිය වෙලාවක අලුත්ම ලොකු පෝස්ටරයක් ගහල තිබුණා.

" ඔබේ පවුල සැලසුම් කරගන්න අගනා උපකරණයක් මෙහිදී ලබාගන්න. මිළ ශත පණහයි ..." කියලා.

ශත පණහක රූපයක් ඇදල තිබුණා.

දැන් මට අමුතු හැගීමක් ආවා ...

ඒ කාලෙ මං හරිම ආසයි ඔය ගැජමැටික් වලට.. ඔරලෝසු , වයින් කාර්, ස්විච්, බල්බ් වයර්, බැටරි, ටෝච් වගේ දේවල් මට පෙන්නන්න බෑ...

ඉතින් අර දැන්වීමෙ තියෙන්නේ " උපකරණයක්" කියලනෙ..

මට හිතුනෙ දැන් මේ උපකරණය හරියටම ඔර්ලෝසුවක් වගේ ඩයල්, දැතිරෝද , ස්විච් එහෙම තියෙන ගැජමැටික් එකක් කියලමයි.

මේ ගැජමැටික් එක ලොකු ගාණක් වෙන්නෙත් නැ. ශත පණහයි නෙ.. දැන් මට මේකක් ගන්නමයි හිත.

මං තාත්තාට කතාකළා.

"තාත්තේ... මට මේ දැන්වීමේ තියෙන උපකරණයක් අරන් දෙන්න ..." තාත්තා දැන්වීම බලල එකපාරටම ඇස් දෙක ලොකු ලොකු කරගත්තා . ටිකක් වෙලා සද්ද නැතුව ඉදල .. ටිකක් එහාට ගිහින් කටේ තිබුණ බුලත් කෙළ

අයිනකට ගහල ආව.

" ඕක පුතේ බෙහෙතක් ,,,, උපකරණයක් කීවට ,,, අරන් වැඩක් නෑ,,,," ඊට පස්සෙ ආයෙත් දැන්වීම් දිහා බලාගෙන කීවා.

" තාත්තා දොස්තර මහත්තයා ගාවට ගිහාම අහන්නකො,,, මං කියන්නෙ බේතක් නෙවෙයි,,,,

අපි ඉල්ලගෙන බලලා ගනිමු... ඕක උපකරණයක්නෙ,,," මං කීවා.

තාත්තා මොකුත් කීවෙ නෑ,,

එතකොටම කෑමට ගිහින් හිටිය දොස්තර ආවා.

ඉස්කෝලෙ ළමයින්ට කොකු පණු බේත් දෙන්න එන නිසා ඔහු තාත්තා එක්ක හිත්වත්..

තාත්තා මගේ බැරි අමාරුකම් කියල බේත් ගත්තා. ඊට පස්සෙ ආගිය තොරතුරු කතා කරනව..

මං තාත්තාට කතා කරනව .. හෙමින්..

"තාත්තෙ......!!!තාත්තෙ...!!! " කියල.

තාත්තා මං දිහා බලන්නෙවත් නෑ.. දිගටම කතාව.. එයා දන්නව මං මේ කෙදිරි ගාන්නෙ මොකටද කියල ...

අන්තිමට කතාව ඉවර වෙලා ආපහු එන්න නැගිටිණ කොටත් මං කතා කළා...

"තාත්තෙ... අරක අහන්නේ නැද්ද ....?" කියල.

" මොකක්ද ...? මොකක්ද .. ? " කියල දොස්තර අහද්දි තාත්තා " අන්න බස් එක එනවා..." කියල මාවත් ඇදගෙන එළියට ආව .

දැන් ඉතින් මොනවා කරන්නද ..? බස් එකේ නැගල ගෙදර ඇවිත් අම්මටත් කීවා .. උපකරණෙ කතාව ..

අම්මත් "හ්ම්- හ්ම්.." කිය කියා අහගෙන හිටිය විතරයි . වෙන මොකුත්ම කීවෙ නෑ.

ඒක දැතිරෝද ස්විච් බල්බ් වයර් බැටරි ටෝච් එහෙම මොකුත් නැති නිකම්ම නිකං රබර් බැලුමක් කියල දැන ගත්තෙ බොහොම කාලෙකට පස්සෙ...

විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා...!

© දයානාත් ධර්මසේන .

[QUOTE="Assassin Galaa, post: 25645625, member: 563501"] සල්ලි ගිලින බහිරවයා.. '''''''''''''''''''''''''''''''''''''''''''''''"""""''''''''''''''''''''''''''''''''''''''" එදා රජයේ නිවාඩු දිනයකි. හිතවත් ගුරු මහතෙකු පැමිණ අම්මා සහ තාත්තා සමඟ බර කතාවකය. මට මහා කම්මැලිකමක් දැනිණි. කාමරයට ගිය මම අම්මාගේ මේසය ඇවිස්සුවෙමි. රුපියලේ කාසියක් මට හමුවිය. එය කටේ දමාගෙන අැඳෙහි දිගාවී මිහිර පත්තරය බලන්නට වූයෙමි. රුපියල හපන විට අමුතුම රසයක් දැනෙයි.( සමහර විට පාවිච්චි කළ මිනිසුන්ගේ දාඩිය වගේ අනම් මනම් එහෙම ගෑවිලා නිසා වෙන්නට ඇත.) මෙසේ ටික වේලාවක් සිටින විට නිදිමතක් දැනෙන්නට විය. අනෙක් පැත්තට හැරී නිදා ගන්නට සිතනවාත් සමඟම කටේ තිබූ රුපියල ' ජුග් ' ගා ගිලෙන්නට විය. දැන් මට මහ දවල් තරු පෙනෙයි. රුපියල උගුරේ හිරවෙලාය. මම ගේ ඉදිරිපිටට ගොස් "ග්ලක්..බ්ලක්.."ගා අතින් හා පයින් සිදුවූ අකරතැබ්බය දෙමව්පියන්ට දැන්වූයෙමි. සිදුවී ඇති දේ බොහෝ අමාරුවෙන් තේරුම් ගත් තාත්තා මා මිදුලට කැඳවාගෙන ගොස් කට අරවා මගේ උගුර පරීක්ෂා කර බලා " අර තියෙන්නේ රුපියලක් ....!" කියා කීවේය. ඔහු අසීරුවෙන් ඇඟිලි දමා එය ගන්නට තැත් කළද, ඇඟිල්ල කිට්ටු වෙනවාත් සමඟම කාසිය මගේ උගුරෙන් අන්නශ්‍රෝතයට රිංගා අතුරුදහන් විය. රුපියලක් වැනි විශාල කාසියක් ගිළුණ විට කුමක් වේදැයි අවබෝධයක් තාත්තාට හෝ එතැන සිටි වෙනත් වැඩිහිටියන්ට තිබුණේ නැත. සැවොම පැවසුවේ ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන ලෙසය. පැයක් තුළ තාත්තා මා කැටුව වදාකඩ ආණ්ඩුවෙ ඩිස්පැන්සරියට ගියේය. මා ගියේ දොස්තර මගේ බඩ කපා රුපියල ගනිතැයි මර බියෙනි. ඉස්කෝලෙට කොකු පණු බෙහෙත් දෙන්නට එන බැවින් දොස්තර තාත්තාගේ හිතවතෙකි. මා කාසිය ගිල්ල කතාව ඇසූ ඔහු මදක් කල්පනාකාරී විය. " මෙයාට රුපියලක් ගිලුන කියල විශ්වාස කරන්නත් අමාරුයි... සමහර ළමයි සල්ලි හොරකම් කරල බොරුවට ගිලුන කියනව... මෙයා බොරු එහෙම කියන්නේ නෑ නේද ...? එහෙම වුණොත් බඩ කපලා අපරාදෙ ...." දොස්තර තාත්තා දෙස බලා කීවේය. මට දැන් සිදුව ඇත්තේ වඳින්නට ආ දේවාලය හිස මතට පතබෑ වුණා වගේ වැඩකි. " නෑ නෑ.. දොස්තර මහත්තයා .. මෙයාගෙ උගුරෙ රුපියල තියනවා මං දැක්කා ..." තාත්තා කීවේය. "නෑ මං හිතුවෙ මෙයා අතින් රුපියල නැති වුණාවත්ද කියල... බඩ වැලේ නැම්මක හිර වුණොත් තමයි වැඩේ.. එහෙම නැත්නම් දවස් දෙකක් ඇතුලත එයි... බෙලි,කෙසෙල් වැඩිපුර කන්න දෙන්න.. මළ පරීක්ෂා කරල බලන්න, කාසිය ආවද කියල.. එහෙම නොආවොත් කුරුණෑගල ගිහින් එක්ස්රේ කරන්න වෙනවා..." දොස්තර කීවේය. එදා අප ගෙදර ගියේ බෙලි හා කෙසෙල් මල්ලක්ම රැගෙනය. ගිය වෙලාවේ සිට ඒවා කන්නට මට නියම කෙරිණි . හොඳම රැග් එක ආරම්භ වූයේ පසුදා උදේ සිටය. මට වැසිකිළිය තුළට යාම තහනම් කෙරිණි. ඒ වැඩේ කළ යුත්තේ එළිමහනේ තාත්තාගේ පූර්ණ අධීක්ෂණය යටතේය. කොහොමින් හරි මේ කතාව ඉස්කෝලේටද ආරංචි විය. තාත්තා හා අම්මාම කියන්නට ඇත. දකින දකින අය මට 'සල්ලි ගිළින බහිරවයා' කියා කියන්නට විය. එවිට මට මතක් වන්නේ අර සමහර පන්සල්වල පිං කැටයට තිබෙන ඇරගත් කට උඩට හරවාගත් ලොකු බඩක් ඇති බහිරව රූපයකි. දෙදිනක් ගත විය. රුපියල තවමත් නැත. දැන් නම් ඉතින් කුරුණෑගල මහ රෝහලට ගොස් එක්ස්රේ ගෙන බඩ පලන්නට සිදුවනු ඇත. කුරුණෑගල යන්නට නියමිත දින මූණ කට සෝදා අවසානයේ තාත්තාගේ අධීක්ෂණය යටතේ වැසිකිළිය පිටුපසට ගියෙමි. වෙනදා මෙන් වැඩි වෙහෙසක් නැතිවම කටයුත්ත සිද්ධ විය. බෙලි හා කෙසෙල් එයට උපකාර වන්නට ඇත. මගේ සිත ගත දෙකම බියෙන් වෙලී යන්නට විය. දැන් නම් එක්ස් රේ ගෙන බඩ පලන්නට සිද්ධ වෙනවා නියතය. ඉතා පරීක්ෂාවෙන් අර මහා පත කක්කා ගොඩදෙස බලන තාත්තාගේ දෙතොළග සිනහ ඉරක් ඇඳෙනු මට දක්නට ලැබිණි. මමද ඒ දෙස බැලුවෙමි.. මම නොබියව කියමි. එතෙක් මෙතෙක් මා දැක ඇති වාසනාවන්තම, ලස්සනම, ප්‍රිය ජනකම මෙන්ම වටිනාම කක්කා ගොඩ එය විය. දින දෙකක් පුරා කොහේදෝ ආතක් පාතක් නැතිව, මහා ඝන අන්ධකාරයේ, මගේ ආහාර ජීර්ණ පද්ධතිය සිසාරා, අධික වෙහෙසකර ගමනක යෙදුන රුපියලේ කාසි රාජයානෝ ඒ මහත්වූ කක්කා ගොඩ මත, බොහෝ ආඩම්බරයෙන් බැබලෙමින් වැඩ සිටියෝය. © දයානාත් ධර්මසේන පුංචි පවුල රත්තරන්.... ************************ අපේ අම්මගෙයි, තාත්තගෙයි එකම දරුවා මං .. ගුරු යුවලකගෙ එකම දරුවා වීම වාසනාවක් කියල ඒ කාලෙ සමහරු මට කියල තියෙනවා .. ඒ ඇයි කියල මට එදා තේරුනෙත් නෑ අද තේරෙන්නෙත් නෑ.. සහෝදර සහෝදරියන් රොත්තක් හිටියනම් කොච්චර හොඳද ..? අම්මා, තාත්තා මිය යනතුරු බලා ගත්තෙ මං තනියම.. අත්තා අත්තම්මා බලාගන්න අතට පයට දෙන්න ගානෙ දූ දරුවන් හිටියා. ඒ කාලෙ අම්මයි තාත්තයි, මාත් එක්ක දේවාල පන්සල් ගානෙ නිතර නිතර ගිහින් තියෙනවා. අළුත්නුවර.. බෙල්ලන්විල .. අනුරාධපුර .. මහනුවර ..කතරගම .. ඔය හැම තැනම ගිහින් භාර හාර උනේ තවත් දරු පැටියෙක් බලාපොරොත්තුව බව පස්සෙ කාලෙ තමයි මට තේරුම් ගියේ.. ඒ කාලෙ අපි ළමයි උපදින්නෙ මොන විදිහෙ ක්රියාවලියකින්ද කියල දැනගෙන හිටියෙ නෑ.. අම්මලට ළමයි හම්බවෙනව කියල විතරයි දැනගෙන හිටියෙ. අකුරු කියවන්න ඉගෙන ගත්ත මුල් කාලෙ නිසා පත්තර වල, සගරා වල තියෙන ඕනෑ දේයි එපා දේයි ඔක්කොම කියවනවා.. ඒ කාලෙ අපේ ගෙදර පරණ ශ්‍රී සගරා ගොඩක් තිබුණා .. ඒක කාන්තාවන් ඉලක්ක කරගෙන නිකුත් කළ සගරාවක්... ඒකෙ පිටුවක් පුරා මේ විදිහෙ දැන්වීම් තිබුණා .. උඩින්ම තඩි අකුරෙන් " ඔසප්.......!..ඔසප්......!..ඔසප්......!" කියල තිබුණා . ඊට යටින් ඔබගේ ඔසප් කොපමණ පමා වුවත් එවේලේම ප්‍රතිඵල .. කියල ලියල ඊටත් යටින් තව විස්තර තිබුණා... මේ බෙහෙතක් ගැනයි කියල තියෙන්නේ .. " අම්මේ ... මොකක්ද මේ ඔසප් කියන්නෙ කියල මං අම්මගෙන් ඇහුවා ..." ( දැන් නම් විළි ලැජ්ජා හතයි..කියල හිතෙනවා ..) " ආ ඒ පුතේ මිනිසුන්ට හැදෙන ලෙඩක්... ඔය ඒකට තියෙන බේතක් ගැන දැන්වීමක්නෙ..." කියල අම්මා ගාණක් ගන් නැතුව කීවා.. එදා හවස කොල්ලො කුරුට්ටෝ එක්ක සෙල්ලම් කරද්දී සමහර වෙලාවට ඔය දැන්වීම මතක් වෙනවා. එතකොට මං හයියෙන් " ඔසප්... ඔසප්... ඔසප්.." කියල කියනවා.. කොල්ලො " ඒ මොකක්ද ...? කියල ඇහුවොත් "ඒක ලෙඩක්..." කියල කියනවා. කවුරුවත් මොකුත් කීවෙ නෑ.. එතකොට මං ඉස්කෝලේ තුනේ.. අපේ පංති භාරව හිටියෙ පෙරේරා කියල වයසක ටීචර් කෙනෙක් . මං පහුවදා ඉස්කෝලෙට ගිහින් නිකං ඉන්න වෙලාවට දැන්වීම මතක් වෙනකොට "ඔසප්.. ඔසප්.. ඔසප්.." කියල කෑ ගහනවා .. කොල්ලන්ට කෙල්ලන්ට ගාණක් නෑ..අපි පොඩි එවුන්නෙ. ඔන්න තවත් පාරක් මං "ඔසප්... ඔසප්... ඔසප්.." කියල කිව්වා විතරයි ඔලුවට " පටෝර්..." ගාල තද ටොක්කක් වැදුනා... බැලින්නම් පෙරේරා ටීචර් හෙමිහිට පිටිපස්සෙන් ඇවිත් .. " මොනවාද ඔය කියන්නෙ ...? කාඩ කොල්ලො වගේ.. කවුද ඕවා කියල දුන්නෙ ..? " කියල ටීචර් ඇහුවා . " අම්මා ....කියල දුන්නෙ ...." " මොනවා ....! එන්න යන්න අහන්න," කියල ටීචර් මගෙ අතින් ඇදගෙන අම්මා උගන්වන පංතියට ගියා .. මාව එළියෙන් තියල අම්මා ගාවට ගිය පෙරේරා ටීචර් මොනවද සුටු පුටු ගෑවා.. අම්මා අහගෙන ඉදල හිනාවීගෙන මා ළගට ආවා. "පුතේ සමහර වචන තියෙනවානෙ හැම තැනදිම කියන්න හොඳ නෑනෙ... ඒක ලොකු අයට හැදෙන ලෙඩක් නිසා ආයෙ ඒ වචනෙ කියන්න එපා..." අම්මා කීවා ..මං ඔළුව වනල ඒක පිලිගත්තා. "ඒක තමයි ඔය ලොකු පොත් වල නරක දේවල් තියෙනවා ..." පෙරේරා ටීචර් කීවා. ඒක එතනින් ඉවරයි .. ආයෙ මං කවදාවත් ඒ වචනෙ කීවෙ නෑ.. කවුරුවත් ඒ ගැන මගෙන් ඇහුවෙත් නෑ.. ඒ වුණාට ඊට වඩා දෙයක් වුණා තාත්තාත් එක්ක වදාකඩ ඩිස්පෙන්සරියට බෙහෙත් ගන්න ගිය වෙලාවක... මේ එක්දාස් නවසිය හැත්තෑ ගනන් වල මුල් කාලෙ . ඉස්පිරිතාලවල , ඩිස්පෙන්සරි වල ලොකු ලොකු පෝස්ටර් ගහල තිබුණා ..තව පත්තර වල දැන්වීම් තිබුණා... අම්මෙකුයි , තාත්තෙකුයි,දුවෙකුයි, පුතෙකුයි ඉන්න... ඊට උඩින් ලොකු අකුරින් ලියල තිබුණා මෙහෙම. "පුංචි පවුල රත්තරන් ...!" කියල. දැන් ඉතින් මට හෙන ප්‍රශ්නෙ.. මේ මොකක්ද මේ මේක කියල. මං තාත්තගෙන් ඇහුවා මේකෙ තේරුම.. තාත්තා කීවා පවුලකට අඩුම ගණනෙ දරුවන් දෙන්නෙක් වත් ඉන්නව නම් වටිනව කියන එක. කියල. ඒ ඇරෙන්න තාත්තා වෙන වෙනසක් පෙන්නුවේ නෑ... ආයෙ දවසක ඩිස්පෙන්සරියට ගිය වෙලාවක අලුත්ම ලොකු පෝස්ටරයක් ගහල තිබුණා. " ඔබේ පවුල සැලසුම් කරගන්න අගනා උපකරණයක් මෙහිදී ලබාගන්න. මිළ ශත පණහයි ..." කියලා. ශත පණහක රූපයක් ඇදල තිබුණා. දැන් මට අමුතු හැගීමක් ආවා ... ඒ කාලෙ මං හරිම ආසයි ඔය ගැජමැටික් වලට.. ඔරලෝසු , වයින් කාර්, ස්විච්, බල්බ් වයර්, බැටරි, ටෝච් වගේ දේවල් මට පෙන්නන්න බෑ... ඉතින් අර දැන්වීමෙ තියෙන්නේ " උපකරණයක්" කියලනෙ.. මට හිතුනෙ දැන් මේ උපකරණය හරියටම ඔර්ලෝසුවක් වගේ ඩයල්, දැතිරෝද , ස්විච් එහෙම තියෙන ගැජමැටික් එකක් කියලමයි. මේ ගැජමැටික් එක ලොකු ගාණක් වෙන්නෙත් නැ. ශත පණහයි නෙ.. දැන් මට මේකක් ගන්නමයි හිත. මං තාත්තාට කතාකළා. "තාත්තේ... මට මේ දැන්වීමේ තියෙන උපකරණයක් අරන් දෙන්න ..." තාත්තා දැන්වීම බලල එකපාරටම ඇස් දෙක ලොකු ලොකු කරගත්තා . ටිකක් වෙලා සද්ද නැතුව ඉදල .. ටිකක් එහාට ගිහින් කටේ තිබුණ බුලත් කෙළ අයිනකට ගහල ආව. " ඕක පුතේ බෙහෙතක් ,,,, උපකරණයක් කීවට ,,, අරන් වැඩක් නෑ,,,," ඊට පස්සෙ ආයෙත් දැන්වීම් දිහා බලාගෙන කීවා. " තාත්තා දොස්තර මහත්තයා ගාවට ගිහාම අහන්නකො,,, මං කියන්නෙ බේතක් නෙවෙයි,,,, අපි ඉල්ලගෙන බලලා ගනිමු... ඕක උපකරණයක්නෙ,,," මං කීවා. තාත්තා මොකුත් කීවෙ නෑ,, එතකොටම කෑමට ගිහින් හිටිය දොස්තර ආවා. ඉස්කෝලෙ ළමයින්ට කොකු පණු බේත් දෙන්න එන නිසා ඔහු තාත්තා එක්ක හිත්වත්.. තාත්තා මගේ බැරි අමාරුකම් කියල බේත් ගත්තා. ඊට පස්සෙ ආගිය තොරතුරු කතා කරනව.. මං තාත්තාට කතා කරනව .. හෙමින්.. "තාත්තෙ......!!!තාත්තෙ...!!! " කියල. තාත්තා මං දිහා බලන්නෙවත් නෑ.. දිගටම කතාව.. එයා දන්නව මං මේ කෙදිරි ගාන්නෙ මොකටද කියල ... අන්තිමට කතාව ඉවර වෙලා ආපහු එන්න නැගිටිණ කොටත් මං කතා කළා... "තාත්තෙ... අරක අහන්නේ නැද්ද ....?" කියල. " මොකක්ද ...? මොකක්ද .. ? " කියල දොස්තර අහද්දි තාත්තා " අන්න බස් එක එනවා..." කියල මාවත් ඇදගෙන එළියට ආව . දැන් ඉතින් මොනවා කරන්නද ..? බස් එකේ නැගල ගෙදර ඇවිත් අම්මටත් කීවා .. උපකරණෙ කතාව .. අම්මත් "හ්ම්- හ්ම්.." කිය කියා අහගෙන හිටිය විතරයි . වෙන මොකුත්ම කීවෙ නෑ. ඒක දැතිරෝද ස්විච් බල්බ් වයර් බැටරි ටෝච් එහෙම මොකුත් නැති නිකම්ම නිකං රබර් බැලුමක් කියල දැන ගත්තෙ බොහොම කාලෙකට පස්සෙ... විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා...! © දයානාත් ධර්මසේන . [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom